
මම ටික කාලයකට කලින් දැක්කා මැක්සන්ස් එක ගැන එළකිරි එකේ කවුරු හරි ත්‍රෙඩ් එකක් දාල තියනවා...
නුවර පරණ පොත් හොයන සෙට් එක දන්නවා ඇති ඩි.එස් සේනානායක විදියේ පොඩි කඩයක් දාගන හිටපු යුසුෆ් අංකල් ගැන,මම නුවර ටවුමට ගියොත් මේ කඩයට බොහෝ වෙලාවට ඔලුව දාල පරණ පොතක් උස්සගන එන්නෙ,මරදානේ දහස් ගනන් කියන පොත් මේ අංකල් බොහොම සාධාරණ මුදලට දුන්නා,අපි කුඩා කාලේ නුවර අවට පරණ පොත් කඩ බොහොමයක් තිබ්බට පස්සෙ ඔක්කොම වැහිලා ගියා අන්තිමට ඉතුරු උනේ මේ කඩය විතරයි,අදින් පස්සෙ එකත් ඉතින් නැති වෙනවා...සියලු දේ අනිත්‍ය තමයි..කොච්චර නම් මේ අංකල් නිසා දැනුම අරන් ඇද්ද,අංකල් ආයෙත් සසරේ කොහෙදි හරි දවසක පොත් තියන තැනකම හම්බවෙමු....සුභ ගමන් !!!
