නූතන විද්‍යාව හමුවේ බුදු දහම.

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නූතන විද්‍යාව හමුවේ බුදු දහම.

    (මෙම ලිපිය මා හැකි උපරිම ආකාරයෙන් ඔබට ඉදිරිපත් කරමි ,මෙහි රචකයාගේ මුල් ලිපය කියවිමට මා අරාධනා කරනවා ,අන්ආගමිකයන් සුළු තරයක් බුදු දහමට නිගා කරන්න උත්සහ කරනවා මේක ඒ අයට හොද පිළිතුරක් වෙයි ,හැකි පමණ මේක ෂෙයාර් කරන්න ,මේ නිගා කරන්නේ අන්‍යාගමික ඉතා සුළු පිරිසක් එකත් මතක් කර නවා ,බුදුදහම පවතින ක්‍රම වේදය තුල ආගමක් ලෙස නීතියෙන් නම් කලත් බුදු දහම දර්සහනයක් වන නිසා සැම ලෝක වැසියෙකුටම අනුගමනය කල හැකි මග පෙන්වීමකි .ME WEB ADWIYA GANA DANUWATH KALA Appu Haami
    Senior Member MAGE PARANAMYA PUDAKARANWA

    මෙන්න ලිපිය
    ඔබ සැමට තෙරුවන් සරණයි


    නූතන විද්‍යාව හමුවේ බුදු දහම.

    20.jpeg



    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

    වර්තමානයේ විද්‍යාව හා බුදු දහම පිළිබඳ ව විවිධ මාධ්‍යවලින් විවිධාකාර ව සාකච්ඡා කර ඇත. ඒ මෙය ඉතා වැදගත් හා ආකර්ෂණීය මාතෘකාවක් වන බැවිනි. මෙ ම ලිපිය තුළින් මා බලාපොරොත්තු වන්නේ බුදු දහමේ හි සඳහන් ඇතැම් කරුණු විද්‍යාව මගින් පැහැදිලි වන අවස්ථා පිළිබඳ ව ඔබ ගේ අවධානය යොමු කරවීම ය.

    වර්තමානයේ නූතන විද්‍යාව සමග අවම වශයෙන් ගැටුම් ඇති කර ගනිමින් බැබළෙමින් බුදුදහම විරාජමාන ව සිටියි. ලොව බොහෝ ආගම් විද්‍යාත්මක සොයා ගැනීම් හමුවේ බිඳවැටෙමින් පවතින බව නො රහසකි. නමුත් විද්‍යාව සමග බුදුදහම වඩා ත්, බැබළීම ට පත් වී ඇති බව කිව යුතු ම ය.

    බුදුදහම, විද්‍යාව ට එකඟ දැ යි යමෙක් ඇසුවහොත් ඔබ දෙන පිළිතුර කුමක් ද ? "ඔව්" හෝ "නැත" යන්න පමණි. ඔබ ගේ පිළිතුර "ඔව්" නම් එය ඔබ ට පැහැදිළි කළ හැකි ද? ඒ විට බොහෝ දෙනෙකු ගේ පිළිතුර වන්නේ "නො හැක" යන්න ය. එය ට හේතු දෙකක් ඇත. එකක් නම් විද්‍යාව නො දැනීම යි. අනෙක නම් බුදුදහම නො දැනීම යි. මෙ ම ලිපියෙන් උත්සහ කරන්නේ බුදුදහම හා විද්‍යාව යන කොටස් දෙක ම පිළිබඳ ව මනා අවබෝධයක් ලබා දීම ය. එ බැවින් විද්‍යාව පිළිබඳ ව යම් දැනුමක් තිබීම මෙ ම ලිපිය තේරුම් ගැනීම ට පහසුවක් වනු ඇත. එ සේ නොමැති වුව ද , උත්සාහයෙන් තේරුම් ගනිමින් කියවන ඕනෑ ම අයෙක් හට තේරුම් ගැනීම ට හැකි පරිදි හැකි තාක් සරල ව ලියන්න ට උත්සහ කරන්නෙමි. මෙය තනි ව ම කළ හැකි ක්‍රියාවක් නො වේ. එ බැවින් මෙය ට අනෙකුත් වෙබ් අඩවිවල ඇති ලිපි කිහිපයක් ද, සම්බන්ධ කරගනිමින් ලියන්න ට යෙදුනි. එ ම ලිපි ඉතා මහන්සියෙන් සකස් කළ සියලු දෙනා ට පළමු ව පුණ්‍යානුමෝදනාව පිරිනමමින් අපි මාතෘකාව ට එළඹෙමු.




    ජාති, ජරා,ව්‍යාධි,මරණ.........

    baby.jpg


    අප ගේ කන ට හුරු පුරුදු වචන හතරක් මාතෘකාව ට යොදා ඇත. මෙය පටිච්ඡ සමුප්පාද ධර්මයේ කොටස් කිහිපයකි. අප කුඩා කල සිට ම ඉපදීම, වයස ට යාම, ලෙඩ වීම, මරණය ට පත් වීම, යන කරුණු පිළිබඳ ව දැන සිටියි. නමුත් එ සේ වන්නේ කවදා සිට ද? කොයි මොහොතේ සිට ද? මෙය ආරම්භ වන තැනක් අප ට සොයා ගත නො හැකි ය. වසර 2600 ට පෙර බුදුරදුන් පටිච්ඡ සමුප්පාද ධර්මය ට අනුව මෙය විග්‍රහ කර ඇත.



    Animal-Cell.jpg



    නමුත් මෙය විද්‍යාවෙන් සනාථ කර ගන්නේ කෙ සේ දැ යි අපි බලමු. අප ගේ සිරුර ගැන සිතුවහොත් එය සෑදී තිබෙන්නේ විවිධ පද්ධති, අවයවවලින් ය. අවයව සෑදී තිබෙන්නේ පටකවලින් ය. පටක සෑදී තිබෙන්නේ විවිධ සෛල එක් වීමෙනි. එ තැනින් නො නැවතී තවදුර ට ත්, සෛලය තුළ ට ගමන් කරමු. සෛල සෑදී ඇත්තේ ඉන්ද්‍රයිකාවලින් ය. ඉන්ද්‍රයිකා සෑදී ඇත්තේ අණු සංයෝගවලිනි. අණු සංයෝග සෑදී ඇත්තේ පරමාණුවලිනි. පරමාණුවලිනුත් නො නැවතී තවදුර ට ත්, ගැඹුර ට ගියහොත්, පරමාණු සෑදී ඇත්තේ උපපරමාණුක අංශුවලිනි. තව ත්, බෙදීම ට යමක්‌ ඉතිරි ව නැති නිසා මෙ තැනින් නතර වෙමු.
    (THAWA DURATA KIYAWANWANM )
    http://www.blogger.com/goog_1452157154

    laser1.jpg

    උප පරමාණුක අංශු පිළිබඳ ව විග්‍රහ කළහොත් පරමාණුව සමන්විත වන්නේ ඉලෙක්ට්‍රොන, නියුට්‍රොන, ප්‍රෝටෝන හා තව ත්, අංශු වර්ග කිහිපයකින් ය. නියුට්‍රොන, ප්‍රෝටෝන පරමාණුව මාධ්‍යයේ ඉතා කුඩා අවකාශයක පැතිරී ඇත. එ ම නියුට්‍රොන, ප්‍රෝටෝන එකතුව නියුක්ලියෝන නම් වන අතර එය වටා කාක්ෂිකවල ඉලෙක්ට්‍රොන චලනය වෙමින් පවතී. මේ කරුණු ඇතැම් විට ඔබ ට හුරු පුරුදු නො වූ කරුණු විය හැකි ය. මේ සඳහන් කළේ මාතෘකාව ට ප්‍රවේශ වීම සඳහා ය. පහත දක්වා ඇත්තේ ද, පරමාණුව පිළිබඳ ව ය. ඉහත සඳහන් කළ කරුණු යම් කෙනෙකු ට තේරුම් ගැනීම ට අපහසු වූයේ නම් තේරුම් ගැනීම සඳහා මෙය උපකාරවත් වනු ඇත.

    ඉහත සඳහන් කළ ඉලෙක්ට්‍රෝන චලනයන් පිළිබඳ අධ්‍යනයේ දී තහවුරු වී ඇති වැදගත් ම කරුණක් වන්නේ ඉලෙක්ට්‍රෝන ඉතා ඉක්මනින් කාක්ෂිකවල භ්‍රමණය වන බව යි. විද්‍යාවේ දී ඉලෙක්ට්‍රෝන අංශුවක් ලෙස නො සලකා ඉලෙක්ට්‍රෝන වලාවක් ලෙස පවතින බව උපකල්පනය කරන්නේ ද, එ ම අධික චලනයන් නිසා ය. එ මෙන් ම පරමාණුව ඉතා ඉක්මනින් වෙනස් වීම මේ අනුව සිදු විය හැකි ය. එ සේ නම් පරමාණුවලින් ම සැකසී ඇති අප ගේ ශරීරය හා විශ්වයේ ඇති සියලු ම පදාර්ථයන් ද, ක්ෂණයක් පාසා වෙනස් විය යුතු ය. බුදුරජාණන් වහන්සේ මෙ ම රූප කලාපවල වෙනස්වීම චිත්තක්ෂණ දාහතක කාලයක් තුළ සිදු වන බව දේශනා කර ඇත.


    නමුත්‍ අප ගේ සිරුර දෙස හෝ වෙනත් යමක්‌ දෙස බැලූ බැල්ම ට එය වෙනස් වනවා ය යි අප ට කිව නො හැකි ය. ඔබ කණ්නාඩියක් අසල ට ගොස් ඔබේ මුහුණ දෙස මිනිත්තුවක් බලා සිටි විට පෙනෙන්නේ කුමක් ද? ඔබේ මුහුණ පමණි. නමුත් එ හි වෙනස්වීමක් දැකිය හැකි වන්නේ නැත. හේතුව අප ගේ ඇස් එ තරම් සංවේදී නො වීම යි. අපේ ඇස් අපි ව රැවටීම යි.
    බුද්ධ රශ්මි: මායාකාරී ඇසට රුවටුනා දැන් ඇති.



    3112726308_84e1846d62_o.jpg





    අපේ සිරුර වෙනස් වන අයුරු ක්ෂණික ව දැකිය නො හැකි වුව ද, යම් කාලයක ට පසු ව ඉතා හොඳින් පෙනෙයි. උදාහරණයක් ලෙස අපි කුඩා අවදියේ සිටයේ කෙසේ ද, දැන් තත්වය කෙසේ ද, කියා ඔබ ට ම පෙනෙනු ඇත. ඉතා ක්ෂණික ව සිදුවන අන්වක්ෂිය වෙනස්වීම් අප ට නො පෙනුන ද, ඒ හරහා දීර්ඝ කාලයක ට පසු ව සිදුවන විශාල වෙනස්වීම් අප ට ඉතා හොඳින් දෘශ්‍යමාන වන්නේ ය.

    මේ අනුව බුදුදහමේ දේශිත අනිත්‍ය ලක්ෂණය, මොහොතක්‌ පාසා ලෝකය වෙනස් වන බව, විද්‍යාව ට අනුව මෙ සේ තහවුරු කර ගත හැකි ය.

    [/SIZE]
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බුදු රැස් සත්‍ය ලෙස ම පවතිය හැකි ද?


    171bl1g.jpg
    දැන් කියන්න ට යන්නේ දෙවැනි කරුණ ගැන යි. බොහෝ බුද්ධ රූපවල, ප්‍රතිමාවල, බුදුරදුන් ගේ ශීර්ෂය වටා රැස් වළල්ලක් තිබෙනු ඔබ දැක ඇති. මෙය වර්ණ කිහිපයකින් යුක්ත ය. නමුත් සෑම විට ම ඒ සේ නො වන බව අමතක නො කල යුතු ය. එ නම් තනි වර්ණයෙන් යුතු රැස් වළල්ලක් ද, ඇත. නමුත් අපි මේ භවය තුළ කිසි දිනක මෙය දැක නැත. එ සේ නම් බුදුරැස් වළල්ලක් තිබේ ද, නො තිබේ ද, කියා අප සිත තුළ කුඩා හෝ අවිනිශ්චිත බවක් ඇති විය හැකි ය. මෙය නැරඹීමෙන් එ ම සැකය යම් තරමකින් හෝ දුරු වනු ඇත. මේ දක්වැ ඇත්තේ සෝමාවතියේ බුදුරැස් විහිදීම ය.
    අප සියලු ම දෙනා ගේ ම සිරුරු වටා කිරණ වර්ගයක් පවතින බව ඔබ ඇතැම් විට දන්නවා ඇත. එය ශරීරයෙන් ම නිකුත් වන්නේ ය. ඇත්තෙන් ම අපේ සිරුරින් එ සේ පිටවන කිරණයන් අප ගේ ඇස ට නො පෙනෙන ඒවා ය. එය නො පෙනුන ද, එ වැන්නක්‌ නැති බව කිසිවෙකු ට කිව නො හැකි ය. ඔබ දැන් අන්තර්ජාලය වෙත සම්බන්ධ ව ඇත්තේ ද, නො පෙනෙන ක්ෂුද්‍ර තරංග ඔස්සේ ය. ඔබ ඉඳ සිටින තැනින් ටිකකට නැගිට ඉඳ සිටි තැන අල්ලා බැලුවහොත් යම් ප්‍රමාණයක ට රත් වී ඇති බව දැනෙනු ඇත. එ සේ වන්නේ ශරීරයෙන් නිකුත් වූ අධෝරක්ත තරංග නමැති තරංග විශේෂයෙනි. නමුත් වාසනාවකට හෝ අවාසනාවකට අධෝරක්ත තරංග අප ගේ පියවි ඇස ට දෘශ්‍යමාන නො වේ.


    http://nuwanasa.blogspot.com/2011/11/blog-post.html



    මෙය බුදුරැස් සමග සම්බන්ධ වන්නේ කෙ සේ දැ යි බලමු. සියලු සත්වයෝ නිදුක් වෙත් වා! නීරෝගී වෙත් වා! සුවපත් වෙත් වා! ලෙසින් සිත වඩන විට සිතේ චෛතසික යහපත් (ශෝභන චෛතසික) බව ට පත් වන අතර අයහපත් චෛතසික (අකුසල චෛතසික) ක්‍රමයෙන් ප්‍රහීණ වෙයි. එ සේ සිත ක්‍රමයෙන් දියුණු වන විට එය අනිවාර්යයෙන් ම අප ගේ සිරුර ට කෙලින් ම බලපානු ලබයි. එ නම් රුධිර ගමනාගමනය යහපත් වන්නේ ය. අක්මාවෙන් නිපදවනු ලබන දේහ තාපය රුධිරය මගින් මුළු සිරුර පුරා ම ගෙන යි. ඒ අනුව මා සිතන පරිදි අප ගේ රුධිරයෙන් පිටවන අධෝරක්ත කිරණවල ට අමතර ව සිත දියුණු කරගත් පුද්ගලයන් ට, අප ට පෙනෙන දෘශ්‍ය ආලෝකය ත්, පිට කළ හැකි විය යුතු ය. මා ඒ සේ කියන්න ට පදනම වන කරුණ වන්නේ අධෝරක්ත කිරණවල ට සමීප ම සංඛ්‍යාත දෘශ්‍ය ආලෝකය ට පවතින නිසා ය.
    em-op-spectrum.gif


    බුදුරැස්වල දම් වැනි වර්ණයන් නැත. එය ට හේතුව එ ම කිරණවල සංඛ්‍යාතයන් අධෝරක්ත කිරණවල සංඛ්‍යාතයන් ට වඩා බොහෝ සෙයින් වැඩි නිසා ය.


    ඒ අනුව මෙ ම කරුණ ද, ඔබ ට මැනවින් තේරුම් ගත හැකි වනු ඇත.

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලෝකය මැවුවේ නැති බව විද්‍යාවෙන් තහවුරු වන අයුරු.


    ලෝකය මැවූ බව පැවැසෙන ආගමික මතවාදයන් බිඳවැටී බොහෝ කල් ය. ඒ පිළිබඳ වැදගත් ලිපි පෙළක් "බුද්ධ රශ්මි" අඩවියෙ හි පළ වී ඇතී නිසා මේ පිළිබඳ කරුණු දීර්ඝ ව සකස් කිරීම ට මා උත්සාහ දැරුවේ නැත.


    http://www.budurashmiya.net/search/label/%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD

    http://en.wikipedia.org/wiki/Future_of_the_Earth


    එ සේ නම් ලෝකය ඇති වූයේ කෙ සේ ද? බුදුදහම ට අනුව නම් ලෝකය ඇති වන්නේ ද, නැති වන්නේ ද, හේතුඵල වාදය ට අනුව ය. විවිධ හේතුන් නිසා ලෝකයක් මැවෙන අයුරු ත්, ලෝකයක් නැසෙන අයුරු ත්, මෙ සේ වාදයක් ලෙස ඉදිරිපත් කර ඇත.



    විශ්වයේ ඕනෑ ම අංශු දෙකක් අතර ආකර්ෂණ බලයක් ඇති බව විද්‍යාවෙන් සනාථ කරගෙන ඇත. පරමාණුවේ සිට විශාල තාරකාවන් දක්කවා ම එය එ සේ ම ය. ගුරුත්වාකර්ෂණය නැති ඕනෑ ම තැනක ඇති ස්කන්ධ දෙකක් මේ නිසා ආකර්ෂණය විය හැකි ය. ඉහත වීඩියෝවෙන් දැක්වූ ලෝකයක් ඇති වන අයුරු ඒ අනුව තේරුම් ගත හැකි වනු ඇත.

    මේ කරුණු කිහිපය ඉදිරිපත් කර මා බලාපොරොත්තු වන්නේ බුදුදහම, විද්‍යාව ට සමාන ය යි පැවසීම නො වේ. විද්‍යාව හා බුදුදහම දෙකකි. විද්‍යාවෙන් භෞතික ලෝකය පිළිබඳ ව අධ්‍යනය කරන අතර බුදුදහම ලෝකයේ ආධ්‍යාත්මිකත්වය පිළිබඳ ව අධ්‍යනය කරයි. මා බලාපොරොත්තු වුයේ බුදුදහමේ සරු බව, අතීතය ට වර්තමානය ට පමණක් නො ව අනාගතය ට ත්, සත්‍යයක් ම වන බව පසක් කර දීම පමණි. එය පැහැදිලි කර දීම ට විද්‍යාව අවියක් කර ගත් නමුත් විද්‍යාව බුදුදහම හෝ බුදුදහම විද්‍යාව නො වන බව අවසාන වශයෙන් කිව යුතු ය.
    තෙරුවන් සරණ යි!




     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    විද්‍යාව හා බුදුදහම දෙකකි. විද්‍යාවෙන් භෞතික ලෝකය පිළිබඳ ව අධ්‍යනය කරන අතර බුදුදහම ලෝකයේ ආධ්‍යාත්මිකත්වය පිළිබඳ ව අධ්‍යනය කරයි. මා බලාපොරොත්තු වුයේ බුදුදහමේ සරු බව, අතීතය ට වර්තමානය ට පමණක් නො ව අනාගතය ට ත්, සත්‍යයක් ම වන බව පසක් කර දීම පමණි. එය පැහැදිලි කර දීම ට විද්‍යාව අවියක් කර ගත් නමුත් විද්‍යාව බුදුදහම හෝ බුදුදහම විද්‍යාව නො වන බව අවසාන වශයෙන් කිව යුතු ය.
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    විද්‍යාව හා බුදුදහම දෙකකි. විද්‍යාවෙන් භෞතික ලෝකය පිළිබඳ ව අධ්‍යනය කරන අතර බුදුදහම ලෝකයේ ආධ්‍යාත්මිකත්වය පිළිබඳ ව අධ්‍යනය කරයි. මා බලාපොරොත්තු වුයේ බුදුදහමේ සරු බව, අතීතය ට වර්තමානය ට පමණක් නො ව අනාගතය ට ත්, සත්‍යයක් ම වන බව පසක් කර දීම පමණි. එය පැහැදිලි කර දීම ට විද්‍යාව අවියක් කර ගත් නමුත් විද්‍යාව බුදුදහම හෝ බුදුදහම විද්‍යාව නො වන බව අවසාන වශයෙන් කිව යුතු ය.

    :)
     

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    Originally Posted by rocat90
    විද්‍යාව හා බුදුදහම දෙකකි. විද්‍යාවෙන් භෞතික ලෝකය පිළිබඳ ව අධ්‍යනය කරන අතර බුදුදහම ලෝකයේ ආධ්‍යාත්මිකත්වය පිළිබඳ ව අධ්‍යනය කරයි. මා බලාපොරොත්තු වුයේ බුදුදහමේ සරු බව, අතීතය ට වර්තමානය ට පමණක් නො ව අනාගතය ට ත්, සත්‍යයක් ම වන බව පසක් කර දීම පමණි. එය පැහැදිලි කර දීම ට විද්‍යාව අවියක් කර ගත් නමුත් විද්‍යාව බුදුදහම හෝ බුදුදහම විද්‍යාව නො වන බව අවසාන වශයෙන් කිව යුතු ය.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සුපිරි පෝස්ට් බුවා!!:yes::love: ගොඩක් වටිනවා...... බුදු සරණයි!:yes::cool::D