නෙළුම් කොළේ බත්...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,739
    7,937
    113
    මෙන්න මෙතන...
    නෙළුම් කොළේ බත්...

    ඇසි දිසි මානය
    නෙළුම් කොළේ බත්​

    මග තොටේ සංචාරය කරන කල නෙළුම් කොළේ බත්, කෙසෙල් කොළේ බත්, ගමේ විදියට කෑම, පොල් අතු බත් කඩේ ආදී ලොකු පුවරු ගැසූ කඩවල් නොහොත් ආපන ශාලා දක්‌නට ලැබේ.

    නෙළුම් කොළේ, කෙසෙල් කොළේ, පොල්අතු බත් කඩේ අඬගසන්නේ අපේ අතීත කාමයටයි. මේ අඬගසන්නේ පැරැණි දෙයෙහි රසය සුවඳ, ආශ්වාදය කරන්නට කැමැති අයටය.

    ගමක ගෙදරක ඉදෙන බත රසය. කිරි හොද්ද ඉතාම රසය. ලුණු මිරිස කට සැරය. අදටත් අපි ගැමි බතෙහි රස සිහිකරමින් තළු මරන්නේ එබැවිනි.

    දැන් වැඩි දෙනෙක්‌ සිටින්නේ නගරවලය. එදා ගැමියන් වූ අය අද කොළඹ තදාසන්නයේ පර්චස්‌ පහක්‌ මිලට ගෙන තට්‌ටු දෙකට ගෙයක්‌ හදා ගත් නාගරිකයෝ වෙති.

    නෙළුම් කොළේ, පොල්අතු බත් කඩේ අත වනන්නේ එලෙස නාගරික වූ ගැමියාටය. ඔහු සිතින් ගමට යනු පිණිස ගැමි බතෙහි රස විඳිනු පිණිස නගරයේ පොල් අතු බත් කඩේට ගොඩවදී.

    පොල්අතු බත් කඩේ පොල් අතු සෙවිලි කොට තිබෙන්නේ පියස්‌සේ පමණි. මුළු ආපන ශාලාවම නවීකරණයෙන් අලංකෘතය මේස, පුටු, විදුලිපංකා, විදුලි බුබුළු පමණක්‌ නොව කෑම බඳුන් පවා නවීනය.

    නෙළුම් කොළේ බත් කඩේට ගියද තත්ත්වය එබඳුය. වෙනසකට තිබෙන්නේ පිඟානක්‌ වෙනුවට නෙළුම් කොළයක්‌ තැබීම පමණි. නිවැරැදි දේශීය ගැමි ආහාර වේලක්‌ නම් නෙළුම් කොළයට බෙදිය යුත්තේ හීනටි හාලේ බතුත්, කිරි හොද්දක්‌, කොස්‌ ඇට බැදුමක්‌, කරවල කෑල්ලක්‌, පලාකොළ මිටක්‌ ආදී දේය. එහෙත් බෙදෙන්නේ ගෝවා, බීට්‌ රූට්‌, ලීක්‌ස්‌, කැරට්‌, කුකුළු මස්‌, පපඩම්ය. අතීත කාමය සොයා දේශීය ආහාර වේලකට ගිය ගැමියාට ලැබෙන ආහාර වේල එබඳුය.

    ඒ නෙළුම් කොළේ බෙදෙන අර්තාපල් ඉන්දියාවෙන්ය. රට ලූනු, රතු ලූනු, සුදු ලූනු ටිකද ඉන්දියාවේය. පරිප්පු ටික පකිස්‌තානයෙනි. පැපොල් ගෙඩිය තායිලන්ත දෙමුහුන් පැපොල්ය. තක්‌කාලි මලයාසියාවෙනි.

    සැබවින්ම දේශීය ආහාර වේල යන්න තුළ අප ගිලී සිටින්නේ මිත්‍යාවකය. හට්‌ටි මුට්‌ටි, වළං, පොල් කටු ඇඳි දේශීය බව ඇත්තය. එහෙත් එහි ඉදෙන බත, එළවළු සියයට සියයක්‌ දේශීය නොවේ.

    අද ඉහළම පෙළේ හෝටලයක පවත්නා මංගල්‍යයකදී මනාලිය සැරසී සිටින්නේ ඔසරියෙනි. මනාලයා ජාතික ඇඳුම් ඇඳ සිටී. ඒ දේශීය බව පෙන්නුම් කරනු රිසියෙනි. එහෙත් මංගල භෝජන සංග්‍රහයේදී දක්‌නට ලැබෙන්නේ විවිධ ආකාරයෙන් සකසනු ලැබූ මස්‌ මාංශය. මේස අරා සිටින්නේ විස්‌කි සහ බ්‍රැන්ඩිය. මනාලිය මධු සමයට පිටත්වනු පිණිස ඊළඟට සභාවට සැපත් වන්නේ නවීන පන්නයේ බටහිර ගවුමකිනි. මනාලයා එසැණින් කලිසම් කබාවලට බැස සිටී. මේ මොහොතකට පෙර දේශීය ලාංඡනයෙන් සැරසී සිටි අයමය.

    නෙළුම් කොළේ බත හෝ පොල් අතු කඩේ සහ මේ මංගල්‍යය අතර වෙනසක්‌ නැත. සත්‍ය කරුණ නම් දේශීය යන්නක්‌ සොයා ගත නොහැකි වීමය.

    පෘතුගීසීන් එන්නට පෙර සිටමත් අප දේශීය කොදෙව්වක්‌ නොවේ. විවිධ ජාතීන් විවිධ සංස්‌කෘතීන් සමඟ අනාදිමත් කාලයක්‌ තිස්‌සේ අපි වෙලෙමින් බැඳෙමින් සිටින්නෝ වෙමු. අපට අප සියයට සියයක්‌ අමිශ්‍ර සිංහලයෝ වෙමු යෑයි උදම් විය නොහැක. ශුද්ධ වූ සිංහල සංස්‌කෘතියකුයි කියමින් අප ඔසවා ගෙන යන්නේ අනාදිමත් කාලයක්‌ තිස්‌සේ මිශ්‍ර වෙමින් පැවත ආ කලවම් සංස්‌කෘතියකි.

    අපේ සංස්‌කෘතිය සියයට සියයක්‌ අමිශ්‍ර ශුද්ධ වූ එකක්‌ වී නම් නෙළුම් කොළේ බතට කැරට්‌ බීට්‌රූට්‌ රාබු පපඩම් හරක්‌ මස්‌ එකතු වන්නට විදියක්‌ නැත.

    එබැවින් අතීත කාමයෙහි ගිලෙනු රිසියෙන් ගැමි බත සොයා නෙළුම් කොළේ බත් කඩේට පිවිසීම සිත රවටා ගැනීමක්‌ පමණක්‌ වනු ඇත. පොල් අතු පියසි, කෙසෙල් කොළය මැටි හැළි වළං පොල් කටු හැඳි මිස ගැමි දේශීය බත එහි නැත. අඩු තරමින් කිරි හොද්දකින් ලුණු මිරිසකින්වත් ඒ බත ගැමි බතට ළං නොවේ.

    එහෙත් ඉවත දැමිය නොහැකි කරුණක්‌ තිබේ. නෙළුම් කොළය යනු ඉතාම පිරිසිදු බඳුනකි. පිඟානකට වඩා නෙළුම් කොළය, කෙසෙල් කොළය පවිත්‍රය. ඒ නිසා නෙළුම් කොළයේ කෑම යහපති. ඒ ප්‍රියතාවය පිඟානෙන් ලද නොහැක. අනිත් අතට කා හමාර කොට නෙළුම් කොළය ඉවතට විසිකළ විට පොළොවට දිරාපත්වී යයි. පොලිතීන් මිශ්‍රිත කෑම දවටනය කිසිදාක දිරාපත් නොවේ. එය පොළොවට තවත් අපද්‍රව්‍යයක්‌ භාරදීමක්‌ පමණි.

    චන්ද්‍රසිරි දොඩන්ගොඩ​

    හිතන්න දෙයක් තියෙනවා බන්..:oo::oo::oo:
     
    • Like
    Reactions: Elysium

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    අද ඉහළම පෙළේ හෝටලයක පවත්නා මංගල්‍යයකදී මනාලිය සැරසී සිටින්නේ ඔසරියෙනි. මනාලයා ජාතික ඇඳුම් ඇඳ සිටී. ඒ දේශීය බව පෙන්නුම් කරනු රිසියෙනි. එහෙත් මංගල භෝජන සංග්‍රහයේදී දක්‌නට ලැබෙන්නේ විවිධ ආකාරයෙන් සකසනු ලැබූ මස්‌ මාංශය. මේස අරා සිටින්නේ විස්‌කි සහ බ්‍රැන්ඩිය. මනාලිය මධු සමයට පිටත්වනු පිණිස ඊළඟට සභාවට සැපත් වන්නේ නවීන පන්නයේ බටහිර ගවුමකිනි. මනාලයා එසැණින් කලිසම් කබාවලට බැස සිටී. මේ මොහොතකට පෙර දේශීය ලාංඡනයෙන් සැරසී සිටි අයමය.

    i Agree to this.......
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මොන නෙලුම් කොලද බං, ඔය නෙලුම් කොලේ බත් කියල බෝඩ් එක ගහගෙන ඉන්න උන් වැඩිහරියක් බත් බෙදල දෙන්නේ "තායි ඕලු කොළ" වලට. එතනත් බොරුව.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    අනිත් අතට කා හමාර කොට නෙළුම් කොළය ඉවතට විසිකළ විට පොළොවට දිරාපත්වී යයි. පොලිතීන් මිශ්‍රිත කෑම දවටනය කිසිදාක දිරාපත් නොවේ. එය පොළොවට තවත් අපද්‍රව්‍යයක්‌ භාරදීමක්‌ පමණි.

    අවධානය යොමු කළ යුතු දෙයක්