පාරවල් වල කුණු දාන්න එපා කියලා දාන්නේ නිකන් නෙවේනේ. එතන මිනිස්සු කුණු දාන නිසානේ. මේ පන්සලෙත් මේ දැන්වීම කහනවට ගහපු දෙයක් වෙන්න බෑනේ. අද කාලේ දහය වසරේ හුජ්ජ කොල්ලො කෙල්ලොත් හොඳටම පිරිහිලා ඉන්නෙ. සීන් එකට බැස්සම තැනක් නොතැනක් බලන්නෙ නෑ. උන්ට ඕනේ උන්ගෙ ලෝකවල් වල තනි වෙන්න. පන්සල කියලා උන්ට විශේෂයක් නෑ. මිනිස්සු අඩු වෙච්ච ගමන් පොඩ්ඩ එහා මෙහා වෙන්න බෑ කොල්ලා කෙල්ලගෙ ගැටේ අල්ලන කිස් කරන සීන් ඕන තරම් තියෙනවා. කවුද දන්නෙ මේ පන්සලේ වෙලා තියෙන දේවල්? ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ. සැබෑ තත්වය තියා ඔය බෝඩ් එක ගහලා තියෙන පන්සලේ නම වත් නොදන්න අපි මේක විවේචනය කරනව නම් ඒක වැරදියි. අනිත් එක තමයි මේ බෝඩ් එකේ ලියලා තියෙන විදිහ ගැන කාට හරි ප්‍රශ්නයක් තියෙනව නම් ඒක එයාගේ සිංහල භාෂාවෙ භාවිතය නොදන්නකම සම්බන්ධ ප්‍රශ්නයක්.



