පට්ට යකෝ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,758
    113



    Team Perpetual is governed by the professional standards and industry ethics to ensure the best quality of service. Our business principles of team work, accountability, performance excellence and personal initiatives encourage and motivate us to make your welfare our business priority.

    Team Perpetual Treasuries Limited is a registered non-band primary dealer, licensed by the Central Bank of Sri Lanka, the country’s financial sector regulator, under the Local Treasury Bills Ordinance No. 8 of 1923 and the Registered Stock and Securities Ordinance NO.8 of 1937. We are a fully-owned subsidiary of Perpetual Capital Holdings (Pvt) Ltd., an Investment fund.
    :baffled::baffled::baffled::baffled:
    බැඳුම්කර නිකුතුවට අදාළව රුපියල් බිලියන 11.75 කට ඉදිරිපත් වු ලංසුව ඉවත දමා රුපියල් බිලියන 10ට ඉදිරිපත් වු ලංසුවට අනුමැතිය ලබාදෙන ලෙස හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා නිර්දේශ කළේ යැයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමෙන්තුවේ අතිරේක අධිකාරී ආචාර්ය මොහොමඞ් ෂෙයික් මොහොමඞ් ආර්ෂින් මහතා බැඳුම්කර කොමිසම හමුවේ පැවසීය.

    මහෙන්ද්‍රන් මහතා කළ දැනුම්දීමට මහ බැංකුවේ අධිකාරීවරුන් ලෙස කටයුතු කළ සියළු දෙනාම විරුද්ධ වු නමුත් මහා බැංකු අධිපතිවරයාගේ ස්ථාවරය වෙනස් නොකරන නිසා එලෙස කටයුතු කරන ලෙස මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා දැනුම් දීම නිසා තමන්ට නිහඬ වීමට සිදු වු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් සිදුකළ පරීක්‍ෂණයේදී එම නිර්දේශ ඇතුළත් ලිපි ලේඛණ ඉදිරිපත් කොට නොමැති බවද ඒ මහතා හෙළි කළේය.

    බැදුම්කර නිකුතුව සිදුවන අවස්ථාවේදී මුලින්ම එහි පැමිණි මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ඉන් පැය එකාහාමාරකට පසුව නැවත වරක් බැදුම්කර නිකුත් කරන ස්ථානයට පැමිණ බැදුම්කර නිකුතුවට අදාළ තොරතුරු විමසා එයට අදාළව තිබු ‘‘බිඞ් ෂීට්’’ (ඉල්ලීමේ මිල ගණන්) ඔහු අතට ගෙන බැලූ බවද ආර්ෂින් මහතා හෙළි කළේය.

    http://www.lankadeepa.lk/top_story/
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,758
    113

    ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුවට අදාළව නිකුත්කර තිබෙන ගැසට් නිවේදනය හේතුවෙන් බැඳුම්කර සිද්ධිය තව තවත් අවුලෙන් අවුලට පත්වී තිබේ. එම බැඳුම්කර සිද්ධියට අදාළ ගැසට් නිවේදනය මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයාගේ නමින් නිකුත්වීම පිළිබඳව ආණ්ඩුවත් ඒකාබද්ධ විපක්ෂයත් අතර මත ගැටුම්, නීති තර්ක හා වාද විවාද හටගෙන තිබේ. තමා ධුරයෙන් ඉවත් වූ පසුව තමාගේ ගැසට් නිවේදන අවලංගු වන බව ද එමනිසා බැඳුම්කර මගඩියේ වගකීම මගේ කරමත පැටවීමේ උත්සාහය අසාර්ථක වන බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියයි. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා මේ වනවිට සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඊට අදාළ නීති පියවර ගැනීමේ කටයුත්ත ආරම්භ කර තිබේ.:P මුදල් ඇමැති රවි කරුණානායක සඳහන් කරනුයේ ආන්දෝලනයට ලක්ව තිබෙන බැඳුම්කර සිද්ධියට අදාළ පර්පචුවල් සමාගම වරදකරුවකු වුවහොත් ආණ්ඩුව වග නොකියන බවය.:P මහින්ද රාජපක්ෂ හිටපු මුදල් ඇමැතිවරයාගේ නමින් නිකුත්ව තිබෙන ගැසට් නිවේදනය නීත්‍යනුකූල නොවන බව ද රවි කරුණානායක මහතා සඳහන් කරයි. ඒ අනුව ගැසට් නිවේදනය සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලූවට තවමත් පැහැදිලි විසඳුමක් ලැබී නැත. නීති විශාරදයන් සඳහන් කරනුයේ ගැසට් නිවේදනයේ ප‍්‍රශ්නය නූල් බෝලයක් මෙන් හැම අතටම අවුල් වී පැටලී තිබෙන බවය. එය කොතනකින් අවසන්වේදැයි ගැටලූ සහගත බව ද ඔවූහු පෙන්වා දෙති. බැඳුම්කර සිද්ධියට අදාළ ජනාධිපති කොමිසමේ කටයුතු පවා තවත් පුළුල් වී තිබෙන බව ද නීති විශාරදයෝ පෙන්වා දෙති.
    image_5fd0f78c50.jpg