පනාමුරේ සරදියෙල්

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    පනාමුරේ සරදියෙල්

    පනාමුරේ ඇත් රාජා කියලා ඇතෙක් හිටියේ නෑ. හිටියෙ කෙනරක්. ඒ කියන්නෙ අලියගෙ ගෑණු සතා. ගොඩක් විශාල සතෙකුත් නෙමෙයි. නමුත් ඒ සතාගෙ තිබුණ යටත් නොවන සටන්කාමී ගතිය නිසා ඌ වෙනුවෙන් කවි සින්දු රචනා පොත් පවා ලියවුණා. අන්තිමට ඌ ඉතිහාසයට එක්වෙන්නෙ පුරුෂ ලිංග වෙලා දළ දෙකකුත් ඇවිත්. නිකම් ඇතෙක් නෙමේ. ඇත් රාජයෙක්.

    සරදියෙල් කියන හොරා, ⁣ගලිගමුව හන්දියෙ තියන සරදියෙල්ගෙ පිළිමෙ වගේ සික්ස් පැක් තියෙන උස මහත හැන්ඩි පොරක් නෙමේ. ඉතාම කුඩා කේඩෑරි ශරීරයක් තිබුණ කෙනෙක්. පල් හොරෙක් මදිවට සූදු අන්තුවෙක්, රා ගුඩ්ඩෙක්, තව ගොඩක් ජාති. හැබැයි සුද්දන්ගෙ ඒවත් හොරාගත්ත. ඒකට ඒ කාලෙ ලේසි මිනිහෙක් ඉදිරිපත් ⁣වෙන්නෙ නෑ. ඉතින් ඒවා දැකපුවම සරදියෙල්ගෙ කල්කිරියාවට කොච්චර අකමැති වුණත් මිනිස්සුන්ට ආතල්. ඒ හොරාගත්තු ඒවා කාපු බීපු වෙලාවට ගම රටේ බෙදලත් තියෙනව. ඔය හින්දා සාහිත්‍ය අපිට ඇඳලා පෙන්නන්නෙ රිතික් රෝෂන් නෙට්බෝල් ස්කර්ට් එකක් ඇන්දා වගේ මාර සරදියෙල් කෙනෙක්.

    ඔයගොඩක් ඈත වෙච්ච නෙමේ. අවුරුදු 150කට මෙහා වෙච්ච දේවල්. ඔය ඇත් රාජාගෙයි සරදියෙල්ගෙයි ෆොටෝ පවා තියනව. එහෙම තියෙද්දිත් අතිශයෝක්තියක් බව දැන දැනම වාර්තාකරුවා මවලා තියෙන චරිත මාර ඒවා.

    දළදා පෙරහැරේ කවදාවත් දන්තධාතුව වඩමවන්නෙ නෑ. වඩමවන්නෙ සංකේතාත්මක පෙරහැර කරඬුවක්. ඒක එහෙම බව දැන දැන ශ්‍රද්ධාවන්ත මිනිස්සු කියන්නෙම දළදාව වඩම්මනවය කියල. ඔය පාවඩේ නැතුව අඩිය නොතියන කතා, දළදා පෙරහැර තබ්බම වහින කතා ඔක්කොම එන්නෙ ඊට පස්සෙ.

    ඒවා එහෙම වුණා නම් අනිත් ඉතිහාස කතා ගැන කවර කතාද?

    ඉතිහාසය කියවනකොට පොතේ ලියවිලා තියෙන්නෙ අඩුවෙන්ය, ඇත්ත කතාව ඊට වඩා සෑහෙන්න එහායින් තියන මාර එකක්ය කියලා හිතෙනකොට මේ කතා ටික මතක් කරගත්තට වරදක් නෑ.

    Copied
    FB_IMG_1631419236090.jpg
    FB_IMG_1631419232466.jpg
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505

    View attachment 143500View attachment 143501
    මචං ඔය පින්තූරේ ඉන්නේ මම්මලේ මරික්කාර් කියලා කියනවා. තව පින්තූරයක් තියනවා ඔලුවට වෙලුම්පටි දාපු එකක්. අන්න ඒකෙලු සරදියෙල් ඉන්නේ. අපි රිසර්ච් 1ත් කලා සරදියෙල් ගැන. මමයි මධ්‍යම පළාත් පුරාවිද්‍යා අද්‍යක්ෂක තුමයි. තව දෙන්නෙකුයි එකතුවෙලා. සරදියෙල්ගේ පරම්පරාවේ එක පවුලක් ඉන්නවා මාවනැල්ල හීන්දෙණිය කියන ගමේ. ඒ ගෙදර තියනවා පරම්පරවෙන් එන කඩුවක්, තව පින්තූර වගයක් එහෙම. ඉලුක්ගොඩ පන්සලේ තියනවා ඔය පින්තූර දෙකම. මම වෙලාවක් තිබ්බොත් ගිහින් කොපියක් ගන්නම්. උතුවන්කන්ද සරදියෙල් ගම්මානෙ නම් ඔය පින්තූර දෙකම තියනවා.