පණ්ඩිත් W.D අමරදේව මහතා අභාවප්‍රාප්තවි ඇති &#3

waligamaya

Well-known member
  • සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා.!

    ඒ මනුස්සයා අයී මේ අපායට එන්නේ ඕඅන නැ. මේක ගොඩයන රටක් නෙවෙයි.
     

    fastdrive

    Junior member
  • Jan 27, 2008
    113
    14
    18
    ඔබට නිවන්සැප ලැබේවා

    amaradewa01-2.jpg
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පින් කෙත හෙළ ලක් දෙරනේ...යළි උපදින්නට...හේතු වාසනා වේවා...හේතු වාසනා
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අමරදේව කලාකරුවාණනි ඔබට නිවන් සුව....! ඔබ අපේ හදවත් තුල සදා අමරණීයයි.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද පවතින සුභාවිත ගීතය වැඩුනේ අමරදේව කියන දැවන්ත වෘක්ෂය සෙවණේ ඒ වෘක්ෂය මියගිය පසු ඇතිවන හිඩස ආවරණ කිරිමට කිසිවෙකුට නොහැකි බව මගේ මතයයි :(:(:(

    එතුමාට නිවන් සුව ලැබේවා !!!
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුවේදී මෙලොව එළිය දුටු,වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස පසු කලෙක ඩබ්.ඩී අමරදේව නමින් ප්‍රකට වූ අතර එම නම භාවිතා කරන ලෙස යෝජනා කර ඇත්තේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් යයි කියනු ලැබේ.

    සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කරගනිමින් හෙතෙම හෙළ සංගීත ක්ෂේත්‍රයට අමිල සේවයක් ඉටු කළේය.

    අමරදේව සූරීන් අධ්‍යාපනය ලැබුවේ ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙන් වන අතර ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. ඉක්බිතිව ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත්ව පසු කලෙක ඉන්දියාවේ ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයටද ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරුවේය.

    "අශෝකමාලා" චිත්‍රපටය රූපගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයාවු මෙහොමඞ් ගවුස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස අමරදේව සූරීන්ගේ සේවය ලබාගෙන තිබේ.

    දෙස් විදෙස් සම්මාන රාශියකින් පිදුම් ලැබූ අමරදේව සූරීන් ඒ අතර පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදීය විශේෂ කොට සැලකිය හැකිය.

    එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සලකුණු කළ විශිෂ්ටයෙකු විය.


    premium-white-funeral-wreath-perth.jpg


    විශිෂ්ඨ ඝාණ්ධර්වයාණෙනි ඔබට නිවන් සුව....!!​
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    ඔබට නොදන්වා මරු මෙහි ආ දා....
    යන්නට සිදු වන්නේ...
    ඉන්නට බැරි වන්නේ...
    නොතිර සසර සාග‍රේ...!

    ඉපිද මැරී යලි ඉපදෙන චක්‍රය බිඳ, නිවන් සුවයම ලැබීමට හේතු වාසනා වේවා...!
     

    kal00

    Active member
  • Feb 7, 2009
    544
    120
    43
    සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා.!

    :( :(
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සප්තස්වරයෙන් අප නැලවූ ගාන්ධර්වයානෙනි ඔබ මේ පින් බිමෙහි පහල වූ උතුම් මිනිසුන් අතරින් අයෙකි.. අනිත්‍ය පසක් කරවමින් අප හැරගිය ඔබට පතන්නෙමි අමා මහ නිවන් සුව..