නුවර අවට ඉන්න අය

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මචං, නුවර අවට ඉන්න අයගෙන් උදවුවක් ඕන.

    මගේ නැන්දා කෙනෙක් ඉන්නවා දැන් අවුරුදු 65ක් විතර වෙනවා. පොඩි කාලෙම තාත්තා නැති උනා. පවුලේ දෙවෙනි දරුවා. සහෝදර සහෝදරියෝ හැමෝම විවාහ වෙලා වෙනත් ප්‍රදේශ වලට ගියාට එයා අම්මව බලාගෙන අවිවාහකව ගෙදරම හිටියා. රජයේ ආයතනයක රැකියාවකුත් කරලා දැන් විශ්‍රාමිකව ඉන්නේ. ලඟදි ඒ අම්මත් නැති උනා. දැන් සෑහෙන්න මානසිකව වැටිලා ඉන්නේ. ගෙදරින් එලියට එන්නේ නෑ. පේරාදෙණිය පැත්තේ ඉන්නේ.

    මෙහෙම උනාම මිනිස්සු ඉක්මනින් මැරිලා යනවා. ජිවිතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නෑනේ. එයා ඔය පොඩි පොඩි කලාත්මක නිර්මාණ කරන්න කැමතියි. නුවර අවට ඉන්න කවුරුහරි දන්නවද ඔය වයසේ ඉන්න මනුස්සයෙකුට කරන්න පුළුවන් යමක් ගැන විස්තරයක් දෙන්න. වැඩිය මහන්සියක් නැතුව කරන්න යමක්, ඉගෙන ගන්න හරි, ස්වයන් රැකියාවක් හරි ගැන.
    සල්ලි හොයන්න නෙමේ. විශ්‍රාම වැටුප ජිවත් වෙන්න හොඳටම ඇති. නමුත් ආසාවෙන් කරන්න යමක් තිබ්බනම් මානසික සෞඛ්‍යට හොඳ නිසා.

    මට පොඩි කාලේ සෑහෙන්න උපකාර කරපු මනුස්සයෙක්. 🙏
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඉන්නවා විදාතා නිලධාරීන්. ඒ කෙනාගෙන් විස්තර ගන්න. බැංකු ලෝන් එකකුත් ගන්න පුළුවන් අපනයන කරන භාණ්ඩ වලට.

    mekath balanna.,

    https://www.facebook.com/NCC03
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඉන්නවා විදාතා නිලධාරීන්. ඒ කෙනාගෙන් විස්තර ගන්න. බැංකු ලෝන් එකකුත් ගන්න පුළුවන් අපනයන කරන භාණ්ඩ වලට.

    mekath balanna.,

    https://www.facebook.com/NCC03
    Thanks මචං :love:
     
    • Like
    Reactions: Solo Rider

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    පිස්සුද බන් ඔය වයසට ස්වයන් රැකියා වලට නැහැන්න. තෝ මහ මෝඩයෙක්
    පුසතකාලෙ මෙම්බෙර්ශිප් එක අරන් දීපන්. පොය දවසට සිල්ගන්න එක්ක පලයන් පන්සලට. පොඩිකාලෙ උබට සෑහෙන්න උපකාර කරානම් උබලගෙ ගෙදර නවත්ත්ගනින්. උබෙ ලමයි එක්ක සෙල්ලම් කරල ඉඩි
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    එයා කැමති දේ මොකද්ද කියල හොයන් ඉදපං ඉස්සෙල්ලාම මචං. අපි මෙතන මොන බයිල ගැහුවත් එයා ඒකට කැමති නැත්තං වැඩක් නෑනෙ. එයා කැමති දේ හැටියට අපි බලමු මොකද්ද කරන්න පුලුවන් කියල. මැසේජ් එකක් දාපං මොකක්හරි දැන ගන්න ඕනෙනම් හොයල හරි කියන්නම්.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,504
    113
    මචං, නුවර අවට ඉන්න අයගෙන් උදවුවක් ඕන.

    මගේ නැන්දා කෙනෙක් ඉන්නවා දැන් අවුරුදු 65ක් විතර වෙනවා. පොඩි කාලෙම තාත්තා නැති උනා. පවුලේ දෙවෙනි දරුවා. සහෝදර සහෝදරියෝ හැමෝම විවාහ වෙලා වෙනත් ප්‍රදේශ වලට ගියාට එයා අම්මව බලාගෙන අවිවාහකව ගෙදරම හිටියා. රජයේ ආයතනයක රැකියාවකුත් කරලා දැන් විශ්‍රාමිකව ඉන්නේ. ලඟදි ඒ අම්මත් නැති උනා. දැන් සෑහෙන්න මානසිකව වැටිලා ඉන්නේ. ගෙදරින් එලියට එන්නේ නෑ. පේරාදෙණිය පැත්තේ ඉන්නේ.

    මෙහෙම උනාම මිනිස්සු ඉක්මනින් මැරිලා යනවා. ජිවිතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නෑනේ. එයා ඔය පොඩි පොඩි කලාත්මක නිර්මාණ කරන්න කැමතියි. නුවර අවට ඉන්න කවුරුහරි දන්නවද ඔය වයසේ ඉන්න මනුස්සයෙකුට කරන්න පුළුවන් යමක් ගැන විස්තරයක් දෙන්න. වැඩිය මහන්සියක් නැතුව කරන්න යමක්, ඉගෙන ගන්න හරි, ස්වයන් රැකියාවක් හරි ගැන.
    සල්ලි හොයන්න නෙමේ. විශ්‍රාම වැටුප ජිවත් වෙන්න හොඳටම ඇති. නමුත් ආසාවෙන් කරන්න යමක් තිබ්බනම් මානසික සෞඛ්‍යට හොඳ නිසා.

    මට පොඩි කාලේ සෑහෙන්න උපකාර කරපු මනුස්සයෙක්. 🙏
    එයාට චිත්‍ර අදින්න පුලුවන්ද මචන්. පුලුවන් නම් මට PM එකක් දාපන්
     
    • Like
    Reactions: Lira and Solo Rider

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    පිස්සුද බන් ඔය වයසට ස්වයන් රැකියා වලට නැහැන්න. තෝ මහ මෝඩයෙක්
    පුසතකාලෙ මෙම්බෙර්ශිප් එක අරන් දීපන්. පොය දවසට සිල්ගන්න එක්ක පලයන් පන්සලට. පොඩිකාලෙ උබට සෑහෙන්න උපකාර කරානම් උබලගෙ ගෙදර නවත්ත්ගනින්. උබෙ ලමයි එක්ක සෙල්ලම් කරල ඉඩි

    නැහෙන ස්වයං රැකියා ගැන නෙමේ කියලා තියෙන්නේ. සල්ලි තියනවා ජිවත් වෙන්න. මානසික සඛ්‍යය වෙනුවෙන් production තියන දෙයක් කරන්නයි ඕන. ඒක එයාගේ අවශ්‍යතාව. එයත් එක්ක කතා කරලා ඉවර වෙලා මේක දැම්මේ. පුස්තකාලේ membership එක තියනවා අවුරුදු ගානක ඉඳන්. එයා අවශ්‍යය වෙලාවට පොත පත කියවනවා.

    පෝය තියෙන්නේ මාසෙට එකයි. එදාටත් එයා පොතක් පතක් කියවනවා මිසක් පන්සල් වල ඉඳගෙන ඉන්න යන්න කැමති නෑ.

    මම පවුල් ජිවිතයක් ගෙවන්නේ. මට තනි කැමැත්තට ගෙදර ගෙනත් නවත්තගන්න බෑ. අනික මට උදවු කරපු මනුස්සයෙක් මගේ ළමයි බලාගන්න ගෙනත් දාගන්න තැනට වැටෙන්න මට බෑ. අනික වයසක මිනිස්සු එක්ක හැදෙන්න ළමයි දාන්න හොඳ නෑ. එක ළමයාගේ මානසික සෞඛ්‍යට හොඳ නෑ.

    මම මනෝ උපදේශකය ඉගෙන ගත්ත කෙනෙක්. එයාගේ මානසික සෞඛ්‍ය ගැන ගන්න ඕන තීරණ ටික අපි කතා කරලා අරන් තියෙන්නේ. මට ඕන ඔය වයසේ ඉන්න මනුස්සයෙකුට කරන්න පුළුවන් යමක් ගැන. වැඩිය මහන්සියක් නැතුව කරන්න යමක්, ඉගෙන ගන්න හරි, ස්වයන් රැකියාවක් හරි ගැන විස්තරයක්.

    ජිවත් වෙන්න purpose එකක් හොයන්නේ. එහෙම දෙයක් ගැන දන්නවනම් කියන්න. නැත්තන් ප්‍රශ්නයක් නෑ.

    Since she has a steady income, it's better to join a good elderly home where she can meet people of the same generation. so this will reduce depression.
    යන්න කැමති නෑ බං. අකමැත්තෙන් ගිහිං දාන්නත් බෑනේ.
    ------ Post added on Mar 27, 2023 at 9:06 AM

    ඒ වයසෙම අය සෙට් වෙන මොකක් හරි දෙයකට සම්බන්ධ කරා නම් හරි (ආගම සම්බන්ධ වගේ)
    සමාජ ආශ්‍රයට හරිම අකමැති. retire වෙලා අවුරුදු දහයක් විතර අම්මත් එක්කම ගෙදර ඉඳලා දැන් කොහෙවත් යන්නේ නෑ බං. පොත පත කියවන නිසා ආගම ගැන යමක් දන්නවා. ඒ නිසාම පන්සල් වලට යන්න එච්චර කැමැත්තක් නෑ.
    ------ Post added on Mar 27, 2023 at 9:08 AM

    පොඩි ලමයින්ට ක්ලාස් වගේ කරන්න සෙට්කරන්න බැරිද?
    එහෙම අදහසකුත් තියනවා. ලොකු වගකීමක් ඉතිං.
    ------ Post added on Mar 27, 2023 at 9:09 AM

    එයාට චිත්‍ර අදින්න පුලුවන්ද මචන්. පුලුවන් නම් මට PM එකක් දාපන්
    චිත්‍ර අඳින්න එච්චර දක්ෂතාවයක් නෑ බං. නොයෙක් අත්කම් නිර්මාණ, විසිතුරු බඩු, කඩදාසි නිර්මාණ කරනවා.
    ------ Post added on Mar 27, 2023 at 9:11 AM

    එයා කැමති දේ මොකද්ද කියල හොයන් ඉදපං ඉස්සෙල්ලාම මචං. අපි මෙතන මොන බයිල ගැහුවත් එයා ඒකට කැමති නැත්තං වැඩක් නෑනෙ. එයා කැමති දේ හැටියට අපි බලමු මොකද්ද කරන්න පුලුවන් කියල. මැසේජ් එකක් දාපං මොකක්හරි දැන ගන්න ඕනෙනම් හොයල හරි කියන්නම්.
    gift bags හදන්න අදහසක් තියනවා
    ------ Post added on Mar 27, 2023 at 9:13 AM
     
    • Like
    Reactions: kinkon