පක්ෂ නායකයන් තේරීමට අපට අයිතියක් නැ ...............
දේශපාලන පක්ෂයක නායකයා විය යුත්තේ කව්රුන්දැයි බලපෑම් කිරීමට මහ සංඝරත්නයට අයිතියක් නොමැති බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් අවධාරණය කර සිටිති.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ, එජාප නායකත්ව මණ්ඩලයක් පිහිටුවීමට අදාළව, එක්සත් භික්ෂු පෙරමුණ විසින් ඉදිරිපත්කර ඇති යෝජනා 8 පිළිබද තමන් වහන්සේ දැනුවත් කිරීම සඳහා ඊයේ (25) පැමිණ සිටි එම පෙරමුණේ නියෝජිත පිරිසක් අමතමිනි.
නායකයන් තෝරා ගත යුත්තේ ජනතාව බවත්, එය තේරීමට භික්ෂූන් වහන්සේලාට හැකියාවක් හෝ අයිතියක් නොමැති බවත්,
භික්ෂූන් වහන්සේලා ලෙස අප කළ යුත්තේ ජනතාව තෝරාදෙන නායකයින්ට අවවාද අනුශාසනා ලබාදීම බවත් අස්ගිරි මහනාහිමියන් වැඩිදුරටත් සදහන් කර සිටියහ.
'' පළමුව කියන්න ඕන අපි, මේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවන ප්‍රතිපත්තියක ඉන්නේ. එනිසා මට කියන්න බැ අහවලාට පක්ෂ නායකත්වය දෙන්න කියලා. අහවලාට ඉවත්වෙන්න කියලා. අපි එහෙම කියන්නෙත් නැහැ. මහජනයා දැනගන්න ඕන තම තමන්ගේ පක්ෂවල නායකයින් ගැන තීන්දු ගන්න. අපට තියන්නේ, එහෙම තෝරාගත් නායකයෝ වැරදි මාර්ගයක යනවා නම්, ඒ ඇත්තන්ට නිවැරදි මාර්ගයේ යන්න උපදෙස් දෙන එකයි අපි කරන්න ඕන. '' යයි ද මහ නාහිමියන් එහිදී පැවසුහ.
srilankamirror.lk