පත්තිනි දේවියගේ උපත

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    පත්තිනි දේවියගේ උපත

    පත්තිනි දේවියගේ උපත

    දෙවියන් ගැන මිනිසුන් අතර විවිධ අදහස් හා විශ්වාසයන් පවතිනවා. පත්තිනි මෑනියන් ගැනත් එසේමයි. විශ්වාසයේ පවතින අන්දමට පත්තිනි දේවිය උපත ලැබුවේ අඹයකින්.

    පාණ්ඩ්‍ය දේශයේ දෙවි අප්පාඩි නම් රජ කෙනෙක් සිටියා. මේ රජුට උපතින්ම නෙත් තුනක් තිබුනා. නළලේ පිහිටා තිබූ අතිරේක නෙත නිසා මිනිසත් බව ඉක්මවූ බලයක් මොහුට ලැබී තිබුනා. ඒනිසා තමයි මේ රජුගේ බලය රාජ්‍යයන් 18ක් පුරා පැතිරී තිබුනේ. උපතින්ම ලැබුනු මේ භාග්‍යසම්පන්න පිහිටිම රජු රටේ වැසියන්ගේ යහපත පිණිසම යොදා ගත්තා. රජු බොහෝම ධාර්මික ලෙස කටයුතු කල කෙනෙක්. ඒ නිසාම රටවැසියන් නිතරම රජුගේ ගුණ ගායනා කලා. එනිසාම රජුගේ කීර්තිය දෙව් ලොව තෙක් පැතිර ගියා.

    මේ රජුගේ යහපත් කම ගැන ඇසූ සක්‍ර දෙවියෝ විශ්කම් දෙවිදු ලවා ඔහුට විශාල මන්දිරයක් තනා දුන්නා. මේ දෙව් හැදුරේ මහත් ඉසුරු විදිමින් විසූ දෙව් අප්පාඩි රජ තමා තරම් ඉසුරු ඇති බලසම්පන්න රජෙක් වෙනත් නැති බව සිතමින් බොහෝ සෙයින් අහංකාර සිතුවිලිවලින් සිත පුරවා ගත්තා.

    බලකාමය හිසට ඇතුලුවීමත් සමගම එතුමාගේ යහපත් ගතිගුණ සියල්ලම හා ධාර්මික පාලනයත් නැතිව ගියා. ඉන්පසුව ඔහු හිතුවක්කාර ලෙස ක්‍රියා කරන්නට පටන් ගත් නිසා රටවැසියන් මහත් ව්‍යාසනයකට ගොදුරු වුනා.

    මෙම රජු තමන්ට විරුද්ධවන සතුරෙක් වෙයි නම් ඔහුව විනාශ කිරීමට ක්‍රියාත්මක වුනා. මේ අදහස ක්‍රියාවට නංවන්නට මිනිසුන් එවන ලෙස අනෙක් රාජ්‍යවල රජවරුන්ට හසුන් පත් යැවුවා. නමුත් සොලී රටේ රජු මේ අදහස ප්‍රතික්ෂේප කොට රජුට පරිභව කරමින් තමාගේ රටෙන් එකද මිනිසෙකුවතු නොඑවන බව දන්වා යැවුවා. පාඩි රජු මින් මහත් කෝපයට පත්වී චතුරංගනී සේනාව කැදවමින් සොලී රජු සමග යුද වදින්නට පිටත් වුනා. මේ අවස්ථාවේ දෙවියෝ සොලී රජුට පක්ෂව කටයුතු කරන්නට තීරණය කරමින් මහා බලසම්පන්න දෙවි අප්පාඩි රජු යුද්ධයෙන් පරදවා මහත් ලැජ්ජාවට පත්කලා. මින් කෝපයට පත් අප්පාඩි රජු සොලී රටට සත් අවුරුද්දක් වැසි නොවසීවායි සාපයක් කරමින් තම රටට පලා ගියා.

    පාඩි රජුගේ සාපයට ගොදුරු වූ සොලී වැසියන් සත් අවුරුද්දක් වැසි නොලැබී බොහෝ දුක් වින්දා. ඔවුන්ට ආහාරයට කිසිත් නොලැබුන අතර කුසගින්නේම මිය යන්නට සිදුවුනා. සොලී රට එකම මල ගෙයක් බවට පත්වුනා.

    සොලී රටවැසියන්ට වූ මේ විපත දුටු සක් දෙවියන් පාඩි රජුගේ නළලේ නෙත නැති කිරීමෙන් එම ශාපය දුරුකල හැකි බව සිතා ඒ කාර්යය භාර දීමට සුදුසු කෙනෙකුන් කවුරුදැයි දිවැසින් බැලුවා. මේ අවස්ථාවේ තමයි සක් දෙවියන් දුටුවේ පත්තිනි දේවිය මලකින් ඉපිද අදුන් ගිරි කුළෙහි තපස් රකිමින් සිටින බව. මහළු වෙසක් මවාගෙන අදුන් ගිර තරණය කල සක් දෙව් රජු “නැගණියනි , තුන්වේලකින් අහරක් නොලැබුනේය. සුදුසු දනක් දෙන්නැයි ඉල්ලා සිටියා.

    මලකින් ඉපිද මල් රේණු අනුභව කොට ජීවත් වන මම නුඹට කුමක් දානය ලෙස දෙන්නෙම්ද? කියා ඇසුවා.
    “දනක් නොලැබුනොත් මම බඩගින්නේම මිය යාවි. මහල්ලා කියූ නිසා පත්තිනි දෙවියෝ අදුන් ගිරිකුළ පයින් මඩකර අහසට අත දිගුකර රත්හැල් ලබා ගල මුදුනේ වපුරා සහල් අරගෙන දානයක් පිළියෙල කොට මහල්ලාට දුන්නා.

    මේ වෙලාවේ සක් දෙවියෝ පත්තිනිය කෙරෙහි මහත්සේ පුදුම වූ අතර තමා බලාපොරොත්තුවන කාර්යය කිරීමට පත්තිනිය සමත්වන බව දැන ඒ කාර්යය ඇයට පැවරුවා.

    ඉන්පසු සක්දෙවියන්ගේ උපදෙස් අනුව පාඩි රජුගේ උඹ උයනේ අඹ දහසක් පිරිවරාගෙන රන්වන් අඹයක පත්තිනි දෙවියෝ පිළිසිද ගත්තා. අකලට හටගත් මේ අඹ කෙමෙන් කෙමෙන් මෝරන්නට වූ අතර පත්තිනි දේවිය පිළිසිදගත් අඹය දිය කළයක් පමණ විශාල වුනා. මේ විශාල අඹය නෙලාගෙන ගොස් පාඩි රජු බැහැ දැක තෑගි ලබාගනිමි සිතමින් අඹය නෙලාගන්නට ගහට නගින්නට වුනා. කීප වාරයක්ම ගසට නගින්නට උත්සාහ ගත් නමුත් යළි යළිත් රූටා වැටුනු උයන් පල්ලා තමාට හැකි හැම ක්‍රමයක්ම යොදා අඹය කඩාගන්නට නොහැකි වූයේ රජතුමා වෙත මේ තොරතුරු දන්වා සිටියා. රජතුමා අඹය නෙලාගෙන එන්නට රාජ පුරුෂයන් අඹ උයනට පිටත් කලා. ඔවුනුත් හිස් අතින් රජු වෙත පැමිණියා. මේ අඹය බැලීම පිණිස අඹ උයනට පැමිණි රජු තමන්ගේ තිනෙත් විදහා අඹය දෙස බැලුවා.

    ඒ අවස්ථාවේ රජුගේ නළලේ නෙතට අඹයෙන් කිරි විද්දා. රජු අඹ කිරි අතින් පිස දැමීමේදී ඒ ඇසත් මැකී ගියා. රජු අඹ ගස වහාම කපා දැමිමට රාජ පුරුෂයන්ට නියෝග කල අතර, ඔවුන් ගස කැපීමට සූදානම් වුනා. නමුත් ගස කැපුනේ නැහැ. පොරෝ ආදී සියලුම ආයුධ කැඩී පොඩිවී ගියා. සෙනවියන්, දුනු ශිල්පයේ කෙළ පැමිණිවුන් ඒ වගේම නොයෙක් තරාතිරමේ අය මේ අඹය නෙලීමට ගත් සියලුම උත්සාහයන් අසාර්ථක වුනා.

    කිසිම දෙයක් කරකියා ගන්නට නොහැකි වුන රජතුමා අඹය නෙලා දුන් අයෙකුට තෑගි දෙන බවට අනෙක් රාජ්‍යවලත් ප්‍රසිද්ධ කලා. මේ රාජ්‍ය දහ අටෙන්ම පැමිණි කුමාරවරු, සෙන්පතියෝ, දුනුවායෝ, හැමෝගෙම උත්සාහයෙන් පලක් වුනේ නැහැ.

    මේ අතරේ දුනු හී රැගත් එක්තරා මහල්ලෙක් රජු ඉදිරියට ආවා. ඔහු රජුගෙන් අඹය නෙලීමට අවසර ඉල්ලුවා. ඒ වෙලාවේ කේන්තියෙන් සිටි රජු මහල්ලාට එතැනින් පිටවෙන ලෙසට අණ කලා. රැස්ව සිටි පිරිස මහල්ලා දෙස බැලුවේ බොහොම අවඥා සහගත විදියටයි. නමුත් පසුබට නොවූ මහල්ලා තමන්ට එය කල හැකි බව රජුට අවධාරණය කර සිටියා. ඉන්පසු රජුගේ අවසරය ලැබුනා. අඹ ගස යට වියනක් අල්ලා සිටින ලෙස ට කි මහල්ලා දුනු දිය ඇද්දා. ඊතලය උඩට යාමේදී නඩුවේ අඩක් කැපුණු අතර එය නැවත එන ගමනේදී ඉතිරි කොටසත් කැපී අඹය වියනෙහි රැදුනා. මේ මහලු වෙසක් ගෙන සිටියේ වෙනත් කිසිවෙකුත් නොව සක් දෙවිදුයි.

    මෙසේ වියන උඩට වැටුනු අඹය නුවර තබා ගැනීම සුදුසු නැති බව කී නිසා රජතුමා රන් කරඩුවක් ගෙන්වාගෙන අඹය එය තුළ තබා වසා ගගේ පාකර හැරියා. අල්ලපු රටේ “මනායෙර නම් රජු තම දේවිය සමග ගගේ දිය කෙළිමින් සිටින අතර කුමක්දෝ දෙයක් ගගේ පාවෙවි එන ආකාරය දැක එය අහුලා ගත්තා. එය රන් කරඩුවක්. එහි පියන විවෘත කර බැලූ විට දකින්නට ලැබුනේ කිසිම දාක නොදුටු තරමේ විශාල අඹගෙඩියක් . රජු සහ දේවිය මින් බොහෝ පුදුමයට පත්වී මේ රන් කරඩුව ගෙන ගොස් බොහෝ සුරක්ෂිත ලෙස තැබුවා.

    ඉන් ටික දිනකට පස්සේ මේ අඹය ගැන රජ පවුලට අමතක වෙලා ගියා. මේ බව දුටු සක් දෙව් පත්තිනි දෙවියන් බිහිවෙන මොහොතද දැන බමුණු වෙසක් ගෙන රජ වාසලට පැමිණියා. තමාගේ දේවියට දොළදුකක් සැදී ඇති බවත් අඹ ගෙඩියක් දෙන ලෙසත් ඉල්ලා සිටියා. නුවර කිසිම තැනෙකින් අඹයක් සොයා ගැනීමට නොහැකි වූ නිසා වාසලට පැමිණි බවත් දන්වා සිටියා.

    “මේ අවාරයේ අඹ සොයන්නේ කොහෙන්දැයි? රජු ඇසු විට එය බිසවට ඇසී තමා සුරක්ෂිතව තබා ඇති අඹය ගැන මතක් වී වහාම ගොස් අඹය තිබුන රන් කරඩුවේ පියන් පත ඉවත් කලා. පුදුමයෙනුත් පුදුමයි!!!!! ඉතාමත් ලස්සන ආලෝක ධාරාවක් විහිදුවමින් දෙවගනක් මෙන් ඉතාමත් ලක්ෂණ කුමාරියක් බිසවගේ අතට පැන්නා. මේ කුමාරිකාව පත්තිනි දේවිය ලෙස ප්‍රකට වූ බවයි සදහන් වෙන්නේ.

    ඉස්සීමකි
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මලෙන් උපන් මල් පත්තිනි දේවිය කැන්දන් යන දවසේ...

    ඇස් කූඩෙන් මන් වතුර අදින්නම් ඔබෙ මගුල් දවසේ....
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ඉසුරෙන් උමාවන් රුසිරෙන් පිරි සමාවන් පතිනි සිරිමාවන්
    මේ අපේ වරදක් ,දුරු සමාවන් සතර දේවාලේ දෙවියනි අපි ඔබගේ වහලේ
    නුවන දෙම් බාලේ රකිම් දෙවියෝ අප දෙවෙලේ ,,,
    නුවර ගිනිලා ගෙන පඬිපුර ගිනිගසා ගෙන තෙද පත්තිනි කියන ගොසින්
    වෙල් ලියම්බලමේ ලගුම්ලන
    ගොස් වෙල් ලියම් බලා ගොසින් සිටියයි , මං බලා තෙද පතිනියෙන් බලා
    ඔබය කිවේ වැසෙන දෙවි බලා එකීයක්ද කාගේ,,,,
    රට සිටන් අවු ද වේගේ කියන සිතුරාගේ වරද නොකියා පලය මාගේ
    ඇති ගම් කෙත් වතුත් ඇති දිව කම් පත් තුටුත් දිය නුබටත් මුතුත්,
    කියපු මගේ මේ උපන් නැකතුත් මේ ආතුරන් වෙනුවට
    කරවා දුන්න ගිනි වැට, ගිනිවැට පහන් කොට දීපු පඬුරෙන් රෝග දුරු කොට
    උඩින් හා වඩිවදා,මඩින් මන් පිදී වදා උඩින් සේසත් ලවා
    වාඩින් ඔරු මාල පත්තිනි දෙවි සොදා වෙසෙන්නේ මල් පිට මල් රේණු
    කාරණාවෙන් නුවා දැයි මෙතැනට කෙසේ දන් දෙමුදෝ යෙයි නුබට
    ඒ නිසා සමුනන් ,සමුනට කියතී නොම දැන් මල් දැන් කතෝතින් දෙමු අඩුවක් නැතිව
    අපි දැන් පඬි රජුන් නේ නළලේ නෙතක් තෙදිනේ
    මැකුවා නස කින්නේ ගතිය ලොව නරයින් විසින් මේ එරජ මන් වින්දා කරපුවෝතින් නින්දා
    බිසවුනේ කුමන්දා පිහිට කාර නොකීයාපන්දා,,,,,
    දිය බිබිලි තුන පිට රන් පල තබයි දියෙන් ගිනි මුල කොට ඉදන් :yes::yes::yes:
    tawa tiyanawa ban atha ridenawa
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ

    මේක ගත්තෙ මොන පොතකින්ද?
     
    :yes::yes::yes:
    thanx machanla
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    mcn oka gatte pothakin nemei..oka paththini dewale yathika karanakota kiyana yathikawak...issara oka pothwala tibunada danna..ekenuth kiyanne paththini dewiya gana tamai:yes::yes: