මචෝ, large-scale: aviation, telecommunication, Power, Data-networking වගෙ mission critical projectsවල Zero (0) downtime කියන්නෙ ඒවා ඇතුලත තියන උපකරන ක්‍රියාවිරහිත නොකරන එක නෙමෙයි!!!!!
මුලු පද්දතියම විදිහට ගත්තහම එයින් බාහිරට ලබාදෙන Output එකෙන් අඩුමතරමෙ 70% වත් බැකප්-ප්ලෑන් මගින් අලුත්වැඩියා කලයතුල බාහිරට ලබාදෙමින් අලුත් වැඩියාව කරගන යෑමයි (Preserving the continuity of production).

උදා: නොරොච්චොලෙ බලාගාරයේ සිද්දිය ගතහොත් අලුත්වැඩියා සදහා එහි බොයිලේරු, ටර්බයින offකලයුතුයි ! නමුත් නොරොච්චොලෙ බලාගාරය තනි පද්දතියක් විදිහට ගතහොත් එයින් විදුලිබල පද්දතියට ලැබෙන ප්‍රමානයෙන් 70% වත් අලුත් වැඩියව කරන කාලයතුල ලබාදෙන ක්‍රමයක් තිබිය යුතුයි..
හැබැයි මේ මාස 2න් 2ට කරන අලුත්වැඩියනම් කොහොමවත් පිලිගන්න බෑ!!! 

මේ කාලකන්නි දේසපාලනය අපිවිතරක් නෙමෙයි අපේ ඉපදෙන්න ඉන්න ලමයින්වත් දැන්මම ගොනාට අන්දල...!
මොනව උනත් උබගෙ පැහැදිලි කිරිමනම් නියමයි...!
තරහ ගන්න එපා මචං, උඹ කියන theory එක aviation, telecommunication, Data-networking වලට හරි ඇති. හැබැයි Power Sector එකේදි system එක විදියට ගන්න වෙන්නෙ මුළු ලංකාවෙම power system network එක.
එහෙම ගත්තොත් ඕක zero downtime තමයි. මොකද ලංකාවෙ කොහාටවත් ලයිට් කපල නැහැනෙ. Power System එකක backup capacity එක තියගන්නෙ average daily demand එකෙන් 30% ක් විතර තියෙන්න වැඩිපුර power plants තියාගෙන.
අනිත් එක මචං තාම grid එකට connect කරල තියෙන්නෙ එක unit එකයිනෙ. ඉතින් ඕකට තියෙන්නෙ එක boiler එකයි එක generator එකයි ඒකට හයිකරපු stages කිහිපයක් තියෙන steam turbine එකයි. Boiler feed pumps වගේ උපකරණ වලට නම් redundancy වලට වැඩිපුර එකක් තියෙනවා. එතකොට එකක් කැඩුණත් plant එක shut down කරන්න වෙන්නෙ නෑ. ඉතින් ඒ නිසා annual maintenance එකකදි එකේ downtime එක නවත්තන්න කවදාවත් බෑ. ඉතිරි unit දෙකත් ගහපු දවසක නම් annual maintenance එකකදි 66.7% (2/3) availability එකක් තියගන්න පුළුවන්.
ඒ වුණත් මචං ලෝකෙ වෙන රටවල එක power plant එකක් කියන්නෙ මුළු ලංකාවෙම demand එකට වඩා වැඩියි. ( උදාහරණයක් විදියට චීනෙම තියෙන Three Gorges Hydro Power Plant එකේ එක 22.5 GW . ඒ කියන්නෙ ලංකාවෙ demand එක වගේ 11 ගුණයකටත් වැඩියි.) ඉතින් ඒ වගේ plants වල unit ගොඩක් තියෙනව. (Three Gorges වල 32ක් තියෙනව.) ඒ වගේ වෙලාවට මාරුවෙන් මාරුවට මේ units maintenance වලට අරගෙන ඔය කියන විදියට 70% කට වඩා available වෙන්න පුළුවන්. ඒත් ලංකාව වගේ පුංචි රටකට ඔය වගේ plants ගහන්න සල්ලිත් නෑ, ගැහුවත් grid එකට එකතුකරන්නත් බෑ.
මචං power plant එකක වැඩ කරන එකෙක් විදියට මම මේ ටික කිව්වෙ මේ ගැන උඹලට තියෙන වැරදි අදහස් නැතිකරන්න. පාලකයන්ගෙ මෝඩ තීරණ නිසා මේ වගේ projects වල තියෙන අවුල් ගැන මම මීට කලින් මේ thread එකේ තැනක කියල ඇති. ඒ වුණත් මේ වෙලාවෙ මේ annual maintenance එකට කෑ ගහන එක මටනම් හිතෙන විදියට අවස්ථාවාදී වීමක්. මොකද hydro capacity හොඳටම තියෙන වෙලාවක මේ maintenance එක ගන්න එකෙන් කොච්චර ලාභයක් වෙනවද කියල කවුරුත් හිතන්නෙ නෑ.
මොනව වුණත් ඉස්සරට වඩා හැමෝම මේ ගැන උනන්දු වෙන එක නම් හොඳයි. හැබැයි ඒක විය යුත්තෙ මෙහෙමද එහෙම නැත්නම් planning stage එකේ තියෙන Sampur වගේ projects වල අඩුපාඩු ගැන හොයල බලන එකද කියල තීරණය කරන එක උඹලට බාරයි.
මම මෙහෙම පැහැදිලි කරාට සමහරු මගෙ reps කපලත් තිබුණ
