පන්සිල් රැකීම අභයදානයක් වන අයුරු

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පන්සිල් රැකීම අභයදානයක් වන අයුරු


    පන්සිල් රැකීම අභය දානයක් බව හා එයින් අප්‍රමාණ පින් හා කුසල් සසර වාසය කරන තුරු රැස්වන බව....

    දානය කොටස් 3කට වෙන්වෙනවනෙ, භෞතික දේවල් දන්දීම, ධර්මය දේශනා කිරීම අනික අභය දානය දීම...අභය දානය කියන්නෙ කෙනෙක්ගෙ හිතේ තියෙන භය නැති කරන එක..මරණයට කැපවෙච්ච සතෙක් ඒකෙන් බේරලා, මරණ භය නැති කරන එක, නැත්තන් වෙනත් විදිහකින් භයට පත්වෙච්ච කෙනෙක් ඒ භයෙන් ගලව ගන්න එක මේකට අයිතිවෙනව.....අපි පන්සිල් ආරක්ෂා කරන එකෙනුත් ඒ විදිහට අභය දානය දීමක් සිද්ධවෙනව,මේ විදිහට......................................................
    ප්‍රාණඝාතයෙන් වලකින එකෙන්, කෙනෙක්ට මරණ බය ඇතිවෙන එක වලකිනව,ඒ විදිහට අනිත් සිල් පද රැකීමෙනුත් පිළිවෙලින්, තමන්ගෙ වස්තුව ධනය නැතිවෙයි කියල තියෙන බය, තමන්ව අපචාරයකට නැත්තන් කරදරේකට ලක්වෙයි කියල තියෙන බය, බොරුවකට රැවටෙයි, ඇත්ත/සත්‍ය දැනගන්ඩ ලැබෙන් නැතිවෙයි කියන බය, සුරාව වගේ දේවලින්, මත්වීමකට ප්‍රමාදයකට ලක්වෙයි කියල තියෙන බය, ඇතිවෙන එක වලක්වන්න පුලුවන්.....මේ කියපු විදිහට අභය දානය දෙන එකෙන් අනන්ත අප්‍රමාණ පිනක් හා කුසලයක් රැස්වෙනව, වගේම දිව්‍ය ලෝකවල උපත ලබන්නත් හේතුවෙනව කියල බුදු හාමුදුරුවො අංගුත්තර නිකායෙ අඨක නිපාතෙ එන අඨපුඤ්ඤාභි සන්ද සූත්‍රෙ දේශනා කරල තියෙනව...ඉතින් මේ විදිහට අප්‍රමාණ ආනිසංස තියෙන හින්ද ඒ පින්, කුසල් නිවන් දකින ආත්මය දක්වාම සසර වසර තුරු වර්ධනය වෙවී විපාක ලැබෙනව..