න‍‍මෝ න‍‍‍මෝ මාතා

truth100%

Member
Jan 13, 2010
645
39
0
න‍‍මෝ න‍‍‍මෝ මාතා

1948 වසර ලක් වැසියන්ට ඉමහත් වැදගත් කමක් ‍‍ගෙන ‍දෙන්‍නේ එවකට යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීට‍‍‍‍යෙන් නිදහස ලබා ගැනීමයි.

ඉන් අනතුරුව ජාතික ගීයක ජාතික අවශ්‍යතාවය නිසා ශ්‍රී ලංකා ගාන්ධර්ව සභා‍වේ අනුමැතිය පරිදි ජාතික ගීය ‍තෝරා ගැනී‍‍මේ තරගයක් පැවැත්‍‍‍‍වෙ‍‍න්‍‍‍නේ 1948 ජනවාරි මසයි.

මින් ‍‍‍‍‍‍තෝරා ගනු ලබන වාසනාවන්ත ගීතය වන්‍‍නේ ආනන්ද සමර‍කෝන් මහතා නිර්මාණය කරන ලද න‍‍මෝ න‍‍‍මෝ මාතා ගීතයයි.
01-32-C-44-SriLankaMaatha.jpg


එ‍‍‍ගොඩහ‍‍‍ගේ ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ජෝර්ජ් විල්ප්‍රඩ් නමින් ක්‍රිස්තියානු පවුලකට දාව ‍‍‍‍මේ මහා නිර්මාපකයා උපත ලබන්‍‍නේ 1911 වස‍රේ ජනවාරි 13 වන දින පාදුක්‍‍කේදි‍‍ය.

එතුමා මූලික අධ්‍යාපනය හැදෑරු‍වේ ‍කෝට්‍‍ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහ‍ලෙනි.
Ananda-Samarakoon.jpg

පසුව වැඩිදුර කලාව සහ සංගීතය හැදෑරී‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍මේ අභිප්‍රා‍‍‍‍යෙන් ඉන්දියා‍‍‍‍‍‍‍වේ ශාන්ති නි‍‍කේතනය බලා ගිය එතුමා‍ගේ ගුරුවරයා වූ‍යේ රබීන්ද්‍රනාත් තා‍ගෝර් තුමාය. එතුමා ඉන්දියානු
ජාතික ගී‍යේ නිර්මාතෘය.
පසුව නැවත මව් බිම බලා පැමි‍‍නෙන ජෝර්ජ් විල්ප්‍රඩ් මහතා බුද්ධ ධර්මය ‍‍වැළද ගන්‍‍නේ ආනන්ද සමර‍කෝන් ‍ලෙසින්.

තම දැනු‍මෙන් ලාංකීය සංගීතයට නව මුහුණුවරක්
ලබා දුන් එතුමා නූතන ලාංකීය සංගීත‍‍‍යේ පියාණන් ‍වේ.

1945 දී තම පස් වයසැති පුතු‍‍‍ගේ හදිසි වි‍‍යෝ‍වෙන් කම්පාවට පත් එතුමා නැවතත් ඉන්දියාව බලා යන්‍‍නේ දරාගත ‍නොහැකි ‍‍‍‍‍‍ශෝකයකින්. 1945-1951 අතර
කාල‍‍‍‍යේ ඉන්දියා‍වේ ගත කල එතුමන්‍‍ගෙන් නව ගීත නිර්මාණ කිසිවක් උපත ලැබු‍වේ නැත.
‍‍‍
ඒ අතරතුර කාල‍‍යේ එතුමා‍ගේ 1940 වස‍රේ පමණ නිර්මාණයක් වූ න‍‍මෝ න‍‍‍මෝ මාතා ගීතය 1948 දී

ශ්‍රී ලංකා ජාතික ගීතය ‍‍ලෙසින් ‍‍තෝරාගනී.

න‍මෝ න‍‍මෝ මාතා යන්‍‍නෙහි මුලකුරු වල ගන පිහිටීම අසුභ පිහිටීමක් බව විචාරකයින් විසින් හදුන්වන ලදුව මුල් ගීතය න‍මෝ න‍මෝ මාතා ‍වෙනුවට ශ්‍රී ලංකා මාතා ‍ලෙස ‍වෙනස් කරන්‍‍නට ‍‍‍‍‍යෙදුනි. ‍මින් බලවත් කම්පනයට පත් ආනන්ද සමර‍‍කෝන් මහතා තම මුල් නිර්මාණ‍ය ‍ආරක්ෂා කර ගනු පිණිස ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍බො‍හෝ ‍සේ ‍සටන් කරන්‍‍නේ ‍‍‍නො‍යෙකුත් ලිපි පල ක‍රමින්.
natio_anth_org.jpg

මින් ප්‍රතිඵලයක් ‍‍නොලද තැන ‍‍තම මුල් නිර්මාණය ‍වෙනු‍‍වෙන් 51 වියැති එතුමා සිය දිවි කැප කරන්‍‍නේ 1962 වස‍රේ අප්‍රි‍‍යෙල් මස 5වන දින නිදි ‍‍‍පෙති අධිමාත්‍රාවක් ‍‍ගෙන අප රටට ‍‍‍‍‍‍‍‍ශ්‍රේෂ්ඨ සංගීතඣ‍‍‍‍යෙකු අහිමි කරමින්.

(ජාතික ගීය නිර්මාණය කළ මොහු ඔහුගෙන් නොවිමසා වචන ස්වල්පයක් වෙනස් කිරීම හේතුවෙන් ද සංස්කෘතික දෙපාර්තමේන්තුව කිසිම හේතුවක් නොදන්වා ඔහු රැකියාවෙන් නෙරපීම හේතුවෙන් මහත් කළ කිරීමට පත් වූ ඔහු නිදි පෙති 22ක් එකවර පානය කර සිය ජීවිතය නැතිකර ගත්තේ ය.
මොහුගේ අවසන් කටයුතු කොළඹ කනත්තේ සිදු වූ අවස්ථාවට ජාතික කලා පෙරමුණේ සභාපති, මාපලගම විපුලසාර හිමි, කොටහේනේ ප‍්‍රඥාකීර්ති හිමි, බඹරුන්දේ සිරි සීවලි හිමි, යක්කඩුවේ ප‍්‍රඥාරාම, විද්‍යාලංකාර පිරිවනේ කුලපති ස්වාමින් වහන්සේලා ඇතුළු විශාර ද ලයනල් එදිරිසිංහ, සුනිල් ශාන්ත, චිත‍්‍රසේන, පණීභාරත, පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව ආදීන් ද, මහාචාර්ය ඩබ්. එස්. කරුණාරත්න, ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහාචාර්ය විනි විතාරන ආදීන් පැමිණ සිටි අතර අවමංගල සභාව මෙහෙයවන ලද්දේ චිත‍්‍ර ශිල්පී හෙන්රි ධර්මසේන කලාකරුවා විසිනි. www.dinamina.lk/.../07/_art.asp?fn=n0904078&p=1 )

අදටත් ජාතික ගීය කන වැ‍‍කෙන ‍‍වාරයක් පාසා මසි‍තේ ඇති වන්‍‍නේ කිව ‍නොහැකි ජාතිකාලයක් සහ ආඩම්බරයක්.

ශ්‍රී ලාංකික‍‍‍යෙකු‍‍ ‍ලෙසින් ජාතිකාභිමානය අ‍පේ
හදවතට බලවත් ‍‍සේ කාවැ‍දෙන්‍‍නේ ‍‍‍‍‍මේ උතුම් ගීතය නිසා ‍නො‍‍වේද

‍‍‍‍‍මෙම ගීය සවන් වැ‍‍‍කෙන හැම විටකදිම ම‍නෙතට කදුලු උනයි. ඒ රට ‍වෙනු‍‍වෙන් නැ‍ගෙන අභිමානය ‍‍සමග මුසුවන ආදරයකින්.

එය මට උරුම කර දුන් ආදරණීය කලාකරුවා‍‍ණෙනි ඔබ සදා අමරණීයයි. ඔ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍බට පින් සිදු ‍වේවා.



------------------------------------------
truth100%
 

Matti PuuSa

Member
Dec 10, 2009
2,026
43
0
api Jathka geeya rap karala gahuwanam kelin pol gas wage hitan enne nethuwa ath uluk kara kara dekata nemila apita jathka abimane penna thibuna :baffled:
 

truth100%

Member
Jan 13, 2010
645
39
0
api Jathka geeya rap karala gahuwanam kelin pol gas wage hitan enne nethuwa ath uluk kara kara dekata nemila apita jathka abimane penna thibuna :baffled:

සිංහල සංගීතය වල් බිහි ‍‍‍‍‍වෙන යුගයක්..අර කසුන් කල්හාරට පින් සිද්ද ‍වෙන්න යන්තම් ලයාන්විත ගීයක් ‍දෙකක් රස විදින්න පුලුවන්. නැතිනම් ඔය ඉන්න අනිත් එමි‍නෙම් අවතාර ‍‍‍‍‍‍ටික ජාතික ගීයටත් ‍‍ඔවැනි තත්වයක් උදා ‍‍‍නොකරාවි කියල කාටද කියන්න පුලුවන්..

ස්තූතියි යාලුවා
 

Matti PuuSa

Member
Dec 10, 2009
2,026
43
0
සිංහල සංගීතය වල් බිහි ‍‍‍‍‍වෙන යුගයක්..අර කසුන් කල්හාරට පින් සිද්ද ‍වෙන්න යන්තම් ලයාන්විත ගීයක් ‍දෙකක් රස විදින්න පුලුවන්. නැතිනම් ඔය ඉන්න අනිත් එමි‍නෙම් අවතාර ‍‍‍‍‍‍ටික ජාතික ගීයටත් ‍‍ඔවැනි තත්වයක් උදා ‍‍‍නොකරාවි කියල කාටද කියන්න පුලුවන්..

ස්තූතියි යාලුවා

kawudha Kasun kalahri? :baffled: I'm sory wenna oney. sinhla geeyak ahapu kalayak mathka nehe.
 
රටක අභිමානය කියවෙන ජාතික ගීතය අගය කිරීම හා සම්බන්ධ තතු විත්ති ගෙන ඒම ගැන ස්තුතිවන්ත වෙනවා.
මේ මුල් ගීතයේ ගණ දෝෂ තිබෙන නිසයි සිරිමවො මැතිණිය මෙය සුබ අයුරින් යම් වෙනසක් කරන්න අවසර දුන්නේ.
එහි "න" අක්ෂරය අපාය අක්ෂරයක් වීම. ආරම්භක ගණය අනිටු ගණයක් වීම යනාදිය මුල් කතෘවරයා නොසළකා හරිමින් වෙනස් කිරීම යුක්ති සහගත යැයි කියන්න බෑ.දැන් පවතින්නේ එලෙස වෙනස් කරන ලද ගීතයයි.
රෙප්
 

truth100%

Member
Jan 13, 2010
645
39
0
රටක අභිමානය කියවෙන ජාතික ගීතය අගය කිරීම හා සම්බන්ධ තතු විත්ති ගෙන ඒම ගැන ස්තුතිවන්ත වෙනවා.
මේ මුල් ගීතයේ ගණ දෝෂ තිබෙන නිසයි සිරිමවො මැතිණිය මෙය සුබ අයුරින් යම් වෙනසක් කරන්න අවසර දුන්නේ.
එහි "න" අක්ෂරය අපාය අක්ෂරයක් වීම. ආරම්භක ගණය අනිටු ගණයක් වීම යනාදිය මුල් කතෘවරයා නොසළකා හරිමින් වෙනස් කිරීම යුක්ති සහගත යැයි කියන්න බෑ.දැන් පවතින්නේ එලෙස වෙනස් කරන ලද ගීතයයි.රෙප්

ස්තූතියි ෂම්මී