දළදා පෙරහැරේ ඇතුන්ගේ භක්තිය

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඉස්සර රාජා ඇතා දවසක් පෙරහැරේ ගමන් ගනිද්දි දළදා වීදියේදි එකවරම එක තැන නතර වුණා ඉද්ද ගැහුවාක් වගේ . මොනවා කරලාවත් ඇතාව හොලවාගන්න බැරිවුණා. අප්පච්චිත් කලබල වෙලා එහෙ මෙහෙ බැලූවා. නෙරංජන් නිළමේතුමා ඇතා ළගට ආවා. දැන් පෙරහැර ඇතාට ඉදිරි කොටස හිස්. ඒත් ඇතා නෙවෙයි හෙළවුණේ. නිළමෙතුමා ආවත් ඇතා හෙලවුණේ නැහැ. ඒ පාර අප්පච්චි රන්සිවි ගේ බඳ පටිය පරික්ෂා කළා. බලද්දි එක වරයක් බුරුල් වෙලා. ඇතාට දැනෙන්න ඇති රන්සිවි ගේ බිම වැටෙයි කියලා. ඒ නිසා තමයි නොසෙල්වී ඉඳලා තියෙන්නේ. තද කොට ගැට ගැහුවාට පස්සේ මෙන්න ඇතා බොහොම ගරු ගාම්භීර බවෙන් මිනිසුන්ට නොදැනෙන්න තරමක් වේගෙන් ගිහින් පෙරහැර සම්පූර්ණ කළා.

    මේ කතාව මාත් අහලා තියෙනවා..මේ වගෙ ලිපියක් බෙදාගත්තට ස්තුතියි :):)

    මේ කතාව මාත් බැලුව :yes::yes: ඉස්සර මේ සීන් එක පත්තරේ ලිපියක ගියා ලංකාදීපේ :D:D
     
    • Like
    Reactions: jsandun