"පටිඝ නිමිත්ත යි - අයෝනිසෝ මනසිකාරය යි..."

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    "පටිඝ නිමිත්ත යි - අයෝනිසෝ මනසිකාරය යි..."

    පින්වත් මිතුරනි,

    පහත තියෙන්නේ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ දෙසුමකින් උපුටා ගත් කොටසක්..
    ඒක අහන කොට මට හිතුනා ඒක අන් අයටත් දකින්න ඇත්නම් කියා..

    "ඔන්න කෙනෙකුට ඇතිවෙනවා තරහක්, කේන්තියක්.
    දැන් ඒ ධර්මය තුළින් ඉගෙන ගන්නවා මේක.
    මේ කේන්තිය ඇති වන්නේ කරුණු දෙකක් නිසා.
    එකක් තමයි කේන්ති ගන්න ඕන කරන කාරණාවක් තිබීම - ඒකට කියන්නේ "පටිඝ නිමිත්ත".
    දෙවෙනි එක තමයි ඊට අනුකූලව හිතීම - "අයෝනිසෝ මනසිකාරය".
    ඕකින් තමා කේන්තිය පවතින්නේ.
    ඒ කේන්තිය නිත්*ය ද අනිත්*ය ද?
    ඇයි ඒ. අර දෙකින් නෙ තියෙන්නේ. ඒ දෙක නිත්*ය ද?
    ඒතකොට එයා ඒක තේරුම් ගත්තොත්
    "මේ පටිඝ නිමිත්තයි, ඒ අනුව මම සිහි කරන එකෙනුයි මේක හැදෙන්නේ.
    මම මේක අයින් කරල දානව" කියල
    එයා ඒ වෙනුවට පාවිච්චි කරනවා "මෙත්තා" - මෛත්*රිය හිතට අරන් ඒ අනුව හිතන්න ගන්නවා.
    අර පටිඝ නිමිත්තට මොකද වෙන්නේ. ඒක හිතට reflect වෙන එක නැති වෙලා යනවා.
    නැතිවෙලා ගිහිල්ල, ඒ අනුව හිතන එක අඩු වෙලා ගිහිල්ල, තරහ අඩුවෙනවා.
    මේ ජීවිතයෙදි දකින්න බැරි ද මේක අපට?
    සංදිට්ඨිකයි නේ...
    ඉතින් මෙච්චර දෙයක් මේ සුළු මොහොතෙ දකින්න පුළුවන් නම් ඊට වඩා ලොකු දෙයක් දකින්න බැයි ද?
    ඒත් පුළුචන්..."

    මේ ගැන ධර්මය තුළින් තව තවත් විමසා බලන්න ඇරයුමයි මේ... :)

    තෙරුවන් සරණයි!
     
    lummhg

    Member
    May 31, 2008
    129
    6
    0
    kalyanamithra said:
    පින්වත් මිතුරනි,

    පහත තියෙන්නේ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ දෙසුමකින් උපුටා ගත් කොටසක්..
    ඒක අහන කොට මට හිතුනා ඒක අන් අයටත් දකින්න ඇත්නම් කියා..

    මේ ගැන ධර්මය තුළින් තව තවත් විමසා බලන්න ඇරයුමයි මේ... :)

    තෙරුවන් සරණයි!

    Namo Buddhaya !

    Pinwath mithura... ithamath watina deyak thamai oba uputa dakwala thiyenne.... kenthiya nathi karaganna bohoma watina kramayak.... aththenma Darmaya Sandittikai....:yes:

    Obata bohoma pin!

    Theruwan Saranai...!
     
    rapa

    Member
    May 5, 2006
    17,049
    48
    0
    සසර ගමන තුළ
    ඒ කියන්නේ කේන්ති ගන්න කාරණාවක් තිබ්බත් කම්ක් නෑ ඊට අනුකූලව නොහිතා හිටියනම්. මේ කට අපි පුහුණු කල සිතකින් යුතුව සිටිමට අවශයයි නේද?
    තෙරුව්න් ස*රණයි!!!
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඒ කියන්නේ කේන්ති ගන්න කාරණාවක් තිබ්බත් කම්ක් නෑ ඊට අනුකූලව නොහිතා හිටියනම්. මේ කට අපි පුහුණු කල සිතකින් යුතුව සිටිමට අවශයයි නේද?
    තෙරුව්න් ස*රණයි!!!

    :yes::yes:
    ඒකනෙ සමහරුන්ට කේන්ති යද්දි, තවත් කෙනෙකුට කේන්ති නොයන්නෙ. නිමිත්ත ඔස්සේ චේතනා පහළ කරල තමයි සීන් එක වවා ගන්නෙ.

    මට මතක් වෙනවා අජාන් බ්‍රහ්මවන්සෝ තෙරණුවන් නිතරම කියන "තරහ කන යක්ෂය"ගෙ කතාව. මම දන්නෙ නෑ මේක ජාතක කතාවක්ද කියල. එහෙම වෙන්න ඉඩ තියෙනවා.

    එකමත් එක රටක බුද්ධිමත් රජකෙනෙක් හිටියා. දවසක් එතුමා ගමණක් ගිහින් හිටපු වෙලාවෙ මාළිගාවට යක්ෂයෙක් ආවා. ඌ කැතම කැතයි. ගඳ උහුලන්න බැහැ. ඒ මදිවට කට ඇරියම කුණුහරප විමානයයි.

    සේවකයො රවාගෙන, ආයුධ අරන් පරුෂ වචනයෙන් බනිමින් යකාව එළවන්න වුණා. නමුත් යකා කෙළින්ම ගිහින් රජතුමාගෙ අසුනෙ ඉඳගත්තා. සේවකයින්ට තවත් තරහයි. කෑ ගහන්න පටන් ගත්තා. ගහන්න බනින්න සෙනනග රැස් වුණා.
    "පලයන් පලයන්."

    බලාහිටිද්දි පුදුම දෙයක් වුණා. එන්න එන්නම යකා ලොකු වෙන්න ගත්තා. කැත එන්න එන්න වැඩි වුණා. ගඳ තව තව වැඩි වුණා; වචනත් එන්න එන්න දරුණු වුණා.

    මේ අතරෙ රජතුමා ආවා. eඑතුමා තේරුම් ගත්තා සිද්ධිය: මේ තරහින් පෝෂණය වෙන යකෙක්.

    රජතුමා සේවකයින්ට කතා කරල යකා එළවිය යුතු හැටි ගැන උපදෙස් දුන්නා.

    "හානේ, යක් මහත්තයො, අපට සමා වෙන්න."
    "බෑරක් යන ගමන්ද? ගෙදර කට්ටිය සුවෙන්ද?"
    "ආවට සන්තෝසයි."
    "පැණි කැවුම් ගේන්නද පැටියො, නැත්නම් මුං කැවුම් ගේන්නද?"
    කෙනෙක් යකාගෙ හිස පීරනවා; කෙනෙක් කකුල් පිරිමදිනවා.
    කෙනෙක් පවන් සලනවා.

    බලා හිටිද්දි යක්ෂයා පුංචි වෙන්න පටන් ගත්තා; ගඳ අඩු වුණා; කැත අඩු වුණා; වචනවල නපුරුකම අඩු වුණා.
    සේවකයින් නැවැත්තුවෙ නෑ. දිගටම යකාට මෛත්‍රීසහගතව සැළකුවා. යකා පුංචි වෙලා පුංචි වෙලා ගිහින් නොපෙනී ගියා.

    අපේ සිත් තුළත් වෙලාවකට ඉන්නව තරහ කන යකෙක්. යම් පටිඝ නිමිත්තක් ඔස්සේ චේතනා පහළ කරමින් අපි මේ යකා පෝෂණය කරනවා.
    නමුත් සිහිය උපදවාගෙන, සත්‍යය ඇති සැටියෙන් දකින්න උත්සාහ කළොත්?
    මෙත් සිත වැඩෙනවිට යකා පුංචි වෙවී ගිහින් නොපෙනී යනවා.:yes:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අයෝනිසෝමනමස්කාරය කියන එක ටිකක් විස්තර කරන්නකො...
    සරලව කිව්වොත්, සත්‍යය වැසෙන පරිදි, වැරදි පිළිවෙලට කල්පනා කිරීම.
    උදා: කවුරුහරි තමුන්ට බැනල පෝස්ට් එකක් දාල තියෙනව කියල හිතමුකො. ඒක ඇත්තටම කිව්වොත් නිකම් වචන පේළියක්. අපි ඒ වචන හඳුනා ගන්නව බැණුමක් විදිහට. මෙතනට එන දහස් ගණනක් අතරින් කෙනෙක් තමුන් කිව්ව දේකට කැමති නැහැ. අපි ඇහෙන් රූපයක් දැකල, හඳුනාගෙන. එච්චරයි.
    අපි මොකද කරන්නෙ? ඒ ඔස්සේ හිතනවා: හුහ්. පෙනේද මූ කියල තියෙන එක. හිටු දෙන්න. මූ මට කලින් දවසකුත් ඔහොම පාට් එකක් දැම්ම. මූට මොකක්ද තියෙන ඇම්ම මං මොනව පෝස්ට් කළාම.......
    ඔය වගේ පටිඝ නිමිත්තක් ආවම හිතන්න ඕනෙ හරි පිළිවෙල, ඒ කියන්නෙ යෝනිසෝමනසිකාරය තරහ ගැන දේවගේ දාල තිබුණු පෝස්ට් එකේ තිබුණා.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113

    එල කතාව...

    සමහර ආගම් පතුරවන්නේම ඔය යකාගේ දර්මය..කොච්චරවත් ඉන්නේ කේන්තියෙන්... ගහමු, මරමු, උල තියපිය, ඇස් උගුල්ලපිය, වගේ ඒවා වලින් තමා මේ ආගම වල සුද්ද වූ පොතේ තියෙන්නෙ... :lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සරලව කිව්වොත්, සත්‍යය වැසෙන පරිදි, වැරදි පිළිවෙලට කල්පනා කිරීම.
    උදා: කවුරුහරි තමුන්ට බැනල පෝස්ට් එකක් දාල තියෙනව කියල හිතමුකො. ඒක ඇත්තටම කිව්වොත් නිකම් වචන පේළියක්. අපි ඒ වචන හඳුනා ගන්නව බැණුමක් විදිහට. මෙතනට එන දහස් ගණනක් අතරින් කෙනෙක් තමුන් කිව්ව දේකට කැමති නැහැ. අපි ඇහෙන් රූපයක් දැකල, හඳුනාගෙන. එච්චරයි.
    අපි මොකද කරන්නෙ? ඒ ඔස්සේ හිතනවා: හුහ්. පෙනේද මූ කියල තියෙන එක. හිටු දෙන්න. මූ මට කලින් දවසකුත් ඔහොම පාට් එකක් දැම්ම. මූට මොකක්ද තියෙන ඇම්ම මං මොනව පෝස්ට් කළාම.......
    ඔය වගේ පටිඝ නිමිත්තක් ආවම හිතන්න ඕනෙ හරි පිළිවෙල, ඒ කියන්නෙ යෝනිසෝමනසිකාරය තරහ ගැන දේවගේ දාල තිබුණු පෝස්ට් එකේ තිබුණා.

    oo thx bro..:D
     
    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    එල කතාව...

    සමහර ආගම් පතුරවන්නේම ඔය යකාගේ දර්මය..කොච්චරවත් ඉන්නේ කේන්තියෙන්... ගහමු, මරමු, උල තියපිය, ඇස් උගුල්ලපිය, වගේ ඒවා වලින් තමා මේ ආගම වල සුද්ද වූ පොතේ තියෙන්නෙ... :lol:

    ඒ කතාවනං ඇත්ත සහෝ...:baffled:
     
    ඒ කියන්නේ කේන්ති ගන්න කාරණාවක් තිබ්බත් කම්ක් නෑ ඊට අනුකූලව නොහිතා හිටියනම්. මේ කට අපි පුහුණු කල සිතකින් යුතුව සිටිමට අවශයයි නේද?
    :yes:අයෝනිසෝ මනසිකාරය හින්ද තමයි කේන්තිය පවතින්නේ.

    අපේ සිත් තුළත් වෙලාවකට ඉන්නව තරහ කන යකෙක්. යම් පටිඝ නිමිත්තක් ඔස්සේ චේතනා පහළ කරමින් අපි මේ යකා පෝෂණය කරනවා.
    නමුත් සිහිය උපදවාගෙන, සත්‍යය ඇති සැටියෙන් දකින්න උත්සාහ කළොත්?
    මෙත් සිත වැඩෙනවිට යකා පුංචි වෙවී ගිහින් නොපෙනී යනවා.
    :D:yes::yes:
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    පටිඝ නිමිත්තයි අයෝනිසෝමනසිකාරයයි හොඳ මාතෘකාවක්.

    මනුෂ්‍යයාගේ සිත උපතින්ම හරිම පිරිසිදුයි. නිශ්චලයි. ක‍්ලේශයන් ඒ හිතේ ලිහිටන්නේ නෑ. ඒ නිසා තමයි පොඩි දරුවෙක්‍ගේ හිනාවකින් මුළු ගෙදරක්ම සතුටින් පුරවන්න හම්බවෙන්නේ. කොහොම වුනත් ටිකෙන් ටික මනුෂ්‍යයා පරිණත වෙනකොට ඒ මනුෂ්‍යයාගේ සිතේ ඇති වන සිතුවිලි බහුතරයක් ඒවා ක්ලේෂයන්ගෙන් පිරුණු ඒවා වෙනවා. ඒ නිසා තමයි ළමයි ටික ටික ලොකුවෙනකොට පුංච් කූඹි වගේ සත්තු මරලා දාලා ඒකෙන් සතුටක් ලබන්නේ. මේ තමයි මිනිස් සිතේ ස්වභාවය. ඒ ගැන ඉගෙන ගනිද්දි අපිට වැටහෙන දේ තමයි සිතයි, ඒ සිතේ පහලවෙන සිතුවිලියි කියන්නේ දෙකක් කියන එක.

    මේ සිතේ පහල වෙන සිතුවිලි අතුරින් වැඩිහරියක්ම සිතුවිලි අකුසල් සහගත සිතිවිලි බව නැවත නැවතත් කියන්න උවමනා වෙන්නේ නෑ.ඒ නිසාම තමයි අපිට
    සම්මා වායාම කරන්න වෙන්නේ නිවන් අවබෝධ කරගන්න. මේ ඇතිවන සිත් ඇතිවෙන්නේ ෂඩ්ඉන්ද්‍රිය මුල්කරගෙන. ඇස්, කන්,නාසය ආදිය හේතුවෙන්. මේ එක් එක් ඉන්ද්‍රිය මගින් ගන්න අරමුණු තියෙනවා. උදාහරණයක් විදියට ඇහෙන් රූප අරමුණු ගන්නවා. මේ අරමුණු මුල් කරගෙන තමයි නිමිත්ත හට ගන්නේ.

    ඉතින් මේ පටිඝ නිමිත්ත ගැන බලද්දි පටිඝ සංඥාවක් කුමනාකාරයකින් හරි හිතේ පහල කර ගැනීම තමයි පටිඝ නිමිත්ත වෙන්නේ. මේක ආකාර කීපයකින් වෙන්න පුළුවන්. ප්‍රධාන ලෙසම තණ්හාව හා රාගය නිසා තමයි පටිඝ සංඥාවක් ඇති වන්නේ. ව්‍යාපාදයට වඩා අඩු බලයක් තමයි මේ පටිඝයේ තියෙන්නේ. ව්‍යාපාදය කියන්නේ තරහව දිගින් දිගටම අරගෙන යන එක. නමුත් පටිඝය කියන්නේ එහෙම දිගින් දිගටම ගෙන යන මටිටමේ තරහක් නෙමේ. ඒ බව අපි මතක තියාගන්න ඕනා. අනිත් අතට පටිඝය තියන්නේ කෙනෙක් ගැන හරි ඒ කෙනාගේ ගුණයක් ගැන අපි අපේ හිතේ ඇති කර ගන්නා ගැටීමක් බවත් මතක තියා ගන්න ඕනි.

    ඊළඟට අයෝනිසෝමනසිකාරය. යෝනිසෝමනසිකාරය කියන්නේ සරලවම ගත්තහම එළඹ සිටි සිහිය. මේකේ විරුද්ධාර්තය තමයි මේ කියන අයෝනිසෝමනසිකාරය.ඇත්තටම කියනවානම්
    සම්මා සතිය හා සම්මා සමාධිය අපිට වැදගත් වෙන්නේ මේ අවස්ථාවේදී තමයි. සතිය කියන්නේ සිහිට පිහිටුවා ගැනීම. ඒ සිහිය දිගින් දිගටම අපි තුල පවත්වාගෙන යන එක තමයි යෝනිසෝමනසිකාරය වෙන්නේ. ඉතින් මේ සඳහා සම්මා වායාමය අවශ්‍ය වෙනවා. මේ විදියට දිගින් දිගටම සතිය පවත්වාගෙන යමේදී තමයි සම්මා සමාධිය අපිට පිහිටුවාගන්න පුළුවන් වෙන්නේ.සම්මා සමාධිය පිහිටුවා ගත් සිත අපේ පුංචි කාලෙදි වගේ නිශ්චල සිතක් වෙනවා. ඒ සිතේ නීවරණ යටපත් වන නිසා විදර්ශනා වඩන්න ලේසියි. මතක තියාගන්න පටිඝය කියන්නේ මේ සිහිය නැති කරන දෙයක් බව.
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    හොඳින් දැන ගන්න ඔයාලා උත්සාහ කරලා සතිය පිහිටුවාගත්තට පස්සේ යෝනිසෝමනසිකාරයෙන් ඒ සිහිය මනා වීර්යයෙන් යුතුව පවත්වාගෙන යන්න. එතකොට ඔයාලට සමාධිය ඇති කරගන්න පුළුවන්. ඒ සමාධිය ඇති කරගන්න බ්‍රහ්මවිහාර භාවනාව සරලව ඔයාලාට යොදා ගන්න පුළුවන්. අයෝනිසෝමනසිකාරය කියන්නේ මේ සමාධිය නැති කරලා දාන දෙයක් බව මේ තුලින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. සමාධිගත සිතේ තිබෙන්නාවූ ස්වභාවය තමයි ඒ සිතේ ඇති වන ඕනාම සිතුවිල්ලක්ම සිහියෙන් ඉන්න පුද්ගලයාට දකින්න පුළුවන් වීම.එතකොට පුළුවන් මේ මේ වෙලවෙදි මගේ සිතේ ඇති වෙන සිතිවිල්ල මේකයි කියලා හඳුනා ගන්න. මේ සිහිය දිගින් දිගටම පවත්වා ගන්න එක තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ.

    මෙහෙම වෙනකොට අපිට පුළුවන් පටිඝ සංඥාවක් ඇති වුනාම ඒ බව හඳුනා ගන්න. නමුත් අයෝනිසෝමනසිකාරයෙන් ඉන්දැද්දි ඒ දේ හඳුනා ගන්න බෑ. හඳුනාගත්තත් ඉන් එහාට ඒ කියන්නේ පටිඝය නැති කරගන්න ගන්න ඕනා ක්‍රියාවන් කර ගන්න වෙන්නේ නෑ. නමුත් යෝනිසෝමනසිකාරයෙන් ඉන්න කෙනා දන්නවා දැන් මගේ සිතේ පටිඝ සංඥාවක් ඇති වුනා කියලා. පටිඝය කියන්නේ අහිතකාරී ගැටීමක්. මේ තුලින් ඇති කරගන්නේ ද්වේෂය. අලෝභ මූලයක් තමයි ද්වේෂය කියන්නේ. පටිඝය ඇති වුන බව දැන ගත්තට පස්සේ අපිට පුළුවන් සම්මා වායාමයක් මගින් ඒ පටිඝය නැති කර ගන්න. හොඳම දේ තමයි මෙතනදි මෛත්‍රී භාවනාව පුහුණ කරන එක. මෙතනදි මන් හිතන්නේ ඔයාලාට මතක් වෙනවා ඇති කරණීයමෙත්ත සූත්‍රය. විශේෂයෙන්ම ඒ සූත්‍රයේ එන න‍පරෝ පරං නිකුබ්බේත කියන ගාථාව.

    ඉතින් යාළුවනේ මේ ගැන කියනවානම් තවත් හුඟක් දේවල් තියෙනවා. මේ ටිකෙන් ලියන්න පුළුවන් කමක් නෑ. මේ පටිඝ නිමිත්ත හා අයෝනිසෝමනසිකාරය කියන මාතෘකාව තුලම ඔයාලා හොඳට හිතලා බැලුවොතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයම ඇතුලත් වෙලා තියෙනවා දකින්න පුළුවන්. ඒ දේවල් අපි විසින් තම තමන් ව මුල් කර ගෙන දකින්න ඕනා. මන් කිව්වාට වැඩක් වෙන්නේ නෑ. ඤාණානන්ද හාමුදුරුවන් කිව්වත් බෑ. ඔයාලාම ඔයාලාගේ හිත මුල් කර ගෙන දකින්න ඕනා. ඒ විදියට විතරයි ඔයාලාට මාර්ගයේ ගමන් කරන්න වෙන්නේ. ඒ විදියට ගමන් කරන මාර්ගයේ අවසානය වෙන්නේ අති උත්තම, ශාන්ත වූ නිර්වාණයෙන්.

    හොඳින් මතක තියා ගන්න නිර්වාණාවබෝධයට යෝනිසෝමනසිකාර අත්‍යවශ්‍යයි. ඒ නැති කෙනෙක් අතීතයේදීවත්, වර්තමානයේදීවත් අනාග‍තයේදීවත් නිර්වාණාවබෝධය කර ගන්නේ නෑ. පටිඝ නිමිත්ත වේවා වෙන මොන මොන නිමිති සිතේ පහල වුනත් ඒ තුලින් එය වටහාගන්න අපිට පුළුවන්. ඒ වටහා ගැනීම කරන්න ඕනා අපි අපෙන්මයි. කිසිම පොතකින්වත්, ගුරුවරයන්ගෙන්වත් අපිට ඒක වටහා ගන්න බෑ. ඒ තුලින් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ සත්‍යයේ සෙවනැල්ල විතරයි.

    ඉතින් මේ බව මතක තියාගෙන තමන් දිහා බලලා සිහියෙන්, යෝනිසෝමනසිකාරයෙන් ජීවත් වෙන්න. අකුසල නිමිති ඇති වෙද්දිම ඒ අකුසලයයි කියලා වටහා ගෙන කුසල් සිත් පහල කර ගන්න. සැනසුම ඔබ සතු වේවි.

    ඔබ සැමට තෙරුවන් සරණයි.