මචං, නුවර අවට ඉන්න අයගෙන් උදවුවක් ඕන.
මගේ නැන්දා කෙනෙක් ඉන්නවා දැන් අවුරුදු 65ක් විතර වෙනවා. පොඩි කාලෙම තාත්තා නැති උනා. පවුලේ දෙවෙනි දරුවා. සහෝදර සහෝදරියෝ හැමෝම විවාහ වෙලා වෙනත් ප්‍රදේශ වලට ගියාට එයා අම්මව බලාගෙන අවිවාහකව ගෙදරම හිටියා. රජයේ ආයතනයක රැකියාවකුත් කරලා දැන් විශ්‍රාමිකව ඉන්නේ. ලඟදි ඒ අම්මත් නැති උනා. දැන් සෑහෙන්න මානසිකව වැටිලා ඉන්නේ. ගෙදරින් එලියට එන්නේ නෑ. පේරාදෙණිය පැත්තේ ඉන්නේ.
මෙහෙම උනාම මිනිස්සු ඉක්මනින් මැරිලා යනවා. ජිවිතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නෑනේ. එයා ඔය පොඩි පොඩි කලාත්මක නිර්මාණ කරන්න කැමතියි. නුවර අවට ඉන්න කවුරුහරි දන්නවද ඔය වයසේ ඉන්න මනුස්සයෙකුට කරන්න පුළුවන් යමක් ගැන විස්තරයක් දෙන්න. වැඩිය මහන්සියක් නැතුව කරන්න යමක්, ඉගෙන ගන්න හරි, ස්වයන් රැකියාවක් හරි ගැන.
සල්ලි හොයන්න නෙමේ. විශ්‍රාම වැටුප ජිවත් වෙන්න හොඳටම ඇති. නමුත් ආසාවෙන් කරන්න යමක් තිබ්බනම් මානසික සෞඛ්‍යට හොඳ නිසා.
මට පොඩි කාලේ සෑහෙන්න උපකාර කරපු මනුස්සයෙක්.