නොසිතු දෙය සිදු වී ඇත

Status
Not open for further replies.
නොසිතු දෙය සිදු වී ඇත

ශ්‍රී ලංකා ඉතිහාසයේ (නිදහසින් පස්සෙ) පාලකයකුගෙ වේගවත්ම බිඳවැටීම මේක වෙන්න පුළුවන්. සති 4කින් පමණ සිදුවූ දේ සලකා බලමු:
  • නොවැම්බර් මස අග භාගය වන විට විපක්ෂයට කිසිදු සුදානමක් පෙනෙන්න නොතිබුණි
  • එක වරම තම පක්ෂයේම ලේකම් රාජපක්ෂට විරුද්ධව ඉදිරිපත් විය
  • එජාප නායක තරඟකරනු ඇතැයි යන අපේක්‍ෂාවෙන් සකසා තිබු විස්තරාත්මක චන්ද ව්‍යාපාරය අහක දැමීමට රාජපක්ෂ පාලනයට සිදුවිය
  • අවිධිමත් නව ව්‍යාපාරය හරහා යුධ ජයග්‍රහණය, කොටි බිය හා "කෙළෙහි ගුණ" භාවිතයෙන් චන්ද ලබාගැනීමට කල උත්සාහය එකවරම වැරදුනේ මෙමගින් මහජනයාට කරුණා හා ෆොන්සේකාගේ ඉරණම් නැවත මතක්වීමෙනි
  • ප්‍රධාන විපක්ෂය, වාමාංශික පක්ෂ, ෆොන්සේකා, හිටපු අගවිනිසුරු, ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්, සිංහල බෞද්ධ පක්ෂ, සඟ සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පුළුල් සන්ධානයක් ගොඩනැගිණි
  • පාර්ලිමේන්තු 2/3 බහුතරය බිඳවැටිණි
  • රාජපක්ෂ ව්‍යාපාරයේ දැන්වීම් හා අන්තර්ජාල ක්‍රියාකාරීන් විසින් තමාට චන්දය නොදෙන්නන් ද්‍රෝහීන් ලෙස අර්ථදැක්වීම පාවෙන චන්ද දායකයින් ඇතුළු විශාල පිරිසක් තමාට කල අපහාසයක් සේ දුටුහ
  • නගර අලංකරණය, ඩියුටි ෆ්‍රී වාහන හා අධිවේගී මාර්ග හරහා කොළඹ චන්ද ලබාගැනීමේ රාජපක්ෂ සැළසුම බොහෝ දුරට සාර්ථක විය. එහෙත් එහි අනිසි ප්‍රථිපලය වුයේ, මෙය නාස්තිකාර ධනපති රජයක් ලෙස දුටු ග්‍රාමීය දුගී ජනතාවගේ චන්දය අහිමි වීමයි. ග්‍රාමීය චන්ද රහිතව කිසිදා චන්දයක් ජයග්‍රහණය කල නොහැකි බව රජයට අමතක වි ඇති බවක් මින් පෙනිණි.
  • එනම් රාජපක්ෂගේ ප්‍රධාන චන්ද තර්ක දෙකම (යුද්දේ දින්න, සංවර්ධනේ සිදුවෙනවා) මහජනයා ප්‍රතික්ෂේප කරන ලදී
  • රුපවාහිනි ව්‍යාපාරය මෙවර හොඳින් කල රාජපක්ෂගේ බිම් මට්ටම් ව්‍යාපාරයේ බිඳ වැටීමක් හා ඒ සමගම එහි ක්‍රියාකාරීන්ගේ මානසික වැටීමක් 2014 දෙසැම්බර් අවසන් සතිය වන විට පැහැදිලිව පෙනිණි
  • ස්වාධීන / නිල නොවන අදහස් විමසුම් බහුතරයක රාජපක්ෂට ඇති සහයෝගය කිසිදා නොදුටු ලෙස 20% - 45% පරාසයට පහත වැටිණි. මින් 20% පරාසයේ දක්නට ලැබුනේ අන්තර්ජාලය හරහා පැවැත්වූ ඒවාය. රාජපක්ෂ ව්‍යාපාරයේ ව්‍යාජ ගිණුම් හරහා දැමු චන්ද ඇතුලත්ව පවා මහින්ද-මෛත්‍රීපාල අන්තර්ජාල ප්‍රතිශතය නිරන්තරයෙන් 20%-80% පරාසයේ විය. මෙය 2010 අන්තර්ජාල විමසීම් හා සසඳන කල ඇති විශාල වෙනසකි
අමතක කරන්න එපා: සමහර ඒකාධිපති දකුණු ඇමෙරිකානු, අරාබි රටවල වැසියො වගේ නෙමෙයි, ශ්‍රී ලාංකිකයො අඩුම ගානෙ හැම අවුරුදු 10කට පාරක්වත් පාලකයෙක් ගෙදර යැව්වා.

  • 1956 දී සේනානායක ගෙදර යැව්ව, 1948දි රට නිදහස් කළා කියල කොච්චර කෑගැහුවත්
  • 1965 දී බණ්ඩාරනායක ගෙදර යැව්වා
  • 1970 දී ඩඩ්ලි ගෙදර යැව්ව
  • 1977 දී මැතිනි ගෙදර යැව්වෙ ඇති විශාල පරාජයකින්
  • 1994 දී යූඇන්පිය ගෙදර යැව්ව (මෙතනදීත් එක්තරා ඒකාධිපතියෙක් එන එක නතර වුනා අනූ නමයෙන්)
  • 2001 දී චන්ද්‍රිකගෙ ආණ්ඩුව ගෙදර යැව්ව
  • 2004 දි රනිල්ගේ ආණ්ඩුව ගෙදර යැව්ව
  • 2014 දී මෙම ඓතිහාසික රටාව එසේම සිදුවනු ඇති
චන්දයට සතියක් තබා සිත් වෙනස් කරගන්නේ ඉතා සුළු පිරිසක්. ඒ කියන්නේ වෙන දේ දැන් වෙලා ඉවරයි. පාක්ෂිකයින් බය නැතුව දැන් රාජපක්ෂ පවුල හැර යන්නෙත්, වෙනද රාජපක්ෂ පවුල විවේචනය කරන්න බය වුනු බහුතරය අද එය එළිපිටම කරන්නෙත් මේ නිසාය.
 
  • Like
Reactions: sha2009 and Maheshs

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10428639_993781847305050_5441993826821693954_n.jpg
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    • 1956 දී සේනානායක ගෙදර යැව්ව, 1948දි රට නිදහස් කළා කියල කොච්චර කෑගැහුවත්
    • 1965 දී බණ්ඩාරනායක ගෙදර යැව්වා
    • 1970 දී ඩඩ්ලි ගෙදර යැව්ව
    • 1977 දී මැතිනි ගෙදර යැව්වෙ ඇති විශාල පරාජයකින්
    • 1994 දී යූඇන්පිය ගෙදර යැව්ව (මෙතනදීත් එක්තරා ඒකාධිපතියෙක් එන එක නතර වුනා අනූ නමයෙන්)
    • 2001 දී චන්ද්‍රිකගෙ ආණ්ඩුව ගෙදර යැව්ව
    • 2004 දි රනිල්ගේ ආණ්ඩුව ගෙදර යැව්ව
    • 2014 දී මෙම ඓතිහාසික රටාව එසේම සිදුවනු ඇති
    චන්දයට සතියක් තබා සිත් වෙනස් කරගන්නේ ඉතා සුළු පිරිසක්. ඒ කියන්නේ වෙන දේ දැන් වෙලා ඉවරයි. පාක්ෂිකයින් බය නැතුව දැන් රාජපක්ෂ පවුල හැර යන්නෙත්, වෙනද රාජපක්ෂ පවුල විවේචනය කරන්න බය වුනු බහුතරය අද එය එළිපිටම කරන්නෙත් මේ නිසාය.

    2015 mahindaya apahu 3n waratath balayata eyda danne ne ne. meeta kalin kisima kenek thewarak path wela ne ne. :(

    special deyak thama mekath. mehema weida?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    චන්දයට සතියක් තබා සිත් වෙනස් කරගන්නේ ඉතා සුළු පිරිසක්. ඒ කියන්නේ වෙන දේ දැන් වෙලා ඉවරයි
     
    • 1956 දී සේනානායක ගෙදර යැව්ව, 1948දි රට නිදහස් කළා කියල කොච්චර කෑගැහුවත්
    • 1965 දී බණ්ඩාරනායක ගෙදර යැව්වා
    • 1970 දී ඩඩ්ලි ගෙදර යැව්ව
    • 1977 දී මැතිනි ගෙදර යැව්වෙ ඇති විශාල පරාජයකින්
    • 1994 දී යූඇන්පිය ගෙදර යැව්ව (මෙතනදීත් එක්තරා ඒකාධිපතියෙක් එන එක නතර වුනා අනූ නමයෙන්)
    • 2001 දී චන්ද්‍රිකගෙ ආණ්ඩුව ගෙදර යැව්ව
    • 2004 දි රනිල්ගේ ආණ්ඩුව ගෙදර යැව්ව
    • 2014 දී මෙම ඓතිහාසික රටාව එසේම සිදුවනු ඇති
    චන්දයට සතියක් තබා සිත් වෙනස් කරගන්නේ ඉතා සුළු පිරිසක්. ඒ කියන්නේ වෙන දේ දැන් වෙලා ඉවරයි. පාක්ෂිකයින් බය නැතුව දැන් රාජපක්ෂ පවුල හැර යන්නෙත්, වෙනද රාජපක්ෂ පවුල විවේචනය කරන්න බය වුනු බහුතරය අද එය එළිපිටම කරන්නෙත් මේ නිසාය.

    2015 mahindaya apahu 3n waratath balayata eyda danne ne ne. meeta kalin kisima kenek thewarak path wela ne ne. :(

    special deyak thama mekath. mehema weida?

    දැනට සති 2කකට කලින් එහෙම හිතුවනම් සාධාරණයි. එත් දැන් මහින්දට විරුද්ධ ප්‍රතිශතය පැහැදිලිව පෙනවා. කොටිම්ම සාමාන්‍යයෙන් හොරෙන් දිනන්න පුළුවන් පරතරයත් (ඒ කියන්නෙ 5% - 10%) ඉක්මවල ඉවරයි.

    රාජපක්ෂලා අලුත්ම ජාතියෙ ජිල්මාට් එකක් දාන්න පුළුවන්. ඒත් ඒවට ආරක්ෂක අංශ වල උදව් ඕන. ඒවුනාට කලින් පාර වගේ නෙමෙයි මේ පාර පේනව නේද පොලිසියත් දෙගෙඩියාවෙන් ඉන්නෙ. කලින් ෂුවර් අයටත් දැන් ෂුවර් නෑ. කොටිම්ම අපේ පැත්තෙ දුටුගැමුණු පරපුරේ ආචාර්ය තුමත් තැති අරං.

    හැබැයි එහෙම කියල චන්දෙ දාන්න අමතක කරන්න නම් එපා! හැම චන්දෙම වටිනව
     
    Dec 30, 2014
    1
    0
    0
    • 1956 දී සේනානායක ගෙදර යැව්ව, 1948දි රට නිදහස් කළා කියල කොච්චර කෑගැහුවත්
    • 1965 දී බණ්ඩාරනායක ගෙදර යැව්වා
    • 1970 දී ඩඩ්ලි ගෙදර යැව්ව
    • 1977 දී මැතිනි ගෙදර යැව්වෙ ඇති විශාල පරාජයකින්
    • 1994 දී යූඇන්පිය ගෙදර යැව්ව (මෙතනදීත් එක්තරා ඒකාධිපතියෙක් එන එක නතර වුනා අනූ නමයෙන්)
    • 2001 දී චන්ද්‍රිකගෙ ආණ්ඩුව ගෙදර යැව්ව
    • 2004 දි රනිල්ගේ ආණ්ඩුව ගෙදර යැව්ව
    • 2014 දී මෙම ඓතිහාසික රටාව එසේම සිදුවනු ඇති

    මතක තියාගන්න මහා සේනානයක උනු ඩි.එස්.සේනානායක වත් මහා බණ්ඩාරනයාක උනු එස්.ඩබ්ලිව්.අර්.ඩි බණ්ඩාරනායකවත් ගෙදර යැව්වෙ නැ,එ දෙන්නාම ඉට කලින් නැති උනා,සේනානායක අගමැතිතුමා අශ්වයා පිටින් වැටිලා අන්තරා උනා,බණ්ඩාරනායක අගමැතිතුමා සොමාරාමගෙන් වෙඩි කාල අන්තරා උනා,චන්දයෙන් නෙමෙයි එ දෙන්න ගෙදර ගියේ (මෙතන සේනානායක,බණ්ඩාරනායක කියල සඳහන් කරලා තියෙන්නෙ ඩඩ්ලිට සහ මැතිනියට කියලා මම දන්නවා) එ දෙන්නා කොහොමත් මහා දෙන්නා එක්ක සසඳන්න බැනේ,එ අය අනුප්‍රප්තකයෝ නේ,මේ පාර කවුරු දිනයිද කියලා නම් මම දන්නෙ නැ,එ ගැන කතා කරන්න යන්නෙත් නැ.
     
    Status
    Not open for further replies.