තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වයෙහි වැඩි වීම නිසා ඇති වන තත්ත්වය කුමක් ද? එම තත්ත්වය හඳුනා ගත හැකි ලක්ෂණ මොනවාද?
තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වය වැඩි වීමේ තත්ත්වය අධි තයිරොයිඩතාවය (Hyperthyroidism)යනුවෙන් හඳුන්වනු ලබයි.මෙහි දී ඉහත සඳහන් කළ ලක්ෂණවලට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ සමුහයක් දැක ගත හැකි ය.
මෙම තත්ත්වයේ දී අධික ලෙස දහඩිය දැමීම,අධික කුසගින්න දැනීම,අසාමාන්‍ය ලෙස බර අඩු වීම,හෘද ස්පන්ධන වේගය වැඩි වීම,හෘදයේ ගැස්ම දැනීම ( Palpitations) අතපය වෙව්ලීම,ඇස් ඉදිරියට නෙරා ඒම, අධික ලෙස ශරීරයේ උෂ්ණත්වය වැඩි වීම සහ අධික උෂ්ණත්වය නොරුස්සන ගතිය, ප්‍රධාන වශයෙන් අධි තයිරොයිඩතාවය හේතුවෙන් ඇතිවන රෝග ලක්ෂණ වේ.
තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වයෙහි අඩු වීම නිසා ඇති වන තත්ත්වය කුමක් ද? එය හඳුනා ගන්නේ කෙසේ ද?
තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වුවහොත් මන්ද තයිරොයිඩතාව (Hypothyroidism, ) තත්ත්වය ඇති වේ.
තයිරොයිඩ් හෝමෝනය අඩු වීමෙන් ශරීරයේ සියලුම ඉන්ද්‍රියන්ට අනිසි බලපෑම් ඇති වේ.අධික නිදිමත ගතිය,මතකය අඩු වීම, මළබද්ධය,ශරීරයේ බර වැඩි වීම, හමේ වියළි ගතිය,අධික ලෙස හිසකෙස් හැළී යාම,රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම,සීතල දරා ගත නොහැකි වීම, සහ හෘදයේ අකර්මණ්‍යතාවයක් ඇති වීම දක්වා වර්ධනය වීමට පුළුවන.
තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් ඇතිවන රෝගී තත්ත්වයන් හඳුනා ගන්නේ කෙසේ ද?
තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වය අඩු වීම හා වැඩි වීම හඳුනා ගැනීම ඉතාමත් පහසු ය.රුධිර පරීක්ෂණයක් මඟින් ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝන දෙක වන FT4, FT3 හෝමෝන පරීක්ෂණ දෙක සහ තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වය පාලනය කරන මොළයේ පිටියුටරි ග්‍රන්ථියෙන් නිපදවන TSH නමැති හෝමෝන පරීක්ෂණවලින් හඳුනා ගත හැකි ය.
තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන සංකූලතාවයන් දැඩි ලෙස බලපෑම මඟින් පුද්ගලයෙකුට මාරාන්තික තත්ත්වයක් ඇති විය හැකි ද?
මන්ද තයිරොයිඩතාවය ඉතා තදබල ලෙස ප්‍රතිකාර නොමැතිව , දීර්ඝ කාලීන ලෙස පැවතුණොත් කෝමා තත්ත්වය ( Myxedema coma ) ඇති වී සිහි විකල් වී මාරාන්තික තත්ත්වයට පත් වීමට පුළුවන. සාමාන්‍යයෙන් වැඩිමහලු පුද්ගලයින්ට සීත කාලවලදී මෙම තත්ත්වය ඇති වීමේ ප්‍රවණතාවය වැඩි ය. අධි තයිරොයිඩතාවයට නිසි ප්‍රතිකාර නොමැතිව, ඉතා උත්සන්න තත්ත්වයකට පත් වුවහොත් (Thyroid storm) තත්ත්වය ඇති වී හෘදය අධි ක්‍රියාකාරීත්වයට යොමු වී ශරීරයේ උෂ්ණත්වය පාලනය කර ගත නොහැකි තත්ත්වයක් ඇති වී මරණයට පත් වීමට පුළුවන.