මට හැඟුණ ඔය ලිපිය මේ කොල්ල ගෙ නෙවෙයි කියල. පස්සෙ, මම විපරම් කෙරුව. කොහොමින් හරි, වටේ ගොහින් හොයා ගත්ත.
මේ කොල්ල ඔය ලිපිය චතුරංග ලක්මාල් රත්නායක ගෙ ලට්ට ලොට්ට කාමරයෙන් උස්සන් ඇවිදින් එළකිරිය ට දාල. ගෙඩි පිටින් ම උස්සාපු හින්ද අහවල් පින්තූර ඇහිඳින්න සිහි නැති වෙලා.
එහෙනං, දැන් කවුරු කවුරුත් ඔය සන්ධියෙන් ගොහින් අහවල් ලිපිය බැලුව නං... http://lattalottaroom.blogspot.com/p/blog-page.html.
එළකිරිය ට තමන් ගෙ ලිපියක් දාන්න බැරි නං, අනුන් ගෙ ලිපියක් හරි දැම්ම ට කාරි නෑ කොල්ලො. හැබැයි, එහෙමයි කියල, අනුන් ගෙ ලිපි තමන් ගෙ හැටියට දාන්න කැතයි නෙව.
ඒ හින්ද කොල්ලො, මත්තට අනුන් ගෙ ලිපි එළකිරිය ට දානව නං, ලිපිය උස්සන්න යෙදුණෙ අහවල් ජාල අඩවියෙන් යන්න සැල කොරල, අහවලා ට නම්බු තියනව හොඳා...![]()
මම මේ ත්‍රෙඩ් එක දාපු බුවාගේ පසුබිම පරික්ෂා කළා
බුවා මාර්කට් පාරකුත් දාල වෙන උන්ගේ ප්‍රොඩක්ට්
ජරා වැඩක් කරලා තියෙන්නේ
වෙන අයගේ ඒවා ගෙඩි පිටිං උස්සල දාන්නේ
එකයි පොරට අහන ප්‍රශ්න වලට උත්තර නැත්තේ




