නූතන සුරංචියා රනිල්ය...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නූතන සුරංචියා රනිල්ය...

    නූතන සුරංචියා රනිල්ය...

    Bond_Ali.jpg


    කවුද මේ සුරංචියා...? සුරංචියා කියන චරිතේ අපිට හමුවන්නේ මඩොල්දුව කතාවෙන්ය... සුරංචියා ගේම් කාරයෙක්ය... ගම්වලට ගොස් පොඩි පොඩි ගේම් දීල ගතමනාවක් සොයා ගැනීම සුරංචියාගේ පුරුද්දය... අන්තිමට සුරංචියා උපන් ගමට එන්නේ ගමේ එවුන් ඇන්දවීමටය... ගමේ කොල්ලො කුරුට්ටෝ එකතු කර ”මගඩි නාටකයක්” පෙන්වීමට කටයුතු කරන්නේය... ඒ සදහා කොල්ලොන්ට බෝලයක්, පිහියක්, ලොසිංජරයක් වගේ දෙයක් අල්ලසට දෙන්නේය... කොල්ලෝද සුරංචියාව දකින්නේ නියම පොරක් ලෙසටය... සුරංචියාගේ නාටකයට බැහැලම සප් එක දෙන්නේය... අවසන නාට්‍ය අතරතුර සුරංචියා වංචාකාරයෙක් කියා අල්ලා ගැනීමට පොලිසියෙන් පනින්නේය... සුරංචියා ඇතුලූ නඩය පොලිස් ජිප් රියේ දමාගෙන යන්නේ ගම්මුන් පුදුම කරමිනි... හැබැයි ගම්මුන් වඩාත් පුදුම වන්නේ පසුව ලැබුණු ආරංචියටය... ඒ සුරංචියාව කුදලගෙන ගොස් ඇත්තේ ද සුරංචියාගේ හොර රැලේම බොරු පොලිස්කාරයන් විසින් වීමය... හැබැයි ගම්මු ප‍්‍රමාද වැඩිය.... සුරංචියා ඒ වෙන කොට ගමේ එකාලගේ පිච්චියට කෙළලා හමාරය....

    වේලි වේලි හිටපු රනිල්ට පෙර පිනක් පල දී පිං අගමැතිකමක් ලැබෙන්නේය... ඔහු වහාම කරන්නේ සිංගප්පූරුවේ හිටපු මහේන්ද්‍රන්ව ලංකාවට ගෙන්වල මහ බැංකු අධිපතිකම දීමය.... මහේන්ද්‍රන් පුදන කොටම කාපි යකා කිව්වා සේ බෑනවත් එක්කාසු කරගෙන මගඩි නාටකය පටන් ගන්නේය... බැලූ බැල්මට නලූවා මහේන්ද්‍රන් වුවාට අධ්‍යක්ෂණය රනිල්ගේය... බැදුම්කර වංචාව ගැන කසුකුසුව පටන් ගන්න කොට මහේන්ද්‍රන්ට චරිත සහතික දීලා ඔහුව රැක ගන්නේ ඒ නිසාය... පසුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව දෙවන වතාවටත් චෝදනා එල්ලවෙලා තිබුණ මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති කළේ ඒ නිසාය... අන්තිමට මහබැංකුවෙන් මහේන්ද්‍රන්ව එලවපු වෙලාවේ ඔහුට තමන් යටතේ උපදේශක තනතුරක් දී රනිල් මගඩි නාටකයේ පිටපත මඳක් වෙනස් කරන්නේය... ඒ නලූවන්ගේ වෙස් මුහුණු ගැලවී සැබෑ මුහුණු පෙනෙන්ට පටන් ගත් නිසාය... මහේන්ද්‍රන් වටා සිදු වූ මේ මහ කොල්ලයට හවුල් වුණු අනෙක් යුඇන්පි නලූවන් සුපිරියට මෙහෙය වූයේ රනිල්ය... මගඩි නාටකයට සෙනග අද්දවා ගැනීමට රනිල් දුන්නේ වයිෆයිය... කාර්ය... ෆොක්ස්වැගන් ෆැක්ටරිය... අන්තිමේ දි ප‍්‍රධාන නලූවා රටෙන් පැන්නේය... සහය නලූවන් දෙන්නෙක් පොලිසියෙන් කුදලාගෙන ගියේය.... ජනතාව පුදුම වී දැන් වට පිට බලන්නේය... මළකෙලියකි... රනිල් නටා ඇත්තේ මගඩි නාටකයකි... සාක්කුවට අත දා බැලූ විට වයිෆයි නැත... කාර් නැත... ෆැක්ටරි නැත...

    එදා සුරංචියා කළේ ද අද රනිල් කළ දේම ය... හැබැයි අද කතාව එදාට වඩා ටිකක් වෙනස්ය... සුරංචියා හොරු නඩයම බේරාගත්තේය... රනිල් එසේ කළේ නැත... තමන් පමණක් බේරිමට කැස කවන්නේය... එදා කතාවේ අවසානයට මතු සම්බන්ධයි කියා තිබුණේ නැත... හැබැයි මෙදා කතාව මතුවටත් සම්බන්ධය... හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙට යැයි කියන්නා සේ නූතන මගඩි නාටකය මතුවට ඔබව කුල්මත් කරවනු ඇත...

    pathfinder_PNG_Face.png


     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සුරංචියාව කුදලගෙන ගොස් ඇත්තේ ද සුරංචියාගේ හොර රැලේම බොරු පොලිස්කාරයන් විසින් වීමය... හැබැයි ගම්මු ප‍්‍රමාද වැඩිය.... සුරංචියා ඒ වෙන කොට ගමේ එකාලගේ පිච්චියට කෙළලා හමාරය....

    එදාට වඩා මේක ගැලපෙන්නේ අදට නේද? .

    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    සුරංචියා ඇතුලූ නඩය පොලිස් ජිප් රියේ දමාගෙන යන්නේ ගම්මුන් පුදුම කරමිනි... හැබැයි ගම්මුන් වඩාත් පුදුම වන්නේ පසුව ලැබුණු ආරංචියටය... ඒ සුරංචියාව කුදලගෙන ගොස් ඇත්තේ ද සුරංචියාගේ හොර රැලේම බොරු පොලිස්කාරයන් විසින් වීමය...

    :lol::lol::lol::shocked::shocked::shocked:

    මරු කතාව
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සුරංචියාව කුදලගෙන ගොස් ඇත්තේ ද සුරංචියාගේ හොර රැලේම බොරු පොලිස්කාරයන් විසින් වීමය... හැබැයි ගම්මු ප‍්‍රමාද වැඩිය.... සුරංචියා ඒ වෙන කොට ගමේ එකාලගේ පිච්චියට කෙළලා හමාරය....

    එදාට වඩා මේක ගැලපෙන්නේ අදට නේද? .

    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.

    14+
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කාටද දෙන්නේ
    කාටද දෙන්නේ
    කාටද දෙන්නේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කාටද දෙන්නේ
    කාටද දෙන්නේ
    කාටද දෙන්නේ
    පොන්න ආණ්ඩුවට කඩේ නොයන ඕන එකෙකුට දිපන් චන්දේ කුරුටු ගෑවත් JVP එකට දෙන්න එපා ඊට වඩා හොඳය් කෙලින්ම අලියට දීපන්
     
    • Like
    Reactions: channaq4

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    "කොල්ලෝද සුරංචියාව දකින්නේ නියම පොරක් ලෙසටය... සුරංචියාගේ නාටකයට බැහැලම සප් එක දෙන්නේය."

    27.gif

    හික්... හික්... හික්... හික්...
    මට කනෙන් පෙන්නන්න පුළුවන් මේ කොල්ලො සැට් එක
    ලොකුම එකාගෙ නම පටන්ගන්නෙ "" යන්නෙන්...
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    "කොල්ලෝද සුරංචියාව දකින්නේ නියම පොරක් ලෙසටය... සුරංචියාගේ නාටකයට බැහැලම සප් එක දෙන්නේය."

    27.gif

    හික්... හික්... හික්... හික්...
    මට කනෙන් පෙන්නන්න පුළුවන් මේ කොල්ලො සැට් එක
    ලොකුම එකාගෙ නම පටන්ගන්නෙ "" යන්නෙන්...

    :confused::confused::confused: