නො මි යෙ න ක තා

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ඕවත් ප්‍රශ්නද ?

    einstein-at-work.jpg


    සාපේක්ෂතාවාදය සොයාගත් ඇල්බට් අයින්ස්ටයින් විටෙක පුදුමාකාර හැසිරීමක් දැක්වූ අයෙකි.

    වරක් ඔහු භෞතික විද්‍යා දේශනයක් පැවැත්වීම සඳහා ඈත පළාතක ට යමින් සිටියේය. ගමනාන්තයට ළඟාවන විට ඔහුට දැනුණේ තද නිදි මතකිග එවිට අයින්ස්ටයින් අපූරු දෙයක් කෙළේය.

    දේශනය පැවැත්වීම සිය රියදුරාට භාරකළ ඔහු ගොරවමින් නිදාගත්තේය. රියැදුරා ද අයින්ස්ටයින් ව කාලාන්තරයක් තිස්සේ ළඟින් ඇසුරු කිරීම නිසා සහ ඔහුගේ දේශනවලට නිරන්තරයෙන් ඇහුම්කන් දීම නිසා තරමක් දුරට අදාළ මාතෘකාව පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඇත්තකු විය.

    එනිසා දේශනාව සාර්ථකව පැවැත්විණි.

    එහෙත් ශිෂ්‍යයන් ප්‍රශ්න ඇසීම ට පටන් ගත්විට රියැදුරා ට දෙලෝ රත්වියගඑවිට රියැදුරා කළේ අපූරු දෙයකි.

    අපොයි ඕවත් ප්‍රශ්න ද ළමයිනේ.....ඕවට උත්තර දෙන්න මගේ ඩ්‍රයිවර් උන්නැහැට වූණත් පුලුවන් යැයි කියූ ඔහු පැමිණ අයින්ස්ටයින් ව නින්දෙන් ඇහැරවාගෙන දේශන ශාලාවට රැගෙන ගියේය.

    අයින්ස්ටයින් ද සිය රඟපෑම සාර්ථක ලෙස කරමින් රියැදුරු ලෙසම පෙනී සිටිමින් සිසුන් අසන සියලු ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ඔවුන් මවිතයට පත් කරමිනි.

    හොයාගෙන යාම

    mahatma-gandhi.jpg


    අහිංසාවාදයේ පියා වන මහත්මා ගාන්ධිතුමා යටත් විජිත යුගයේ ඍජු ලෙස වැඩ කළ අදීන පුද්ගලයෙක් විය.

    වරක් ඔහු දුම්රියෙන් ගමනක් යමින් සිටියේයගඑම දුම්රිය මැදිරියේ ම මහත්මා ගාන්ධිතුමා ගේ අසුනට ප්‍රතිමුඛ අසුනේ සිටියේ සුදු ජාතිකයෙකි.

    මහත්මා ගාන්ධි අධිරාජ්‍යවාදයට විරුද්ධ ව සටන්කරන්නකු බව දැන සිටි සුදු ජාතිකයා ඔහු කෙරෙහි මහත් වෛරයකින් පසුවිය.

    ගාන්ධි තුමාට නින්ද ගිය පසු ඔහු පැළැඳී සෙරෙප්පු දෙක අල්ලා දුම්රියෙන් පිටතට විසිකර දැමුවේය. අවදි වී බැලූ ගාන්ධි තුමාට කාරණය වැටැහිණි.

    ඒ වනවිට සුදු ජාතිකයා ද පසු වූයේ අඩ නින්දේ වූ අතර ඔහුගේ සපත්තු දෙක ද බුරුල් වී තිබිණි.

    හිමින් සීරුවේ එම සපත්තු කුට්ටම ගළවාගත් ගාන්ධිතුමා එය දුම්රියෙන් එළියට විසිකර දමා තමන්ගේ පාඩුවේ ගමන ගියේය.

    දුම්රිය ගමනාන්තය ට ළඟා විය. කෝ මගෙ සපත්තු දෙක?. සුදු ජාතිකයා කෝපයෙන් පිපිරෙමින් සැකයෙන් යුතු ව ගාන්ධිතුමාගෙන් විමසීය.

    ආ...... ඔෙබි සපත්තු දෙකද..... ගාන්ධිතුමා කිසි ගණනකට නැතිව ඇසී ය. ඒවා මගේ සෙරෙප්පු දෙක හොයාගෙන ගියා. යැයි පැවැසීය.


    මේක මං ගත්තේ දිනමිණ පත්තරේ ක්ෂිතිජය අතිරේකයෙන්...

    සමහර විට මේවා මීට කලින් කට්ටිය කියවලත් ඇති...... එහෙම නම් සොරිම තමයි.........

     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    mama hithanne meka repost.godak kaalekata kalin kavuhari meka daala thibba.poddak hitapan hoyala link eka daanna.
    Rep+