නෙදර්ලන්ත හිමිනම අපවත් කලේ පාලම හදනවාට විරුද්ධ වූ නිසාද ?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    b3nkZGC.jpg


    පැහැපත් දේහධාරී තරුණ පෙනුමැති විදේශිකයෙක් ස්වාමීන් වහන්සේට ගරුසරුව දුටුවන්ට තැන්පත්ව ආරණ්‍ය සේනාසනයේ කල්ගෙව්වේය. සරල අල්පේච්ඡ දිවියක් ගෙවන ඔහු අසල්වැසි කාටත් සුදු මහත්තයා විය. නෙදර්ලන්ත ජාතිකයකු වූ සුදු මහතා පසුකලෙක රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේදී නෙදර්ලන්තයේ ජිනවංශ නමින් පැවිදි දිවියට පිවිසුණේය. ඒ මීට වසර එකොළහකට පමණ ඉහත කතාවකි.

    එදා පටන් භාවනායෝගීව වැඩ විසූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන් අසල්වැසියන් මෙන්ම දකින කාටත් සුදු හාමුදුරුවෝ වූහ. ජීවිතයේ යථාර්ථය අවබෝධයෙන් මහණ දිවියට පිවිසි උන්වහන්සේ සතුටින් ළංකරගෙන සිටියේ සිවුර සහ දහම පමණය. පාවහන් යුගලක් හෝ නොපැළඳි උන්වහන්සේ වැඩි වෙලාවක් හුදෙකලාව කල් ගෙවූහ. නමුත් පුරුද්දක් වශයෙන් මේ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියෝ දිනපතාම උදේ 6:30 වෙද්දී දානය සොයා පොල්ගස්දූව කටුදම්පේ ප්‍රදේශයේ පිඬුසිඟා වැඩියහ. උදෑසනම උන්වහන්සේ දැකගැනීමට ගම්මුන් මගබලා සිටියේ ආශාව මුසු බැතියෙනි. දානය පුදදෙන සෑම අවස්ථාවකදීම ඒ හිමියන් සිනාසී “ගුඩ්” “ගුඩ්” යැයි පවසන බවත් එය ඇසීමට ගම්මුන් කැමති බවත් ප්‍රසිද්ධය. සුදු හාමුදුරුවන් තමන්ට නොසෑහෙන්න ලැබෙන දානය රැගෙන ගොස් උන්වහන්සේගේ කුටිය අසල ඉත්තෑවන් මුගටියන් ලේනුන් කලවැද්දන් වැනි කැලෑ සතුන්ට දීම පුරුද්දකි. පිඬුසිඟා වඩින මොහොතේ එම සතුන් සිය කුටිය අසලට රැස්ව සිටීමටද පුරුදු වී ඇත. අවසන් වතාවට පෙර දිනයක පිඬුසිඟා ගිය ඒ හිමියන් නැවත වඩින අවස්ථාවේ බඩගින්නේ පසුවූ සුනඛයන් කිහිපදෙනෙක් හාමුදුරුවෝ පසුපස පැමිණ ඇත. එහිදී පිඬුසිඟා ගත් සියල්ල සුනඛයන්ට බාරදී උන්වහන්සේ බඩගින්නේ කුටියට වැඩම කළහ.

    රත්ගම කලපුවෙන් වටවී ඇති පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයෙන් එගොඩ වී පිඬුසිඟා වඩින උන්වහන්සේ ඒ සඳහා ඔරුවක් භාවිත කළහ. හිමිනම ඔරුව තනිවම හබල් ගාගෙන පිඬුසිඟා ගත්පසු යළිත් ආරණ්‍ය වෙත වැඩම කරන දසුන හරි අපූරු එකකි.
    දුටුවන්ගේ සිත් පහදන සුදු හාමුදුරුවෝ ඉතා සිල්වත් ගුණවත් හිමිනමක් බව කවුරුත් කියති. ඒ හිමියන් අවසන් වතාවට ඔරුවේ නැගී පිඬුසිඟා වැඩ තිබුණේ පසුගිය 6 වැනිදා පෙරවරුවේය. එහෙත් උන්වහන්සේ නැවත ආරණ්‍යය වෙත වැඩම කර තිබුණේ නැත. ආරණ්‍යවාසී සෙසු හිමිවරු ජිනවංශ හිමියන් පිළිබඳව සොයා බැලුවද හෝඩුවාවක් තිබී නැත.

    ජිනවංශ හිමියන් ආරණ්‍යයේ ඇති කුටියක භාවනායෝගීව වැඩසිටියද දින දෙකක් තිස්සේ පෙනෙන්නට සිට නැත. පසුව කළ සෝදිසියකදී දැකගත හැකිව තිබෙන්නේ සුදු හාමුදුරුවෝ පදවාගෙන ගිය ඔරුව රත්ගම කළපුවේ නිසොල්මනේ පාවෙමින් තිබෙන බවය. එහෙත් හිමිනම සිටියේ නැත. මේ අතුරුදන් වීම ගැන පොල්ගස්දූව ආරණ්‍යයේ නායක හිමියන් විසින් රත්ගම පොලීසියට දැනුම් දී තිබිණ. ඉන්පසුව වැඩිදුරටත් සොයාබැලීමේදී ඉකුත් 08 වැනිදා පස්වරුවේ ජිනවංශ ස්වාමීන් වහන්සේගේ මෘතදේහය රත්ගම පොලීසිය මගින් සොයා ගැනුණේ රත්ගම කලපුවේ පාවෙමින් තිබියදීය. එම අවස්ථාවේ උන්වහන්සේගේ දෙපා කොන්ක්‍රීට් කෑල්ලකට වයරයකින් ගැට ගසා තිබූ බව දකින්නට ලැබී ඇත.

    නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන් දක්ෂ පිහිණුම් ශූරයෙක්ද වූහ. එවන් තත්ත්වයක් තුළ දියේ ගිලී මියයෑම ගැටලු සහගත බවත් මළ සිරුරේ ස්වරූපය නිසා එය මිනීමැරුමක් වියහැකි බවත් ප්‍රදේශවාසීන් රැසක්ම පොලීසියට ප්‍රකාශ කර තිබේ. ස්වාමීන් වහන්සේ කිසියම් අයකු හෝ පිරිසක් විසින් ඝාතනය කොට දියේ ගිල්වා හෝ දියේ ගිල්වා ඝාතනය කරන්නට ඇතැයි පොලීසියද සැක පහළ කරයි. වයස අවුරුදු පනස් නවයක් වන හිමිනමගේ සිරුර සොයාගැනීම සමග මීට දින දෙකකට පෙර උන්වහන්සේ මියයන්නට ඇතැයිද පොලීසිය විශ්වාස කරයි.

    මරණය සම්බන්ධයෙන් ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලා 13 නමකගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අමතරව මෙම භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතය සඳහා වැඩමකළ නිවෙස් හිමියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එසේම ඝාතනයට ලක්වූ හිමියන්ගේ ජංගම දුරකතනයට ලැබුණු හා උන්වහන්සේ ලබාගත් දුරකතන ඇමතුම් ඔස්සේද පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව දැනගන්නට තිබේ.

    මේ අතර දැනගැනීමට ලැබෙන කාරණාවක් තිබේ. පරිසරයට දැඩිව ඇලුම් කරන නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන් ආරණ්‍ය තුළ සිදු කෙරෙන නව ඉදිකිරීම්වලට අකමැති බව වරින් වර ප්‍රකාශ කර තිබිණි. මේ අතර පොල්ගස්දූව දක්වා පාලමක් ඉදිකිරීමට හික්කඩුව නගර සභාව උත්සාහ කොට ඇත. වසර ගණනාවක් තිස්සේ ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීමක් වන එයට ආරණ්‍ය සේනාසනයේ හිමිවරුන් අකමැත්ත ප්‍රකාශ කොට ඇතැයිද දැනගන්නට තිබේ. ඊට හේතුව භාවනා කරන සේනාසනයට අනවශ්‍ය ශබ්ද ඇතුළු වී භාවනා කටයුතු අඩපණ වනු ඇතැයි අදහසක් පැවතීමය. අනෙක පරිසරයට සිදුවන බලපෑමය. මේ ගැටලුව නිසා ජනතාව ඒකරාශී වී පැවැත්වූ උද්ඝෝෂණ ගැනද වාර්තාවිය. එයින් ඇතැමුන්ගේ හිතේ වෛරයක් වූ බවද කියැවේ. මේ හේතු කාරණා අනුව නෙදර්ලන්ත සුදු හාමුදුරුවන්ගේ ඝාතනය පසුපස පවතින්නේ බරපතළ සැක සංකා රාශියකි.

    ඝාතනයට ලක්වූ ස්වාමින් වහන්සේගේ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් 09 වැනිදා පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ පවත්වා ඇත. ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ජානකී වරුෂවිතාන මහත්මියද එම ස්ථානයට පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ මූලික කටයුතු සිදුකර තිබිණ. ඒ අනුව ඝාතනය කර රත්ගම කලපුවට දමා ඇතැයි සැකකරන නෙදර්ලන්ත ජාතික හිමිනමගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් 10 වැනිදා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වූ අතර එහිදී විවෘත තීන්දුවක් ලබාදී තිබිණ.

    දකුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් සිල්වා මහතා විසින් මෙම ඝාතනයේ සුලමුල සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙයින් එක් කණ්ඩායමක් රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා යටතේත් තවත් කණ්ඩායමක් ගාල්ල කොට්ඨාශ භාර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා යටතේත් තෙවැනි කණ්ඩායම අපරාධ පරීක්ෂෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසිනුත් සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පති රොෂාන් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    සමන්ත ප්‍රදීප් විල්තෙර
    පසුබිම් වාර්තා සහ සේයාරූ – කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

    https://mawurata.lk/archives/4833
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    දක්ශ පිහ්පිහිනුම් ශූරයෙක් නිසා.අන්තිම මොහොතෙ හරි බේරෙයි කියලා හිතලා.suicide කරගන්න කලින් ගලක් ගැටගහගෙන පැන්නද වෙන්න පුලිවන්ද?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    .........."මේ අතර දැනගැනීමට ලැබෙන කාරණාවක් තිබේ. පරිසරයට දැඩිව ඇලුම් කරන නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන් ආරණ්‍ය තුළ සිදු කෙරෙන නව ඉදිකිරීම්වලට අකමැති බව වරින් වර ප්‍රකාශ කර තිබිණි. මේ අතර පොල්ගස්දූව දක්වා පාලමක් ඉදිකිරීමට හික්කඩුව නගර සභාව උත්සාහ කොට ඇත. වසර ගණනාවක් තිස්සේ ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීමක් වන එයට ආරණ්‍ය සේනාසනයේ හිමිවරුන් අකමැත්ත ප්‍රකාශ කොට ඇතැයිද දැනගන්නට තිබේ. ඊට හේතුව භාවනා කරන සේනාසනයට අනවශ්‍ය ශබ්ද ඇතුළු වී භාවනා කටයුතු අඩපණ වනු ඇතැයි අදහසක් පැවතීමය. අනෙක පරිසරයට සිදුවන බලපෑමය. මේ ගැටලුව නිසා ජනතාව ඒකරාශී වී පැවැත්වූ උද්ඝෝෂණ ගැනද වාර්තාවිය. එයින් ඇතැමුන්ගේ හිතේ වෛරයක් වූ බවද කියැවේ. මේ හේතු කාරණා අනුව නෙදර්ලන්ත සුදු හාමුදුරුවන්ගේ ඝාතනය පසුපස පවතින්නේ බරපතළ සැක සංකා රාශියකි".............


    අනේ මේ කළ පව් නුබලා කවර දා නම් ගෙවා දමාවිද...... ?
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    .........."මේ අතර දැනගැනීමට ලැබෙන කාරණාවක් තිබේ. පරිසරයට දැඩිව ඇලුම් කරන නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන් ආරණ්‍ය තුළ සිදු කෙරෙන නව ඉදිකිරීම්වලට අකමැති බව වරින් වර ප්‍රකාශ කර තිබිණි. මේ අතර පොල්ගස්දූව දක්වා පාලමක් ඉදිකිරීමට හික්කඩුව නගර සභාව උත්සාහ කොට ඇත. වසර ගණනාවක් තිස්සේ ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීමක් වන එයට ආරණ්‍ය සේනාසනයේ හිමිවරුන් අකමැත්ත ප්‍රකාශ කොට ඇතැයිද දැනගන්නට තිබේ. ඊට හේතුව භාවනා කරන සේනාසනයට අනවශ්‍ය ශබ්ද ඇතුළු වී භාවනා කටයුතු අඩපණ වනු ඇතැයි අදහසක් පැවතීමය. අනෙක පරිසරයට සිදුවන බලපෑමය. මේ ගැටලුව නිසා ජනතාව ඒකරාශී වී පැවැත්වූ උද්ඝෝෂණ ගැනද වාර්තාවිය. එයින් ඇතැමුන්ගේ හිතේ වෛරයක් වූ බවද කියැවේ. මේ හේතු කාරණා අනුව නෙදර්ලන්ත සුදු හාමුදුරුවන්ගේ ඝාතනය පසුපස පවතින්නේ බරපතළ සැක සංකා රාශියකි".............


    අනේ මේ කළ පව් නුබලා කවර දා නම් ගෙවා දමාවිද...... ?
    :eek::eek:
     
    • Like
    Reactions: dxx and NRTG

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    සියලු දේම අත ඇරල විශේෂයෙන්ම නෙදර්ලන්තය වගේ රටක් අත ඇරල ආපු කෙනෙක්ට සියදිවි නසාගන්න තරම් ප්‍රශ්න තියෙන්න විදියක් නෑනෙ
    උන් වහන්සේ විනය පිටකය කට පාඩමින් කියන්න පුලුවන්ලු එහෙම කෙනෙක්ජීවිත් අවුරුදු 10 ධර්මයේ හිටපු කෙනෙක් සියදිවි නසාගනියිද?
    මේ අපවත්වීමත් එක්ක ආරණ්‍ය ප්‍රධාන උන්නාන්සෙල දාපු මාධ්‍ය නිවේදන දැක්කා එක්තරා පක්ෂෙක එහෙයියො තමයි ඒව promote කර කර හිටියෙත්
    ගැමියො විරුද්ධනම් මෙ හාමුදුරුවන්ට පිණ්ඩපාතෙ හම්බෙන්නෙ කොයින්ද
    මාලු බෝට්ටු කාරයො ආදාහනේට යන අයට යන්න බෝට්ටු දුන්නෙ නෑ කියලනම් දැක්ක
    මේක සියදිවි නසා ගැනීමක් කියලා සමාජගත කරන්න පිරිසකට ලොකු උවමනාවක් තියෙනව කියලානම් පේනවා

    කකුල් බැඳල තිබුනු වයර් සහ ගල් කොහෙන්ද හොයාගත්තෙ කියල තොරතුරු එයිනෙ ඉස්සරහට
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    කෙනෙක් තමන්ම ගැටගහගන්න විදිහයි වෙන කෙනෙක් ගැට ගහන විදිහයි වෙනස්. ගැට වල තද කම වගේ ඒවලින් වෙන කෙනෙක් කලාද තමුන්ම කරගත්තද කියලා කියන්ඩ පුලුවනි.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මේක සියදිවි නසා ගත්තා කියන එක එක සැකයක් විතරයි. මොකද වතුරට වැටෙනකොට පණපිටින් ඉදලා කියල. postmortem එකේදි හොයාගෙන තියෙනවා.
    සමහර විට ගල් ගැටගහලා වෙන කට්ටියක් තල්ලු කරන්නත් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: dxx

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    සියලු දේම අත ඇරල විශේෂයෙන්ම නෙදර්ලන්තය වගේ රටක් අත ඇරල ආපු කෙනෙක්ට සියදිවි නසාගන්න තරම් ප්‍රශ්න තියෙන්න විදියක් නෑනෙ
    උන් වහන්සේ විනය පිටකය කට පාඩමින් කියන්න පුලුවන්ලු එහෙම කෙනෙක්ජීවිත් අවුරුදු 10 ධර්මයේ හිටපු කෙනෙක් සියදිවි නසාගනියිද?
    මේ අපවත්වීමත් එක්ක ආරණ්‍ය ප්‍රධාන උන්නාන්සෙල දාපු මාධ්‍ය නිවේදන දැක්කා එක්තරා පක්ෂෙක එහෙයියො තමයි ඒව promote කර කර හිටියෙත්
    ගැමියො විරුද්ධනම් මෙ හාමුදුරුවන්ට පිණ්ඩපාතෙ හම්බෙන්නෙ කොයින්ද
    මාලු බෝට්ටු කාරයො ආදාහනේට යන අයට යන්න බෝට්ටු දුන්නෙ නෑ කියලනම් දැක්ක
    මේක සියදිවි නසා ගැනීමක් කියලා සමාජගත කරන්න පිරිසකට ලොකු උවමනාවක් තියෙනව කියලානම් පේනවා

    කකුල් බැඳල තිබුනු වයර් සහ ගල් කොහෙන්ද හොයාගත්තෙ කියල තොරතුරු එයිනෙ ඉස්සරහට

    Uththara denna baruwa hirawena prashna ahala ubath athurudahan wenna hadanne.
     
    • Like
    Reactions: NRTG and dxx

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    පාලම හදන එකෙන් ගානක් කඩා ගන්න බලාගෙන ඉන්න එකෙක්ගේ වැඩක් වෙන්න බැරිද?

    ඔය පාලම හදන එකෙන් එන්න පුලුවන් වෙන්නේ ආරණ්‍යයට විතරද? ඔය ප්‍රදේශයේ ගම්මුත් ඉන්නවද? එපා කියන පාලමක් බලෙන් හදන්න යන වෙලේ පාලමක් ඉල්ලන පැත්තක ඕක හැදුවනම් නරකද?
     
    • Sad
    • Like
    Reactions: NRTG and dxx