නුවරකලාවියේ නින්දගම් හිමියෝ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,397
    100,322
    113
    නුවරකලාවියේ නින්දගම් හිමියෝ
    --------

    නින්දගම් කියලා හැඳින්වෙන්නෙ අතීත ලංකාවෙ රජවරු යම් තැනැත්තකු විසින් කළ සේවයක් හෝ වෙනත් විශේෂ කාර්යයක් අරභයා අදාල තැනැත්තාට හා ඔහුගේ අනුප්‍රාප්තිකයින්ට භුක්තිය පිණිස ලබා දෙන ගම්. මේ විදියෙ නින්දගම් ගණනාවක් ගැන නුවරකලාවියෙනුත් වාර්තා වෙනවා.

    නින්දගම්වලට සම්බන්ධ ප්‍ර‍වේනි නිලකාරයන් විසින් ඉටු කළ යුතු සේවා විග්‍රහ කර ගන්නටත්, අදාල සේවා බදු ගෙවීමේ ක්‍රමයකට පරිවර්තනය කිරීමටත් ඉංග්‍රීසි පාලන සමයේ දී හර්කියුලිස් රොබින්සන් ආණ්ඩුකාවරයා විසින් වැඩවසම් ආඥා පනත හෙවත් ‍සේවා භුක්ති පනත නමින් පනතක් සම්මත කළා. අදාල පනත හා සම්බන්ධ ව ඉංග්‍රීසි ආණ්ඩුව විසින් එක් රැස් කළ නින්දගම් තොරතුරුවලින් පැහැදිලි වෙන ආකාරයට ඒ වන විට නුවරකලාවියේ නින්දගම් 118කුත්, ප්‍රවේනි පංගු 1157කුත් පැවැතී තිබෙනවා. පහතින් සටහන් කෙරෙන්නෙ වර්ෂ 1870 වෙද්දි නුවරකලාවියේ ඒ ඒ කෝරලවල නින්දගම් හිමි ව සිටි පුද්ගල නාම ලැයිස්තුව.

    මහපොතාන කෝරලේ:-
    පුංචිරාල අප්පුහාමිගේ වන්නිහාමි අප්පුහාමි
    කපුරාල අප්පුහාමිගේ පලාතේ අප්පුහාමි
    ඉලංගසිංහ කළුකුමාර හුරුල්ලේ ලොකු බණ්ඩා
    ඉලංගසිංහ කළුකුමාර හුරුල්ලේ ටිකිරි බණ්ඩා කෝරාල
    ඉලංගසිංහ කළුකුමාර රාජකරුණා ටිකිරි බන්ඩා
    ඉලංගසිංහ කළුකුමාර රාජකරුණා ලොකු බණ්ඩා
    ඉලංගසිංහ කළුකුමාර රාජකරුණා ටිකිරි බණ්ඩා
    ඉලංගසිංහ කළුකුමාර තාමරවැවේ නොහොත් උලගල්ලේ ඩිංගිරි මැණිකේ
    රාජසිංහ රාජපක්ෂ කරුනාධිපති චන්ද්‍ර‍සේකර මුදියන්සේලාගේ රංමැනිකේ
    රඹපොතානේ මුදියන්සේලාගේ වන්නිහාමි අප්පුහාමි
    කරුනාධිපති වල්පොල මුදියන්සේලාගේ පුංචි එතනා
    හේරත් මුදියන්සේලාගේ උක්කුරාල අප්පුහාමි
    වාහල කරුනාධිපති පටබැඳි මුදියන්සේලාගේ සීරාල අප්පුහාමි
    චන්ද්‍රසේකර මුදියන්සේලාගේ කවුරාල අප්පුහාමි
    රාජසිංහ රාජපක්ෂ චන්ද්‍රසේකර මුදියන්සේලාගේ වෙලාතේ අප්පුහාමි සහ තවත් අය
    රාජපක්ෂ රාජසිංහ කරුනාධිපති චන්ද්‍රසේකර මුදියන්සේලාගේ සීරාල අප්පුහාමි
    කරුණාධිපති ආලක්කන් මුදියන්සේලාගේ ඉරුගල් එතනා
    වාහල මුදියන්සේලාගේ අප්පුහාමි
    ඉලංගසිංහ කළුකුමාර තල්ගහපොතානේ ටිකිරි බණ්ඩා
    අදම්පනේ ඉලංගසිංහ කළුකුමාර කපුරාල
    මුදියන්සේලාගේ පුංචි අම්මා
    කුඹුක්වැවේ ලොකු බණ්ඩා එම මැද්දුමා බණ්ඩා
    රාජචන්ද්‍ර මුදියන්සේලාගේ කන්දප්පු අප්පුහාමි
    රඹපොතානේ බණ්ඩා
    කන්දප්පුගේ පුංචිරාල අප්පුහාමි
    වෙලාතේගේ කපුරාල අප්පුහාමි
    නියරේපොල කරුනාදිආලොක්කන් මුදියන්සේලාගේ අප්පුහාමි හා ඔහුගෙන් පැවැතෙන්නන්
    -----------------

    උඩ්ඩියන්කුලම කෝරලේ:-
    ඉලංගසිංහ කළුකුමාර තල්ගහපොතානේ මුදියන්සේගේ නීලම්මා සහ ඇගේ ලේලිවරු වන නිල් අම්මා, උක්කු අම්මා, ඩිංගිරි අම්මා
    ඉලංගසිංහ කළුකුමාර මුදියන්සේලාගේ හුරුල්ලේ ලොකු බණ්ඩා
    ඉලංගසිංහ කළුකුමාර මුදියන්සේලාගේ හුරුල්ලේ ටිකිරි බණ්ඩා කෝරාල
    ඉලංගසිංහ කළුකුමාර තාමරවැවේ නොහොත් උලගල්ලේ ඩිංගිරි මැණිකේ
    හුරුල්ලේ දේවාලය වෙනුවට ඉලංගසිංහ කළුකුමාර තාමරවැවේ නොහොත් උලගල්ලේ ඩිංගිරි මැනිකේ, හුරුල්ලේ බණ්ඩා, නිකවැවේ රටේ මහත්මයා
    -----------------

    උලගල්ලෙ කෝරලේ:-
    උලගල්ලේ ඩිංගිරි මැණිකේ
    -----------------

    කල්පේ කෝරලේ:-
    ඉලංගසිංහ කළුකුමාර තාමරවැවේ නොහොත් උලගල්ලේ ඩිංගිරි මැණිකේ
    ඉලංගසිංහ කළුකුමාර තල්ගහපොතානේ මුදියන්සේගේ ඩිංගිරි මැණිකේ
    ඉලංගසිංහ කළුකුමාර රාජපක්ෂ හුරුල්ලේ ලොකු බණ්ඩා
    ඉලංගසිංහ කළුකුමාර රාජපක්ෂ හුරුල්ලේ ටිකිරි බණ්ඩා කෝරාල
    ඉලංගසිංහ කළුකුමාර තල්ගහපොතානේ මුදියන්සේලාගේ නිල් අම්මා සහ තවත් අය
    -----------------

    කුංචුට්ටු කෝරලේ:-
    ඉලංගසිංහ කළුකුමාර රාජකරුණා හුරුල්ලේ ලොකු බණ්ඩා
    ඉලංගසිංහ කළුකුමාර රාජකරුණා හුරුල්ලේ ටිකිරි බණ්ඩා කෝරාල
    ඉලංගසිංහ කළුකුමාර තාමරවැවේ නොහොත් උලගල්ලේ ඩිංගිරි මැණිකේ
    -----------------

    මාමිනියා කෝර‍ලේ:-
    ඉලංගසිංහ කළුකුමාර තාමරවැවේ නොහොත් උලගල්ලේ ඩිංගිරි මැණිකේ
    වන්නිහාමි මුදියන්සේලාගේ අප්පුහාමි සහ තවත් අය
    උඳුරුවේ මුදියන්සේලාගේ ඔළුකර‍ඳේ බණ්ඩා
    -----------------

    කලාගම් කෝරලේ:-
    කුංචිකුලමේ රාජකරුණා කපුරුහාමි කෝරාල
    කුංචිකුලමේ රාජකරුණා බණ්ඩා
    ආමනේ රාජකරුණා අප්පුහාමි මුදියන්සේ (ආමනේ රටේ මහත්මයා බව පෙනේ).
    -----------------

    එප්පාවල කෝරලේ:-
    බද්දෙරාලගේ කිරිහාමි සර්ප වෙද රාල සහ තවත් අය
    මොහොට්ටාලලාගේ තේවහාමි සහ තවත් අය
    ‍ආමනේ රාජකරුණා අප්පුහාමි මුදියන්සේ
    ඉලංගසිංහ කුලතුංග රාජකරුණා පුංචිබණ්ඩා
    ඉලංගසිංහ කුලතුංග රාජකරුණා පළුගස්වැවේ රටේ මහත්මයාගේ දියණිය වන රම්මැනිකා
    -----------------

    මාටොඹුවා කෝරලේ:-
    ඉලංගසිංහ කළුකුමාර බෙල්ලංකඩවල මුදියන්සේ සහ තවත් අය
    ඉලංගසිංහ කළුකුමාර රාජකරුණා හුරුල්ලේ ලොකු බන්ඩා
    ඉලංගසිංහ කළුකුමාර තාමරවැවේ නොහොත් උලගල්ලේ ඩිංගිරි මැණිකේ
    -----------------

    නුවරගම් කෝරලේ:-
    ඕවිල්ලේ කුමාරිහාමි
    -----------------

    කිරලව කෝරලේ:-
    රාජපක්ෂ මුදියන්සේලාගේ කිරිබණ්ඩා මුදියන්සේ

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,256
    14,030
    113
    35
    Spain
    වියළි කලාෙප් ඉඩම් අක්කර 100ක් නිකං දුන්නත් ඒපා.
    උඹට එපා නම් මට දියන්. ඔය පළාත් තමයි වගා කරන්න හොඳම. ඕනවට වඩා වැස්ස නැති නිසා පසේ පාංශු පෝෂක තියෙනවා. ගස් හොඳට වැවෙනවා, අව්ව වැඩි නිසා පළදාව වැඩි, රසයෙන් වැඩි. වතුර ප්‍රශ්නේ හදන්න අක්කර 100න 25ක වැවක් හදපන් ටිකක් හාරලා. ඒ ටික ඇති ඉඩම ම වගා කරන්න වතුර ගන්න.
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,263
    8,403
    113
    උඹට එපා නම් මට දියන්. ඔය පළාත් තමයි වගා කරන්න හොඳම. ඕනවට වඩා වැස්ස නැති නිසා පසේ පාංශු පෝෂක තියෙනවා. ගස් හොඳට වැවෙනවා, අව්ව වැඩි නිසා පළදාව වැඩි, රසයෙන් වැඩි. වතුර ප්‍රශ්නේ හදන්න අක්කර 100න 25ක වැවක් හදපන් ටිකක් හාරලා. ඒ ටික ඇති ඉඩම ම වගා කරන්න වතුර ගන්න.
    අලි ගහද්දි මක්කැයි කොරන්නේ ?