පන්සිය පනස් ජාතක කතා ( update)

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    04 චුල්ලසෙඨි ජාතකය

    04 චුල්ලසෙඨි ජාතකය




    තවද සූර්ය වංශාභාජාත වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ රජගහ නුවර නිසා ජිවකයන්ගේ අඹඋයනෙහි වසනසේක් චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය ගෙණහැර දක්වා වදාළ සේක.

    ඒ කෙසේද? යත්

    රජගහ නුවර වසන මහධනසිටානන්ගේ දුවූ එක් කුමාරිකාවක් තමාගේ දාසයකු හා සමග මිත්‍රසන්ථවය වාසය කොට වසන දවස් මේ ක්‍රියාව අනික් කෙණෙක් දැකපූ නම් කටයුතු නොවෙයි සිතා භයින් වන්නේය. ඉඳින් මාගේ දෙමව්පියෝ මේ දෝෂය දැකපූ නම් කටයුතු නොවෙයි අප කඩ කඩ කොට කපා පියති සිතා අන්‍ය දෙශයකට ගොස් වසම්හයි කියා හස්තාර වස්තුව හැරගෙණ පළමුකොට හළදොරින් නික්ම යම් තැනකට ගොස් අනුන් නොදන්නා තෙනකට යම්හ යි කථාකොට දෙදෙනම ගියාහුය. මෙසේ ගොස් එක්තෙනක වසන්නාවූ ඔවුන්ගේ සංවාසය නිසා කුමාරිකාවට බඩ දරුගර්භයෙක් පිහිටියේය. ඕ තොමෝ දරුගැම් මුහු කුරාගිය කල්හි වල්ලභයා සමග කථා කරන්නී දරු ගැබ මුහුකුරා ගියේය. ඥාතී බන්ධූන් නැතිතෙනදී දරුවැදීම නම් අප දෙදෙනාටම දුක්වන්නේය. එසේ හෙයින් දෙමව්පියන්ගේ ගමය යම්හයි කිව. ඒ පුරුෂයා අද යම්හ. සෙට යම්හයි කියා බස් ඉකුත් කරන්නේය. එකල කුමාරිකාව සිතන්නී මේ අඥාන පුරුෂයා තමාගේ දෝෂය මහත් බැවින් යන්ට උත්සහ නොකරයි. දෙමවිපියෝ නම් දරුවන්ට වඩා කැමැත්තෝය. එසේ හෙයින් මොහු යත් කිම?. නොයත් කිම?, මා යන්ට සුදුසුවන්නේයයි ඒ පුරුෂයා ගෙයින් බැහැර ගිය කල්හි තමාගේ ගෙයි වලං ඇඳ පුටු ආදී සියල්ලම තැන්පත් කොට තබා තමාගේ දෙමව්පියන්ගේ ගමට යන නියාව අසළ ගෙවල ඇත්තන්ට කියා මංහි නික්මුනාහ. එකල්හි ස්වාමිපුත්‍රයා ගෙට අවුත් කුමාරිකාව නොදැක අසල ගෙවල මිනිස්සුන්ගෙන් විචාරා දෙමව්පියන්ගේ ගමට ගිය නියාව අසා වහා වහා ලුහුබැඳවාගෙණ ක්‍රමයෙන් ගොස් අතරමගදී දුටුයේය. ඒ දුටුවිට අතරමගදීම දරුවැදීම වූයේය. ඒ වල්ලභ පුරුෂයා අනේ සොදුර කිමෙක්දැයි විචාලේය. ස්වාමීනි පුතකු වදාපිම් කීව. දැන් කුමක් කරමෝදැයි පුරුෂයා කී කල්හි යම් දරුකෙණෙකුන් වැඳිම නිසා මා දෙමව්පියන් ගමට යහෝනම් ඒ කාරිය අතරමගදී සිද්ධ විය.නෑයන්ගේ ගෙට ගොස් කුමක් කරමෝදැයි කීය. මෙසේ කියා දෙදෙනම නැවත නික්මුණාහ. මෙසේ එක්සිත්ව පෙරලා තමන්ගේ ගෙට ආවාහුය. ඒ උපන්නාවු කුමාරයාට නම් තබන්නාහු මගදී උපන් බැවින් පන්ථක කුමාරයෝයයි නම් තබාලූහ.

    තවද ඒ සිටු කුමාරිකාවට නොබෝ දවසකින්ම දරුගර්භයෙක් පිහිටියේය. ඒ සිටු දූ පලමු පරිද්දෙන්ම දෙමව්පියන්ගේ ගමට යෙමි කියා ගොස් අතරමගදීම දරුවන් වැදූය. ඒ කුමාරයන්ටත් මගදී උපන් බැවින් පළමු උපන් කුමාරයන්ට මහාපන්ථක කුමාරයෝය. බාලපුතනුවන්ට චුල්ලපන්ථක කුමාරයෝය යි නම් තුබූහ. ඔහු දෙදෙනාම දරුවන් පෝෂ්‍යකොට ක්‍රමයෙන් වැඩෙන්නාවූ ඔවුන් දෙදෙනාගෙන් මහාපන්ථක නම් කුමාරතෙමෙ සෙසු කුමාරවරුන් හා කෙළනා කල සෙසු කුමාරයෝ සුළු පියානෝය මුත්තනුවෝය මුත්තනියෝයයි කියන්නන්ගේ බස් අසා මෑණියන් අතින් විචාරන්නාහූ මැනියන් වහන්ස සෙසු දරුවෝ සුළු පියානෝය, මුත්තනුවෝය මුත්තනියෝයයි කියති. කිමෙක්ද?. අපට නෑයෝ නැද්දැයි විචාලේය. එකල්හි මෑණියන් කියන්නෝ එසේය පුත තොපගේ නෑයෝ මෙතන නැත. රජගහනුවර මහධනසිටානෝය යන කෙණෙක් තොපගේ මුතතනුවෝය. ඒ නුවර තොපගේ නෑයෝ බොහොයි කීවුය. ඒ අසා කුමාරයෝ කියන්නෝ කුමක් නිසා ඒ නෑයන්ගේ සමීපයට නොයොමෝ දැයි කිවුය. මෑනියෝද තමන් ඔබ නොයන කාරණ කියා දරුවන් නැවතූය. ඒ කුමාරයෝ නැවතත් මුතුන්මිත්තන් සමීපයට යම්හයි කියා ඇවිටිලිව කියන හෙයින් පුරුෂයාට මෙසේ කිවුය. මේ දරුවෝ හැමවේලාවෙම මට පීඩා කෙරෙති. කිමෙක්ද දෙමව්පියෝ අප දැක ඇඟමස් කපා කවද්ද, කැටුව දරුවන් කැඳවා ගෙණ ගොස් මුතුන්මිත්තන් දකුම්හයි කිවුය. ඒ අසා වල්ලභපුරුෂයා මම තොපගේ දෙමව්පියන්ගේ ඉදිරියෙහි සිටින්නට අසමර්ථයෙමි. කියා තොපි දෙදරුවන් කැඳවාගෙණ ගොස් මිතුන්මිත්තන් දක්වයි කීය. දැක්වීමෙනුත් ප්‍රයෝජන ඇතැයි කියා දෙදරුවන් කැඳවා ගෙණ රජගහ නුවරට ගොස් නුවර දොර එක් ශාලාවෙක නවාතැන් ගෙණ දරුවන්ගේ මෑනීයෝ ද දෙදරුවන් කැඳවාගෙණ ආ නියාව දෙමාපිය්නට කියායවුය, ඒ අසා සිටුදුවගේ දෙමව්පියෝ සිතන්නාහූ සසර ඇවිදිනාවූ අපට පුතනුවූ දුනූවූ කෙණෙක් නැත. ඔහු දෙනෙ අපගේ වංශය හානී කළාහ. එයස්හෙයින් මහත් වූ අපරාධ කළාහ. එසේහෙයින් ඔවුන් දෙදෙනා අප ඇස්හමුයෙහි සිටින්නට නොපිළිවන්නේය. මේ අප දීලුවස්තු හැරගෙණ දෙනොම තමන් කැමති සැප තෙනකට ගොස් ජීවත්වෙත්වයි කීවුය.ඒ අසා සිටුවු දෙමව්පියන් එවු වස්තුහැරගෙණ දරුවන් දෙන්නා තමන් තමීපයට ආ දූතයන් අතට පාවාදී යවුය. දෙදරුවෝද මුතුන්මිත්තන් සමීපයේ වැඩී වර්ධනය වෙති, ඔවුන් දෙනො අතුරෙන් චුල්ලපන්ථක කුමාරයෝ ඉතා බාලයෝහ. මහාපන්ථක කුමාරයෝ මුත්තණුවන් හා සමඟ බුදුන් සමීපයට බණ අසන්නට යෙති.නිරන්තරයෙන් බණ අසන්නාවූ කුමාරයන්ට මහණ වීමෙහි සිත්නැමුනේය. එකල්හි කුමාරයෝ මුත්තනුවන්ට කියන්නෝ ඉඳින් නුඹ වහන්සේ ගිවිස්නාසේක් වී නම් මහණවන්නෙමි වේදැයි කිවුය. එබස් අසා මුත්තනුවෝ කියන්නාහු පුත තෙපි කුමක් කියව්ද සියලු ලෝවැස්සන්ගේ මහණවීමටත් වඩා තොපගේ මහණවීම යහපත් වන්නේය. ඉදින් තොපි මහණ දම්පුරන්නට සමර්ථයෝ නම් මහණුවම් ගණුවයි කියා කුමාරයන් කීබස ගිවිස සර්වඥයන් වහන්සේ සමීපයට ගොස් සර්වඥයන් වහන්සේ විසින් මේ කිමෙක්ද මහා සිටානෙනි තෙපි දරුකෙණෙකුන් ලද්දැයි විචාළ කල්හි එසේය, ස්වාමීනී කුමාරයෝ මාගේ මුනුබුරාණෝය. ඌතුමූ නුඹ වහන්සේ සමීපයෙහි මහණවෙමියි කියකියි දැක්වූහ. ඒ බස් බුදුහු අසා එක්තාරා තෙරකෙණෙකුන් වහන්සේට මේ කුමාරයන් මහණ කරවයි නියෝගකොට වදාළසේක.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    ඒ තෙරුන් වහන්සේ කුමාරයන්ට තචපඤචත කර්මස්ථාන දී මහණ කළ සේක. උන්වහන්සේත් බොහා් වූ බුද්ධ වචනයන් ඉගෙණ පිරුණාව විසිවයස් ඇතිසේක් උපසම්පදා ලත් සේක. උපසම්පදා වූ තැන් පටන් නුවණින් සලකා භාවනා මනස්කාර කෙරෙමින් නොබෝ දවසකින් රහත් වූ සේක. මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ ධ්‍යාන සුවයෙන් දවස්යවන සේක් කිමෙක්ද මේ සැපය චුල්ලපන්ථක යන්ට දෙන්ට පුළුවන්දෝහෝයි සිතූසේක. ඉක්බිත්තෙන් ඒ මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ මූතුන් සිටානන්ගේ ගොට ගොස් මහා සිටානෙනි. ඉඳින් තොපි ගිවිසුනම් මම චුල්ලපන්ථකයන් මහණ කරවන්නෙමි වේදැයි වදාළ සේක. ඒ අසා සිටානෝ යහපත ස්වාමීනි චුල්ලපන්ථකයන් මහණ කළ මැනවැයි කිවුය. තෙරුන් වහන්සේ චුල්ලපන්ථකයන් මහණකොට දශශීලයෙහි පිහිටවූ සේක. චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේ මහණවෙලා මන්‍දප්‍රාඥ වූ හ.

    පදුමං යථා කොකනදං සුගන්ධං පතො සියා චුල්ල මවිතගන්ධං

    අංඝීරසං පස්ස විරොචමානං තපන්නමාදිච්ච මිවන්නළිකෙඛං

    යන මේ ගාථාව සාරමසකින් වනපොත් කරන්නට අසමර්ථ වූයේය. ඒ චුල්ල පන්ථක සාමණේරයන් වහන්සේ කාශ්‍යප සර්වඥයන් වහන්සේගේ සමයෙහි මහණව නුවණැතිව එක්තරා නුවණමද භික්ෂූ කෙණෙකුන් වහන්සේගේ පාළි උගන්නා කල්හි සිනාසී නින්දාකොට කෙළිසේක. ඒ නුවණ මඳ භික්‍ෂූන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේගේ නින්‍ද්‍රයෙන් පාළිය නුගත් සේක. වනපොත් නොකළ සේක. ඒ පූර්ව ජන්මයේ කරණලද අකුශල කර්මානුභාවයෙන් මේ චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේ මහණ වූ ගමණේ නුවනින් මඳවු සේක. පළමු වනපොත්කළ පදය ඉදිරියේ වනපොත් කරණ කලට නස්නේය. මේ ගාථාව වනපොත් කරන්ට උත්සහාකරන්නාවූ චුල්ලපන්ථක සාමණේරයන් වහන්සේට සාරමසක් ඉකුත්ව ගියේය.

    එකල්හි මහාපන්තක ස්ථවිරයන්වහන්සේ මෙසේ වදාළ සේක. පන්ථකයෙනි. මේ ශාසනයට අයෝග්‍යව සාරමසකින් එක ගාථාවක් වනපොත් කොට ගන්ට අසමර්ථිව ප්‍රව්‍රජ්‍යාකෘත්‍ය වූ කලී තෙපි කෙසේ මස්තකප්‍රාප්ත කරවූදැයි මෙතෙකින් පලායවයි කියා විහාරයෙන් නෙරපූ සේක. එසමයෙහි මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ සියලු සංඝයාවහන්සේට බත් බෙදාදෙනසේක. ජීවකයෝ බොහෝ ගඳ දුම්මල් පහන් ආදිය ගෙන්වාගෙණ තමන්ගේ අඹ උයනට ගොස් බුදුන්ට පූජාකොට බණ අසා උන්ස්නෙන් නැගී බුදුන් වැඳ මහා පන්ථකස්ථවිරයන් වහන්සේ කරා එළඹ ස්වාමීනී බුහුන් සමීපයෙහි කෙතෙක් භික්ෂුන් වහන්සේදැයි විචාළෝය. තෙරුන්වහන්සේ පන්සියයක් පමණ භික්ෂුන් වහන්සේයයි වදාළ සේක. එකල්හි ජිවකයෝ කියන්නෝ ස්වාමීනි සෙට බුදුන් ප්‍රධාන කොට ඇති පන්සියයක් භික්ෂූන්වහන්සේ කැඳවාගෙණ අවුත් මාගේ ගෙයිදී සිඟුව මැනවැයි කිවුය. උපාසකයින් චුල්ලපන්ථකයෝ ශාසනයෙහි පිහිටක් නොලද්දෝය. උන් හැර සෙසු භික්ෂූන් වහන්සේට තොපගේ ආරාධනාව ඉවසන්ට කියන්නෙමි වේදැයි වදාළසේක. ඒ අසා චුල්ලපන්ථක සාමනේරයන් වහන්සේ සිතනසේක් මහාපන්ථක ස්ථවිරයන්වහන්සේ මෙතෙක් භික්ෂුන්වහන්සේගේ් ආරාධනාව ඉවසනසේක් මා පිටත් තොට ඉවසූ සේක. ඒකාන්තයෙන් මාගේ බෑණන්වහන්සේ මා කෙරේ බිඳි ගියේය. එසේ කළ මට දැන් ශාසනයෙන් ප්‍රයෝජන කිම්ද ගිහිවෙමි. ගිහිව සිට දානාදීවූ පින් කොට ජිවත්වෙමි යි සිතා දෙවෙනි දවස් උදෑසන ගිහිවෙමියි සිතා නික්මුණේය. සර්වඥයන් වහන්සේ ෙඅළුයම්වේලෙහි ලොවබලා වදාරණසේක් මේ කාරණය දැක පළුමුකොට ගොස් චුල්ලපන්ථකයන් වහන්සේ යන මග දොරටුවේ සක්මන්කරණ සේක්. තමන් වහන්සේ වසනගෙන් නික්මුණසේක් සර්වඥයන් වහන්සේ දැක ස්වාමීනියි කියා එළඹ නමස්කාර කළ සේක. ඉක්බිත්තනේ සර්වඥයන් චුල්ලපන්ථක මේ වෙලේ කොයි යව්දැයි වදාළසේක. ස්වාමීනි මාගේ බෑණනුවන් වහන්සේ මා ශාසනයෙන් නෙරපූ සේක. එසේහෙයින් මම ගිහි වන්නෙමියි දැන්වූසේක. ඒ අසා සර්වඥයන් වහන්සේ චුල්ලපන්ථකයෙනි තොපගේ ප්‍රව්‍රජ්‍යාව නම් මා සන්තකය. බෑණන් විසින් නෙරපණලද්දා වූ තොපි කවර කාරණයකින් මා සමීපයට නාවාහුද මා කැටුව එවයි ගිහිවීමෙන් ප්‍රයෝජන කිම්ද මා සමිපයෙහි වාසය කරවයි කියා වදාළසේක. ඉක්බිති චුල්ලපන්ථකයන් වහන්සේ කැඳවාගෙණ ගොස් ගඳ කිළි නිසමත්තෙහි හිඳුවා චුල්ලපන්ථකයනි නැගෙණහිරට අභිමුව හිඳ මේ රෙද්ද රජොහරණං රජොහරණං යි කිය කියා පිරිමැදීමෙන් මෙතන හිඳුවයි වදාරා ඍදියෙන් මවන ලද පිරිසිදු රෙද්දක් දී වඩනට වේලා දැනුවූ කල්හි භික්ෂූ සංඝයා වහන්සේ පිරිවරා ජීවකයන්ගේ ගෙට ගොස් පනවන ලද බුද්ධාසන මස්ථකයෙහි වැඩවුන් සේක. චුල්ලපන්ථකයන් වහන්සේද සූර්ය රෂ්මිය බල බලා ඒ රෙදි කඩ රජෝහරණං රජෝහරණං යි කිය කියා පිරිමදිමින් උන් සේක. මෙසේ ඒ චුල්ලපන්ථකයන් වහන්සේ ඒ රෙදි කඩ පිරි මැද මැද සිටියදීම කිළිටුව ගියේය. ඉක්බිති උන් වහන්සේ සිතන සේක් මේ රෙදි කඩ ඉතා පිරිසිදුය. නිර්මලය. මේ ආත්මභාවය නිසා පූර්ව ප්‍රකෘත්තී හැර මෙසේ කිළිටුව ගියේ ඒකාන්තයෙන් ප්‍රත්‍ය සමුත්පන්න ධර්මයෝ ඉපිද නස්නා සුල්හ යයි කිය කියා ප්‍රත්‍ය සමුප්පන්න ධර්මයන්ගේ ක්‍ෂණ ක්‍ෂණ යෙහි ඉපිද නස්නා බව සලකමින් විදර්ශනා වැඩූ සේක. සර්වඥයන් වහන්සේද චුල්ලපන්ථකයන්ගේ සිත විදර්ශනාවට නැගෙන්නේ යැයි චුල්ලපන්ථකය රෙදි කැබැල්ල කිලිටුව රජසින් රැඳි ගියේය. එමෙන්ම තාගේ අභ්‍යන්තරයෙහිද රාග රජාදීහූ ඇත. ඔවුන් දුරු කරවයි කියා ආලෝකයක් හැර ඉදිරියේ වූ නාක් මෙන් පෙනෙන්නා වූ ස්වරූප ඇතිව මේ ගාථාව වදාල සේක.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    රගෝ රාජෝ නචපන රේණු උච්චතී රාග සෙස්තං අදිවචනං රජති.

    ඒතං රජං විප්ප ජහිට්ඨ භික්ඛවෝ විහරනති තේ විගත රජස්සං සාසනේ

    ද්වසෛා් රජෝ නචපන රේණු වුච්චති දොස සේ සතං අධිවචනං රජෝතී.

    ඒතං රජං විප්ප ජහිට්ඨ භික්ඛවෝ වහරනතී තේ විගත රජස්ස සාසනේ.

    මෝහ රජෝ නවපන රේණු වුච්චතී මොහො ස්සතං අධි වචනං රජෝතී.

    ඒතං රජං විප්ප ජහිට්ඨ භික්ඛවෝ වහරණතී තේත විගත රජස්ස සාසනේ .

    යන මේ ගාථා වදාල ඉක්බිති චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ සිව් පිළිසිඹියා හා සමඟ රහත් වූ සේක. චතුපටිසම්භිධාවට පැමිණිමෙන් ත්‍රිපිටකය ප්‍රගුණ විය.ඒ චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ පෙර රජව ඉපද නුවර පැදකුණු කරන සේක් නළලින් දා වැගිරෙන්නට පටන් ගත් කලිහි පිරිසිදු සළු පටින් නළල් කෙළවර පිසපු සේක. සළුව කිලිටුව ගියේය. ඒ රජ්ජුරුවෝ සිතන් නාහු මේ ශරීරය නිසා මෙබඳු වූ පිරිසිදු සළුව තමාගේ පිරිසිදු ධවල ගුණය හැර කිළිටුව ගියේය. ඒ කාන්යෙන් ප්‍රත්‍ය සමුප්පන්න ධර්මයෝ අනිත්‍යයෝ යැයි අත්ත්‍යසංඥාව සිහි කලේය. ඒ කාරණයෙන් ඒ තෙරුන් වහන්සේට රජෝ හරණ යන පත්‍ර විය. ජිවකයෝ සර්වඥයන් වහන්සේට දක්ෂිණෝද්ධකය පළ වූ බුදුහු එවේලෙහි පීවකයිනි විහාරයෙහි භික්ෂූ ඇත්තෝ නොවේදැයි කියා අතින් පාත්‍රය වැසූ සේක. එවෙළෙහි මහා පන්ථක ස්ථවිරයන් වහන්සේ ස්වාමීනි විහාරයෙහි භික්ෂූන් නැත්තේයි වෙද්දැයි කී සේක. සර්වඥයන් වහන්සේ භික්ෂුන් ඇති නැති නියාව දැන එවයි කියා පූරුෂයකු යැවුහ. එකෙණෙහි චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ සිතන සේක් මාගේ බෑණන් වහන්සේ විහාරයෙහි භික්ෂූහූ නැතැයි සිතූහ. විහාරයෙහි භික්ෂූන් ඇති නියා උන් වහන්සේට ප්‍රකාශ කල මැනවයි සිතා සියළු අඹ උයන භික්ෂූන් ගෙන්ම පිරු සේක. සමහර භික්ෂූන් වහන්සේ සිවුරු ගෙත්තම් කරන සේක. සමහර කෙණෙකු වහන්සේ සිව්රු රඳන සේක. කෙණෙකුන් වහන්සේ වණපොත් කරණ සේකැයි මෙසේ ඔවුනවුන් වෙනසක් නැතිව එක ස්වරූපය වූ භික්ෂූන් දහසක් මැවු සේක. බලන්නට ගිය පුරුෂයා විහාරයේ බෝහෝ භික්ෂූන් දැක නැවත අවුත් ජිවකයන්ට කියන්නේ සියළු අඹ උයන භික්ෂූන්ගෙන් ගැවසී ගත්තේයැයි කීය. ඉක්බිති සර්වඥයන් වහන්සේ ඒ පුරුෂයාට වදාරණ සේක් බුදුහු චුල්ලපන්ථකයන් වහන්සේ කැඳවන සේකැයි කියවයි වදාල සේක. එබස් අසා පුරුෂයා ගොස් එපරිද්දෙන්ම කී කල්හි මම චුල්ලපන්ථකයෙමි මම චුල්ලපන්ථකයෙහි මුඛ දහසක් නැංගේය. එකල්හි පුරුෂයා නැවත බුදුන් කරා ගොස් ස්වාමීනී හැම දෙනා වහන්සේ අපි චුල්ලපන්ථක යම්හ. අපි චුල්ලපන්ථක යම් ය කියන සේක් යැයි දැන්වීය. ඒ බස් අසා බුදුහූ දැන්නෝ ගොස් පළමු කොට යමෙක් මම චුල්ලපන්ථක කිවු නම් ඔහු අත අල්වා ගනුව අවශේෂයෝ අන්තර්ධාන වෙතියි වදාලාහ. එවෙලෙහි ඒ පුරුෂයා එපරිද්දෙන්ම කලේය. දහසක් පමණ භික්ෂුන් වහන්සේ අන්තර්ධහන සේක. තෙරුණ් වහන්සේද කැඳවාගිය පුරුෂයා හා කැටිව වැඩි සේක. සර්වඥයන් වහන්සේ ජීවකයන් කැඳවා ජීවකියනි චුල්ලපන්ථකයන්ගේ පාත්‍රය ගනුවයි චුල්ලපන්ථකයෝ තොපට අනුමෙවැනි ධර්ම දේශනා කරවයි වදාලා හං ජීවකයෝ එපරිද්දෙන්ම කළෝය. එවේලෙහි චුල්ලපන්ථක ස්ථිවරයන් වහන්සේ සිංහ නාද කරන්නාහු අභීත කේසර සිංහ රාජයකු පරිද්දෙන් තුන් පිටකය අලලා අනුමෙවැනි ධර්මදේශනා කල සේක. සර්වඥයානන් වහන්සේ උනස්නෙන් පැන නැගී භික්ෂු සංඝයා පිරිවරා විහාරයට වැඩ භික්ෂූන් විසින්වත් දැක් වූ කල්හි හුනස්නෙන් නැගී ගධ කිළි නිසමත්තෙහි සිට භික්ෂූ සංඝයා වහන්සේට සුපතු වාදය දී කමටහන් දී වදාරා භික්ෂූ සංඝයා යවා සිව් දැගදින් සුවඳ කරන ලද ගධ කිලියට වැඳ දකුණැලව සිංහ සෛයාව කොට වදාල සේක. ඉක්බිත්තෙන් සවස් වේලෙහි ධම්සභා මණ්ඩපයට භික්ෂූන් වහන්සේ නොයෙන් තැන් රැස්ව රත් පලස් තිරයක් වට කරන කලක් මෙන් හිඳ බුදුන්ගේ ගුණ කථාව පටන් ගත් සේක.

    ඇවැත්නි මහාපන්ථකස්ථවීරයෝ චුල්ලපන්ථක ස්ථවිරයන්ගේ අංධ්‍යාසය නොදන්නාහු එකගාථාව සාරමසකින් වනපොත් කොට ගත නුහුණුවෝය. නුවණ මදයෝයයි කියා විහාරයෙන් නෙරපූය. සර්වඥයන් වහන්සේ තමන් වහන්සේ ධර්මරාජ බැවින් එකම අන්තරාභක්තියෙහි සිවුපිළිසිඹියා හා සමග අර්හත්ඵලය දුන්සේක. චතුසට්සම්භිදා ප්‍රාප්තවිය. එමෙන් තුන්පිටකය ප්‍රගුණ විය. සර්වඥයන් වහන්සේගේ බලමහිමය නම් ඉතා ආශ්චර්යයන්නේය යි බුදුන් ගේ ගුණ කිය කියා උන්සේක. එකල්හි සර්වඥයන් වහන්සේ දම්සභා මණ්ඩපයෙහි මේ කථා ප්‍රවෘතිය දැන අද මා විසින් එතන ෙයන්න වටනේයයි බුද්ධ ස්‍යොවෙන් නැගී රත්වූ දෙපට අඳනා සිවුර තිමණ්ඩල ප්‍රතිච්ඡාදනය කිරීම වශයෙන් හැඳ විජ්ජුල්ලතා සශ්‍රීකවූ පටීධාතුව ඊ මත්තේ බැඳ රත්පලසක් හා සමානවූ පාංශූකූල සුගත මහා චිවරය ඒකාංශ කොට ඊමත්තේ පොරවා සුගන්ධ ගන්ධ කුටියෙන් නික්ම මතත්හස්තිරාජයක්හූ අල්වන්නට නික්මුණු කෙශරී සිංහරාජයෙකුගේ විලාසයෙන් අප්‍රමාණ සර්වඥලීලාවෙන් දම්සභා මණ්ඩපයට වැඩ සරහන ලද මණ්ඩප මාධ්‍යයෙහි පණවන ලද උතුම්වූ බුද්ධාසන මස්තකයට පැන නැගී ෂඩ්වර්ණ බුද්ධරශ්මි මාලාවෙන් විහිදු මින් සාගරකුක්ෂිය බබුලුවමින් යුගදුරු මුදුනෙහි දිලිසෙන්නාවූ ලහිරුමඩලක් මෙන් දිලිහි දිලහි ආසන මධ්‍යයෙහි වැඩ උන්සේක. බුදුරජානන් වහන්සේ එතැනට පැමිණ කෙණෙහිම ිභික්ෂූ සංඝයා වහන්සේ කථාවිචේඡදනය කොට මුවෙන් නොබැණ වැඩ උන් සේක. සර්වඥයන් වහන්සේ මොළොක්වූ මෙත් සිතින් භික්ෂූපෂිත් බලා මේ පර්ෂිද ඉතා බොහෝ වන්නේය. එකද භික්ෂූවක්හුගේ අතපය සෙලවිමක් වේ වයි කැසපියන කිඹිසපියන ශබ්දයක් වේවායි නැත. මේ සියළු භික්ෂූහුම බුද්ධ ගෞරවයෙන් හා බුද්ධතේජසින් තැතිගත්හ. ආයුෂ්කල්පය මුළුල්ලෙහි මා බෑනනොනැගී උන් කල්හිදු පළමුකොට කථාවක් නුපදවති. එහෙයින් මම පළමුකොට කථාවක් උපදවමියි සිතා මිහිරී වූ බ්‍රහ්මස්වරයෙන් භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට මහණෙනි දැන් කවර කථාවකින් යුක්තව උනුද කවර නම් කථාවක් තොපට අදාල වීදැයි විචාළසේක. එකල්හි ඒ භික්ෂූන් වහන්සේ අපි මෙතැන්හි උනනමෝ අන්‍යවූ සවර්ගමෝක්ෂද්වයට බාධාක වූ තිරශ්චින කථාවක් නොකීම්හ. නුඹවහන්සේගේ ගුණ වර්ථතානොට උනුම්හයි දැන් වූ සේක. එකල්හි භික්ෂූන් වහන්සේගේ කථාව අසා මහණෙනි චුල්ලපන්ථකයෝ දැන් මා නිසා ධර්මමහත්වයට පැමිණියෝ යි වදාළ සේක. එකල්හි එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ ඒ අර්ථය ප්‍රකාශ කරනු පිණිස භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේට ආරාධනාා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡

    ඒකෙසේද යත්

    යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි අප මහා බෝසතානෝ සිටු කුලයක ඉපද වැඩිවිය පැමිණ සිටුතනතුරු ලැබ චුල්ලසිටානෝයයි යන නමින් ප්‍රසිද්ධව වසන කල ඒ සිටානෝ නුවනැත්තෝය. ව්‍යක්තයෝය. සියළු නිමිති දනිති.එක් දවසක් ඒ සිටානෝ රජ සේවයට යන තැනැත්තෝ විදි මධ්‍යයයේ මල මිනියකු දක නක්ශත්‍රයෝගය පරීක්ෂා කොට මෙසේ කීව්ය. නුවනැති කුලපුත්‍රයක් වූ විසින් මේ මියා අරගෙන පුත්‍රධාරාවන් පෝෂ්‍ය කරන්නටවත් වෙළඳාම් කරන්නටවත් පුළුවන් වන්නේ වේදැයි කිව්ය. එක්තරා දූගි පුරුෂයෙක් සිටානන්ගේ ඒ වචනය අසා සිටානෝ නොදැන නොකියතියි සිතා මීයා අරගෙන එක් සල්පිලක බලලකු නිසා දී දිවියට සමාරක් රත්රන් ලද්දේය. ඒ කාකනික මාත්‍රාවෙන් උක්තකරු ගෙන එක කලයකින් පැන් ගත්තේය. එතෙම මලින් මල් කඩා ගෙන ලන්නාවූ මාලාකාරින් දැක උත්සකුරු සුගද් දී පැන් රත්කලේය. ඒ මාලා කාරීහූ එකී එකී මල් මිට දුන්නාහ. ඒ තෙමේ මල් විකුට ඒ මල් මිලයෙන් දෙවැනි දවස් උත්සකුරු හා පැන් කලයක් ගෙන මල් වත්තට ගියේය. එදවස් ඕ හට මාලා කාරීන් හූ මල් භාගයක් කඩාගෙන මල් ගස් දී ගියාය. ඒ තෙමේ නොබෝ දවසකින් මේ උපායෙන් අටකහවනුවක් ලද්දේය. නැවත එක් වැසි සුළං දවසක රාජ්‍යය උද්ධ්‍යානයේ බොහෝ වියල් දඬු හා අතුපත් සුළගින් වැටුනේය. උයන් ගොව්වාද දමන්නට උපාය නොදකින්නේය. එකල්හි ඒ පුරුෂයා ඇතුලට ගොස් ඉඳීන් තොපි මේ දඬු හා අතුපත් මට දෙව්නම් මම සියළු දඬුපත් උයනින් පිටත් කරවා පියන්නෙමි වේදැයි උධ්‍යාන පාලයාට කීහ. උධ්‍යාන පාලයා යහපත යහළුව අරගෙනයි ගිවිස්සේය. චුල්ලනෙත්වා සික තෙම කුඩා කොල්ලන්ගේ කෙලිමඩුල්ලට ගොස් උත්සකුරු දීමටද ඇසිල්ලකින් ඒ සියළු දඩුපත් කොල්ලන් ලවා උයනින් අද්දා පිටත් කරවා උයන් දොරකොඩ කැටි කර වූයේය. එකල්හි රජගෙට වලං ලන කුඹලා රජගෙට වලං පලගනු සඳහා දර සොයා ඇවිදින්නේ උයන් දොර කඩා තුබු ඒ දර ගොඩ දැක ඔහු අතින් මිලදී විකිණ ගත්තේය. එදවස් චුල්ලනෙත වාසික තෙම සොලොස් කහවණුවක් හා සැල ආදීවූ වලං පන්සියයකුත් ලද්දේය. ඒ තෙමේ වෙළදාම් කිරීමෙන් කහවණු සූ විස්සක් වූ කල්හි මට මේ උපාය ඇතැයි නුවර දොරටුවට නොදුරු තැනක එක් පැන්සලක් තබාගෙන පෙන්සියයක් තණ අදිනා පුරුෂයන්ට පැන් වත්කලේය. ඔහු මෙසේ කිවුය. තොපි අපට බොහෝ උපකාර කෙළෙහිය. තොපට අපි කුමක් කරමෝදැයි කීය. එකල්ලහි චුල්ලනෙත වාසිකයා කියන්නේ මාගේ කාරියක් පැමිණි කල්හි කියන්නෙම් වේදැයි කියා ඈත මෑත අවිදින්නේ ගොඩ වෙළදාම් කරන්නවුන් හා සමගත් මුහුදු වෙළදාම් කරන්නවුන් සමගත් මිත්‍ර ගත්තෙය.එකල්හි ඕ හට ගොඩ වෙළදාම් කරන්නවුන්ගේ ප්‍රධාන පුරුෂ තෙම ඉඳින් සෙට දවස් මේ නුවරට අස් වෙළදෙක් පන්සියයක් අසුන් ගෙන එන්නේ යයි කීය. එතම ඔහුගේ වචනය අසා තණ ගෙනෙන්නා වූ පන්නයින්ට අද මට එක එකී තන මිටියක් දෙව මා තණ විකුණන්නට පළමු කොට තොපි ඇම තණ නොවිකුණවයි කීහ. එකල ඔහු හැම දෙන යහපතැයි ගිවිස පන්සියයක් තණ මිටි ගෙණ උත් ඔහුගේ ගේදොර එලුහ. අස් වෙළෙන්දා සියළු නුවර ඇවිද අසුන්ට තණ නොලැබ ඒ චුල්ලනේථ වාසිකයා හට කහවණු දහසක් දී තණ අරගත්තේය.

    ඉක්බිත්තෙන් කීප දවසක් ගිය කලට සමුද්‍රයාත්‍රාවෙන් වෙළදාම් කරන්නාවූ යහළුවා ඕ හට කියන්නේ තොටට නැව් අවුත් වනැයි කීය. එකල චුල්ලනේත වාසික පුරුෂයා මට මේ උපායෙන් ප්‍රයෝජන ඇතැයි සිතා කහවණු අටක් දී සියළු පිරිවරින් යුක්තව පිරුණු රථයක් ගෙන මහත් වූ යස පිරිවරින් බටහිර තොට ගමට ගොස් පේරැස් මුද්දක් නැවට අත්තීකාරම් කොට දී නුදුරු තැනක වට කොට තිරයක් බඳවා සමීප වූ චර පුරුෂයන්ට මෙසේ විධාන කලේය. පිටතින් වෙළදු අවුනම් රැකවල් තුනකින් මෙහෙවර කියා මා සමීපයට කැඳවාගෙන එවයි කීහ. එකල පටුනු ගමට නැව බටයි අසා බරණැස් නුවරින් වෙළදුන් සියයක් බඩු ගනුම්හයි ආවාහුය. නැවත බඩු වෙළදාම් කරන්නාහු මනුෂ්‍යයෝ කියන්නාහු අපගෙන් තොපට බඩු නොලැබෙයි. අසවල් තැන හිදින්නා මහ වෙළදානන් විසින් අත්තිකාරම් දෙන ලදැයි කීවුය. එබස් අසා බරණැස් නුවර වෙළෙන්දු ඒ චුල්ලනේත වාසිකයා සමීපයට ආවාහුය. ඔහුගේ අතවැසි පුරුෂයෝ පළමු කොට ලුවිධාන නියාව රැකවල් තුනක් තුන් විටක් ඔබින් ඔබ මෙහෙවර කීයා වුත් ඒ වෙළදුන් ආබව කියා යැව්වාහුය. වෙළදුන් චුල්ල නේත වාසිකායට එකි එකී දහසක් දී චුල්ලනේත වාසික පුරුෂයා හා සමග නැව් බඩු ගනුහයි පත්තුව ගෙන නැවත එකි එකී දහසක් දී නැව බඩු අරවාගෙන බඩු තමන් සන්තක කලාහ.චුල්ලනේත වාසික තෙම දෙලක්ෂයක් වස්තූ හැර ගෙන බරණැස්නුවරට අවුත් සත්පුරුෂයන්ට කෙළෙහිගුණ දැන්ම සුදුසු වේදැයි ලක්ෂයක් වස්තු ගෙන්වා ගෙන චුල්ල සිටානන් සමීපයට ගියේය. එකල්හි සිටානෝ ඕ හට දරුව තොප විසින් කුමක් කොට මේ වස්තුව ලබන ලද්දේ දැයි කීහ. මලමීයාගේ විකිණිම පටන් සියළු ප්‍රවෘත්තී කීයේය. චුල්ල සිටානෝ ඔහුගේ බස් අසා මෙබඳු පුරුෂයකු අනුන්ට ඇර පියන්නට සුදුසු නොවන්නේ යයි කියා වැඩි විය පැමිණ සිටි තමන්ගේ දියනියන් ඕ හට පාවා දී සියළු තමන්ගේ වස්තුවට හිමි කලාහ. ඒ පුරුෂයා චුල්ල සිටානන්ගේ ඇවැමෙන් ඒ නුවර සිඹු සේසත් ලද්දේය. මහබෝසතානෝ දානාදී පින්කම් කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියහයි වදාල සේක. තිලෝගුරු සම්‍යක් සම්බුද්ධ රාජොත්තමයාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා මත්තෙහි ධර්ම දේශනා කොට යම්සේ ණුවනැති පුරුෂයෙක් මධ ගින්නක් ක්‍රමයෙන් ගොමසුනු ආදිය ලා මුඛයෙන් පිඹ මහත් වූ වක් නිස්කන්ධයක් කෙරේද එපරිද්දෙන්ම නුවණැති සත්ව තෙම යම් සුවල්ප වූ බඩු මිලයක් ලැබ නොයෙක් උපායෙන් වෙළඳාම් කොට වස්තු යසස් වර්ධනය කරන්නේයැයි මෙසේ භාග්‍යවත් වූ බුදු රජානන් වහන්සේ මහණෙනි චුල්ලපන්ථක ස්ථවිරයෝ දැන් මා නිසා ධර්මයේ මහත් තත්වයට පැමිණියෝය. පූර්ව ජන්මයෙහි මහත් තත්වයට පැමිණියෝ යැයි ධර්ම දේශනාව වදාරා අතීත කතාවත් වර්ථමාන කථාවත් දෙකම එක් කොට පූර්වාපර සන්ධි ගලපා මේ චුල්ලසෙට්ටි ජාතකය නිමවා වදාල සේක. එසමයෙහි චුල්ලනේථ වාසික පුරුෂ තෙම දැන් මේ චුල්ලපන්ථක ස්ථිවිරයෝය. එසමයෙහි චුල්ල සිටුව උන්නෙම් දැන් තිලෝගුරු සම්‍යයක් රජ වූ මම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    05 තණ්ඩුල නාලි ජාතකය

    05 තණ්ඩුල නාලි ජාතකය





    තවද එක්සමයෙක්හි ශාක්‍යසිංහ වූ සම්‍යක් සම්බුදු රජානන්වහන්සේ සැවැත් නුවර නිසා ජේතවනාරාමයෙහි වාසය කරණ සේක් ලාළුදායී නම් තෙර කෙණෙකුන් වහන්සේ උදෙසා මේ ජාතකය වදාළ සේක.

    එ කෙසේ ද යත්

    එක් සමයෙක්හි දබ්බමලලපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සංඝයා වහන්සේට ලාබත් ආදී වූ බත් පමුණුවන සේක. උන් වහන්සේ උදෑසන ලා බත් පමුණුවන්ටවන් කල්හි උදායිස්ථවිරයන් වහන්සේට කිසිකලක යහපත් බතෙක් පැමිණෙන්නේය, කිසිකලක නපුරුබතෙක් පැමිණෙන්නේය, උදායි ස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේට නපුරු බත පැමිණ දවස් ලාබත් බෙදන්නාවූ ස්ථානයෙහි අලළාන කරණ සේක. කිම දබ්බල පුත්‍ර යෝමලාබත් බෙදන්ට දනිද්ද අපි නොදනිමෝදැයි කියාත් කියතන සේක. උන් වහන්සේ ලාබත් බෙදන තැන අලාළන කරණහෙයින් එසේ වී නම් දැන්නුඹවහන්සේම ලාබත් බෙදාදුන මැනවයි කියා ලාබත් පෙට්ටි ඒ තෙරුණ් වහන්සේට පාවාදුන්හ. එතැන් පටන් සංඝයා වහන්සේට ඒ ලාළුදායි ස්ථවිරයන් වහන්සේම ලාබත් බෙදාදෙන සේක. දෙන්නාවුන් ඒ තෙරුන් වහන්සේ යහපත් බත වේවායි නපුරු බත වේවායි අසවළුන්ගේ කොටසේ යහපත් බත සිටියේයයි කියාවත් අසවල් කොටසේ නපුරු බත සිටියේයි කියාවත් නොදන්නාසේක. ඨිතිකාව කරණසේකුත් නපුරු බත සිටියේයයි කියාවත් නොදන්නා සේක. ඨීතිකාව කරණසේකුත් අසවල් ඨිථිකාවකොට සේසලකාගත නොහෙන සේක. භික්ෂූන් වහන්සේ පාළියේ සිටි වෙලාවෙහි මෙතන අසවල් ඨිතිකාව සිටියාය. මෙතැන අසවල් ඨිතිකාව බෙදන සිටියායිබිමවත් භික්තියේවත් ඉරක් අඳනාසේක. දෙවෙනි දවස් ලාබත් තැන භික්ෂූන් වහන්සේ මඳ හෝ වනසේක. බොහෝ හෝවනසේක. භික්ෂූන් වහන්සේ මඳවුකල ඇඳළුඉර අගට පලායන්නේය බොහෝවූ කල්හි මුලට වන්නේය. ඒ උදායි ස්ථවිරයන් වහන්සේ ඨිතිකාව දැනගතනොහී රෙඛා සංඥයෙන් ලාබත් දෙන සේක. එකල්හි අවශෙෂ භික්ෂූන් වහන්සේ කියන සේක් ඇවැත්නි උදායි ස්ථවිරයෙනි. රේඛාව නම් පසු හෝ වෙයි උතුම්බත අසවල් කොටසේ සිටියේය නපුරුබත අසවල්කොටසේ සිටියේයයි කිසේක්. ඒ අසා උදායි ස්ථිවිරයන් වහන්සේ භික්ෂූන් වහන්සේ වා විවාද කරණසේක් ඒසේ වී නම් මේ ඉර කවර කාරණයකින් මෙසේ සිටියේද මම නුඹ වහන්සේගේ බස් කුමක්පිණිස අදහම්ද මේ රේඛාවෙන් අදහස් කී සේක. එකල්හි බාලභික්‍ෂූන් වහන්සේත් සාමණේරයන් වහන්සේත් ඇවැත් වූ ලාළුදායි ස්ථිවරයන් වහන්ස නුඹ වහන්සේ ලාබත් බෙදාදොතොත් භික්ෂූන් වහන්සේ ලාභයෙන් පිරිහෙණ සේක. නුඹ වහන්සේ බත් බෙදාදෙන්නට සුදුසු නොවන සේක මෙතැනින් නික්මුණ මැනවැයි කියා ලාබත් බෙදාදෙන තැනින් නෙරපූසේක. එවෙලෙහි ලාබත් බෙදාදෙන තැන මහත් කෝලාහල විය. ඒ අසා සර්වඥයන් වහන්සේ අනදමහතෙරුන් වහන්සේ අතින් විචාරණසේක්. ආනන්දයෙනි ලාබත් බෙදන තැන මහත් වූ කෝලාහල ඇසෙයි. මේ කවර කෝලහල ශබ්දයෙක් දැයි වදාළසේක. අනදමහ තෙරුන් වහන්සේ සර්වඥයන් වහන්සේට එපවත් දැන්වූසේක. එකල්හි සර්වඥයන් වහන්සේ එම්බා ආනන්දයෙනි, උදායි ස්ථවිරයා තමා අඥන බැවින් අනුන්ට ලාභාහානිකෙළේ දැන් මතුනොවෙයි පළමුත් කෙළේවේදැයි වදාළසේක. අනදමහ තෙරුන්වහන්සේ ඒ අර්ථය ප්‍රකාශ කරණ පිණිස සර්වඥයන් වහ්නේසට ආරාධනා කළසේක. බුදුරජානන් වහන්සේ භාවනාතරප්‍රව්ජනන කාරණය ප්‍රකාශ කොට වදාළසේක.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    යටගිය දවස කසීරට බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙක් රාජ්‍යය කරන්නාහුය. එකල අප මහා බෝසතානෝ ඒ රජ්ජුරුවන්ට වන්නකුකම් කරන්නාහුය. ඇත් අස් ආදීන් හා රන්රුවන් ආදිය අගය කරවති. ඒ ඇත් අස් ආදියෙන් අගය කරවා වස්තු ස්වාමින්ට වස්තුවට සුදුසු වූ වටනා මිළම දෙවති. රජ්ජුරුවෝ වූ කලී ඉතා ලෝභියෝය. ඒ රජ්ජුරුවෝ තමන් ලෝභී ප්‍රවෘති ඇති බැවින් මෙසේ සිතූහ. මේ වන්නකකා මෙසේ වන්නකුකම්කොට අය වැය කෙරේ නම් නොබෝකලකින්ම මාගේ භාණ්ඩාගාරයේ වස්තු නිමා යන්නේය. එසේ හෙයින් අනිකකු වන්නකු තනතුරෙහි තබමියි සිතූය. මෙසේ සිතා ඒ රජ්ජුරුවෝ සිවු මැදුරු කවුළුව හැර රාජාංගණය බලන තැනැත්තෝ ලෝභී වූ නුවණැති එක් ගම්වැසි පුරුෂයකු රාජාංගණයෙන් යන්නා දැක මේ තෙමේ මට සියළු වස්තුවේ අගය තබා අය වැය කරන්ට සමර්ථ වන්නේයයි ඔහු සමීපයට කැඳවා ගෙන්වාගෙණ දරුව තෝ අපට වස්තුවෙහි අගය තබා අය වැයකොය වන්නකුකම් කරන්නට සමර්ථයෙහිදැයි කිවුය. එබස් අසා ඒ පුරුෂයා යහපත ස්වාමීනියි ගිවිස කල්හි රජ්ජුරුවන්ගේ වස්තුව රක්නාපිණිස ඒ අඥන පුරුෂයා වන්නකු කමෙහි සැලසූහ. එතැන්පටන් ඒ දන්ධයා ඇත් අස් ආදීන් අගය කරන්නනේ අගය පිරිහෙළා මුඛවෙශාවූ යම්මිලයක් අභිප්‍රාය වූ පරිද්දෙන් කියයි. ඔහු වන්නකු තනතුරෙහි සිටි බැවින් එතෙම යම් මිළයක් කීනම් ඔහු කී මිළම ඒ වස්තුවට මිළ වන්නේය. රාජනියෝගයෙන් සැලසූ තැනැත්තවුන් හෙයින් ඊට වීරුද්ධව උත්තර කියන කෙණෙක් ම දවුය. එකල්හි උත්තරා පථයෙහි වසන්නාවූ එක් අස් වෙළෙන්දෙක් පන්සියයක් අසුන් එනුවරට ගෙණයේය. රජ්ජුරුවෝ අසුන් මිලකරවූයේය. එතෙම අසුන් මිළකරන්නේ පන්සියයක් අසුන්ට එකම සාල්නැළියක් අගය කළේය. මෙසේ අගය කොට අස්වෙළදුන් එකමසාල් නැළියක් දෙවයි කියා සැල් නැළියක් මිලයට දී අසුන් පන්සියක් දෙනා රජ්ජුරුවන්ගේ අස්සල බැන්දවූයේය. අස් වෙළදා පළමු අගය කරවන වන්නක්කානන් සමීපයට ගොසින් එපවත් කියා දැන්කුමක් කරමොදැයි විචාලේය. ඒ අසා මහබෝසතානෝ කියන්නාහු ඒ පුරුෂයාට අත් ලස්දී මෙසේ විචාරව අපගේ අස්සුවූ කලී එකම සාල් නැළියක් වටිති. අප විසින් දන්නා ලද්දේය. තොප නිසා සාල් නැළියෙහි අගය දන්නා කැමැත්තෙම්හ. එසේ හෙයින් රජ්ජුරුවන් වහන්සේ සමීපයේ සිට සාල්නැළිය මෙතෙක් මිල අගනේයයි කියන්නට නොපිළිවන්දැයි විචාරව. ඉදින් සාල් නැළියේ මිල කියන්ට පිළිවනැයි කියේවීනම් ඔහු කැඳවාගෙන රජ්ජුරුවන් වහන්සේ සමීපයට යව. මමත් එතනට එන්නෙමි වේදැයි කිවුය.

    එකල්හි අස්වෙළදා බෝධිසත්වයන් කී බස් යහපතැයි පිළිගෙණ ලෝභී වූ වන්නකු පුරුපායට අත්ලස් දී ඒ කාරණය කිය වූයේය. ඒ වන්නකු පුරුෂයා අත්ලස්ලැබලාම සාල් නැළියට මිලකින්වමට පිළිවන් වන්නේයයයි කිය. එබස් අසා වෙළදා එසේ වී නම් රජගෙට යම්හයි කියා ඔහු කැඳවාගෙණ රජ්ජුරුවන් සමීපයට ගියේය. බෝධිසත්වයෝත් අවශේෂ අමාත්‍යයෝත් ඒ වෙලාවට එතනට ආවාහුය. එකල්හි අස්වෙළදා රජ්ජුරුවන් වැඳලා කියන්නේ ස්වාමීනි, මම පන්සියයක් අසුන්ට එක සාල් නැළිය අගනා බව දනිමි. ඒ සාල් නැළිය කෙතෙක් අගීදැයි වන්නකකානන් අතින් විචාල මැනව රජ්ජුරුවන් වහන්සැයි කිය රජ්ජුරුවෝ එපවත් නොදැන කියන්නාහු එඹල වන්නකුපුරුෂය පන්සියයක් අස්සු කෙතෙක් මිළ වටිද්දැයි විචාලෝය. එබස් ඇසූ වන්නකු පුරුෂයා ස්වාමිනි සාල් නැළියක් වටනේ වේදැයි කීය. වන්නාට දරුව පන්සියක් අස්සු කලි සාල්නැලියක් අගිත්වයි ඒ සාල් නැළිය කෙතෙක් මිළපුස්නේදැයි විචාළෝය. ඒ අඥාන පුරුෂයා ස්වාමීනි අන්තඃපුරය පිටිපුර සහිතව බරණැස් නුවර අගය කෙළේය. එසමයෙහි බරණැස්නුවර පවුරුවලල්ල දොළොස්යොදුනක් පමණවන්නේය. මේ නුවර ඇතුළත්වන්නේය. පිටත වානාහිතුන් සියයක් යොදුන් පමණ රාජ්‍යය වන්නේය. මෙසේ ඒ අඥාන පුරුෂයා දොලොස් යොදුනක් වට ඇති නුවර හා තුන්සියයක් යොදුන් වට ඇති මේසා මහත් රාජ්‍යය එකම මාල් නැළියට අගය කළේය., ඒ අසා අමාත්‍යයෝ අත් පොළසන් දී සිනාසී කියන්නාහු අපි පෙර පොළව හා රාජ්‍යය අනර්ග මිළ නැතැයි සිතා උනුම්හ. දැන් වූ කලි මේසා මහත් සරාජිකවූ බරණැස් නුවර හා රාජ්‍යය සාල් නැළියක් පමණ අගනේය. නුඹවහන්සේගේ වන්නකු පුරුෂයාගේ සමර්ථතාවයක් ඉතා ආශ්චර්යය නිසාය මේතෙක් කල් මුළුල්ලෙහි මේ වන්නකු පුරුෂයා කොයි විසීද අපගේ රජ්ජුරුවන් වහන්සේටම මෙතෙම සුදුසුවන්නේයයි හාසකොට නින්දා කළාහුය. එකල්හි රජ්ජුරුවෝ ලජ්ජාවට පැමිණ ඒ නුවණැති පුරුෂයා නුවරින් පිටත් කරවා මහබෝසතානන්ටම වන්නකු තනතුරු දුන්නාහුය. මහබෝධිසත්වයෝ එතැන්පටන් දානාදී වූ පින්කම්කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය. ශාස්තෘ වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා වදාරා ආනන්ද ස්ථවිරයෙනි, මේ අඥාන වූ උදායි ස්ථවිරයා රෙමාහට ලාභහානී කෙළේ දැන් මතු නොවෙයි පෙරත් තමා නුවණ නැති බැවින් කෙළේම වේ දැයි අතීත කථාවත් වර්ථමාන කථාවක් දෙක එක්කොට සන්ධි ගලපා මේ තණුඩුල නාළි ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි ගම්වැසි වූ අඥාන වන්නකු පුරුෂයා නම් දැන් මේ ලාළුදායි ස්ථවිරය. නුවණැති වන්නකු පුරුෂයා නම් ලොකස්වාමී වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    06 දේවධර්ම ජාතකය


    තවද එක් සමයෙක්හි ශාක්‍යකුල චින්තාමාණික්‍ය වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ සැවැත් නුවර නිසා ජේතවන මහා විහාරයෙහි වාසය කරණසේක් එක්තරා බහුභාණ්ඩික භික්‍ෂූකෙණෙකුන් වහන්සේ උදෙසා මේ ජාතකය වදාළ සේක.

    සැවැත්නුවර වාසීහු එක් කෙළඹි පුත්‍රයෙක් තමාගේ භාර්යාව මිය පරලොව ගිය කල්හි ශාසනයෙහි මහණ වූයේය. එතෙම මහණවන්නට පූර්ව භාගයෙහිම තමා වසනු පිණිස පන්සලකුත් ගිනිහල් ගෙයකුත් බඩු හල්ගෙයකුත් කරවා බඩුගල්ගෙය ගිතෙල් තලතෙල් ආදීයෙන් පුරා මහණ වූ යේය. මහණ වූ පසු තමාසන්තක කෙල්ලන් කොල්ලන් කැඳවා ගෙන්වා ගෙණ රුචිවූ පරිද්දෙන් බත් මාළු පිසවාගෙණ අනුභවකරන්නේය. සිවුරු ආදීවූ බොහෝ පිරිකර ඇත්තේය. රාත්‍රියෙහි එක් අඳනයක් හා පොරවනයක් පොරෝණේය. දිවාභාගයෙහි අනික් අඳනය හා අනික් පොරෝණයක් වළදීන්නේය. විහාර කෙළවර වාසය කරන්නේය. ඉක්බිත්තෙන් එක් දවසක් මේ භික්ෂූන් වහන්සේ සිවුරු හා ඇතිරි ආදිය ගෙන් පිටත්කොට මළුවේ වනා අවුගස්වන කලට බොහෝ දනව්වාසී වූ භික්ෂූන් වහන්සේ සෙනාසන චාරිකාවේහි ඇවිදිනාසේක් ඒ බහු භාණ්ඩික භික්ෂූන්ගේ මළුවට ගොස් සිවුරු ආදිය දැක මේ කාගේදැයි විචාළසේක. ඒ බහුභාණ්ඩික මහණ ඇවැත්නි මාගේ යයි කී සේක. ඇවැත්නි මේ සිවුරත් මේ අඳනයත් මේ අඳනයක් මේ ඇතිරියත් මේ ඇතිරියත් සියල්ලම තොපගේ දැයි විචාළසේක. එසේය ඇවැත්නි කී කල්හි භික්‍ෂූන් වහන්සේ කියනසේක ඇවැත්නි, බුදුරජානන් වහන්සේ විසින් තුන්සිවුරු අනුදන්නා ලදහ මෙසේ අපෙලච්ඡ වූ සර්වඥයන් වහන්සේගේ ශාසනයෙහි තොපි මහණ වී මෙසේ බොහෝ පිරිකර ඇති කල වරෝ යම්හ තොප සර්වඥයන් වහන්සේ සමීපයට ගෙණයම්හ යි කියා ඒ භික්‍ෂූහූ කැඳවාගෙණ බුදුන් සමීපයට ගියසේක. බුදුහු දැකලාම කිමෙක්ද මහණෙනි, මේ භික්ෂූහූ නොකමැති පරිද්දෙන්ම කැඳවාගෙණ අවුදැයි වදාළසේක. එකල්හි භික්ෂූන් වහන්සේ කියනසේක් ස්වාමීනි මේ මහණ බහු භාණ්ඩිකය බහු පරිෂ්කාර ඇත්තේයයි දැන්වූසේක. එබස් අසා බුදුහු මහණ තා බහුභාණ්ඩික වූයේ සැබෑදැයි විචාරා වදාළ සේක. ස්වාමිනි සැබෑවයි ඒ මහණ දැන්විය. එ බස් ඇසූ බුදුහු මහණ තෝ කවර කාරණයකින් බහුභාණ්ඩිකවූ වෙහිද මම නොයෙක් කාරණයෙන් අල්පේච්ඡ බව හා සන්තුෂ්ට භාවයෙහිද කායවිවේක චිත්තවිවේක හා විදර්ශනා භාවනාකිරීමෙහි විර්යවැඩීමෙහි ගුණ කීයෙහි නොවේදැයි වදාළසේක. ඒ බහු භාණ්ඩික භික්ෂූන් වහන්සේ බුදුන් වදාල බස් අදා කිපි එසේකල මේ සැටියේ ඇවිදීම්දැයි පොරෝණය දමා පියාභය බස් අසා කිපී එසේකල මේ සැටියේ ඇවිදීම්දැයි පොරෝණය දමා පියාභය ලජ්ජා නැතිව පෂිත් මධ්‍යයෙහි තනි අඳනයෙන්ම සිටිසේක. එකල්හි සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන් පිටිවහල් වන සේක් මහණ තෝ පෙර බලවත්වූ භය ලජ්ජා ඇත්තෙහි නොවේදැයි දියරකුස්ව උපන්නාවූ කාලයෙහිත් භය ලජ්ජා දෙක සොයමින් දොළොස් අවුරුද්දක් විසුයෙහි නොවේදෝ. එසේ වූ තෝ දැන් කවර කාරණයකින් මෙබඳූ ගරුවු සර්වඥශාසනයෙහි මහණව සිව්වණක් පර්ෂීන් මධ්‍යයෙහි පොරෝණය දමා භය ලැජ්ජා හැර සිටියේහිදැයි වදාළ සේක. එබස් ඇසූ මහණ භය ලජ්ජාදෙක එලවා ගෙණ දමා පූ සිවුර නැවත පොරවාගෙණ බුදුන් වැඳ එකත් පස්ව උන්නේය. අවශේෂ භික්ෂූන් වහන්සේ ඒ අර්ථය ප්‍රකරණ පිණිස සර්වඥයන් වහන්සේට ආරාධනා කළසේක. බුදුරජානන්වහන්සේ අන්‍යභවයෙන් පිළිසන්වූ කාරණය ප්‍රකාශකොට වදාළසේක.
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡

    යටගිය දවස කසීරට බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙක් ජනරඤජනය කොට රාජ්‍යය කරන්නාහුය. එකල මහබෝසතාණෝ ඒ රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බසව කුස පිළිසිඳ ගත්තාහුය. උපන්නාවූ කුමාරයන්ට නම් තබන දවස් මහිංසාස කුමාරයෝ යයි නම් තුබූහ. ඒ කුමාරයන් ඈත මෑත දිවපැන කෙළ ඇවිදිනා අවස්ථාවෙහි රජ්ජුරුරවන්ට අනික් පුතණුකෙණෙක් උපන්නාහුය. ඒ උපන් කුමාරයන්ට නම් තබන්නාහූ චන්ද්‍රකුමාර යෝයයි නම් තුබූහ. ඒ දෙවෙනි කුමාරයන් ඈත මෑත දිව පැන කෙළ ඇවිදිනා අවස්ථාවෙහි බෝධිසත්වයන්ගේ මෑනියෝ කාලක්‍රියා කළෝය. රජ්ජුරුවන්ට ඉතා ප්‍රියයෝය. මනවඩති. සිත්කළුව වාසය කෙරෙති. එකල ඔවුන් දෙදෙනාගේ ප්‍රිය සංවාසයෙන් ඒ බිසව් එක්පතනු කෙණෙකුන් වැඳූය. ඒ උපන් කුමාරයන්ට සූර්යකුමාරයෝයයි නම් තුබූහ. රජ්ජුරුවෝ පුතනුවන්ට වරයක් ගණුවයි කිවුය. බිසවු ඒ වරය මා කැමති විටෙක ඇරගණිමියි පසුව ගතයුතු කොට තබාතිබූය. ඒ බිසවූ පුතනුවන් වැඩිවියට පැමිණි කල්හි රජ්ජුරුවන්ට කියන්නේ ස්වාමීනි නුඹ වහන්සේගේ විසින් මාගේ පුතනුවන් උපන් දවස් වරයක් දෙනලදී. එසේ හෙයින් මාගේ පුතනුවන්ට රාජ්‍ය දුන මැනවැයි කිවුය. රජ්ජුරුවෝ ඒ අසා කියන්නෝ මාගේ දරුවෝ දෙන්න මහත් වූ ගිනිකඳක් මෙන් බබලමින් ඇවිදිති. තොපගේ පුතනුවන්ට රාජ්‍යය දෙන්ට නොපිළිවනැයි ප්‍රතික්‍ෂේප කොට නැවත නැවතත් ඒ බිසවුන් තමන්ගේ පුතනුවන්ට රාජ්‍යය ඉල්වන්නා දැක මෝ්තොමෝ මාගේ දරු වන්ට අනර්ථයක් අවැඩක් උපක්‍රමයක් කොට පියාදෝහෝයි සිතා පුතුන් දෙබෑයන් සමීපයට කැඳවා මෙසේ කිවුය. එම්බා දරුවෙනි. මම සූර්යකුමාරයන් උපන් ගමනේ උන්ට වරයක් දිනිමි. දැන් උන්ගේ මෑනියෝ රාජ්‍යය ඉල්වති, මම රාජ්‍යය නොදෙනු කැමැත්තෙමි. ස්ත්‍රීහූ නම් පාපියෝය. එසේ හෙයින් තොපට නපුරක් සිතාපුනම් නපුරු වන්නේය. තොපි දැන් වලට වැද මා ඇවෑමෙන් අවුත් තොප සන්තක මෙනුවර රාජ්‍යය කරවයි කියා අඬාවැලප ඉස සිඹ සනසා යවුය. ඔවුන් දෙදෙනා පියරජ්ජුරුවන් වැඳ ප්‍රාසාදයෙන් බස්නාවුන් රාජංගණයේ කෙළනා සූර්ය කුමාරයෝ දැක ඒ කාරණය දැන මමත් දෙබෑයන් වහන්සේ හා සමග යෙමියි කියා කැටිවම නික්මුනාහුය. මෝධිසත්වයෝ මාර්ගයෙන් යන ගමණේ මගින් ඉවත්කර රුකක් මුල ඉඳ සුර්ය කුමාරයන්ට මෙසේ කීහ. මල සූර්ය කුමාරයෙනි තෙල පෙණෙන විලට ගොස් නාපියා පැනුත් බී පියුම්පතින් අපට පැන් ගෙණෙවයි කිවුය. ඒ විල තෙමේ වෙසමුණු රජ්ජුරුවන්ගෙන් එක් දියරකුස්සකු විසින් ලබන ලද්දේය. වෙසමුණු රජ්ජුරුවෝත් ඕහට කියන්නෝ දේවධර්ම දන්නා කෙණෙකුන් තබා යම් අනික්කෙණෙක් මේ විලට බටුනම් ඔවුන් කන්න ලැබෙන්නෙහිය. විලට නොබට කෙණෙකුන් කන්නට නොලැබෙන්නෙහියයි කිවුය. එතැන් පටන් දියරකුසු යම් කෙණෙක් ඒ විලට බටු වූනම් ඔවුන් අතින් දේවධර්මය විචාරා යම්කෙණෙක් නොදිනිත් නම් ඔවුන් කන්නේය. ඉක්බිත්තෙන් සූර්ය කුමාරයෝ ඒ විලටගොස් පරීක්ෂා නොකටම බටුවාහුය. එකල්හි උදක රාක්ෂයා ඒ කුමාරයන් අල්වාගෙණ දේවධර්මය දනුදැයි විචාලේය. එකල්හි සූර්ය කුමාරයෝ කියන්නෝ දේවධර්මය නම් චන්ද්‍ර සූර්ය දෙදෙනා වේදැයි කිවුය. ඉක්බිත්තෙන් දියරකුසු ඕ්හට තෙපි දේවධර්මය නොදෙවයි කියා දිය යට ගල්වා තමා වසන්නාවූ ස්ථානයෙහි සිටවිය. බෝධිසත්වයෝත් සූර්යකුමාරයන් ලස්වන්නා දැක චන්ද්‍රකුමාරයන් යවුය. දියරකුසු චන්ද්‍රකුමාරයන් අල්වාගෙණ දේවධර්මය දනුදැයි විචාළෝය. දනිම් දේවධර්මය නම් සතරදිග වේදැයි චන්ද්‍රකුමාරයෝ කිවුය. දියරකුසු තෙපින් දේවධර්මය නොදනුවයි කියා උනුන් අල්වාගෙන ඒසේම දියයට සඟවා සිටුවුයේය.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    බෝධිසත්වයෝ ඒ චන්ද්‍රකුමාරයනුත් කල්යවා නොයන හෙයින් එක්තරා අන්තරායෙක් විය යුතුයයි තුමූ එතනට ගොස් දෙදෙනාම විලට බට පියවර සටහන් දැක මේ විල රාකෂයකු අධිගෘහිත විලක් උවමැනවැයි සිතා කඩුව උරයේ එල්වාගෙන දුන්න නගා දුනුමිට හියලාගෙණ සිටියාහුය. දියරකුසු බෝධිසත්වයන් දිනට නොබස්නා දැක වලදඬු කපා ඇවිදිනා පුරුෂයෙකුමෙන් තමාගේ ස්වරූපය පාලා බෝධිසත්වයන්ට කියන්නේ පින්වත් වූ පුරුෂය. තොපි මග ගමන්යා මෙන් මිරිකිගියව, කුමක්හෙයින් මේවිලට බැස නාපියා පැන් වී නෙළුඹල හා නෙළුබුදැලිකා මල් පැළඳ සැපසේ නොයව්දැයි කිවුය. බෝධිසත්වයෝ ඔහු දැක සිතන්නාහු මොහු යක්ෂයා විය යුතුය මොහු විසින් මාගේ මල් දෙන්නා අල්ලා ගන්නා ලද්දෝවනැයි සිතා තෝ මාගේ මලුන් අල්වාගත්තෙහිදැයි කිවුය. එසේය මම ඇල්වුයෙමි කී කල්හි කවර කාරණයකින් දැයි විචාරා මම මේ විලට බට කෙණෙකුන් කන්ට ලබමියි කී කල්හි කිමෙක්ද තෝ සියල්ලවුන්ම කන්ට ලබන්නේහිදැයි විචාරා යමෙක් දේවධර්මය දනී නම් ඔහු හැර සෙස්සවුන් කන්ට ලබමියි කී කල්හි තට දේවධර්මයෙන් ප්‍රයෝජන ඇද්දයි විචාලෝය. එසේය දේවධර්මයෙන් ප්‍රයෝජන ඇතැයි දියරකුසු කීය. එසේනම් මම තට දේවධර්මය කියමි කිවුය, එබස් අසා දියරකුසු එසේවීනම් කිවමැනව මම දේවධර්මය අසමියි කීය. බෝධිසත්වයෝ මම තට දේවධර්මය කියමි බල එකෙක් ඇත කිලිටුව සිටිහෙයින් මදක් මැලියෙමියි කිවුය. උදාකරාක්‍ෂසයා බෝධිසත්වයන් නහවා පැන් පොවා මල් පලඳවා සුවඳ විලවුන් ගල්වා සරහන ලද මණ්ඩපයෙහි උතුම් වූ පර්යංකයක් අතුට දුනේනේය. මහාබෝසතානෝ ඒ පනවන ලද ආසනමස්තකයෙහි ඉඳ යක්ෂයා පාමුල සිටුවා ගෙණ එසේවීනම් තෝ කන් යොමා සකස්කොට අසවයි කියා දේවධර්මය කියන්නාහු මෙසේ කිවුය. මේ ලෝකයෙහි යම් කෙණෙක් භයින් හා ලජ්ජාවෙන් අකුශල ධර්මනුත් නොකළමනා අවශේෂ ලෝකචාරිත්‍රයනුත් දැන හැකිළෙන හෙයින් භය ලජ්ජා දෙකින් යුක්තව වාසය කෙරෙද්ද කුශල ධර්මයෙහි ඇම කල්හිම බලවත්වූ ඇලුම් ඇත්තෝද උතුම්වූ සත්පුරුෂ ගුණ ඇත්තෝද එසේ වූ සත්වයන්ගේ ප්‍රවෘත්තිය මේ ලෝකයෙහි දේවධර්ම නම් වෙයි කියා ධර්මදේශනා කළෝය.යක්ෂයා මේ ධර්මදේශනාව අසා ප්‍රසන්නවූ සිත් ඇතිව බෝධිසත්වයන්ට කියන්නේ මම තොප කෙරෙහි පුසන්නයෙමි ප්‍රසන්න වූ මම එක් මලනුකෙණෙකුන් තොපට දෙමි කවුරුන් ගෙණෙම්දැයි කීය. ඒ අසා බෝධි සත්වයෝ බාලමලනුවන් ගෙණවයි කිවුය. දියරකුසු කියන්නේ පණ්ඩිතයෙනි තොපි උදක් දේවධර්මය දන්නා පමණෙක්මය එපමණක් විනා ඒ ධර්මයෙහි තොප පවත්නේ නැතැ යි කිය. කවරකාරණයකින් දැයි කී කල්හි වැඩි මහළු තැනැත්තන් තමා බාලතැනැත්තන් ගෙන්වනහෙයින් තොප ජෙට්ඨාජචායන කර්මය නොකරණ හෙයිනැයි කීය. එබස් අසා මහාබෝසතානෝ කියන්නෝ එම්බල යක්ෂය මම දේවධර්මයත් දනිමි, දේවධර්මයෙහිත් පවතිමි. අපි මේ වලට වදනමෝ මේ බාල මලනුවන් නිසා වනුම්හ. මුන් පිණිස අපගේ පියානන් වහන්සේගේ අතින් මුන්ගේ මෑණියෝ රාජ්‍ය ඉල්වුය. අපගේ පියානන් වහන්සේ ඒ වරය නොදි අප රකිනා නිසා වනයෙහි වසන්ට කී සේක. එබස් ඇසූ බාල මලනුවෝ නොරඳා අප හා සමග මේ වනයට අවුය. ඉඳින් අපි ඒ කුමාරයන් වනයෙහි එක් යක්ෂයෙක් අනුභව කොට පීයයි කිමෝනම් අප කීබස් අදහා ගන්නාකෙණෙකු නැත. එසේ හෙයින් මම නින්දාවට භයින් බාලමපතුනුවන් ගෙන් වමි. කිවුය. එබස් අසා දියරකුසු සමාධිව සාධු සාධු පණ්ඩිතයෙනි තොපි දේවධර්මයත් දනුව දේවධර්මයෙහිත් පවතුවයි ප්‍රසන්නවූ සිත් ඇතිව බෝධිසත්වන්ට සාධුකාරදී දෙබෑයන්ව ගෙණවුත් පාවාදින. එකල්හි බෝධිසත්වයෝ ඕහට අවවාද කරන්නෝ යක්ෂය තෝ පෙර කළ අකුශල කර්මයෙන් අනුන්ගේ වෙරළේ මස්කන්නාවූ යක්ෂව උපන්නෙහිය. දැන් නැවතත් අකුසල්ම කෙරෙති. නම් තා විසින් කරණ ලද අකුශල කර්මය නරකාදී සතර අපායෙන් තා මුදාලිය නොහෙන්නේය එසේ හෙයින් මෙතැන්පටන් අකුසල්හැර කුසල් කරවයි අවවාදකොට යක්ෂයා දමනයෙහිලන්ට සමර්ථ වූයේය. මහබෝසතාණෝ යක්ෂයා දමනයෙහි ලාගෙණ ඔහු විසින් කරණලද ආරක්ෂා ඇතිව එතැන්හිම වසන්නාහු එක් දවසක් නැකැත්තරු බලා පියරජ්ජුරුවෙන් කාලක්‍රියා කළ නියාව දැන යක්ෂයා කැඳවාගෙන බරණැස්නුවරට ගොස් රාජ්‍යයගෙණ චන්ද්‍රකුමාරයන්ට යුවරජ තනතුර හා සූර්යකුමාරයන්ට සෙනෙවිරත් තනතුරදී යක්ෂයාට සිත්කළු තෙනක දේවාලයක් කරවා එතැන්හි ඔහු වස්වා නිරන්තරයෙන් බත් හා මල් පහන් සුවඳ විලවුන් ඕහට පළමුකොට පුදන පරිද්දෙන් සැලසූය. ඒ මහා බෝසතානෝ දැහැමෙන් රාජ්ජය කොට කම්වූ පරිද්දෙන් මියපරලොව ගියෝය. ශාස්තෘ වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණහැර දක්වා වදාරා චතුස්සත්‍යය ප්‍රකාශකොට වදාළසේක. මේ චතුරාර්ය සත්‍යය ධර්ම දේශනාවගේ කෙළවර ඒ බහුභාණ්ඩික භික්ෂූන් වහන්සේ සෝවාන් පෙළෙහි පිහිටසේක. බුදුරජානන් වහන්සේ අතීත කථාවත් වර්ථමාන කථාවත් දෙක එක්කොට සන්ධිගලපා මේ දේවධර්ම ජාතකය. නිමවා වදාළසේක. එසමයෙහි උදක රාක්‍ෂසයා නම් දැන් මේ බහුභාණ්ඩික මහණය. සූර්යයකුමාරයෝ නම් ආනන්ද ස්ථවිරයෝය. චන්ද්‍රකුමාරයෝ නම් ශාරිපුත්‍ර ස්ථවිරයෝය, මහීංසාසකුමාරයෝ නම් තිලෝගුරු සම්‍යක්සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාලසේක.
     
    • Like
    Reactions: Hayao

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    දර්මය ප්‍රචාරය කිරීමත් මහත් පල ආනිසංස ලැබෙන කරුනක්
    දිගටම කරන්න ඔබට පිං
    රෙ+
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මච්න් උබට රෙප් දෙන්න බරිලු මට... එත් පින් දෙන්නම්.... ගොඩක් හොද සත් ක්‍රියාවක්... සාදු සාදු සාදු!!!
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    07 කට්ඨහාරී ජාතකය

    තවද එක් සමයෙක්හි සකල ලොකානන්දනය කරවූ බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසනසේක් වාසභක්‍ෂත්‍රියාවන්ගේ කථාව අරභයා මේ ජාතකය වදාළ සේක.

    මෙහි වර්ථමාන කථාව දොළොස්වැනි නිපාතයෙහිවූ භද්‍රසාල ජාතකයෙහි මතු පහළවන්නේය. ඒ වාසභක්‍ෂත්‍රියාවෝ වනාහී මහා නාම නම් ශාක්‍ය රජ්ජුරුවන්ගේ දුවනියෝය. නාගමුණ්ඩා නම් දාසියගේ කුස පිළිසිඳ ගත්තාය. කොසොල් රජ්ජුරුවන්ට අගමෙහෙසුන් වූවාය. ඕ තොමෝ රජ හට ප්‍රිය වූ පුත්‍රයෙක් වැදුවාය. කොසොල් රජ වනාහි වාසභක්‍ෂ්‍රියාන්ගේ දාසි භාවය පසු දැන ස්ථානාන්තරයේ පිරිහෙලුවේය. විඩුඩභ නම් පුත්‍රයාගේ ද ස්ථානන්තරය පිරිහෙලුවේය. ඔහු දෙදෙනාම රජගෙය ඇතුළත ම වසන්නාහ. බුදු රජානන් වහන්සේ ඒ කාරණය දැන වදාරා පෙරවරු පන්සියයක් භික්ෂූන් පිරිවරා රජගෙට වැඩ පනවන ලද ආසනයෙහි වැඩ හිඳ මහරජ වාසභක්‍ෂත්‍රියාවෝ කොයිදැයි වදාල සේක. කොසොල් රජ්ජුරුවෝ ඒ කාරණය දැන්වූයේය. මහරජ වාසභ ක්‍ෂත්‍රියාවෝ කවරක්හුගේ දුවණියෝ දැයි විචාල කල්හි ස්වාමින් වහන්ස මහානාම නම් රජහුගේයැයි කීසේක. කවරක්හු නිසා ආයේදැයි වදාල කල්හි ස්වාමීන් වහන්ස මා නිසා යයි කීවෝය. මහරජ වාසභක්‍ෂත්‍රියාවෝ රජහුගේ දුවණියෝය. රජහු නිසාම අවුය. රජහු නිසාම පුත්‍රයෙක් ලද්දීය. ඒ පුත්‍ර තෙම කවර කාරණයකින් පියාණන් අයිති රාජ්‍යයට හිමිනොවන්නේද. පූර්ව කාලයේදී රජදරුවෝ මොහොතක් වත් එක්ව වාසය කලාවූ දරුකැටියාගේ බඩෙහි උපන්නාහු පුත්‍රයෙකු ලැබ ඒ පුත්‍රයාට රාජ්‍ය දෙන්නාහුයැයි වදාල කල්හි කොසොල් රජ තෙම ඒ කාරණය පහල කරන පිණිස භාග්‍යවතුන් වහන්සේට යාඤ්ඥා කළේය. භාග්‍යවතුන් වහන්සේ භවයෙන් වැසි තිබූ කාරණය ප්‍රකාශ කොට වදාල සේක.

     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    යටගිය දවස බරණැස්නුවර රාජ්‍ය කරන්නාහු බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙක් මහත් වූ පිරිවරින් උයනට ගොස් එහි පුෂ්ප ඵල ලෝභයෙන් හැසිරෙන සේක් උයන් වන ලැහැබෙහි ගායනා කොට දර නෙලන්නාවූ එක් ස්ත්‍රියක දැක පිළිබඳ සිත් ඇතිව තෘෂ්ණා සන්තවය කලෝය. එකෙණෙහිම අප මහ බෝධිසත්වයානන් වහන්සේ ඒ ස්ත්‍රියගේ බඩෙහිම පිළිබඳ ගත් සේක. එකෙණෙහිම ඇගේ බඩ විදුරුපුරනා ලද්දක් මෙන් ගරු වූ කුක්ෂිය වූයේය. ඒ ස්ත්‍රිය ගැබ පිහිටි බව දැන මහරජ මගේ ගර්භය පිහිටියේයැයි කීවාය. එකල්හි ඒ රජතෙම අන්කෘෂ්ට මුද්‍රිකාව දී ඉඳින් දුවනිකෙණෙක් වූ නම් මේ අන්කෘෂ්ට මුද්‍රිකාව විකුට පෝෂ්‍ය කලව. ඉඳින් පුත්‍රයෙක් වී නම් මුද්‍රිකාව හා සමග මාගේ සමීපයට ගෙණ එවයි කියා වැඩි සේක. ඒ ස්ත්‍රිද ගර්භිය මුහුකුරණ ලද්දී බෝධි සත්වයන් වහන්සේ වැදුවාය. ඒ අප මහා බෝධිසත්වයාණන් වහන්සේ ඔබ මොබ හැසිරෙන කල්හි කෙළෙි මඩුල්ලෙහි ලදරුවෝ උන් වහන්සේට මෙසේ කියන්නාහු. පියාණන් නැත්තාහූ විසින් පහරණ ලදුම්හැයි කියන්නාහුය. ඒ අසා බෝධිසත්වයන් වහන්සේ මෑණියන් සමීපයට ගොස් මෑණියනි මාගේ පියාණෝ කව්දැයි විචාළසේක. පුත්‍රය තෙපි බරණැස් රජහුගේ පුත්‍රයකැයි කීවාය. මෑණියනී කිසි සලකුණක් නැත්තේදැයි විචාල සේක. පුත්‍රය රජ්ජුරුවෝ මේ මුද්‍රිකාව දී ඉඳින් දුවනි කෙණෙක් වී නම් මේ මුද්‍රිකාව වෙතට පෝෂ්‍ය කරව ඉඳින් පුත්‍රයෙක් වී නම් මේ මුද්‍රිකාව හා සමග ගෙනෙවයි කියා ගියසේක්යැයි කීවාය. මෑණියනි එසේ කල්හි කවර කාරණයකින් මා පියාණන්ගේ සමීපයට කැඳවාගෙන නොයන්නේයැයි කී සේක. ඒ ස්ත්‍රිය අප බෝසතානන්ගේ අඬ්‍යාස දැන රාජවාස භවන චාරයට ගොස් රජහට කීව්වාය. රජහු විසින් කැඳවනු ලබන්නේ රජගෙට වැද රජහට වැඳ මහරජ්ජුරුවන් වහන්සේ නුඹ වහන්සේගේ මේ තෙම පුත්‍රයකැයි කීවාය. රජ්ජුරුවෝද දක්නා සේක්ම පරිෂිත් මැද ලැජ්ජාවෙන් මාගේ පුත්‍රයෙක් නොවෙයි කී සේක. මහරජ්ජුරුවන් වහන්ස. නුඹ වහන්සේ ගේ මේ මුද්‍රිකාව මේ දැන ගනුවයි කීවාය. මේ ද මාගේ මුද්‍රිකාවක් නොවෙයි කී සේක. මහරජ්ජුරුවන් වහන්සේ දැන් සත්‍යක් ක්‍රියාව හැර මට අනෙක් සාක්ෂියක් නැත්තේය. මේ ලදරු තෙම නුඹවහන්සේ නිසා උපන්නේ නම් අහස්හි සිටවයි. ඉඳින් එලෙස නොවුයේ වී නම් බිමහි මරණයට පැමිණේවයි කියා බෝධිසත්වයාණන් වහන්සේගේ පාද වන්දය අල්වාගෙන අහස්හි දැමුවාය. අප මහා බෝධිසත්වයානන් වහන්සේ අහස්හි පලක් බැඳ උන් සේක්. මිහිරි වූ කඩහඬින් ප්‍රිය මහා රජ හට බණ වදාරණ සේක් මෙසේ වදිලසේක. මහරජ මම නුඹ වහන්සේගේ ආත්මජ පුත්‍රයෙක්මි. ජන ප්‍රධාන වූ මහරජ නුඹ වහන්සේ මා රක්ෂා කොට වදාල මැනව. මහරජ්ජුරුවන් වහන්ස හස්ති බන්ධ අශ්ව බන්දාධි වූ මනුශ්‍යයන්ද සත්‍යය ස්වාදී වූ තිරස්චින සත්වයන් රක්ෂා කරණ සේක් ස්වකීය පුත්‍රවූ මහරක්ෂා නොකරණ සේක් දැයි නින්දා කිරීමෙන් හා අනුග්‍රහ කිරීමෙන් මෙසේ වදාල සේක. අහස්හි හිඳ මෙසේ ධර්මදේශනා කරන්නා වූ බෝධි සත්වයානන් වහන්සේගේ ධර්මය අසා පුත්‍රය මෙසේ වර මම්ම පෝෂ්‍ය කරමියි මම පෝෂ්‍ය කෙරෙමියි කියා අත දිගු කල සේක. අනෙකුත් සත්වයෝ දහස් ගණන් අත් දිගු කළාහුය. බෝධිසත්වයානන් වහන්සේ අනෙක් කෙණෙකුගේ අතට නොබැස රජහුගේ අතටම බැස ඇකයෙහි උන් සේක. රජ්ජුරුවෝ අප මහා බෝධිසත්වයාණන් වහන්සේට යුව රාජ්‍ය දෙව් සේක. මෑණියන් වහන්සේ අගමෙහෙසි කළ සේක. බෝධිසත්වයාණන් වහන්සේ රජහු ඇවෑමෙන් කාශ්ට වාහන නම් රජහ දැහමෙන් සෙමෙන් රාජ්‍ය කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියසේක. සාස්තෘ වූ බුදුරජානන් වහන්සේ කොසොල් රජ හට මේ ජාතක ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා අතීත කථාව හා වර්ථමාන කථාව දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ කට්ඨහාරී ජාතකය නිමවා වදාල සේක. එසමයෙහි මෑණියෝ නම් දැන් මහා මයා දේවිය පියාණෝ නම් සුදවුන් මහරජානෝය කාශ්ඨ වාහන නම් රජව උපන්නෙම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජු වූ මමම වෙම්දැයි තමන්වහන්සේ දක්වා වදාල සේක.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    08 ගාමිණි ජාතකය

    තවද එක් සමයෙක් හි සඳරාමර ලෝක ගරු වූ බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් පසුභට විර්ය ඇති භික්ෂූන් කෙණෙකුන් අරඹයා මේ ජාතකය වදාල සේක.

    මේ ජාතකයේ වර්ථමාන කථාවත් අතීත කථාවත් එකොලොස් වැනි නිපාතයෙහි වූ සංවර ජාතකයෙහි මතු පහල වන්නේය. කථාව වනාහි ඒ ජාතකයෙහිද මෙතැන්හිද එකාකාරව ගාථාව වනාහි වෙනස් වන්නීය.
    pc8.gif


    ගාමිණි කුමර තෙම බෝධිසත්වයන් වහන්සේ අවවාදයෙහි පිහිටා ජ්‍යෙෂ්ඨභාතෘ වූ කුමාර වරුන් සියයකට ලාබාලව සියයක් පමණ භාතෘන් පිරිවරා දවලච්ඡත්‍රායගේ උතුම් ආසනයෙහි හුන් සේක. තමාගේ අශ්චර්ය සම්පත්තිය බලා මේ මාගේ ආශ්චර්ය සම්පත්තිය අපගේ අචාරින් වහන්සේ සන්තකයි සතුටුව ප්‍රිති වාක්‍ය පවත්වන සේක් නුවණැත්තවුන්ගේ අවවාදයෙහි සිට තුරිත ලොව උපාය කලේය. කර්මාණ්තයෙනි ප්‍රයුක්තයන්ට පාර්තිත වූ ප්‍රයොජනයෙහි ආසාව සමෘද්ධ වේමය ධානාර්ථ ප්‍රියවචන සමානාත්ම යැයි කියන ලද බ්‍රහ්මචාරියාව මූලික වූ සමාපත්තීත් ද මුහුකුරා සිටි බැවින් පරිපක්ඛවම බ්‍රහ්මචාර්යාව ඇතිවීම ගාමණි කුමාරයා මෙසේ දැනගනුවයි කියා තමන් සර්වජන ප්‍යෙෂ්ඨ බැවින් ආත්ම ප්‍රිතිය කොට තමන්ට ආමන්ත්‍රණය කොටආචාරීන් වහන්සේ නිසා බෑයන් සියයක් ඉක්මවා මේ මහා රාජ්‍යයට පැමිණියෙමියි ප්‍රිතී වාක්‍ය පැවැත්වූ සේක. ගාමිණි කුමාරයන් රාජ්‍යයට පැමිණි සත් අට දවසක් ඇවැමෙන් සියළු භූතෘ වූ කුමාර වරුහු තමන් වසන තැනට ගියාහුය. ගාමිණි වහරජ තෙම දැහැමින් රාජ්‍ය කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියේය. බෝධි සත්වයානන් වහන්සේද ධානාදී ව පින් කම් කොට කම් වූ පරිද්දෙන් මියපරලොව ගියසේක. ශාස්තෘ වූ බුදු රාජානන් වහන්සේම මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා චතුස්සත්‍යය ප්‍රකාශ කොට වදාල සේක. චතුස්සත්‍යයයාගේ අවසානයෙහි පසුබට වීර්ය ඇති භික්ෂූන් වහන්සේ අරහත් ඵලයෙහි පිහිටි සේක. අතීත කතාව හා වර්ථමාන කථාව ගෙනහැර දක්වා වදාරා පූර්වා සන්ධි ගලපා මේ ගාමිණි ජාතකය නිමවා වදාල සේක.
     
    • Like
    Reactions: panchaz

    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    ෙගාඩාක් පිං
    1118lakmalkumara මහාතා අෙප් කට්ටියට ෙගාඩක් වටිනවා
    ෙම් SITE ඒක හදලා ෙගාඩක් කල් bt great work continue ...!!



    did it now ok
    sry bro
     
    Last edited: