පන්සලයි_දෙවියොයි

presty

Junior member
  • Mar 17, 2016
    33
    2
    8
    ඕවා ඉන්දියාවෙ හින්දු ආගමේ බලපෑම් .සැබෑ බෞද්ධයා දෙවියන්ට පින් දීම පමණක් කරයි .එවිට දෙවියන් විසින් යහපත් මිනිසුන් ආරක්ශා කරයි .යහපත් ආගමානුකූල මිනිසුන්ට දෙවියන් වන්දනා කරයි .දෙවියන්ට පූජා වට්ටි පුදා වන්දනමාන කරන්නේ මිත්‍යාදෘශ්ටිකයන්‍ පමණි .
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    දෙවියෝ කියල අය නෑ.. මිනිස්සු හදා ගත්ත සංකල්පයක් ඕක.. හරියට ජිවත් උනේ නැත්නම් දෙවියෝ තට්ටේ පලනවා.. ඒ වගේ කියල මිනිස්සුන්ව බය කරගෙන තියෙන්නේ යහපත්ව හැසිරෙන්න කියල.. සියලුම දමිල ආගමේ දෙවියෝ ඉන්නේ ඔය සංකල්පය ඇතුලේ.. අපිට නොපෙනෙන ලෝක මොකුත් නෑ..

    බුදු දහමේ දෙවියෝ කියල කෙනෙක් නෑ.. ලංකාවේ වෙච්ච දෙමල බලපෑම් වලින් පස්සේ වෙන්න ඇති ඔය පන්සල් ඇතුලේ දේවාල හැදුනේ..

    අනික් දේ තමා අපි පොඩි කාලේ ඉදන්ම brainwash වෙලා තියෙන්නේ.. ටිකක් හොයල බලන්න නියම බුදු දහම කියන්නේ මොකද්ද කියල..
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඕවා ඉන්දියාවෙ හින්දු ආගමේ බලපෑම් .සැබෑ බෞද්ධයා දෙවියන්ට පින් දීම පමණක් කරයි .එවිට දෙවියන් විසින් යහපත් මිනිසුන් ආරක්ශා කරයි .යහපත් ආගමානුකූල මිනිසුන්ට දෙවියන් වන්දනා කරයි .දෙවියන්ට පූජා වට්ටි පුදා වන්දනමාන කරන්නේ මිත්‍යාදෘශ්ටිකයන්‍ පමණි .

    පොඩි ගනු දෙනුවක්. මම මෙහෙම දෙයක් බුද්ධ ධර්මය තුල දැකලා නෑ.

    හැබැයි කලකම් පළදෙනවා යම්කිසි දවසක. සෑම ධර්මයකට මෙන්ම ස්වභාවධර්මයේත් පොදු න්‍යායක්.
     
    presty

    Junior member
  • Mar 17, 2016
    33
    2
    8
    දෙවියන් කියන්නෙ අපට නොපෙනෙන මානයක ඉන්න ජීවීන් කොටසක් .ඔවුන් ඒ තත්වෙට පත් උනේ ඔවුන් කරපු යහපත් ක්‍රියාවන් නිසා.හරියට නරක වැඩ කරපු අය සත්තු වෙලා උපදිනව වගේ.නමුත් දෙව්‍වරුන්ගෙන් සමහර අයට මිනිසුන්ව ආරක්ශා කරන්න වගේ දෙවල් පුලුවන්.එකට ඔවුන්ට වන්දනමාන කරල වැඩක් නෑ.පින් පමණක් දීම ප්‍රමාණවත් .අමනුස්සයෝ ඉන්නවා වගේ දෙවියනුත් ඉන්නව.බුදු හාමුදුරුවින්ට දෙවියන් වගේම අමනුස්සයොත් කතා කරල තියෙන්නේ .සමන් දෙවියො ගැන එහෙම අහල අතිනෙ.හැබැයි ලොකය මවපු සර්වබලධාරි දෙවියො නං බොරුවක් කියල බුදුන් දේශනා කරල තියෙනවා.ලොකය හා මිනිසුන් ඇති උන විදිය දැන් විද්‍යාඥයන් කියන විදියට සමාන ආකාරයෙන් බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා
     
    presty

    Junior member
  • Mar 17, 2016
    33
    2
    8
    පොඩි ගනු දෙනුවක්. මම මෙහෙම දෙයක් බුද්ධ ධර්මය තුල දැකලා නෑ.

    හැබැයි කලකම් පළදෙනවා යම්කිසි දවසක. සෑම ධර්මයකට මෙන්ම ස්වභාවධර්මයේත් පොදු න්‍යායක්.
    දෙවියන් විසින් යහපත් මිනිසුන්ව ආරක්ශා කරනව කියන කථාව කෙසේ වෙතත් දෙවියන්ට පින් දීම හැර වන්දනමාන කිරීම සැබෑ බෞද්ධයන් කරන්නේ නෑ කියන එක දන්නෙ නෑ කියන්නෙ ඔයා බුදු දහමෙ මූලිකම ඉගැන්වීමක් දන්නෙ නෑ කියන එකයි .
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    දෙවියන් කියන්නෙ අපට නොපෙනෙන මානයක ඉන්න ජීවීන් කොටසක් .ඔවුන් ඒ තත්වෙට පත් උනේ ඔවුන් කරපු යහපත් ක්‍රියාවන් නිසා.හරියට නරක වැඩ කරපු අය සත්තු වෙලා උපදිනව වගේ.නමුත් දෙව්‍වරුන්ගෙන් සමහර අයට මිනිසුන්ව ආරක්ශා කරන්න වගේ දෙවල් පුලුවන්.එකට ඔවුන්ට වන්දනමාන කරල වැඩක් නෑ.පින් පමණක් දීම ප්‍රමාණවත් .අමනුස්සයෝ ඉන්නවා වගේ දෙවියනුත් ඉන්නව.බුදු හාමුදුරුවින්ට දෙවියන් වගේම අමනුස්සයොත් කතා කරල තියෙන්නේ .සමන් දෙවියො ගැන එහෙම අහල අතිනෙ.හැබැයි ලොකය මවපු සර්වබලධාරි දෙවියො නං බොරුවක් කියල බුදුන් දේශනා කරල තියෙනවා.ලොකය හා මිනිසුන් ඇති උන විදිය දැන් විද්‍යාඥයන් කියන විදියට සමාන ආකාරයෙන් බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා

    :yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    දෙවියෝ කියල අය නෑ.. මිනිස්සු හදා ගත්ත සංකල්පයක් ඕක.. හරියට ජිවත් උනේ නැත්නම් දෙවියෝ තට්ටේ පලනවා.. ඒ වගේ කියල මිනිස්සුන්ව බය කරගෙන තියෙන්නේ යහපත්ව හැසිරෙන්න කියල.. සියලුම දමිල ආගමේ දෙවියෝ ඉන්නේ ඔය සංකල්පය ඇතුලේ.. අපිට නොපෙනෙන ලෝක මොකුත් නෑ..

    බුදු දහමේ දෙවියෝ කියල කෙනෙක් නෑ.. ලංකාවේ වෙච්ච දෙමල බලපෑම් වලින් පස්සේ වෙන්න ඇති ඔය පන්සල් ඇතුලේ දේවාල හැදුනේ..

    අනික් දේ තමා අපි පොඩි කාලේ ඉදන්ම brainwash වෙලා තියෙන්නේ.. ටිකක් හොයල බලන්න නියම බුදු දහම කියන්නේ මොකද්ද කියල..

    :dull::dull:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    නියම බුදු දහම :confused::confused::no::no::no:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    බුදුදහමට අනුව, දිවිය ලෝක හයයි, බ්‍රහ්ම ලෝක විසි එකයි,තිරිසන් ලෝක හතරයි.

    බ්‍රහ්ම ලෝක

    අරූපී තල

    නේව සංඥා නා සංඥායතන
    ආකිඤ්චඤ්ඥායතනය
    විඤ්ඤාණඤ්චායතනය
    ආකාසනාඤ්චායතනය

    ශුද්ධාවාස බූමි
    අකණිට්ඨා බ්රහ්ම තලය
    සුදස්සී බ්රහ්ම තලය
    සුදස්ස බ්රහ්ම තලය
    අතප්ප බ්රහ්ම තලය
    අව්හා බ්රහ්ම තලය

    හතරවන ධාන්‍ය
    වේහප්ඵල බ්රහ්ම තලය
    අසංඥ සත්ත බ්රහ්ම තලය

    තෙවන ධාන්‍ය
    සුභ කිණ්හක බ්රහ්ම තලය
    අප්පමාණසුභ බ්රහ්ම තලය
    පරිත්තසුභ බ්රහ්ම තලය

    දෙවන ධාන්‍ය
    ආභස්සර බ්රහ්ම තලය
    අප්පමාණභය බ්රහ්ම තලය
    පරිත්තාභය බ්රහ්ම තලය

    ප්‍රථම ධාන්‍ය
    මහා බ්රහ්ම බ්රහ්ම තලය
    බ්රහ්ම පුරෝහිත බ්රහ්ම තලය
    බ්රහ්ම පාරිසජ්ජ බ්රහ්ම තලය

    දිවිය ලෝක

    පරිනිම්මිත වසවර්තී දේව තලය
    නිම්මාණරතී දේව තලය
    තුසිත දේව තලය
    යාම දේව තලය
    තව්තිසා දේව තලය
    චාතුර්මහාරාජික දේව තලය

    මනුශ්‍ය

    තිරිසන්
    ප්‍රේත
    අසුර
    නිරය

    සංජීවය
    කාල සූත්‍රය
    සංඝාතය
    රෞරවය
    මහා රෞරවය
    තාපය
    මහා තාපය
    අවීචිය

    එක නිරයක් වටා ඔසුපත් නිර 16
    ඔසුපත් නරක 128
     
    uditha224

    Well-known member
  • Deva kiyanne mchn manussa loke nethuwa ita ihala dimension ekaka ipadena kotashayak.Eken kiyanne ne egolo manushaynta wada uthum guna tiyena aya kiyala.egoloth karma balayen manusa loketa wada ihala tanaka upatha labala.eth egoloth sansara cycle eka athule tama inne.deva loke idala aye paleha level walata yanawa.

    oya asura deva loka kiyanne manussa loketa passe tiyena level eke deyyo.oya deviyo tamai oya pictures wala ehema adala tiyenne.egoloth sahenna lakukia dewal walata barai.hitan inne egolo tama usasma kattiya kiyala universe eke.so anith uda levels wala inna aya ekka egolo yudda karanawa.godak welawata mae deyyota tama api oya pilima hadan inne.ita ihala thalawala deviyota form ekak ne.e kiyanne physical body frame ekak ne.(arupa dhyana)

    buddagame deviyota wadinne deviyanath pin one hinda nirvana awaboda karaganna.mokoads deviyonta pin karanna chance ekak ne manussa loke wage.so egolona pin anumodam kirima tamai buddagame karanne.

    samahara deviyo innawa tamanta pin labenna minisunta help karana kattiya.egolo pin balaboruthuwen tamai help karanne.help kivvata car,house denna be egolonta.wedima wunoth mentaly help ekak thama.ekath godak welawata deviyanta pin dena eken tamange oluwa hoda karma walin pirena hinda tamata labenawa.

    oka mul karagena tamai ape aya deviyanta wadinne araka denna,meka denna kiyala.ehema denna be egolonta.but oya sidanthe mul karagena tamai dan delusion ekak dakwa gihilla tiyenne.

    buduhamduruwo deviyo reject kare ne.kivve egoloth api wagema sansare cyle ekata ahuwela inna sathwa kotashayak kiyala.so egolontath pin denna kiyala kivve.samahara deviyo manusayanta wadinawa manussa athmayak labaganna.

    දෙවියන්ට පින් දෙන්නේ කොහොමද??
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි මචන් බුද්දහගමේ දෙවියන් පිලිබදව කියවෙන දේ සරලව කිව්වොත්, අපෙන් පින් බාලාපොරොත්තුවන ඒත් මිනිසුන්ට වඩා උසස් අමුන්ශ්යන් කොටසක් (අමුනුස්ශය යන වචනය ප්‍රේත, කූම්බාන්ඩ යන අයට බොහෝදෙනෙකෙකු පාවිච්චි කලද මනුශ්ශය නොවන දෙවියන්ද අමුනුශ්ශයන්ය )

    එතකොට කොහොමද පන්සල තුලට මේ දේවාල එන්නෙ??
    සරළයි
    අපිට දේවල සංකල්පය හමුවෙන්නෙ පොලොන්නරුව යුගේදී ඒ කියන්නෙ කාලිංග මාග ආක්‍රමනයත් එක්කම තම ඔය දෙවියන් නැමදීමට දේවාල පන්සල තුලට එන්නෙ පැහැදිලිවම දකනු ඉන්දියානු ආබාහයෙන්. හොදට බලන්න පොලොන්නරුව යුගයේ සදකඩ පහනක් දිහා එහි ගවයාව දකින්න ලැබෙන්නෙ නෑ.. හේතූව ගවයා යනු හින්දුවන්ගේ පූජනීය සතෙකු නිසා
    හිතාගන්න පුලුවන්ද මේකාලේ සමාජයට් කොච්චර දුරට හින්දු සංකල්ප ඇතුලත්ව තිබුනද කියල

    ඒකම හේතුව ඒකද වෙන හේතු නැද්ද??

    තියන්ව ඊටපසු ලංකාවෙ රජ කරපු සමහර රජ වරු සිය අන්තප්පුර සදහා ඉන්දියාවෙන් සූරූපි දේවිවරු ගෙන්වාගෙන තියනව ඔවුන්ට ආගමික කටයුතු කරන්න පහසුවෙන්න ඔය දේවාල පන්සල්තුලටම පැනිනෙනව.

    ඒවාගේ නුවරයුගයේදී නායක්කාර් වන්ශකයින් රටේ රජකම හොබවනවා (කීර්ති ශ්‍රී රාජසිංහ රජුද නායික්කාර් වන්ශකයෙක් ) පන්සල් තුලට දේවාල ස්ංකල්පය මෙතරම් තුලට කිදාබැහගන්න ඔන්න ඔය හේතූත් උපකාර වෙනව

    මේ ඔයාගෙ ප්‍රශ්නයට දෙන්න පුලුවන් තරම් සරල විදිහට උත්තරය ඔතනින් ගැබුරට යන්නවනම් තව සෑහෙන්න යන්න පුලුවන්ව් විශේසයෙන් බුදු දහම අනූව දෙවියන් කියන්නෙ කවුද කියන එක වගේම ... ලංකාවෙ මෑත ඉතිහාසයෙ විශේසයෙන් නුවර යුගයේදි හින්දු දහම කෙතරම් අපේ සංකෘතිය තුලට ඇතුලු වෙනවද කියන එක ගැන උදාහර ඕනෙ තරම් තියන්ව විශේසයෙන් ඔය පොත් පත් වල සදහන් වෙනව නුවර යුගයේදි මලයාලම් රටින් පැමින රජ්ය අනුග්‍රහය ඇතිව කරපු යාග, හෝම ගැන එහෙම

    එතකොට ප්‍රශනයක් එනව නේද ඉන්දියාවෙන්නම් ලංකාව දේවාල ආවෙ එතකොට ලංකාවෙ දේවිවරු ඉන්නෙ කොහොමද කියල?

    එකල විශේසයෙන් රටට ගමට මෙහෙවරක් කරල මිය පරලොව ඇදුනු උදවියය එකල ගැමියන් වන්දානා මාන කලා ඒ කෘතගුන දැක්වීමක් විදිහට කලාවැවේ බැම්මෙ දිය කාන්දුවක් දැකල එය වැඩිවී බැම්ම කාඩාගෙන ගියහොත් සිදුවන වීනාශය ගැන හිතල ඊට තම දෑත් අදාල දිය කාන්දුවන සිදුර තුලට දාමාගෙන සිටියදී මිය ගිය සෙනවි (මතකවිදිහට මිගාර )අදටත් වන්දනා මාන කරන වැව ඉස්මත්තෙ දේවාලයක

    එවැනි දේවාල තිබ්බෙ පන්සලෙන් පරිබාහිරව දේවාල පන්සලතුලට එන්නෙ කාලිංගමාග ආක්‍රමනයෙන් පසුව පොලොන්නරුව යුග
     
    • Like
    Reactions: DangerMan119

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    දෙවියන්ට පින් දෙන්නේ කොහොමද??

    mansauynta pin denawa wagema tama mchn,api ekenek marunama pin anumodam karanne e wage tama.oya palathuru watti malu pitin ussan gihin wisi karanawata wada ewa oya pare inna higana lamayekta dila mae pin deviyanta anumodam wethwa kiyala prarthana karanan hari.tawa pirith kiyana welawata deviyanta wadina gatha ehema kivvamath hari.
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    මගේ දැනුමට අනුව,
    බුදු දහම හා දෙවියන් අතර සම්බන්ධය
    බුදු දහමට අනුව දෙවියන් කියලා කොට්ඨාසයක් ඉන්නවා. අනිත් ආගම් වල දෙවිවරුයි බෞද්ධ ඉගෙන්වීම් වල දෙවිවරුන්ගෙයි වෙනස බුද්ධාගමේ සර්වබලධාරී දෙවිවරු නෑ. දෙවිවරුත් අපි වගේම ජීවින් කොටසක් හරියට පිටසක්වල ජීවින් වගේ. අපේ ලෝකය තුලත් වෙනත් ලෝකවලත් ඉන්නවලු. රුක් දෙවිවරු භූමාට දෙවිවරු වගේ අය අපේ ලෝකයේම වෙනත් මානවල ඉන්නවලු. මනස දියුණු කරපු අයට ඒ දෙවිවරුත් එක්ක සන්නිවේදනය කරන්න හැකියාව තියනවලු. බුද්ධාගමේ කොතනවත් සදහනක් නෑ දෙවියෝ අපිට වඩා උතුම් කියලා. දිවියලෝකේ දුක නෑලු. කරලා තියන පිං වල හැටියට සැප විදලා චුත වෙච්ච වෙලාවට නිරයට උනත් වැටෙන්න බලන් ඉන්න වෙන්නේ. මිනිස්සුන්ට පුළුවන් පිං කරලා තමන්ට යන තැනක් හදාගන්න. නිවන් දකින්නත් මනුස්සයෙක්ම වෙන්න ඕනේ.

    පන්සල්වලට දෙවියෝ රිංගපු හැටි

    මේවා ඉන්දීය ආක්‍රමණ හා අපේ රජවරු කරපුවා හා මිනිස්සුන්ගේ තේරුම් ගැනීමේ දුර්වලතා හේතු වෙලා තියනවා. අනුරාධපුර යුගයේ ඉදන් වෙච්ච ඉන්දීය ආක්‍රමණත් එක්ක ඔවුන්ගේ විශ්වාස හා ඇදහිලි ලංකාවේ මිනිස්සුත් එක්ක එකතුවෙලා තියනවා. ලෙඩ රෝග වලදී දෙවියන්ගේ පිහිට පැතීම වගේ ඒවා. තව රජවරු හින්දු කුමාරියෝ බැදගත්තට පස්සේ ඔවුන්ට වන්දනා කරන්න හින්දු දේවාල ඉදිකරලා දීලා තියනවා. තව ඉන්දියාවෙන් ආපු පුජකයෝ රජවරු රවට්ටගෙන දේවාල ඉදිකරගෙන තියනවා. මහනුවර යුගය වෙද්දි ඕකේ දරුණුම අවස්ථාව උදාවෙලා රටේ රජකමත් නායක්කාර වංශිකයෝ අතට යනවා. ඒ රජවරු රාජ්‍ය නිලදාරින්වයි හාමුදුරුවරුන්වයි හොදින් තියාගන්න ඕන නිසා පන්සල් වලට උදව් කරන ගමන් දෙවියොත් අදහන්න ගන්නවා. රජා කරන දේ දකින මිනිස්සුත් පන්සලට වගේම පන්සල ලග තියන දෙවාලෙටත් ගොඩවෙනවා. පස්සේ කාලේ දේවාල බිස්නස් එකක් කරගත්ත සමහරු පන්සල් ඇතුලටම දේවාල ගෙනත් බුදුගේ අයිනෙම දේවාලත් හදාගන්නවා. දුක කියන්නේ මම දැකලා තියනවා බුදුගෙට මල් තියන්නේ නැතුව දෙවියන්ට මල් පහන් පූජා කරලා වැදගෙන ඉදලා යන බෞද්ධයෝ.
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    26-191. නියතවශයෙන් නුඹගේ රබ්(පරමාධිපති) සර්වබල සම්පන්නය. අසමසම කරුණාන්විතය.
    26-192. නියතවශයෙන් මෙය(අල්-කුර්ආනය) විශ්වයේ පරමාධිපතිගෙන් පහළ වූවකි.
    26-193. විශ්වාසදායි මහා ආත්මය එය සමගින් පහළ විය.
    26-194. නුඹගේ හදවත වෙතට (එය පහළ කළේය.) නුඹ (අල්ලාහ් විසින් පත් කරන ලද) අනතුරු අඟවන්නන්ගෙන් කෙනකු වනු පිණිස.
    26-195. පැහැදිලි අරාබි බසින්
    26-196. නියතවශයෙන් එය පෙර සිටි ජනයාගේ ධර්ම ග‍්‍රන්ථයන්හි අන්තර්ගත ඒවාය.

    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.