============
මිනිසුන් රැඩිකල් විය යුතු ය. නමුත් සියල්ල ට ම සීමාවක් තිබිය යුතු ය. සීමාව නොදන්නා ගැහැණිය හෝ පිරිමියා සමාජය ට විහිළුවක් වීම ස්වභාවික ය.
සීමාව ඉක්මවා යන ඕනෑම දෙයක් විස වීම ට එතරම් කාලයක් ගත නොවේ. කෙතරම් පැණි රස වුව ද සීනි වැඩි පුර කෑම විස ය. කෙතරම් ආදරෙව් වුව ද උමතු මිනිසෙකු හා දීග යෑම විස ය. කෙතරම් උණුසුම් වුව ද ගින්දර වැළඳගැනීම ද විස ය.
වස්ති ලා මුලින්ම මාධ්‍යය ට ආවේ ස්ක්‍රිප්ට් එකක් ඇතුව ය. ඔවුන්ව සමාජය විසින් පිළිගත්තේ ඔවුන් ගේ ගතයුත්තක් ඇති ය යන්න මිනිසුන් විශ්වාස කළ නිසාවෙනි. නමුත් ලැබූ ජනප්‍රියත්වය හමුවේ ඔදවැඩෙමින් මාකට් එකේ කිර වීම සඳහා ගත් උත්සාහයේ දී කැපී පෙනුනේ ඔවුන් ගේ සීමාව ඉක්මවා ගිය ගොං පාට් පමණි. ඔවුන් ගේ කොලිටිය බාල වීම දිනෙන් දින පැහැදිලිව පෙනෙන්න ට තිබුණි. පාර්ලිමේන්තුව ට සජිත් ප්‍රේමදාස මෙන් වස්තිලා දැන් රටටම විහිළුවක් වී හමාර ය.
පහළින් ඇත්තේ වස්තිලා සතියක ට පෙර අප්ලෝඩ් කළ ජවුසමක ස්ක්‍රීන්ෂොට් එකකි. එහි අපිරිසිඳු පාට මූණේ අපිළිවෙල ට රැවුල වවා නිළමේ ඇඳුම ට ශ්‍රී ලංකා ආරක්ශක හමුදාවේ ගෞරවාන්විත පදක්කම් ගසාගත් කොල්ලා නටන නාඩගමේ අරමුණ කුමක්දැයි මා දන්නේ නැත. ඒ ඇඳුමේ ගැළපීම මට අදාළ නැත. අමුඩය ට ටයි එක දැමූව ද මට ගාණක් නැත. නමුත් වසර ගණනාවක් පුහුණුව ලබා, ලේ හලා සටන් කරමින් ඇතැම් විට ජීවිතය පවා බිළි දෙමින් භූමිය ආරක්ශා කළ ආරක්ශක හමුදා සහ පොලිස් නිලදරුවන් වෙත යුද, නාවික හෝ ගුවන් හමුදාපති විසින් නිර්දේශ කරන ලදුව පපුවේ පළඳවන ගෞරව පදක්කමක් ග්‍රෙනේඩ් එකක් ඇහැට දැකලාවත් නැති, හමුදා පුහුණුවක් අහළකවත් සිට නැති, යුද්දය ගැන අබ මල් රේණුවක හැඟීමක් නැති, කොටින්ම ඒ පදක්කම් ආත්ම හතක ට වත් ලබා ගැනීම සිහිනයක් වන හඩු කොල්ලෙකු ගේ පපුවේ ගැසීම ඉතාමත් ම පහත්, තුච්ඡ, නින්දිත, අපහාසාත්මක ක්‍රියාවකි.
ඔහු පැළඳ සිටින පදක්කම් වමේ සිට දකුණ ට පිළිවෙලින්...
1. රණ ශූර පදක්කම (RSP)
2. නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම
3. පූර්ණ භූමි පදක්කම
4. උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම
️රණ ශූර පදක්කම (RSP)
------
සතුරු උවදුරුවලට මුහුණපාමින් දැක්වූ විශිෂ්ඨ ක්‍රියාවන් අගය කිරීම උදෙසා පිරිනමයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන් හි නියුක්ත සෑම තරාතිරමකටම අයත්වන්නා වූ ද, සතුරු උවදුරුවලට මුහුණපාමින් දැක්වූ විශිෂ්ඨ පැවැත්ම අගය කිරීම උදෙසා මෙම ප්‍රධානය ලැබීම ට යෝග්‍ය යැයි යුද්ද හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් නිර්දේශ කරනු ලබන්නා වූ ද, සියලුම පුද්ගලයන් වෙත මෙම පදක්කම ප්‍රදානය කළ යුත්තේ ය. සෑම පදක්කම්ලාභියෙකු ට ම තම නමට පසුව ‘RSP’ යන සංකේතය භාවිතා කිරීම ට හිමිකම් ඇත්තේ ය.
️නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම
------
ශ්‍රී ලංකාවේ නැගෙනහිර කලාපය මුදා ගැනීම සඳහා දියත් කරන ලද නැගෙනහිර මානුෂීය මෙහෙයුම ට සහභාගී වූවන් සදහා පිරිනමයි.
️පූර්ණ භූමි පදක්කම
------
උතුරු හා නැගෙනහිර ඉහල යුද වාතාවරණයක් සහිත මෙහෙයුම් ප්‍රදේශවල මාස 6 ක ට වැඩි කාලයක් සේවය කර තිබීම උදෙසා පිරිනමයි.
️උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම
------
1983 ජුලි 23 සිට දින සිට වර්ෂ තුනක එකතු සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ඉහල යුද වාතාවරණයක් සහිත මෙහෙයුම් ප්‍රදේශවල සේවය කර තිබීම උදෙසා පිරිනමයි.
යුද්දය බිහිසුණු ය. යුද්දය ගෙනෙන්නේ මරණය ය. අද අප මෙසේ ජීවත් වුව ද එදා යුද්දය නිමා නොකරන්න ට අද මේ සිනාසී කතා කරන බොහොමයක් දෙනා මේ වන විට කැබලි වී මිය ගියවුන් අතර ට එක්වීම ට ඉඩ තිබුණි. ඒ යුද්දය නිමා කළ භූමි පුත්‍රයන් අප ට ලබා දුන්නේ අප ගේ ජීවිතයයි. ගෞරවාන්විත ව ජීවත් වී, නිදහසේ මිය යන්න ට අප ට ඉඩකඩ හැදූ ඔවුන් මරණ බිය මුලු රටින් ම තුරන් කිරීම සඳහා කළ කැප කිරීම් මේ පදක්කම් තුළින් පිළිබිඹු වෙයි. යුද්දයේ දී කළ කැපකිරීම් සඳහා පිරිනැමෙන පදක්කම් නිකම්ම නිකන් නිකමෙකු ගේ පපුවේ ගැසීම කැමා එකක් හෝ ඕජී එකක් ඇඳීම ට එහා ගිය දෙයකි. එවන් කැප කිරීම් ඉතාමත් බාල ගණයේ, මුදල් හම්බ කිරීම සඳහා කැමරාව ඉදිරියේ නිරුවතින් හෝ රඟන නිර්මාණවල ට යොදාගැනීම කිසිසේත්ම නොකළ යුත්තකි.
වස්තිලා ගේ ගොං පාට් අදහන බොහෝ ඇත්තෝ මේ ලියවිල්ල ට මගේ අම්මා තාත්තා පවා මතක් කරමින් රැකේ පුඩිකල් ටෝක් දෙනු ඇත. විහිළුවක් නොතේරෙන ගොං ගෑණු යැයි විවේචන ද එල්ලකරනු ඇත. තමන් ට ජීවිතය දුන් මිනිසුන් ගේ කැපකිරීම් විහිළුව ට ලක් කිරීම උදෙසා වස්තිලා ඔවුන්ව පොළඹවා ඇත්තේ එසේ ය.
මොන හිකනලා මොක කීව ද මුදල ට ඕනෑම පඩත්තර වැඩක් කරන වස්ති ලා ට වඩා පදක්කම් ඇතා හෝ නැතා දිවා රෑ අප රැකීම ට වෙහෙසෙන ආරක්ශක අංශවල ෆෑන් කෙනෙක් වීම ගැන මම ඉත සිතින් ම ආඩම්බර වෙමි.
#සුහාරා