නූලෙන් බේරාගත් අභිමානය සහ ලෝක කුසලාන හීන&#3514

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    නූලෙන් බේරාගත් අභිමානය සහ ලෝක කුසලාන හීන&#3514

    පසුගිය සමය ශ්‍රී ලංකා ක්‍රිකට් නාමයට එතරම් හොඳ කාලයක් වූයේ නැත. සිම්බාබ්වේ, බංගලාදේශය වැනි කණ්ඩායම් හමුවේ පවා පරාජයට පත්වීම. එකඳු ජාත්‍යන්තර තරඟාවලියක හෝ අවසන් පූර්ව තරඟයකට පවා පිවිසීමට නොහැකිවීම වැනි කාරණා හේතුවෙන් මෙන්ම දිගින් දිගටම සිදුවූ පරාජයන් වැලක ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලපල්ලට යන ලකුණු පෙනෙන්නට විය.

    ස්ථිර නායකයෙක් නොමැතිව නායකයන් ගණනාවක් අත්හදාබලන්නට වීම, කාඩ් කූට්ටමේ කොල මාරුකරන පරිද්දෙන් ක්‍රීඩකයන් මාරු කිරීම නිසා නවක ක්‍රීඩකයන් ගණනාවකටම සිය ක්‍රිකට් අනාගතය ගැන හීන අතහැර දමන්නට සිදුවිය. එවැනි වාතාවරණයක දිනේෂ් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පැමිණීම, අත්දැකීම් බහුල පන්දු යවන්නන් නැවත දක්ෂතා අතරට පැමිණීම සහ ටෙස්ට් කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයන් පිරිිසක් බිහිවීම වැනි ධනාත්මක සාධක නිසා ශ්‍රී ලංකාවට ටෙස්ට් තරඟවලදී යම්තාක් දුරට අස්වැසිල්ලක් සහිතව පෙරට එන්නට හැකියාව ලැබී ඇත.

    අනෙක් පැත්තෙන් ඇන්ජෙලෝ මැතිව්ස් නැවත ඒකදින සහ විස්සයි විස්ස නායකත්වයට පැමිණීම සිදුවුණත් එක්දින සහ විස්සයි විස්ස පරාජයන් වැලක අමිහිරි අත්දැකීම් විඳින්නට සිදුවීම නිසා ප්‍රේක්ෂකයන් පමණක් නොව ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කර ක්‍රීඩා විචාරකයන් පවා ලංකාවේ ක්‍රිකට් දෙස නොබලා සිටින තැනකට පත්විය. එවැනි වාතාවරණයකදී ඒ.බී.ඩි විලියර්ස් වැනි ක්‍රීඩකයින් කිසිඳු විලිලැජ්ජාවක් නැතිව මහත්මා ක්‍රීඩාවේ නිරතවෙමින් ලංකාවට අපහාස උපහාසද කරන විට ඒ දෙස අසරණව බලා සිටිනවා හැරෙන්නට ලංකාවට කල හැකි යමක් නොවීය.

    නමුත් අවසන් වුණු කොදෙව් සංචාරය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ලංකාවට නැවත ක්‍රිකට් අභිමානය ගැන වචනයක් හෝ කතාකල හැකි තත්වයක් ඉතිරිකර ඇත, දකුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් තරඟ දෙකේ ලබාගත් විශිෂ්ට ජය, එක්දින තරඟාවලිය පරාජයට පත්වූවද අවසන් තරඟ දෙකේ ලංකාවේ ජයග්‍රහණය සහ එකම විස්සයි විස්ස තරඟය අසීරුවෙන් හෝ ජයගත් ආකාරය සම්බන්ධයෙන් බැලූ කල්හි අභිිමානය නූලෙන් ගලවා ගත්තද තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිරිව ඇති බවට සාක්ෂියක් ලෙස එම ජයග්‍රහණ බාරගත හැකිය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට තිබූ විශාලතම ගැටළුව “ආත්ම විශ්වාසයේ අහිමිවීමය” හතුරුසිංහ වැනි අභියෝග බාරගත හැකි පුහුණුකරුවෙකු කැඳවීම, ගුරුසිංහ වැනි නිදහස් මනසින් සිතන්නාවූ කළමණාකරුවෙකු කණ්ඩායමට ගෙන ආවද ජයග්‍රහණ ගෙන එන්නට අසමත්වූයේ මේ ආත්ම විශ්වාසයේ ගැටළුවය. නමුත් පසුගිය තරඟ කීපයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රීඩා කල ආකාරය අනුව ඔවුන් නැවතත් ආත්ම විශ්වාසයෙන් ක්‍රීඩාකරන බවක් පෙනෙන්නට ඇත. පසුගිය සමයේ ඔවුන්ට ක්‍රිකට් ආයතනය මගින් වාර්ෂික කොන්ත්‍රාත්තු මුදල වැඩි කිරීම මෙන්ම බොහෝ ක්‍රීඩකයන්ගේ ස්ථාන ස්ථාවර වීම සහ ලොකු සංචිතයක් තබාගෙන ක්‍රීඩකයන් එහෙ මෙහෙ කිරීම වෙනුවට ක්‍රීඩකයන් අසාර්ථක වෙද්දී පවා වැඩි අවස්ථා ලබාදීමේ ප්‍රතිඵල අප නෙලාගනිමින් සිටිති. තිසර පෙරේරා, කුසල් ජනිත්, ධනංජය ද සිල්වා සහ අකිල ධනංජය එහි හොඳම උදාහරණ වේ.

    2019 ලෝක කුසලාන තරඟාවලියට පෙර ලංකාවට මුහුණ දීමට ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු එක්දින තරඟ සංඛ්‍යාවකටය. අසියානු කුසලාන තරඟාවලිය, එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරය සහ නවසීලන්ත සංචාරය සහ බොහෝ විට දකුණු අප්‍රිකානු සංචාරයේ තරඟ පමණක් ලංකාවට හිමිවනු ඇත. ඒ නිසා දැන් ස්ථාවරත්වයෙන් යුතුව ක්‍රීඩාකල යුතු කණ්ඩායමක් ලංකාව සතුව සිටිය යුතුය. ලෝක කුසලානය පැවැත්වෙන්නේ එංගලන්තයේ බැවින් ලංකාව තුල පමණක් දස්කම් දක්වා පලක් නැත. එංගලන්තයේ තණතීරු සකස් කරන්නේ බොහෝවිට ඇන්ඩර්සන්, බෝර්ඩ් වැනි පන්දුව වේගයෙන් පතිත කරන වේග පන්දුයවන්නන් ඉලක්ක කරගෙනය. ඒ නිසා එංගලන්තයේදී ආසියාතික කණ්ඩායම් වලට වඩා වැඩි වාසි ඇත්තේ එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි කණ්ඩායම් වලටය. කොදෙව් කණ්ඩායමටද අවස්ථාව තිබුණ ද ඔවුන් සතුව ස්ථාවර වේග පන්දු යවන්නන් නැතිවීම ඔවුන් හමුවේ ගැටළුවකි.

    කලකට පසුව මෙවර ලෝක කුසලාන තරඟාවලියේ මුල් වටය ලීග් ක්‍රමයට පැවැත්වෙන නිසා ලංකාවට කණ්ඩායම් ගණනාවක් සමග ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබේ. එංගලන්ත බිමේ පන්දු යැවීමට ප්‍රබල වේග පන්දු යවන්නන් අවශ්‍යව ඇත. සුරංග ලක්මාල් පමණක් තමන්ගේ රිද්මය සහ හැකියාව හඳුනාගෙන ඇත, ඔහුගේ අත්දැකීම් එයට හේතුවක් වී ඇත. නුවන් ප්‍රදීප් ද යම්තාක් දුරට ස්ථාවරව සිටියදී විටින් විට ඔහුගේ වගකීම් විරහිත ස්වභාවය සහ ආබාධ හේතුවෙන් ඔහුට ගැටළුව්ක ඇත. ළහිරු කුමාරට හොඳ රිද්මයක් සහ වේගයක් ඇත, ඔහු එක් අපේක්ෂාවකි. නමුත් ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත වැනි ක්‍රීඩකයන් තවමත් පදම් වී නැත. ඒ නිසා අපට ගැටළුවක් ඇත. අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන් සහ වැන්ඩර්සේ අතරින් එක් අයෙක් බොහෝ දුරට එක් තරඟයකදී ක්‍රීිඩා කරන්නට සිදුවිය හැකිය. ඒ නිසා ඒ ඒ ප්‍රතිවාදී කණ්ඩායම් අනුව ඔවුන් යොදවන්නට විය හැකිය. ප්‍රධානතම ශක්තිය විය යුත්තේ තුන් ඉරියව් ක්‍රීඩකයන්ය. තිසර, දසුන්, ධනංජය, ධනුෂ්ක මෙන්ම කණ්ඩායමේ සිටිය යුතුම මැදපෙළ කසකරු අසේල් ගුණරත්න පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකිය.

    කෙසේ වෙතත් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාව මේ ජයග්‍රාහී මානසිකත්වය පවත්වාගත යුතුය, පරාජයවූවද මානසික මට්ටම ඉහළ තැනක රඳවාගැනීම වැදගත්ය. තවද දැනට විසුරවා ඇති ක්‍රිකට් පාලක මණ්ඩලය යහපත් තැනකට පත්වීම සහ ක්‍රීඩා ඇමතිවරයා පිටියේ ඩෙඟා නටන චරියක් වීම ඉතා යෝග්‍ය වටපිටාවක් නිර්මාණය කරනු ඇත. ඒ නිසා අභිමානය නූලෙන් බේරාගත් තැන සිට අපි බැලියු යුත්තේ පඩිපෙළ ඉහළට මිස පහළට නොවේය.

    උපුටා ගැනීම - www.her.lk
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    උපුල් තරංගට දැන් ක්‍රීඩාවට සමුදීමට කාලයයි .............. තව තවත් එල්ලී සිටිමෙන් වන්නේ නවකයෙකුට ස්ථාවර වීමට ඇති අවස්ථාව නැති වීමයි දකුණු අප්‍රීකානා සංචාරයේදී මැච් 5ටම ලකුණු 100ක් ගසා ගැනීමට නොහැකි විය පළමු තරගයේ අත ඇරපු උඩ පන්දුව ඇල්ලුවානම් අපිට එම තරගය ජය ගැනීමට හැකියාවක් තිබිණි