පඩ මතක සහ එක එක කථා

gepa

Well-known member
  • පඩ මතක සහ එක එක කථා

    "ගඳ පඩ හඬ නැත.
    හඬ පඩ ගඳ නැත"

    යනුවෙන් මා සරසවියේ පළමු වසරේ සිටි නේවාසිකාගාර කාමරයේ තිබුණා මතකය. අද කථාව "පඩ" ගැනයි. අපි ඕකට පඩේ කීවට පොෂ් අය නම් කියන්නේ "අධෝ වාතය" කියල, එහෙම නැත්ත වාතයක් ගියා, කාක්කි පුටුස්‌ අරිනවා කියලත් කියනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ "Fart".

    මුලින්ම පඩේ ගැන විද්‍යාත්මක පැත්තෙන් බලමු. Oddee වෙබ් අඩවිය තියෙන විදියට පඩේකින් 60% ක් නයිට්රජන්, 21% හයිඩ්රජන්, සියයට 9 ක් කාබන් ඩයොක්සයිඩ්, 7% මීතේන් හා ඔක්සිජන් 4% ඉතිරි 1% සල්ෆර් අඩංගු හයිඩ්රජන් සල්ෆයිඩ් වායුව හා මර්කැප්ටන්ස් වලින්ලු. සාමාන්ය පුද්ගලයෙක් සෑම දිනකම ලීටර් භාගයක් පමණ පඩ නිපදවනකොට , දිනකට 14 වතාවක් විතර ඕව පඩ විදියට පිට කරනවලු. පඩයක් තත්පරයට අඩි 10 ක විතර වේගයෙන් පිටවෙනවලු. ඒ විතරක්ද මැරිලත් මිනිස්සු පඩ යවනවලු. ඒ වගේම ගිනිගන්නා සුළුය.

    ලෝකයේ බොහෝ රටවල් පඩ යවන එක අශෝබන ක්‍රියාවක් විදයට සැලකුවත් රතු ඉන්දියානුවන් නම් ඕක සලකන්නේ සුබපැතුමක් විදියටලු.පුරාණ රෝමයේ සිටි ක්ලෝදියස් අධිරාජ්යයා පඩ නොයවන එක සෞඛ්යයට අහිතකර දෙයක් ලෙසට භයට පත්වෙලා පඩ යවන්ඩ නීතිත් ගෙනාවලු. මෑතකදී පඩ නීතියක් ගෙන්න හදපු රටක් විදියට මලාවි රාජ්‍ය හදුන්වන්න පුළුවන්.කොයි රටෙත් දේශපලකයයෝ ඉඳල හිටලා ජනතාවට පඩ ෂෝ දානවනේ. 2011 මලාවි රටේ පොදු ස්ථාන වල පඩ ඇරීම තහනම් කිරීමට නීති ගෙන්න ඕනේ කියල එරට අදිකරණ අමාත්‍ය චපොන්ඩ මහතා ගුවන් විදුලි වැඩසටහනකට සහබාගි වෙමින් ප්‍රකාශ කර තිබුන. ජනතාව මේක පඩේකට ගණන් නොගෙන විරුද්ධ උනා. පස්සේ ප්‍රකාශය වහාම ඉල්ලා අස් කරගත්ත.

    එහෙ එහෙම උනාට ලෝකෙටම පඩ ෂෝ දාන ඇමරිකාවේ ප්‍රාන්තයක නම් පඩ නීතියක් තියෙනව, ෆ්ලොරීඩා ප්‍රාන්තෙ තමයි මෙහෙම නීතියක් තියෙන්නෙ.
    නීතිය මෙහෙමයි "බ්‍රහස්පතින්දාට සවස හයෙන් පසු ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පොදු ස්ථාන වල පඩ ඇරීම තහනම්, අනිත් වෙලාවට ඇති තරම් පඩ ඇරපල්ල කියල". හරිම මානව හිතවාදී නීතියක නේද? චීනේ නම් professional frat-smeller කියල ජොබ් එකකුත් තියනවලු පඩ සම්බන්ධයෙන් , කැමති උන් apply කරපලල්. මිට අවුරුදු 200 කට කලින් "he-gassen"(පඩ යුද්දය) කියල හදුන්වන ජපන් චිත්‍ර පෙළකුත් ඇදල තියෙනව. සිංහල බෙහෙතක් වගේම රස පලතුරක් හැදෙන වැලක් තියෙනව "පඩ වැල" කියල දන්නවද දන් නෑ.

    නිරිඳු වලගම්බා
    දේවිගේ බඩ සිම්බා
    දේවි බඩ පුම්බා
    ඇරිය පඩයක් රජ කලම්බා

    ආච්චි ගියා කොච්චි කඩේ
    ගත්ත දෙකක් මසල වඩේ
    ඇරිය එකක් චූස් පඩේ.....

    වගේ පඩ වලට සම්බන්ද කවිත් තිබුණා කියල මතකද?

     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පඩ චක්‍රවර්ති ගෙපා මහතාගේ තවත් වටිනා පඩින ලිපියක්
     

    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    xRJR4_s-200x150.gif
     

    gepa

    Well-known member
  • Silly point:22258436 said:
    පඩ චක්‍රවර්ති ගෙපා මහතාගේ තවත් වටිනා පඩින ලිපියක්
    ඉස්තූතී.. ඔබේ මේ වදන් ඉදිරියටත් මා මේ සම්බන්දව ලියඑඅන්න
    උනන්දු කරවනවා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පඩ චක්‍රවර්ති ගෙපා මහතාගේ තවත් වටිනා පඩින ලිපියක්