නූතන ගිනි අවි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    cAThSIc.jpg

    ගිනි අවි ගැන උනන්දුවක් තියෙන පිරිස වෙනුවෙන් තමයි මේ ලිපිය පළකරන්නේ.ගිනි අවි කාලයෙන් කාලයට වෙනස් වෙමින් නවීකරණය වෙමින් පැමිණි ගමනේදී ඒවා ලබාගෙන තිබෙන නූතන හැඩය,අත්පත් කරගෙන ඇති තාක්ෂණික දියුණුව පුදුමය දනවන සුළුය.21 සියවසේ සංග්‍රාම භූමියේ වෙනසක් ඇතිකල හැකි නූතන ගිනි අවි කිහිපයක් ගැන සංක්ෂිප්ත විස්තරයක් මෙම ලිපිය ඔස්සේ ගෙන එනු ඇත.



    Corner Shot​

    YHIo24W.jpg

    ඔබ ක්‍රියාදාම වර්ගයේ ගිනිඅවි සටන් සහිත වීඩියෝ ක්‍රීඩා සෙල්ලම් කර තිබේ නම් බිත්තියක කොණ සිට සතුරාට වෙඩි තැබීම කොතරම් අවදානම් සහගත යන බව දන්නවා ඇති.මෙය සැබෑ ජීවිතයට පැමිණි පසුවද වෙනසක් නැත.ගරිල්ලා සටන්කරුවන් සමග කරන සටනකදී හෝ සංග්‍රාමයකදී ගොඩනැගිලි ආශ්‍රිතව කරන සටනකදී සෙබලුන්ට Corner shot එකක් එල්ල කීරීමේ අවදානම ගන්නට සිදුවේ.එවැනි අවස්ථාවක ගිනි අවිය සමග තම හිසත් නිරාවරණය කරන්නට සෙබලුන්ට සිදුවන්නේ සාම්ප්‍රදායික ගිනිඅවිය නිර්මාණය කර තිබෙන ස්වභාවය නිසාය.මෙම අවදානම නැති කල හැකි අපූරු අවියක් 2003 වසරේදී හඳුන්වා දෙන්නට ඊශ්‍රායල සමාගමක්(Corner Shot LLC (U.S. Subsidiary Safe Shield Technologies)) සහ ඇමෙරිකානු නිර්මාණයකරුවන් පිරිසක් සමත්විය.

    mFIcZg2.jpg


    PpLFFCm.jpg


    anxcu14.jpg


    VIZEcQb.gif

    මුලදී මෙම Cornershot අවිය නිපදවූයේ විශේෂයෙන්ම පිස්තෝලවලටය.අවිය ඉදිරිපස සහ පසුපස ලෙස කොටස් දෙකකින් සමන්විතය.ඉදිරිපස කොටසේ පිස්තෝලය(Glocks) රැදවූමේ හැකියාව ඇත.ඊට අමතරව එම කොටසේ වීඩියෝ කැමරාවක් රඳවා තිබේ.ඉදිරිපස කොටස සහ පසුපස කොටස එකිනෙක වෙන් කරන්නේ ලෝහ සරනේරුවක්/අසව්වක් මගින්ය.පසුපස කොටසේ කැමරාවෙන් ලබාගන්නා දර්ශන නැරඹීමට තිරයක්(LCD monitor) සහ පිස්තෝලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කොකා පිහිටා ඇත.කැමරාව මගින් මීටර් සියයක දුරක් පැහැදිලිව දැකගත හැකිය.එම දුර ගරිල්ලා සටන් බිමක හෝ වීදි සටනකදී සාමාන්‍යය දුරකි.අවශ්‍ය නම් සයිලන්සරයක් සවිකර පිස්තෝලය භාවිතා කිරීමේ හැකියාව තිබේ.ඊට අමතරව ලේසර් දැක්මක් හෝ රාත්‍රීයේ දැකගත හැකි පද්ධතියක් වීඩියෝ කැමරාව වෙනුවට යොදාගත හැකිය.මෙය අවියක් ලෙස පමණක් නොව රහසිගතව අවට ප්‍රදේශය නිරීක්ෂණය කිරීමටද යොදාගත හැකිය.


    බෝම්බ විදිනයක් සවිකල Cornershot අවියක්

    gIDJL89.jpg



    Panzerfaust නම් යුද ටැංකි නාශක රොකට්ටුවක් සවිකල හැකි Cornershot අවියක්

    esIh4AG.jpg


    uIIl6ex.jpg

    Cornershot හි දැනට භාවිතා කරන සම්මත අවියේ අර්ධ-ස්වයංක්‍රීය පිස්තෝලයක් සවිකිරීමේ හැකියාව තිබේ.මි.මී.40 අත් බෝම්බ විදිනයක් සවිකර Cornershot අවිය භාවිතා කල හැකිය.ඊට අමතරව Panzerfaust නම් යුද ටැංකි නාශක රොකට්ටුවක් සවිකල හැකි අවියක්ද නිපදවා ඇතිබවට තොරතුරු තිබේ.අනාගතයේදී ඇමෙරිකානු M16 රයිෆලය මෙලෙස භාවිතා කිරීමට හැකි ලෙස දියුණුකල Cornershot අවියක් නිර්මාණය කරන බව කියවේ.



    Cornershot අවියේ කොටස් සහ එය භාවිතා කරන අයුරු

    z9nV4k9.jpg


    Z1Jbjn7.png


    වීඩියෝ දර්ශන සියල්ල මෙතනින් බලන්න​





    සිනමාවේ සහ පුංචි තිරයේ Cornershot අවි භාවිතා වූ අවස්ථා

    5Q2psNG.jpg



    රූපවාහිනී වැඩසටහන්





















    සිනමා නිර්මාණ












    CornerShot අවියට සමාන ගිනි අවි

    qlzaHji.jpg

    පරීක්ෂකයක් සවිකල රයිෆලයක් පළමු ලෝක යුද සමයේ යොදාගෙන ඇත.පළමු ලෝක යුද්ධය සිදුවූයේ අගල් එසේත් නැත්නම් ගැඹුරට හෑරූ කාණු තුලය.සතුරු පක්ෂයට වෙඩි තබන්නට නම් වෙඩික්කරුවා අගලෙන් පිටත හිස ඔසවා ඉලක්කය ගත යුතුවේ.මේ ඉරියව්ව බොහෝ සෙබළුන්ට මරු කැදවන්නට සමත්විය.ආරක්ෂාකාරී ලෙස වෙඩි තැබීමක් කරන්නට පරීක්ෂකයක් සවි කල රයිෆලයක් පළමුවරට යොදාගෙන තිබෙන්නේ 1914 අග භාගයේදීය.එසේම මැෂින් තුවක්කු සමගද පරීක්ෂකය යොදාගත හැකිසේ දියුණු කර තිබේ.

    Rqg9uXe.jpg

    W. Youlten විසින් නිර්මාණය කල Youlten hyposcope නම් අවිය පළමු පරීක්ෂක අවියයි.1903දී පළමුවරට අත්හදා බලා තිබෙන අවිය සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගෙන තිබෙන්නේ 1914දී බව කියවේ.එමගින් වෙඩි තැබිය හැකි උපරිම දුර මීටර් 550කි.

    rN7Mq0R.jpg


    William Beech විසින් 1915 දී පරීක්ෂක අවියක් නිර්මාණය කර තිබේ.1915 මැයි මාසයේදී විසින් තම අවිය සමග සිටින අයුරු පහත රූපයේ දැක්වේ.​

    gUiNmoY.jpg



    Lee-Enfield රයිෆලය දර්පණයක් සමග සම්බන්ධ කර වෙඩි තැබීමට යොදාගත් අවස්ථාවක්

    KsgIHQW.jpg



    M1903 Springfield ඇමෙරිකානු රයිෆලය යොදාගෙන කල නිර්මාණයක්

    3ahLzuf.jpg


    දෙවන ලෝක යුද සමයේදී Sturmgewehr 44 රයිෆලය යොදාගෙන ජර්මනිය විසින් Krummlauf නම් අවිය නිපදවා තිබේ.කොණක සිට ආරක්ෂිතව අනෙක් පස සිදුවන දේ දැක වෙඩි තැබීමේ හැකියාව මෙම අවිය සතුය.

    z2mI07u.jpg


    ඇමෙරිකා-ඊශ්‍රායල එකමුතුවෙන් හඳුන්වා දුන් CornerShot අවිය ජනප්‍රිය වීමෙන් පසුව සුපුරුදු පරිදි ලෝකයේ අනෙක් රටවල් එම නිර්මාණය අනුකරණය කරන්නට පටන් ගෙන තිබේ.එහි ආරම්භකයා වන්නේ වෙනදා මෙන් චීනයයි.ඊට අමතරව පාකිස්තානය,ඉරානය,ඉන්දියාව සහ දකුණු කොරියාව ආදී රටවල්ද CornerShot වර්ගයේ අවි නිර්මාණය කර හෝ අත්හදා බැලීම්වලට ලක් කරන බව වාර්තා වී තිබේ.


    චීනය විසින් CornerShot අවියට සමාන ගිනිඅවි දෙකක් නිපදවා තිබෙන බව සඳහන් වේ.පළමු අවිය CF-06 නමින් හඳුවන්වන අතර එය ලාභදායි අවියක් බව සැලකේ.දෙවැන්න HD-66 නමින් හඳුන්වන ඊශ්‍රායෙල CornerShot අවියට සමාන උසස් ඝනයේ එකක් බව කියවේ.මෙම අවි දෙකම QSZ-92 වර්ගයේ පිස්තෝල සමග භාවිතා කල හැකි අයුරින් නිපදවා තිබේ.

    fFZL8UX.jpg


    GS8dfjO.jpg



    පාකිස්තානය දියුණු කරනවා යැයි CornerShot කියන සංකල්පය POF Eye නමින් හඳුන්වයි.තමන් වැනි අවියක් නිර්මාණය කරන බව පාකිස්තානය එළිදරවු කලේ 2008 වසරේදීය.කෙසේ නමුත් ඔවුන්ගේ අවි ත්‍රස්තවාදී සමග සටන් වැදීමේදී සෙබලුන් රැසකගේ ජීවිත ආරක්ෂා කරන්නට හේතුවේවි(ඔවුන් සැබවින්ම ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන්නේ නම් පමණි)

    0WByFb0.jpg



    දකුණු කොරියාවද CornerShotහි මුලාකෘතියට බොහෝ සමාන අවියක් නිපදවා තිබෙන බව 2010දී අනාවරණය කලේය.මෙම අවිය ද.කොරියාවේ S&T Movic Co සමාගම විසින් නිපදවා තිබේ.​



    ඉරානය සහ ඉන්දියාවද මීට සමාන අවි නිපදවා තිබෙන බවට වාර්තා වී තිබේ.​

    Q5XXs2o.jpg


    XId3CAY.jpg



    ප්‍රංශය විසින් සිය පාබල හමුදාව වෙනුවෙන් නිර්මාණය කර තිබෙන අධි තාක්ෂණික ,සන්නද්ධ ඇඳුම් කට්ටලයක්(FELIN) සමග එන රයිෆලයකට සවිකල තාක්ෂණික උපකරණ මගින් ආවරණය වී සිටිමින් සතුරාට වෙඩි තැබීමේ හැකියාව ලබාදී තිබේ.

    QALM1ly.jpg


    DVqmFwi.jpg




    එක්සත් ජනපදයේ සෙබලුන් වෙනුවෙන් නිර්මාණය කරන Land Warrior පද්ධතිය සතුවද CornerShot එල්ල කිරීමේ හැකියාව තිබෙ.

    jx7wzGE.jpg




    වෙඩි ප්‍රහාරයට ලක් නොවී සතුරාට පහරදීමට හැකි අයුරින් නිර්මාණය කල ගිනිඅවි සමහරක්

    S732oBG.jpg


    rzgb427.jpg


    OfXeQa0.jpg


    JPu5qUO.jpg


    azIas9F.jpg


    4iGVFmV.jpg





    දෙවන කොටසින් හමුවෙමු​



    -HarshaLulzSec-