පට්ට Hot ඩයල්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    මම බණ්ඩාරවෙල පැත්තෙන් හදන්න ප්ලෑන් කරන්නේ :(
    දියුණු නෑනෙ බන්. මම ආස Colombo ඉන්න කිසි අවුලක් නෑ හැමදේම තියෙනව. ඒත් රස්නෙ තමා ප්‍රශ්නෙ. එහෙම නැත්තන් රට යන්න වෙනව.
     
    • Sad
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    දියුණු නෑනෙ බන්. මම ආස Colombo ඉන්න කිසි අවුලක් නෑ හැමදේම තියෙනව. ඒත් රස්නෙ තමා ප්‍රශ්නෙ. එහෙම නැත්තන් රට යන්න වෙනව.
    නෑ මම වැකේෂන් වගේ යන්න මචං Extra එකක්
    කොළඹ මට නම් අප්පිරියයි
    වායු දුෂණය
    ශබ්ද දූෂණය
    ගඳ :(


    රට යමු මමත් කැනඩා වගේ යන්න හිතන් ඉන්නේ
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,650
    4,301
    113
    ඕකෙ අනෙක් පැත්ත නේද
    අපිට සීතල දැනෙන්නෙ අපේ ඇඟට වඩා පරිසරේ උෂ්නත්වය අඩු උනාම. අපිට රස්නෙ කියලා දැනෙන්නෙ අපේ ඇඟට වඩා පරිසරේ උෂ්නත්වය වැඩි උනාම

    එතකොට අනෙක් උන්ට සීතල දවසටත් කාට හරි රස්නෙයි කියලා දැනෙනවා නං, එයාගෙ ඇඟේ උෂ්නත්වය අනෙක් අයග ඇඟේ උෂ්නත්වෙට වඩා අඩු වෙන්න ඕන.
    ඇගේ උෂ්නත්වය වැඩි නං අනෙක් උන්ට සීතල නැති දවටත් උඹට සීතල වෙන්න ඕන

    Mata meka theren nane bn. Aga ushna unahama neda sema wadi wenneth?
     
    • Sad
    Reactions: Micheal Corleon

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    මාත් ඉස්සර උඹ වගේ තමා. ටී ෂර්ට් එකක්වත් නොදා හිටිය සීතලේ
    පස්සෙ මට සීනි අමාරුව හැදුණ.... :lol:
     
    • Wow
    Reactions: Micheal Corleon

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    දුවිලි පට්ට ඇලජික් මචන් , කොටින්ම ගෙදර මකුළු දැල් කඩන්නේ දුවිලි පිහදාන්නේ මම නැති වෙලාවට , දුවිලි ගියොත් දවසම කිමුහුම් ගිහින් හොටු ගලලා විකාරයක් වෙනවා
    අපෝ ඕක කැරිම කරුමයක් බන්, සමහර දවස් වල පාන්දර නැගිට්ටම නහය බ්ලොක්, ඊට පස්සෙ හෙම්බිරිස්සාව , කරුම ලෙඩක් ඕකනම්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔව් බන් මේ දැනුත් දාඩිය දානවා , මම නම් කරුමේ ඩබල් උන එකෙක් , ඇඟ පට්ට උෂ්ණයි පීනසත් තියෙනවා , ඇඟ නිවෙන්න සිංහල බේතක් වත් ගන්න බෑ පීනස වැඩිවෙනවා , පීනසට බෙහෙත් ගන්නකොට ඇඟේ උෂ්නේ වැඩිවෙනවා
    උබට තරහ යනව වැඩිද?
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    එහෙම වෙන්න ඇති මචන් , මම දැන් නම් තරහා ගොඩක් හිතලාම පාලනය කරගෙන ඉන්නේ
    මාත් සෑහෙන්න ආස දෙයක්
    කොහොමහරි කරනවා
     
    • Love
    Reactions: hi.dushan

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,185
    2,386
    113
    Srilanka
    මම දසඅතේ කල්පනා කරන්නෙ නාගන්නෙ කොහොමද කිය්ල. වතුර ටැංකියට අයිස් කැට දාලා වගේ. 😖
    ගෙදර මිනිස්සු එපා කියද්දි හවස 6ට විතර නෑවා. දැන් නම් පට්ට සීතලයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,296
    5,384
    113
    Panadura
    තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වයෙහි වැඩි වීම නිසා ඇති වන තත්ත්වය කුමක් ද? එම තත්ත්වය හඳුනා ගත හැකි ලක්ෂණ මොනවාද?

    තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වය වැඩි වීමේ තත්ත්වය අධි තයිරොයිඩතාවය (Hyperthyroidism)යනුවෙන් හඳුන්වනු ලබයි.මෙහි දී ඉහත සඳහන් කළ ලක්ෂණවලට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ සමුහයක් දැක ගත හැකි ය.

    මෙම තත්ත්වයේ දී අධික ලෙස දහඩිය දැමීම,අධික කුසගින්න දැනීම,අසාමාන්‍ය ලෙස බර අඩු වීම,හෘද ස්පන්ධන වේගය වැඩි වීම,හෘදයේ ගැස්ම දැනීම ( Palpitations) අතපය වෙව්ලීම,ඇස් ඉදිරියට නෙරා ඒම, අධික ලෙස ශරීරයේ උෂ්ණත්වය වැඩි වීම සහ අධික උෂ්ණත්වය නොරුස්සන ගතිය, ප්‍රධාන වශයෙන් අධි තයිරොයිඩතාවය හේතුවෙන් ඇතිවන රෝග ලක්ෂණ වේ.

    තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වයෙහි අඩු වීම නිසා ඇති වන තත්ත්වය කුමක් ද? එය හඳුනා ගන්නේ කෙසේ ද?

    තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වුවහොත් මන්ද තයිරොයිඩතාව (Hypothyroidism, ) තත්ත්වය ඇති වේ.
    තයිරොයිඩ් හෝමෝනය අඩු වීමෙන් ශරීරයේ සියලුම ඉන්ද්‍රියන්ට අනිසි බලපෑම් ඇති වේ.අධික නිදිමත ගතිය,මතකය අඩු වීම, මළබද්ධය,ශරීරයේ බර වැඩි වීම, හමේ වියළි ගතිය,අධික ලෙස හිසකෙස් හැළී යාම,රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම,සීතල දරා ගත නොහැකි වීම, සහ හෘදයේ අකර්මණ්‍යතාවයක් ඇති වීම දක්වා වර්ධනය වීමට පුළුවන.

    තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් ඇතිවන රෝගී තත්ත්වයන් හඳුනා ගන්නේ කෙසේ ද?

    තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වය අඩු වීම හා වැඩි වීම හඳුනා ගැනීම ඉතාමත් පහසු ය.රුධිර පරීක්ෂණයක් මඟින් ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝන දෙක වන FT4, FT3 හෝමෝන පරීක්ෂණ දෙක සහ තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වය පාලනය කරන මොළයේ පිටියුටරි ග්‍රන්ථියෙන් නිපදවන TSH නමැති හෝමෝන පරීක්ෂණවලින් හඳුනා ගත හැකි ය.

    තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන සංකූලතාවයන් දැඩි ලෙස බලපෑම මඟින් පුද්ගලයෙකුට මාරාන්තික තත්ත්වයක් ඇති විය හැකි ද?

    මන්ද තයිරොයිඩතාවය ඉතා තදබල ලෙස ප්‍රතිකාර නොමැතිව , දීර්ඝ කාලීන ලෙස පැවතුණොත් කෝමා තත්ත්වය ( Myxedema coma ) ඇති වී සිහි විකල් වී මාරාන්තික තත්ත්වයට පත් වීමට පුළුවන. සාමාන්‍යයෙන් වැඩිමහලු පුද්ගලයින්ට සීත කාලවලදී මෙම තත්ත්වය ඇති වීමේ ප්‍රවණතාවය වැඩි ය. අධි තයිරොයිඩතාවයට නිසි ප්‍රතිකාර නොමැතිව, ඉතා උත්සන්න තත්ත්වයකට පත් වුවහොත් (Thyroid storm) තත්ත්වය ඇති වී හෘදය අධි ක්‍රියාකාරීත්වයට යොමු වී ශරීරයේ උෂ්ණත්වය පාලනය කර ‍ගත නොහැකි තත්ත්වයක් ඇති වී මරණයට පත් වීමට පුළුවන.

     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔව් බන් මේ දැනුත් දාඩිය දානවා , මම නම් කරුමේ ඩබල් උන එකෙක් , ඇඟ පට්ට උෂ්ණයි පීනසත් තියෙනවා , ඇඟ නිවෙන්න සිංහල බේතක් වත් ගන්න බෑ පීනස වැඩිවෙනවා , පීනසට බෙහෙත් ගන්නකොට ඇඟේ උෂ්නේ වැඩිවෙනවා
    Pool එකක බැහැලා හිටපන්. හුඟක් දුරට හරියනවා. ඔලුව තෙමාගන්න එපා කොහොමත්ම එහෙම ඉද්දි. කර වටක් බැහැලා හිටු පැයක් විතර. උදේ 11 දවල් 2 අතර වගේ.

    දුවිලි පට්ට ඇලජික් මචන් , කොටින්ම ගෙදර මකුළු දැල් කඩන්නේ දුවිලි පිහදාන්නේ මම නැති වෙලාවට , දුවිලි ගියොත් දවසම කිමුහුම් ගිහින් හොටු ගලලා විකාරයක් වෙනවා
    මටත් තියේ ඕකනම්
    ------ Post added on Dec 9, 2022 at 2:18 AM
     
    • Love
    Reactions: hi.dushan