පතිවත රැකීමේ ආනිසංසයෙන් (කාන්තවන්ට විශේශ

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    පතිවත රැකීමේ ආනිසංසයෙන් (කාන්තවන්ට විශේශ

    bqq2.jpg

    බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉතා පි‍්‍රය මනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා ය. දිවි දෙවෙනි කොට පතිව්‍රතා ධර්මය ආරක්‍ෂා කළ ඕතොමෝ ස්වාමියාට ඉතා කීකරුය. සැමියාගේ වචනය ඉක්මවා නොයන්නීය. කිසි විටෙකත් සැර පරුෂ වචන කථා නොකරන මිහිරි වදනින් සැමියා සනසන ඉවසීමේ ගුණය පුහුණු කළ ස්වාමියාට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරමින් ගෞරව කළ ආදර්ශමත් කාන්තාවක වූවා ය.

    සැමියා උපයන වස්තුව ඉතා අරපිරිමැස්මෙන් පරිහරණය කළ ඈ ධාන්‍ය කොටන විට ඉතිරිවන කුඩු පවා ඉවත නොදමා ගත හැකි ප්‍රයෝජන ගැනීමට තරම් සුපරීක්‍ෂාකාරී වූවා ය. රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධාව ඇති ව හැකි හැම අවස්ථාවකදීම දාන මානාදී කුසල කර්මයන්හි ව්‍යාවෘත වූවා ය. ඈ තුළ පැවති ඉතාම උතුම් ගුණය වූයේ සත්‍යවාදී බවය. මේ අන්දමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ ඈ කර්මානුරූපව රෝගයකට ගොදුරු වීමෙන් අකාලයේ මිය පරලොව ගියා ය.

    ජීවත්ව සිටියදී අමුතු පින්කමක් නො කළ ද ඇය මහත් භක්තියෙන් ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයේ බලයෙන් තව්තිසා දෙව්ලොව අලංකාර දිව්‍ය විමානයක උපන්නාය. විශාල පරිවාර සම්පත්තියෙන් ද මහත් වූ දිව්‍ය ඓශ්චර්යයෙන් ද අනෙකුත් දෙවඟනන් අතර කැපී පෙනෙන රූප ශෝභාවක් ද ලැබුවා ය.

    මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩි එක් අවස්ථාවකදී උන්වහන්සේගේ අවධානයට ලක් වූයේ මේ දෙවඟනය. මිනිස් ලොව දී ඇය ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයේ මහිමයෙන් මේ සියලු සම්පත් ලත් බව උන්වහන්සේ දනිතත්, ඇගේ මුවින්ම එය කියවීම පතිව්‍රතාවේ මහිමය අනික් දෙවඟනන්ට ද ප්‍රත්‍යක්‍ෂව අවබෝධ කරවීමට මහඟු පිටිවහලක් වන නිසා මෙසේ විමසූහ.

    ‘පින්වත් දේව දියණියෙනි, ඔබගේ දිව්‍ය ඓශ්චර්යය වර්ණනා විෂයාතික්‍රාන්තය, සිතූ පැතූ සම්පත්, දහස් ගණන් පරිවාර දිව්‍ය ස්ත්‍රීන්, විසිතුරු දිව්‍ය විමානය, සෘද්ධිබලය ආදිය නිසා ඔබ අනිත් දෙවඟනන් අතර විශේෂයෙන් ඉස්මතු වී පෙනෙන්නෙහිය. ශරීරයෙන් නික්මෙන කාන්තියෙන් හාත්පස බබළන්නේ ය. ඔබගේ විධානය පක්‍ෂි නාදයෙන් ගීතවත් ය. මෙසේ මහානුභාව සම්පන්න දිව්‍ය ඓශ්චර්යයක් ලබන්නට හේතු වාසනා වූයේ මනුෂ්‍ය ලෝකයේ කරන ලද කවර නම් පුණ්‍යකර්මයක් නිසාද?

    ඊට පිළිතුරු වශයෙන් ඇය මිනිස් ලොව දී ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයත්, ආගමානුකූල ඇවතුම් පැවතුම් රටාවත්, පිරූ ගුණ ධර්මත් විස්තර වශයෙන් උන්වහන්සේට හෙළි කළේ අධිකතර සන්තෝෂයෙනි. ‘ස්වාමිනි, මේ සියල්ල මට ලැබුණේ අනික් කුසලයක් නිසා නොව ස්වාමි භක්තියෙන් පතිව්‍රතාව ආරක්‍ෂා කරමින් ගත කළ දැහැමි ජීවන රටාව නිසාමය.

    එම දෙවඟනගේ කථාව මුල් කර ගනිමින් සෙසු දෙවඟනන්ට දහම් දෙසූ මුගලන් මහ රහතන් වහන්සේ පෙරළා මිනිස් ලොවට පැමිණීමෙන් පසු බුදුරජාණන් වහන්සේට ද සැළ කර සිටියහ. ඊට සවන් යොමු කළ උන්වහන්සේ ඇයගේ දහම් දිවි පෙවෙත අගය කරමින් රැස්ව සිටි පිරිසට ධර්ම දේශනා කළ සේක. ඒ ධර්ම දේශනය බොහෝ දෙනාගේ හිත සුව පිණිසම හේතු වූයේ ය.

    ආදරණිය දියණිවරුනි ,මව්වරුනි ඔබත් සිතා බලන්න .පතිව්‍රතා දර්මය යනු මෙලොව විවාහක ස්ත්‍රියකට ඇති ඉහලම ගණයේ ආභරණයකි.මෙලොව කෙතරම් ආභරණ පලඳා ගත් ස්ත්‍රීන් සිටියද ඔවුන්ගේ ආභරණ වල ව්ටිනා කම මෙලොවට පමණි නමුත් මෙම උතුම් ගුණ දරාගත් ස්ත්‍රියකගේ වටිනාකම රන් ආභරණ කෝටියකට වඩා උසස්ය.මෙවන් උතුම් ගුණ ඇති ස්ත්‍රිය මෙලොව පරලොව දෙකෙහිදීම සැපයෙන් සැපයටම පත්වන බව අවිවාදිතය.

    තෙරුවන් සරණයි
    ධර්ම දානය පිණිස මිතුරන් අතර බෙදා හරින්න.

    උපුටාගැනීම :- ( බුදුසරණ අන්තර්ජාල කලාපය )


    CzmzHb3.gif

     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    පතිවත වගේම පතිනිවත කියල දේකුත් තියෙනවා මචන්ලා :yes:;)
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113