නුවර මාලිගාව ලග ඉදන් නෙල්ලිගලට යන්න පුලුවන් ලේසිම ගමන් මාර්ගය...හා ක්රමය කුමක්ද ( බස් අංකත් ඕනේ)......ගත වෙන කාලයත් ඕනේ
කොහොමත් බස් දෙකක යන්න ඕනි.
පාරවල් 2ක් තියෙනව.
1.) අලදෙනිය පාර - නුවර clock tower එක ගාවින් bus එකට නගින්න පුළුවන්. හෑදෙණිය, අලදෙනිය, ගලගෙදර කියන bus වල යන්න පුළුවන් කුරුණෑගල ඒවගෙ යනත් පුළුවන් ළඟට හින්ද උං අකමැති නගිනවට. ( නො වැඩක් නෑ කොහොමත් ඒ පාරෙමයි යන්නෙ). ඊට පස්සේ අලදෙනිය ටවුන් එකෙන් බැහැල මුරුතලාව බස් එකක යන්න ඕනි නෙල්ලිගල පන්සල ගාවින් බස්සන්න කිව්වනම් උන් බස්සයි.එතැන ඉඳන් ටිකක් දුර පයින් යන්න වෙනව බං 1km විතර. 45/50 minutes විතර යයි බන්.
2.) ගන්නොරුව පාර - මාලිගාවගාව ඉඳන් ගුඩ්ෂෙඩ් එකට යන්න. ( ගොඩක් ctb ගුඩ්ෂෙඩ් යනව ඕවා මාලිගාව ගාව නවත්තනව pizza hut එක ගාව හෝල්ට් එකෙන් bus එකකට නගින්න විනාඩි යෙන් ගුඩ්ෂෙඩ් එකේ.) එතනින් මුරුතලාව bus එකක නගින්න ඒකේ මුරුතලාවටම යන්න. මුරුතලාවෙන් අලදෙනියක නගින්න නෙල්ලිගල පන්සල ගාවින් බස්සන්න කියන්න. මේ පාරෙ පැය 1k වගේ යයි. හැබැයි මේකෙ ගියොත් පැටලෙන්න තියෙන ඉඩ අඩුයි.
ප්‍රශ්නයක් තියෙනවා නම් අහපන් මගෙ විස්තරේ පැහැදිලි නැතුව ඇති.