නමෝ නමෝ මාතා
1948 වසර ලක් වැසියන්ට ඉමහත් වැදගත් කමක් ගෙන දෙන්නේ එවකට යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබා ගැනීමයි.
ඉන් අනතුරුව ජාතික ගීයක ජාතික අවශ්‍යතාවය නිසා ශ්‍රී ලංකා ගාන්ධර්ව සභාවේ අනුමැතිය පරිදි ජාතික ගීය තෝරා ගැනීමේ තරගයක් පැවැත්වෙන්නේ 1948 ජනවාරි මසයි.
මින් තෝරා ගනු ලබන වාසනාවන්ත ගීතය වන්නේ ආනන්ද සමරකෝන් මහතා නිර්මාණය කරන ලද නමෝ නමෝ මාතා ගීතයයි.
එගොඩහගේ ජෝර්ජ් විල්ප්‍රඩ් නමින් ක්‍රිස්තියානු පවුලකට දාව මේ මහා නිර්මාපකයා උපත ලබන්නේ 1911 වසරේ ජනවාරි 13 වන දින පාදුක්කේදිය.
එතුමා මූලික අධ්‍යාපනය හැදෑරුවේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහලෙනි.
පසුව වැඩිදුර කලාව සහ සංගීතය හැදෑරීමේ අභිප්‍රායෙන් ඉන්දියාවේ ශාන්ති නිකේතනය බලා ගිය එතුමාගේ ගුරුවරයා වූයේ රබීන්ද්‍රනාත් තාගෝර් තුමාය. එතුමා ඉන්දියානු ජාතික ගීයේ නිර්මාතෘය.
පසුව නැවත මව් බිම බලා පැමිනෙන ජෝර්ජ් විල්ප්‍රඩ් මහතා බුද්ධ ධර්මය වැළද ගන්නේ ආනන්ද සමරකෝන් ලෙසින්.
තම දැනුමෙන් ලාංකීය සංගීතයට නව මුහුණුවරක්
ලබා දුන් එතුමා නූතන ලාංකීය සංගීතයේ පියාණන් වේ.
1945 දී තම පස් වයසැති පුතුගේ හදිසි වියෝවෙන් කම්පාවට පත් එතුමා නැවතත් ඉන්දියාව බලා යන්නේ දරාගත නොහැකි ශෝකයකින්. 1945-1951 අතර
කාලයේ ඉන්දියාවේ ගත කල එතුමන්ගෙන් නව ගීත නිර්මාණ කිසිවක් උපත ලැබුවේ නැත.
ඒ අතරතුර කාලයේ එතුමාගේ 1940 වසරේ පමණ නිර්මාණයක් වූ නමෝ නමෝ මාතා ගීතය 1948 දී
ශ්‍රී ලංකා ජාතික ගීතය ලෙසින් තෝරාගනී.
නමෝ නමෝ මාතා යන්නෙහි මුලකුරු වල ගන පිහිටීම අසුභ පිහිටීමක් බව විචාරකයින් විසින් හදුන්වන ලදුව මුල් ගීතය නමෝ නමෝ මාතා වෙනුවට ශ්‍රී ලංකා මාතා ලෙස වෙනස් කරන්නට යෙදුනි. මින් බලවත් කම්පනයට පත් ආනන්ද සමරකෝන් මහතා තම මුල් නිර්මාණය ආරක්ෂා කර ගනු පිණිස බොහෝ සේ සටන් කරන්නේ නොයෙකුත් ලිපි පල කරමින්.
මින් ප්‍රතිඵලයක් නොලද තැන තම මුල් නිර්මාණය වෙනුවෙන් 51 වියැති එතුමා සිය දිවි කැප කරන්නේ 1962 වසරේ අප්‍රියෙල් මස 5වන දින නිදි පෙති අධිමාත්‍රාවක් ගෙන අප රටට ශ්‍රේෂ්ඨ සංගීතඣයෙකු අහිමි කරමින්.
(ජාතික ගීය නිර්මාණය කළ මොහු ඔහුගෙන් නොවිමසා වචන ස්වල්පයක් වෙනස් කිරීම හේතුවෙන් ද සංස්කෘතික දෙපාර්තමේන්තුව කිසිම හේතුවක් නොදන්වා ඔහු රැකියාවෙන් නෙරපීම හේතුවෙන් මහත් කළ කිරීමට පත් වූ ඔහු නිදි පෙති 22ක් එකවර පානය කර සිය ජීවිතය නැතිකර ගත්තේ ය.
මොහුගේ අවසන් කටයුතු කොළඹ කනත්තේ සිදු වූ අවස්ථාවට ජාතික කලා පෙරමුණේ සභාපති, මාපලගම විපුලසාර හිමි, කොටහේනේ ප්‍රඥාකීර්ති හිමි, බඹරුන්දේ සිරි සීවලි හිමි, යක්කඩුවේ ප්‍රඥාරාම, විද්‍යාලංකාර පිරිවනේ කුලපති ස්වාමින් වහන්සේලා ඇතුළු විශාර ද ලයනල් එදිරිසිංහ, සුනිල් ශාන්ත, චිත්‍රසේන, පණීභාරත, පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව ආදීන් ද, මහාචාර්ය ඩබ්. එස්. කරුණාරත්න, ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහාචාර්ය විනි විතාරන ආදීන් පැමිණ සිටි අතර අවමංගල සභාව මෙහෙයවන ලද්දේ චිත්‍ර ශිල්පී හෙන්රි ධර්මසේන කලාකරුවා විසිනි. www.dinamina.lk/.../07/_art.asp?fn=n0904078&p=1 )
අදටත් ජාතික ගීය කන වැකෙන වාරයක් පාසා මසිතේ ඇති වන්නේ කිව නොහැකි ජාතිකාලයක් සහ ආඩම්බරයක්.
ශ්‍රී ලාංකිකයෙකු ලෙසින් ජාතිකාභිමානය අපේ
හදවතට බලවත් සේ කාවැදෙන්නේ මේ උතුම් ගීතය නිසා නොවේද
මෙම ගීය සවන් වැකෙන හැම විටකදිම මනෙතට කදුලු උනයි. ඒ රට වෙනුවෙන් නැගෙන අභිමානය සමග මුසුවන ආදරයකින්.
එය මට උරුම කර දුන් ආදරණීය කලාකරුවාණෙනි ඔබ සදා අමරණීයයි. ඔබට පින් සිදු වේවා.
------------------------------------------
truth100%