නෙල්ලි වලින් රසවත් බීමක් හදමුද?

Sir Galahad

Active member
  • Nov 8, 2022
    110
    78
    28
    31-Amazing-Benefits-Of-Amla-Juice-For-Skin-Hair-And-Health2.jpg

    රස්නෙ දවසකට නැවුම් පලතුරු බීම වීදුරුවක් තිබෙනවා නම් කදිමයි නේද? කුඩා තරුණ මහලු කොයි කාටත් වයස් භේදයකින් තොරව පානය කළ හැකි රස ගුණ සපිරි නෙල්ලි පානයක් මෙන්න මේ විදිහට හදල බලමු.
    අවශ්‍ය ද්‍රව්‍ය:
    • හොදින් පැසුණු නෙල්ලි ග්‍රෑම් 150
    • කස ඇට තේ හැදි 02
    • දෙහි යුෂ තේ හැදි 02
    • වතුර ලීටර් 1. 5
    • අවශ්‍ය ප්‍රමාණයට සීනි සහ ලුණු
    • අයිස් කැට (කැමති නම්)

    සාදා ගන්නා ආකාරය
    කස ඇට වලට වතුර ටිකක් එකතු කර පසෙකින් තබන්න. නෙල්ලි ගෙඩි ටික හොඳින් සෝදා පිරිසිදු කර කුඩා කැබලි වලට කපා බ්ලෙන්ඩරයට දමා එයට වතුර ටිකෙන් ටික එක්කර අඹරා ගන්න. ඉන් පසුව භාජනයකට වතුර දමා එයට අඹරා ගත් නෙල්ලි යුෂ දමා අවශ්‍ය ප්‍රමාණයට සීනි සහ ලුණු රසය අනුව එක්කර කලවම් කර පෙරා ගන්න. පිළිගැනවීමට පෙර වතුර පෙරාගත් දෙහි යුෂ, කස ඇට සහ අයිස් කැට එක්කර ගන්න. අවශ්‍ය නම් ශීතකරණයේ තබන්න. මෙම ප්‍රමණය දස දෙනෙකුට පමණ ප්‍රමාණවත් වේ.
    වැනිලා අයිස් ක්‍රීම් හෝ විපිං ක්‍රීම් ස්වල්පයක් සමඟින් පිළිගනවන්නත් පුළුවන්. නෙල්ලි කන්න අකමැති අයත් අනිවාර්යයයෙන්ම රස කර කර මෙම රසවත් ‘නෙල්ලි බීම’ පානය කරනවා නිසැකයි.


    නෙල්ලිවල ඖෂධ ගුණ
    අමු නෙල්ලි තලා හෝ කැබලි වලට කපා රාත්‍රියේ වතුරට දමා උදෑසන බීමෙන් සම ලස්සන වේ.

    නෙල්ලිවල ඇති රක්ත ශෝධන (ලේ පිරිසිදුකිරීම) නිසාම ලප කැලැල් මැකී ලස්සන රුවක් ඇතිකරයි.

    නෙල්ලි තම්බා එම යුෂ පානය කිරීමෙන් විදුරුමස් දියවීම, ලේ ගැලීම, දත් බුරුල් වීම ආදී රෝග වලකන අතර මුඛයේ හටගන්නා තුවාල, ලේ අඩුකම ආදියද වලකයි.

    අමු නෙල්ලි නිතර කැමට ගැනීමෙන් ඇස්වල දීප්තිය ඇතිවේ. දිනපතා වැසිකිලි නොයන අයට නෙල්ලි තැම්බූ වතුර බීමෙන් මලබද්ධය තුරන්වේ.

    නෙල්ලි තැම්බූ වතුරින් හිස සේදීමෙන් හිසකෙස් වැටීම වලකන අතර හිසකෙස් වලට දීප්තියක් ලබාදේ. හිසකෙස් වර්ධනය කරයි.

    අකලට හිසකෙස් සුදුවන අය නෙල්ලි තම්බා හිස සේදීමෙන් හිස කෙස්වල සුදු පැහැය වලක්වන අතර, සුදු වූ හිස කෙස් දුර්වර්ණ වී යයි. එම නිසා හිස කෙසේ සුදු වන අයට නෙල්ලි අපූරු ගුණ දෙන ඖෂධයකි.

    නෙල්ලි ශීත ගුණයෙන් යුක්ත වන අතර දාහය (දැවිල්ල) සමනය කිරීමේ හැකියාවද පවසයි. නෙල්ලි වා පිත් සෙම් යන ත්‍රිදෝෂය නසන නිසා බෙහෝ රෝග වලින් රෝගියා මුදවාලීමේ ශක්තියක් පවතී.


    නෙල්ලි යුෂ අහිතකර වන අවස්ථා
    නිතර අම්ල පිත්ත (ගැස්ටයිටීස්) රෝගීන්ට නෙල්ලි අගුන විය හැකිය. එයට හේතුව නෙල්ලි ඇඹුල් රසයෙන් යුක්ත නිසාය.


    නෙල්ලිවල අඩංගු දෑ
    විටමින් ඛ් අධිකව පවතින අතර, විටමින් B1, විටමින් B2, කැල්සියම්, පොස්පරස්, ඛනිජ ලවණ අඩංගු වේ. මේ ආකාරයට ඔබ දැනුවත්වී ගන්නා බීම වර්ග වල රසගුණ පානය කිරීමෙන් සිත නිරවුල් වී ගත සුවපත් වේ.