පණ්ඩිත් අමරදේවගේ කන මිරිකූ හෙළයේ සැබෑ ගා&#3505

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    පණ්ඩිත් අමරදේවගේ කන මිරිකූ හෙළයේ සැබෑ ගා&#3505

    1+small.jpg

    මේ සටහන ලියන අද (2012 දෙසැම්බර 5) උදෑසන කුමක්දෝ ගුවන්විදුලි සේවාවකට දුරකතනයෙන් සම්බන්ධවූ කුඩා දරුවකු හෙළයේ මහාගාන්ධර්වයා වශයෙන් හඳුන්වන පණ්ඩිත් අමරදේවයන්ගේ 85 වැනි උපන්දිනයට සුබපතා ඔහු වෙනුවෙන්ම රචිත කවියක් ගායනා කරනු අල්ලපු ගෙදර පැත්තෙන් ඇසුණි.

    අපේ මුළු රටම මෙරට උපන් විශිෂ්ටතම සංගීතඥයා හැටියට හඳුන්වන්නේ පණ්ඩිත් අමරදේවයන්ය. ඒ බව සියල්ලෝම ගිරා පෝතකයන් සේ දොඩවති. පාසල් දරුවෝ එය වනපොත් කරමින් පරපුරෙන් පරපුරට ඉදිරියට ගෙනයති. අමරදේව ඇගයීමට ලක් කළ යුතු සංගීතවේදියකු බව ඇත්තකි. එහෙත් මේ රටේ මෑත ඉතිහාසයේ උපන් උසස්ම සංගීතඥයා නොතකා හැර, ඔහු පිළිබඳව වචනයක් හෝ සඳහන් නොකර, ඔහුට අලගු තැබීමට වත් නොහැකි අමරදේව පිම්බීම බරපතල වරදකි.

    හෙළයේ මහා ගාන්ධර්වයා යැයි කටපුරා කිව හැකි උස්තාද් පදවියකින් පිදුම් ලත් එකම සිංහලයා වූ ඬේවිඞ් පොඩිඅප්පුහාමි පිළිබඳව ඇනකොන්ඩාට අසන්නට ලැබුණේ 70 දශකයේදී ඇනකොන්ඩාගේ සංගීත ගුරුතුමාගෙනි.

    ‘උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමිගෙ සන්දර්ශනයක් තියෙනව ටවුන්හෝල් එකේ. අනිවාර්යයෙන්ම බලන්ඩ යන්ඩ ඕනැ. ගිහින් බලනවල කොහොමද බෝ එක අල්ලන්නෙ, කොහොමද වයලින් එකේ ඇඟිලි දුවන්නෙ, කොහොමද කිසි කිසි ගාල තබ්ලාව ගහන්නෙ කියල.’ සංගීත ගුරුතුමා කීවේය.

    ඇනකොන්ඩා සහ මිතුරෝ උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමිගේ සංගීත ප‍්‍රසංගය නැරඹීමට ගියෝය. ඔහුගේ වාදන හැකියා දුටු අපි විස්මයට පත්වීමු. ඔහුගේ අත් ක‍්‍රියාත්මක වූයේ විදුලි වේගයෙනි. කුඩා අපට ඔහුගේ ශිල්ප දැක්වීම වසර ගණනාවක කතාබහට මාතෘකාවක් විය.

    ඉන්පසු ඇනකොන්ඩාට ඬේවිඞ් පොඩිඅප්පුහාමි චරිතය වරින් වර සිහිපත් වුවද ඔහු පිළිබඳ ආරංචි මාත‍්‍රයක් හෝ දැනගන්නට ලැබුණේ නැත. සංගීත විශාරදයන් සහභාගි වන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සාකච්ඡා, පුවත්පත් ලිපි, අපේ සංගීතඥයන් පිළිබඳ පොතපත ආදී මේ කිසිවකින් උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි පිළිබඳව අසන්නට දකින්නට නොලැබුණි. අහම්බෙන් ඇනකොන්ඩාට මුණගැසුණු මිතුරෙකුගේ මාර්ගයෙන් මේ මහා ගාන්ධර්වයා පිළිබඳ තොරතුරු ටිකක් දැනගන්නට ලැබුණි. මිතුරාට තොරතුරු ලැබී ඇත්තේ මාධ්‍යවේදී පේ‍්‍රමසිරි වැවේගෙදරගෙනි.

    උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි ඉපදී ඇත්තේ කුලියාපිටිය ප‍්‍රදේශයේය. කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු මැටි‍්‍රකියුලේෂන් විභාගයට පෙනීසිටිම සඳහා එංගලන්තයට ගියේය. භාරතීය සංගීතය පිළිබඳව පැහැදුණු ඔහු ශාන්ති නිකේතනයට ගොස් විශ්ව භාරතී සංගීත පීඨයට බැඳුණි. එහිදී හෙතෙම සිතාරය, තබ්ලාව වාදනයත් ගායනය හා නර්තනයත් හැදෑරුවේය. සමකාලීන සිසුන් අතර සුපිරි තරුව වූ ඔහු පස් වසරක පාඨමාලාව වසර හතරකින් නිමකරමින් සිය හැකියාව ප‍්‍රදර්ශනය කළේය.

    පොඩිඅප්පුහාමිගේ හැකියාවන් - විශේෂයෙන්ම තබ්ලා වාදනයෙහි සූරත්වය - දුටු අලවුදීන් ඛාන් , පොඩිඅප්පුහාමි විශ්ව භාරතියෙහි මහාචාර්ය පදවියකට පත් කළේය. දිනකට පැය 16 බැගින් අලවුදීන් ඛාන් යටතේ සංගීතය හැදෑරූ පොඩිඅප්පුහාමි කාලයක් විශ්ව භාරතී සංගීත පීඨයේ විදුහල්පති තනතුරද හෙබවීය. බටනලාව, සරෝදය හා තබ්ලාව වාදනයේත් කතක් නර්තනයෙත් ඔහු පෑ සමත්කම් අනභිබවනීය විණි.

    ඉන්දියාවේ සංගීත ක්ෂේත‍්‍රයේ ජය කෙහෙළි නැංවූ ඔහු වරක් ඕස්ටේ‍්‍රලියාවෙන් පිරිනැමුණු ආචාර්ය පදවියක් අළුයම ලූ කෙළපිඩක් සේ ඉවතලීමට තරම් නිහතමානි වූයේය. පොඩිඅප්පුහාමිගේ සංගීත ඥානය කෙතරම්ද යත් ඔහු භාරතීය සංගීතයට රාග දෙකක් නිර්මාණය කිරීමට තරම් හපනෙක් වූ බව පැවසේ. බෝපාල්, දිල්ලි ආදි ගුවන්විදුලි සේවා ගණනාවක සංගීත ශිල්පීන් වර්ගීකරණය කිරීමේ කමිටුවලට නායකත්වය දෙන්නට තරම් හෙතෙම විශිෂ්ටයකු විණි. ඉන්දියාවේ සංගීත ක්ෂේත‍්‍රයේ ඔහු දරා ඇති තනතුරු එකක් දෙකක් නොවේ. බොහොමයකි.

    ඉන්දියානු ජාතිකයන් පොඩිඅප්පුහාමි හඳුන්වා ඇත්තේ ‘සංගීතයේ දෙවියා’ යනුවෙනි. ඔහු නමට එන ලිපිවල ලිපිකවරයේ පවා එම ආමන්ත‍්‍රණය ඇති බව එම ලිපිකවර සියැසින් දුටු පේ‍්‍රමසිරි වැවේගෙදර පවසා තිබේ.
    වරක් ඬේවිඞ් පොඩිඅප්පුහාමිට අමරදේව මුණගැසුණි. අමරදේව වයලීනයේ ‘බෝ එක’ අල්ලාගෙන සිටින අයුරු දුටු පොඩිඅප්පුහාමි, ‘ඔහොමද යකෝ බෝඑක අල්ලන්නෙ’යි අසමින් අමරදේවගේ කන මිරිකා ඇත. මේ අවස්ථාවේ එතන සිටි අය තවමත් ජීවත්වෙති.

    ඬේවිඞ් පොඩිඅප්පුහාමි සංගීතවේදියා කලකට පෙර ඉන්දියාවේ මයිහාරයේදී අභාවප‍්‍රාප්ත විය. ඉන්දියානු කාන්තාවක හා විවාහ වූ ඔහුට පුත්තු දෙදෙනෙක් සිටිති. පේ‍්‍රමසිරි වැවේගෙදර මහත් කැපකිරීම් කර පොඩිඅප්පුහාමි සංගීතඥයා මියයන්නට පෙර ශ‍්‍රී ලංකාවට කැඳවාගෙන එන්නට උත්සාහ කර ඇතත් කාලකණ්ණි ඇන්ජීඕ කාරයකු නිසා ඒ උත්සාහය අසාර්ථක වී ඇත. මයිහාරයට ගොස් ඬේවිඞ් පොඩිඅප්පුහාමි මුණගැසුණු වැවේගෙදර ඔහු සම්බන්ධ රූපවාහිනී වාර්තා වැඩසටහනක් නිර්මාණය කළ බවත් එම නිර්මාණයේ වැදගත්කමක් දුටු කිසිවකු මාධ්‍ය ආයතනවල නොසිටි බවත් වාර්තා වේ. දැන් වැවේගෙදර සිය අත්දැකීම අළලා පොතක් ලියමින් සිටින්නේලූ.

    අපේ රටේ විශාරදලා, සංගීත මහාචාර්යලා, සංගීත් නිපුණ්ලා, පණ්ඩිත්ලා සිටිති. සංගීත් නිපුණ් සනත් නන්දසිරි වරක් පැවසූ පරිදි, ‘උස්තාද් කෙනෙකු වීම ආත්ම දෙකක් වත් ගත වන කාර්යයකි.’ ඇනකොන්ඩාගේ සංගීත ගුරුතුමා ඬේවිඞ් පොඩිඅප්පුහාමි ගැන දැන සිටියා නම් මේ පණ්ඩිත්ලා, නිපුණ්ලා නොදැන සිටින්නට හේතුවක් නැත. විජාතික බලවේගවල සුළුදියෙන් යැපෙමින් උන්ට කඹුරන අපේ උගතුන්ට ඇට්ටෑඹිකම් කරමින් හොරනෑ වයන ඊයේ පෙරේදා කලා ක්ෂේත‍්‍රවලට ආ සුකිරිබටිල්ලන් ගැන සති ගණන් කතාකරන මාධ්‍යකාරයන් බුරුතු පිටින් සිටියත් කිසිම මාධ්‍යයක උස්තාද් පොඩිඅප්පුහාමි ගැන නම් කතාබහක් නැත. පාසල් පොතක, විෂය නිර්දේශයක නැතිනම් වෙනත් පොතකපතක අපේ සංගීතඥයන්ගේ නම් ලැයිස්තුවේ උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි ගැන සඳහනක් නැත. මේ රටේ උපන් එකම උස්තාද්වරයා ගැන කිසිම තැනක කිසිම සඳහනක් නැත. ඊට හේතු කීපයක් තිබේ.

    උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි, ‘අනේ මහත්තයෝ මං ගැන ප‍්‍රචාරයක් දෙන්න’ කියමින් විස්කි බෝතල් හෝ වෙනත් පඩුරු පාක්කුඩම් හෝ උස්සාගෙන මාධ්‍යකාරයන් පස්සේ බඩගා නැත.

    තමතමන්ගේ හිතවතුන්ගේ පිටකහන්නටම සැදීපැහැදී සිටින මාධ්‍යකාරයන් උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි ගැන කතාකර තම හිතවතුන් පල්ලම් බස්සවන්නට ඉදිරිපත් වෙතැයි බලාපොරොත්තු විය නොහැකිය. (හොඳ මාධ්‍යවේදීන් කීපදෙනෙකු සිටියත් ඔවුන් යටකරගන්නට අර දීනයෝ සමත්ව සිටිති.)

    උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමිට ප‍්‍රචාරයක් දෙන්නැයි දේශපාලකයන් නියෝග කරන්නට ඉඩක් නැත්තේ ඔහු කිසිදු දේශපාලකයකුට පන්දම් අල්ලා නැති බැවිනි.

    ගුරුවරයාගේ ගුණ වයා තම ප‍්‍රතිරූපය පුම්බාගන්නට හපන් අද කාලයේ ගෝලයන් බඳු ගෝලයකු උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි මේ රටේ බිහිකර නැත. එම නිසා වසරක් පාසා උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි සමරු සන්දර්ශන, පුවත්පත් හා මාධ්‍ය හරඹ ආදිය මෙහි පැවැත්වීමට ඉඩක් නැත.

    ඬේවිඞ් පොඩිඅප්පුහාමි උස්තාද් තනතුරක් ලබා ඇතැයි කියා තමන්ගේ හුළං බස්සවාගැනීමට අපේ මොනම පණ්ඩිත් කෙනකුවත් නිපුණ් කෙනකුවත් මහාචාර්ය කෙනෙකුවත් ඉදිරිපත් වෙතැයි සිතිය නොහැකිය.

    එම නිසා උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි ගාන්ධර්වයාට යුක්තිය ඉෂ්ට කළ හැක්කේ පේ‍්‍රමසිරි වැවේගෙදර ලියන පොතට පමණි. හැකි ඉක්මණින් එය ප‍්‍රසිද්ධ කෙරේවායි ප‍්‍රාර්ථනා කරමු. ඇනකොන්ඩාද උස්තාද් ඬේවිඞ් පොඩිඅප්පුහාමි පිළිබඳ ලැබෙන තොරතුරු ඉදිරියේදීත් පළකිරිමට සැදීපැහැදී සිටී.


    http://anacondavit.blogspot.com/2012/12/blog-post.html
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    වටිනා ලිපියක් ඔය ගැන අද තමයි මම ඇහුවෙ සහෝ. ගොඩාක් ස්තුතියි මේක post කරලා අපිත් එක්ක බෙදාගත්තට :)

    5+
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්තූතියි දැණුවත් කලාට...........

    සත් සිතින් පොඩි දෙයක් කියන්න අවසර ද?

    උස්තාද් කියන අභිධානය හින්දුස්ථානි සංගීත වේදීන් හට ලබා දෙන්නේ, ඔහු මුසල්මානයෙක් නම් පමණයි. ඒ නිසායි උස්තාද් අලව්දීන් ඛාන්ලා, උස්තාද් ශාකීර් හුසේන් ලා,උස්තාද් අලි අක්බාර් ඛාන් ලා බිහිවුණේ. මේ ආකාරයට ම හින්දු හෝ වෙනත් ආගමික සංගීතවේදියෙකු හට දෙන ගෞරව නාමය පණ්ඩිත්. එනිසායි පණ්ඩිත් රවි ශන්කර්,පණ්ඩිත් භීම් සෙන් ජෝශි ලා බිහිවන්නේ, උස්තාද් රවි ශංකර් ලා නැතුව..............

    මේ සංගීතඥයා ගේ උස්තාද් පදවිය ගැන නම් මගේ යම් සංශයක් ඇති බව කිව යුතුයි. ඒ ඔහු මුසල්මානුවෙක් නොවන නිසා..........
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    'හෙළයේ මහා ගාන්ධර්වයා' වැනි විශේෂණ පද අමරදේවයන්ට යොදන්නේ එතුමා "අනික් සියළු සංගීතඥයන්ට වඩා උසස් ය" යන අර්ථයෙන් නොව හුදෙක් ගෞරවයෙනි. අමරදේව භාරතයට පිටත් කර හැරියේද බොහෝ දෙනාගේ අවශ්‍යතාවයක් ඉටු කිරීමට බොහෝ දෙනාගේ උත්සහයෙනි. එතුමා භාරතයේ බින්න නොබැස මෙරටට ආවේය.

    එවැනි ගෞරවයක් මේ කියන ගාන්ධර්වයා ලංකාවේදී ලබා නොගන්නට හේතුව බොහෝ විට එතුමා ඉන්දියානු සමාජයට අවශෝෂණය වූ කෙනෙක් නිසා විය යුතුය. ඔහු සිංහල විය හැක. නමුත් ඔහුගේ දරුවන් සිංහල තබා ශී ලාංකිකද යන්නම ගැටළුවකි. එතුමා රාගධාරී සංගීතයට කල සේවයට සුදුසු ගෞරවය ඉන්දියානු වැසියන්ගෙන් ලබා ගන්නට ඇත.