නොකියූ රහසක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොවම දන්නා ඔබ නොදන්නා...
    තවම ඔබ හට නොකියු රහසක්....
    තියේ හද කොන පිබිද එන්නට...
    මගේ අවසර වරය පතමින්.....

    මිතුරු ඇසුරින් ලංවෙලා මට...
    අතීතයෙ දුර ඈත දිනයක...
    එක්ව වැඩකල දවස් මතකද...
    තවම එදිනට සිතින් යමි මම...

    වසන්තයෙ සුන්දරම දවසක..
    පිපී හිනැහෙන කුසුම විලසට....
    කිදා බසිමින් හදේ ගැඹුරට...
    හිතේ සැනසුම නැති කලා ඔබ....

    පහස ලබනෙද වෙනත් ඇසුරක...
    දහස් සිතුවිලි නගයි මගෙ සිත...
    අහස් කුස පිට ලියා අදහස....
    බලා ගන්නට තියන්නද මම......

    රෑට පායන තාරුකා කැළ....
    දිලිසෙමින් කියු රහස දුටුවද...
    ආදරේ මගෙ ඉතිරෙනා හද.....
    තරුද පරදයි ඔබ නොදන්නෙද....

    නිතර හමුවී කථා කෙරුවත්...
    සිනාවෙන් නිල් දෑසෙ බැදුනත්..
    දිනෙන් දින මට මග හැරී යන...
    රහස කියනට තවම අසමත්.....

    8046.gif