ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක්. කියන්න බැරි තරම් ඉක්මනට වෙනස් වෙලා යනවා. මේ දැන් සිදුවුන දෙයක් අතීතය හා එක්වෙන්නේ හිතාගන්න බැරි තරමේ වේගයකින්. දැන් ගතකරන තත්පර කිහිපය කියන්නේ තවත් මොහොතකින් අතීතයට අයිති දෙයක්. ජීවිතය හිතාගන්න බැරි විධියට වෙනස් වුනත් මතක අනාගතයට ඇදෙනවා. ඒ මතකයන් එක්ක අපි ජීවත් වෙනවා. අතීතයේ මිහිරියාවත්, කටුකත්වයත් රැදෙන්නේ අපේ මතකයන් එක්ක. මිහිරි මතකයන් අපිට ලස්සන අතීතයක උරුමයත්, කටුක මතක දුක්බර අතීතයකුත් අපිට ගේනවා.
මේ මගේ කතාව.මගේ ජීවිතය. හැමතැනකම, හැම කෙනෙකුගෙන්ම මම මගේ කතාව දකින්න දැගලුවා. ඒත් ඒ එක්කෙනෙක් ලගවත් මෙහෙම කතාවක් තිබුනේ නෑ. අඩුම ගානේ ටිකක් හරි සමාන කතාවක්වත් තිබුන නම්... ඉතින් මම හිතුවා කවදා හරි තවත් මම වගේ කෙනෙක් මම වගේ එයාගේ කතාවත් අතීතයෙන් හොයයි කියලා. ඉතින් ජීවිතේ මුල ඉදලම ලියන්න පටන් ගත්තා. කවද හරි, කවුරු හරි, මගේ මේ නොකී කතාව කියවයි. එදාට මම මේ ගත්ත උත්සාහය ගැන මටම සතුටු වෙන්න පුළුවන් වෙයි. කොහේ හරි ඉදලා මම ඒ ගැන සතුටු වෙයි. කතාව ගලපන්න ලොකු උත්සාහයක් ගත්තා. අඩුපාඩු ගොඩක් ඇති. ඒ ගැන සමාව ඉල්ලනවා මුලින්ම. අන්තිම වෙනකං කියවලා අදහසක් දෙන්න.
මේ දවස් ටිකේ මට ගොඩක් ප්‍රශ්න. හිතාගන්න බැරි විධියට එකෙන් එක ප්‍රශ්න එන්න පටන් ගෙන. කවදාවත් නැති තරමට. ඒත් මට මේක නුහුරු ජීවිතයක් නෙවෙයි. මෙහෙම අවස්ථාවක් ජීවිතේ මීට කලින් එක අවස්ථාවකදී මුණ ගැහුනා. ඒත් ඒ වෙලාවේ මෙච්චර හිත දුක් වින්දේ නෑ. ඇත්තටම ඒ වෙලාවේ හිතට දුකක් දැනෙන්න මම ඉඩ දුන්නේ නෑ. ඇත්ත ඒකයි.
මේ දවස් ටිකේ මොනවද මේ වෙන්නේ කියලා හිතන ගමන් ඇස් දෙක පියාගත්තේ බොහොම අමාරුවෙන්. ඇස් පියවෙන්නෙත් නෑ වගේ. පුදුම වේදනාවක්. දවස් කීපයක් හරියට නින්ද නැති මට මෙහෙම වේදනාවක් බලාපොරොත්තු වෙන්න වෙනවනේ. ඒ විතරක් නෙවෙයිනේ. කීප දවසක්ම හරි හැටි කෑමක්වත් නෑනේ. මොනව කරන්නද.. අද රෑටත් තේ කෝප්පයක් විතරයි. කෑම කන්න ඕන කියලවත් හිතුනේ නෑ ගෙවුනු දවස් ටිකේ.
කොච්චර ලස්සන ජීවිතයක් හීන මැව්වද මමත් ඒ කාලේ. හිමීට ඇස් පියාගෙන ඒ මැව්ව අතීතය සිහිකරගත්තා. ඒත් හිත හිතුවටත් වඩා අතීතයකට ඇදිලා ගියා. දන්නෙම නැතුව... ජීවිතයේ මුලටම ගියා. මුලටම...

_-_-**-_-_