පතුළක් නැති ළිඳ

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    පතුළක් නැති ළිඳ

    neelawarei-3.jpg

    යාපනයේ පොළොව ගුප්ත එකක්. එක් තැනක් සම්පූර්ණයෙන් සිප්පි කටුවෙන්හුණු වැරැටිවලින් සමන්විතයි. තවත් තැනක් සාර වූ ඉතාම පෝෂණීය පසක් ඇති භූමියක්.මේ නිසා යාපනය ලංකාවේ අනිත් තැන් වලට වැඩිය වෙනස්. යුද්දෙන් පස්සේ බොහෝ දෙනා යාපනයේ ඇවිදින්න යනවා. ගිහිල්ලා නල්ලුර් කෝවිල,නාගදීප පේදුරු තුඩුව, ඩෙල්ෆ් ගිහිං තව කීප තැනක් බලලා තල් රා ටිකක් බීලා තල් හකුරු අරං එනවා එච්චරයි.

    හැබැයි යාපනයේ බලන්න තියෙන දේවල් අතර විශේෂ දේ බොහොමයක් තියෙනවා.එකක් තමයි පතුළ නැති ළිඳ. මේකට කියන්නේ නිලාවරෙයි කියලා. යාපනයේ ඉඳලා කිලෝමීටර් 17ක දුරින් තමයි පිහිටලා තියෙන්නේ.

    හරියටම ගත්තොත් මේ පතුල නොපෙනෙන ළිඳ පිහිටා ඇත්තේ නීලාවරෙයි හන්දියට නුදුරින්. ඒ පැත්තේ අය කියන්නේ මේ ළිඳේ ජලකඳ යාපනය පොළොව කුහරය යටින් ගමන් කර ඉන්දියානු මහ සයුර දක්වා ගමන් කරනවා කියලා.

    neelawarei-6.jpg

    “එදා සටන් විරාම කාලේ මේ ළිඳට මනුස්සයෙක් වැටුණා. ළිඳ ගැඹුරු නිසා මිනිය හොයාගන්න කවුරුවත් ළිඳට බැස්සේ නෑ. වැටුණු මිනිහාගේ මිනිය පස්සෙදි හමුවුණේ කන්කසන්තුරෙයි මුහුදෙන්.”

    මුල්ම කාලේ තරුණ ජෝඩු මෙතැනට ඇවිත් සියදිවි නසාගන්නත් සූදානම් වුණා. සමහරු පැනලා ඒ විදියටම මිනී හමුවුණේ නෑ. දැන් මෙතැන ආරක්ෂාව තියෙනවා. අනෙක ළිඳ පතුල සොයාගන්න බැරි නිසාම එක්තරා සීමාවකට යටින් දැල් ගහලා අද තියෙන්නෙ.” මෙවැනි අපූරු කතා රැසක් එගම්වැසියෝ කියනවා. සමහරුන් මේ පිළිබඳ පරීක්ෂණ කරලා තියෙන්නේ තමන් දන්නා විදිහට. තවත් ගැමියෙක් ඒ පරීක්ෂණ විස්තර කලේ මෙහෙම‍

    “එක වතාවක් ගමේ කොල්ලො ටිකක් මේ ළිඳ ළඟට ඇවිත් දෙහි ගෝනියක් ළිඳට හැලුවා. ඒවා මතුවෙන්නේ කොයින් ද කියලා ඒ අය විමසිල්ලෙන් හිටියා. කීරමලෙයි මුහුදින් තමයි එදා මේ දෙහි මතුවෙලා තියෙන්නෙ.

    මේ විස්මිත කතා අදහන්න බෑ වගේ දැනුනත් ඒ කතා බොරු කියලා බැහැර කරන්න බෑ. ඒ කොහොම වුනත් ජාතික ජල සම්පාදන මණ්ඩලය අච්චුවේලි ප්‍රදේශයට වතුර දෙන්නේ නීලාවරෙයි පතුල නොපෙනෙන ළිඳෙන්. කොයිතරම් වතුර ගත්තත් නොසිඳෙන මේ ළිඳෙන් දවසකට ගැලුම් දස දහස් ගණනක් පොම්ප කරනවා. එහෙත් එය මොනතරම් නියඟයකදී වුව නොසිඳෙන ළිඳක් වීම පුදුමයක් තමයි.

    neelawarei-4.jpg


    neelawarei-2.jpg

    ඇතැම් ජනප්‍රවාද කියන විදිහට මේ ළිඳේ ඉතිහාසය රාවණා යුගය දක්වා විහිදෙයි. රාවණා විසින් පැහැර ගනු ලැබු සීතාව සොයා රාම කුමරා ලංකාවට ගොඩ බැස්සේ හනුමන්තාගේ නායකත්වයට යටතේ සිටි වානර හමුදාවත් එක්ක. ලංකාවේ උතුරු කොනට ගොඩබට මේ මහා වානර හමුදාවට බීමට ජලය තිබුනේ නැහැලු. මේ නිසා පිපාසය ඉවසාගත නොහී වානරයෝ කෑමොර දීලා තියෙනවා.මේ වෙලාවේ රාම කුමාරයා තම අත දරා සිටි දුන්න පොළොව වෙත මානා ස්තෝත්‍රයක් ජප කරමින් හීයක් විදලා තියෙනවා. ඒ හී පහරින් පොළොව පලා මතුවෙලා මහා ජල කඳක් ඇවිත් තියෙනවා. ඒ ජලකඳ මතුවෙලා තතියෙන්නේ මෙතනින්.රාමාගේ හී සරයේ ප්‍රබලත්වය කොයිතරම් ද කිවහොත් පැලී ගිය පොළොවේ කෙළවරක් සොයා ගන්න බැරිවෙලා. ඒකලු මේ
    ළිඳට පතුලක් නැත්තේ.

    එසේම දෙමළ ජනකතා අතර තවත් කතාවක් මෙය ශිව හා පාර්වතී දෙවියටත් සම්බන්ධ කරනවා. පාර්වතී දේවියට ඉවසාගත නොහුණු පිපාසයක් මේ නීලාවරෙයි ප්‍රදේශයේදී ඇති වෙලා තියෙනවා. මේ කටුක ගුප්ත පොළොව දෙස බැලු ශිව හිස් අහස් කුසට අත් ඔසවා ප්‍රාර්ථනාවක් කලාට පස්සේ පොළොව දෙබෑවි මේ අපූරු ළිඳ නිර්මාණය වීය.

    තේරුම් ගත නොහැකි ඕනෑම සංසිද්ධියක් අරබයා මිනිස්සු දේවත්වය කැඳවා ගන්න එක සාමාන්‍ය දෙයක් . ඒත් යාපනය නීලාවරෙයි පතුල නොපෙනෙන ළිඳ ගැන හන්තාන මූලික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ භූ විද්‍යාඥ මහාචාර්ය සී. බී. දිසානායකයන් කරුණු විස්තර කැර ඇත්තේ මෙහෙමයි.

    “ළිඳක් වුණාම පතුළක් තිබිය යුතුයි. එහෙත් යාපනයේ භූ විද්‍යාත්මක සාධකවලට අනුව නීලාවරෙයි ළිඳේ තියෙන්නේ වෙනස් තත්ත්වයක්. යාපනය පොළොවේ යට තියෙන්නේ හුණුගල්.මේවා ලෙහෙසියෙන්ම කැබැලි වෙනවා. ඒ අතර කුස්තර හැදෙනවා. මේ කුස්තර අතරින් පහසුවෙන් ජලය ගලා යනවා. මේ විදියට කිලෝමීටර ගණනාවක් වුණත් ජලය ගලාගෙන යන්ඩත් පුළුවන්. නමුත් පොළොව ගිලා බැසීම් හා කඩා වැටීම් සිද්ධ වීමේ අවදානම වැඩියි.”

    “සාමාන්‍යයෙන් හුණුගල් කුස්තුර තියෙන නිසාම ජල මාර්ග එකිනෙක සම්බන්ධ වෙලා පද්ධතියක් ලෙස පොළොව යටින් ගලා යාම පහසු කරවන්නක්. එවැනි භූගත ජල මාර්ග මුහුද දක්වාම පැතිරි තිබෙන්නටත් පුළුවන්. මේ සාධක අනුව අපට නිගමනය කළ හැක්කේ නීලාවරෙයි ළිඳේ පතුල නොපෙනෙන්නේ එහි ඇති හුණුගල් කුස්තර නිසයි.


    uputa ganimaki.
    http://www.awidimu.com/
     

    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    මමත් ඔක බලන්න ගිය මචන්, ඔය ලිඳ කෙලින්ම දෙවාලයක් තියෙනව, මට මතක විදිහට එකෙ ප්‍රදාන දොර තියෙන්නෙ මෙ ලිඳ කෙලින්ම. දෙවාලෙ ප්‍රදාන උත්සව කාලෙට දෙහි කපපුවයි තව මල් එහෙම මෙකට දානවලු,, එව ගොඩාක් ඈත මුහුදෙන් මතුවෙල තියෙනවලු.
    මේක මොකද්ද කියල පරික්ශනයක් කරන්න සුද්දෙක් ඔකෙ කිමිදිලා තියෙනව, අද වෙනකන් සුද්දට වෙච්ච දෙයක් නෑ..
    :no:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මමත් ඔක බලන්න ගිය මචන්, ඔය ලිඳ කෙලින්ම දෙවාලයක් තියෙනව, මට මතක විදිහට එකෙ ප්‍රදාන දොර තියෙන්නෙ මෙ ලිඳ කෙලින්ම. දෙවාලෙ ප්‍රදාන උත්සව කාලෙට දෙහි කපපුවයි තව මල් එහෙම මෙකට දානවලු,, එව ගොඩාක් ඈත මුහුදෙන් මතුවෙල තියෙනවලු.
    මේක මොකද්ද කියල පරික්ශනයක් කරන්න සුද්දෙක් ඔකෙ කිමිදිලා තියෙනව, අද වෙනකන් සුද්දට වෙච්ච දෙයක් නෑ..
    :no:

    :shocked::shocked::shocked::shocked:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මමත් පහුගිය 27 ගියා මචන් ඔය ලිද බලන්න. එතනදි සෙට් උන යාපනේම කෙනෙක් කීව ඔය ලිදේ ගැඹුර මීටර් 245ක් කියල. ඔය කතා වල ඇත්ත නැත්ත මොනව උනත් බලන්න යන්න වටින තැනක්.-
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    මාත් ඕක ගැන අහල තියෙනවා. ඒත් ඇයි බන් කවුරුත් ඕකට කැමරාවක් වගේ දෙයක් යවල බලන්නෙ නැත්තෙ. අඩුම ගානෙ ගලක් ගැටගහල ලනුවක්වත් දාලා බලපන්කො කොච්චර යටට යනවද කියල.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඕක ගවේෂණය කරලා තියෙනවා. මට ලිපිය මතක නැහැ. මේකද මන්ද.
    http://elagossip.com/%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B7%85-%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%B1-%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B7%85/

    පතුල නොපෙනෙන ළිඳ පිළිබඳ අපි අසා ඇත්තෙමු. නිලාවරේ යන නමින් හැඳින්වන මෙම ළිඳ යාපනය-පේදුරුතුඩුව මාර්ගය ආසන්නයේ පිහිටා තිබේ. නිලාවරේ ළිඳ හින්දු භක්තිකයන්, සංචාරකයන් හා වන්දනාකරුවන් අතර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පතුල නොපෙනෙන ළිඳ වශයෙනි. උතුරු පළාතේ සංචාරය කරන සංචාරකයෝ වැඩි දෙනෙක් මෙම ළිඳ නැරඹීමට යෑමට අමතක නොකරති. පතුල නොපෙනෙන මෙකී ළිඳ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ මුහුදු පුරාවිද්‍යාඥයන් විසින් ගවේෂණය කරනු ලැබිණි.

    ළිඳ පරීක්‍ෂා කිරීමට ගිය අප හට මුලින්ම ඒත්තු ගියේ මෙය ළිඳක් වශයෙන් භාවිත කළද එය ස්වාභාවිකව නිර්මාණ වූ හුනුගල් ආවාටයක් බවය. මෙම ළිඳේ පළල මීටර් 15ක පමණ විශාල ආවාටයකින් නිර්මාණය වී ඇත. පිරිසුදු නිල්වන් දියෙන් පිරී ඇති ළිඳ ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාවන් සපුරාලන්නේ අවුරුදු සියගණනක සිටය. ළිඳ ආසන්නයේ පැරැණි චෛත්‍යයක නටබුන් මෙන්ම හින්දු කෝවිල් කිහිපයක් ද දක්නට තිබේ. පැරැණි චෛත්‍ය ගොඩනැඟිල්ල හේතුවෙන් මෙම ළිඳ පිහිටි භූමිය පුරාවිද්‍යා රක්‍ෂිතයක් ලෙස නම් කොට ඇති බව මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා කියයි.

    මෙම ගවේෂණ කටයුත්ත සංවිධානය කරන අතරතුරේදීම හිරිගල් ගුහා සහ දෝනා ආශ්‍රිතව කිමිඳුම් කටයුතු කිරීමේ ප්‍රවීණයකු වන රුසියානු ජාතික වසීලි කලෂ්කිනොව් සහ ප්‍රවීණ කිමිඳුම් ශිල්පියකු වන හික්කඩුවේ එම්.ජී. ප්‍රියන්ත යන මහත්වරුන් සම්බන්ධ කරගැනීමට ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීහු කටයුතු කළහ.

    වසිලී මුලින්ම ළිඳේ කිමිඳුම් කටයුතු ආරම්භ කළ අතර මිනිත්තු 8ක් වැනි කෙටිකාලයක් තුළ ළිඳෙහි පහළට ගොස් ළිඳේ තත්ත්වය පරීක්‍ෂාකොට හේ මතුපිටට පැමිණියේය. ඔහුගේ නිරීක්‍ෂණය අනුව ළිඳෙහි වතුර නිශ්චලව පවතී. ළිඳ ආරක්‍ෂිතය. මීටර් 10ත් 20ත් අතර, ගැඹුරේදී ජලය අපහැදිලි වන අතර, එම ජලයේ මඩ අංශු සහිත බවක් දක්නට ලැබේ. පතුලේ ඇති ජලය ඉතා පැහැදිලි වන නමුත් මැද ස්තරයේ ඇති අපහැදිලිතාව හේතුවෙන් හිරුරැස් පතුලට ළඟාවීම නවතී. එහෙයින් පතුලේ පවතින්නේ දැඩි අන්ධකාරයකි. ඉක්බිති කිමිඳුම් කටයුතු ආරම්භ කරමින් වසීලි සහ ප්‍රියන්ත දෙපළ ක්‍රමයෙන් ළිඳ තුළට බහින්නට වූහ. ඔවුන් අනුගමනය කරමින් මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඒ.එම්.ඒ. දයානන්ද, එස්.එම්. නන්දදාස සහ රසික මුතුකුමාර යන තිදෙනාද ක්‍රමයෙන් ළිඳේ පහළට කිමිඳීම ආරම්භ කළහ. දියයට භාවිත කරන විදුලි පන්දම් සහ වීඩියෝ කැමරාවක්ද රැගෙන ළිං පතුල සෙවීමේ මෙහෙයුම ආරම්භ කෙරිණි.

    ඔවුන් පවසන ආකාරයට ජලය මඳක් කිවුල් සහිතය. එහෙත් ජලය පිරිසුදුය. මීටර් 10 – 20 අතර ප්‍රමාණයේදී ජලයේ පැහැදිලිතාව ක්‍රමයෙන් අඩුවන බව ඔවුහු පැවසූහ. ගැඹුරු මීටර 20 පසුකරන විට යළිත් ජලයේ පැහැදිලිතාව ක්‍රමයෙන් වැඩිය.
    මෙම තත්ත්වය පිළිබඳ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ රසික මුතුකුමාරණ මහතා මෙසේ පැවැසීය.
    මීටර් 23 – 25 අතර ප්‍රදේශය ජලය ඉතා පැහැදිලි තත්ත්වයක තිබුණා. ජලයේ ලවණ ගතිය විශාල වශයෙන් වැඩිවුණා. මම හුස්ම ගැනීම සඳහා භාවිත කරන මුඛ ආවරණය සහිත කොටස ඉවත් කර ජලය මුඛය තුළට ගත්ත නිසා එය පැහැදිලි වුණා.

    ඇත්තටම මීටර් 25න් යට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම මුහුදු ජලයට සමානයි. මෙම ප්‍රදේශයේ සිට පතුලට යනතුරු ළිඳ තුළ මහත් අන්ධකාරයක් තිබුණා. විදුලි පන්දම් නොමැතිව කිමිඳුම් කටයුතු කිරීම අපහසු සහ අවදානම් දෙයක්. මුහුදු ජලයත් ඉහළින් ඇති ඝනත්වය අඩු මිරිදියත් වෙන්වන මායිම් පැහැදිලිව දක්නට ලැබුණා. එම ස්ථානයන්හි විදුලි පන්දම් ආලෝකයෙන් ලවණ අංශු භ්‍රමණය වන ආකාරය නැරඹීම ඉතා ආකර්ෂණීය දසුනක් වුණා. එමෙන්ම ළිඳට වැටී ඇති ප්ලාස්ටික් වතුර බෝතල් සහ බෑග් කිහිපයක් එම ස්තර දෙක වෙන්වන සීමාවේ ඉහළටත් පහළටත් ගමන් නොකර ස්ථාවරව පවතින ආකාරයද නැරඹීමට හැකි වුණා.

    ළිං පතුලේදී ජලය ඉතා නිශ්චල වුණා. මීටර් 40ක් පමණ ගැඹුරට කිමිඳෙන විට ළිඳේ පතුල හමුවුණා. එහි අවුරුදු සියගණනක් පුරා ළිඳට වැටුණු අපද්‍රව්‍ය විශේෂයෙන්ම ළිඳ අසල ඇති බෝ ගසින් සහ අවට ඇති ශාකයන්ගෙන් වැටුණු පත්‍ර හා රිකිලිවලින් පිරී තිබුණා. ඒ අනුව ළිඳේ ගැඹුර අඩුම ස්ථානය ළිඳේ මැදම කොටසයි. වටේ ගැඹුර ඊට වඩා වැඩි බව දක්නට ලැබුණා. එහෙත් එම ස්ථාන වෙත ළඟාවීම පසුවට කල් තැබූ අප පළමුවන කිමිඳුම් වාරය අවසන් කළා. ඒ අනුව මෙම ළිඳට පතුලක් ඇති බව තහවුරු කර ගැනීමට අපහට හැකිවුණා.

    ළිඳ පහළට යත්ම ගුහාවක් ඇතුළට පිවිසෙන ආකාරයක් දක්නට ලැබුණා. මීටර් 15 පමණ ගියවිට ඉහළින් ලැබෙන ආලෝකය නතර වුණා. බිත්ති හිරිගල්වලින් නිර්මාණය වී තිබූ නිසා ඒ මත ඉතා සියුම් දුහුවිලි වැනි අංශු රැදී තිබූ නිසා ඒවා ඉතා සුළු කැලඹීමකින් පවා ලිහිල් වුණා. මෙහි ජලය බොරවීමේ සම්භාවිතාව ඉතා වැඩියි. ඒ හේතුවෙන් කිමිඳුම් කටයුතු ඉතා පරිස්සමින් හැකි තරම් නිශ්චලව කිරීමට අපි වගා බලා ගත්තා.

    ඒ වගේමයි මෙම හුනුගල් ස්තරයේ ස්වභාවය සහ සැකැස්ම පරීක්‍ෂා කරමින් ක්‍රමයෙන් පතුල කරා ගමන් කරද්දි අවශ්‍ය ස්ථානයන්හි ඡායාරූප ද ගත්තා. වීඩියෝගත කිරීමද කළා. බටහිර මායිමේ පතුලෙහි ගැඹුර මීටර 55ක්. ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28 – 30 අතර ප්‍රමාණයක්. එම හිරිගල් බිත්තියේ සාම්පල් කිහිපයක් ලබාගත්තා. ඒවා මයෝසීන යුගයට අයත් යැයි සැලකිය හැකි ස්තරයන්ගෙන් වූ අතර කවච සහිත මුහුදු බෙල්ලන්ගේ පොසිල දැක ගත හැකි වුණා.

    විනාඩි 40ක් පමණ කාලයක් තුළ අපගේ කිමිඳුම් වාරය අවසන් කෙරුණා. ඒ වන විට මඳක් සවස් වී තිබුණා. අපගේ කාර්ය සාර්ථක කර ගැනීමට උපකාරී වූ බොහෝ දෙනෙක් ඒ වන විටත් ළිඳ වටා එක්රැස් වී සිටියා. ඒ අතරින් ආරක්‍ෂක අංශයේ සාමාජිකයන්, පුරාවිද්‍යා නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ගවේෂණයේ ප්‍රතිඵල පිළිබඳ කෙටියෙන් ඔවුන් සියලුදෙනා දැනුවත් කිරීමට පියවර ගත්තා. යාපනය පුරාවිද්‍යා කාර්යාලයේදී ද එදින රාත්‍රියේ මෙම ගවේෂණ පිළිබඳ විශේෂ දේශනයක් පැවැත්වූවා. ළිඳේ අනෙකුත් කොටස් විශේෂයෙන්ම උතුරු හා නැඟෙනහිර බිත්ති ආශ්‍රිතව ද නැවත වෙනත් අවස්ථාවක කිමිඳුම් කටයුතු කර පරීක්‍ෂා කර බැලීම අපගේ බලාපොරොත්තුවයි.

    ගාල්ල – ලලිත් රුහුණගේ සහ කේ.ඒ.එස්. කුමාර
     
    • Like
    Reactions: kepu

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම ඔතනට ගිහින් තියේ. ඔතන ඉන්න උන් බොරු කියන්නේ . ඔකේ පතුලක් තියෙනවා. මොකෝ බන් මරියානා එකට යන්න පුළුවන් ඕකට යන්න බැරිද ? ඔකේ පතුල හොයා ගත්ත දවසට ඔතන ඉන්න අයගේ බිස්නස් ඉවරයි බන්