පන්නිපිටියේ
කෝටි 500 දියමන්තිය හම්බවෙ
COLOMBO (News 1st) :
පන්නිපිටිය ප්‍රදේශයේදී පසුගිය දා කොල්ලකන ලද බවට සැකකරන රුපියල් කෝටි 500 කට අධික වටිනාකමකින් යුත් දියමන්තිය පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සොයාගෙන තිබේ.
ඒ ,පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබ තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි.
ඔහුගේ පිටිගල ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරිමේදී, රුපියල් ලක්ෂ 150 ක මුදලක් ද සොයා ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

Last edited: