මචං downtime එකක් නැතුව annual maintenance එකක් කරන්නෙ කොහොමද බං? නොරොච්චෝලෙ විතරක් නෙවෙයි ලංකාවෙ අනික් හැම එකක්ම මෙහෙම කරනවා.
මං මේ ටික කිව්වෙ තොරතුරු හරියට නොදන්න උන්ට උදව්වක් විදියට. නොරොච්චෝලෙ කියන්නෙ ලොවෙත් අසාර්ථක එකක් කියල අප් හැමෝම දන්නව. හැබැයි මචං මේ ඔක්කොම පාලකයො ඡන්ද බලාගෙන කරපු අදූරදර්ශී වැඩ වල ප්‍රථිඵල. මුලින් මිනිස්සුන්ගෙන් එල්ල වෙච්ච බොරු චෝදනා නිසා project එක අවුරුදු ගාණක් delay වුණා. මීට වඩා තව අවුරුද්දක් වත් පමා වුණා නම් sure එකටම ලයිට් කපන්න වෙනව, ඒ කියන්නෙ ඉතින් ආණ්ඩු පෙරළෙන case එකක්නෙ. ඒ නිසා තමයි මේ වගේ වැඩ කරන්නෙ. ඕක විතරක් නෙවෙයි සාම්පූර් වලට වෙන්නෙත් ඔය ටිකම තමයි, ඉන්දියාවත් එක්ක ගහල තියන PPA (Power Purchasing Agreement) එක ලංකාවට හෙණ පාඩුයි. ( පාඨලී අයින් කරන්න ඇත්තෙත් ඕකට අත්සන් කරන්න බෑ කියපු නිසා කියලයි කියන්නෙ.) අනිත් පැත්තෙන් 2017 වෙද්දි ආපහු දරුණු විදුලි අර්බුධයක් එනව කියල කියනව. මේ ඔක්කොම මහා අවුල් ජාලාවක් බං...