දළදා පෙරහැරේ ඇතුන්ගේ භක්තිය

jsandun

Well-known member
  • May 27, 2010
    6,707
    1,841
    113
    ශ්‍රී ලංකාව
    දළදා පෙරහැරේ ඇතුන්ගේ භක්තිය

    ශ්‍රී ලාංකික අපගේ පාරම්පරික උරුමය වන දළදා පෙරහැර සම්බන්ධ කටයුතු බොහෝ භාරදූර වගකීම් ය. එම වගකීම් බොහෝ විට උරුම වන්නේ පරපුරෙනි.

    දළදා පෙරහැර වීථී සංචාරය කිරීමට සුදානම් වන විට දළදා සමිඳුන් ඇතුපිට වැඩමවාලන්නට රන්සිවි ගෙය බැඳීමද පරම්පරාවෙන් උරුම වන රාජකාරයකි. එම රාජකාරිය භාරව තිබෙන්නේ ඇහැලමල්පේ පරම්පරාවටය. දළදා පෙරහැර මංගල්‍ය ඇරඹූ දා සිට අද දක්වා සිව්සියවසකට වැඩි කාලයක් දළදා කරඬුව වඩම්මනු ලබන ඇත් රාජයාගේ පිටෙහි රන් සිවි ගෙය බඳිනු ලබන්නේ මේ ඇහැලමල්පේ පරපුරය.

    එම පරපුරේ වර්තමාන රාජකාරි භාරව සිටිනා ජයතිස්ස බණ්ඩාර සිය වගකීම් පිළිබදව සතිඅන්ත පුවත්පතකට විස්තර කර තිබුනේ මෙලෙසින් ය.

    "මගේ පියා පුංචිරාළ ඇහැලමල්පේ මිය ගියේ 1974. ඒ වෙද්දි මට වයස අවුරුදු දහඅටයි. ඒ කියන්නේ දැන් මගේ පුතා අනුෂ්කගේ වයසේ. මට වයස අවුරුදු දහයක් වෙන්නත් කලින් මම අප්පච්චිත් එක්ක යනවා රන්සිවි ගේ බඳින්න උදව් කරන්න . අප්පච්චි ගාථා කියනවා දකිද්දි මගේ ඇස්වලට කදුළු උනලා තියෙනවා. පරම්පරා රාජකාරියක් කියන්නේ ඇහින් දැක බලා කනින් අසා දැන අතින් කරනා හුරුවෙන් පවත්වා ගෙන යන්නක්. මම අප්පච්චිගේ අතේ එල්ලිලා යද්දි මං දන්නේ නැහැ ඊළඟට මේ භාරදුර රාජකාරිය පැවරෙන්නේ මට කියලා. නමුත් ජන්මෙන් එන පුරුද්දක් වගේ මම නිතැතින්ම ඒ රාජකාරියට දේවකාරියක් සේ හැඩ ගැහුණා. අවුරුදු දහඅටවෙද්දි මගේ හිත හයියයි. තනියම රන්සිවි ගෙය බඳින්න තරම් ශක්තියක් හයියක් මට තිබුණා. දළදා පෙරහැරට අමතරව මාලිගාවේ වෙසක්,පොසොන් හා කාර්තික මංගල්‍යයට තියෙන පෙරහැර වලදිත් මංගල හස්තිරාජයා සරසලා රන්සිවිගේ ඇතාගේ පිටේ බඳින්නේ මම.

    ඇතාට ඇත් ඇඳුම අන්දනවාටත් වඩා වැදගත්ම දේ රන්සිවිගේ හොඳ පට්ටලේට ඇතාගේ පිටේ බඳින එක.රන්සිවිගේ තියන්න කලින් ඇතගේ පිටේ මෙට්ටයක් තියලා ඒක උඩ වත පුටුව බඳිනවා.වත පුටුව හම්පටි වලින් තද කරලා ඇතාගේ පිට සමබර කරන එක හැමෝටම කරන්න බැහැ.ඒකට හොඳ හුරුවක් තියෙන්නම ඕනෑ. ඇතාගේ බඩ යටින් ගෙන යන බද පටි වෙනමම පදම් කරලා හදලා තියෙන්නේ. ඒවා හොඳ ශක්තිමත්. වෙන කොහේවත් ඒ හම්පටි දකින්න නැහැ. ඇත් හැට්ටය දාලා තමයි රන්සිවිගේ තියන්නේ.ඒක ඇතුළේ විශේෂ ආසනයක තමයි සධාතුක කරඬුව තැනපත් කරන්නේ.. රන් සිවි ගෙය ඇතුළු කට්ටලයේ බර කිලෝ ග්‍රෑම් හාරසිය පනහක් පන්සියයක් පමණ වෙනවා. මේ බර ඇතා උඩ තබන්නේ නොසෙල්වී නොගැලවී හැතැප්ම තුන හතරක ගමනක් යා හැකි පරිද්දෙන්. වත පුටුව , මෙට්ටය , ඇත්සගල , නෙත්තිමාලය , කන්චාමර , කන්වැහුම්, බඳපටි , සහ රන්සිවි ගෙය කියන කට්ටලය මිලකළ නොහැකි වටිනාකමකින් යුක්තයි. රන්සිවි ගෙය තනා තිබෙන්නේ තනිකර රත‍්‍රං සහ රිදියෙන් . ඒවායෙහි සියුම් කැටයම් කැපූ ශිල්පියාගේ ශිල්පීය ඥානය ගැන සිතාගන්නවත් බැහැ.

    දින දහයට නැකැත් දහයක් තියෙනවා රන්සිවි ගෙය තැන්පත් කරන්න. නැකතට අනුවයි දළදා වහන්සේ වැඩ සිටින කුටියෙන් පෙරහැර කරඬුව වැඩම කරන්නේ. ඒ වෙනකොට ඇතා සරසලා රන්සිවිගේ තැනපත් කරලා සියල්ල අවසන් කරලා තියෙන්නත් ඕන. දළදා මාලිගාවේ වාහල්කඩින් ඇතුළුවූ ගමන් දකුණු අත පැත්තට හැරෙන තැන තමයි ඇතා සරසන මණ්ඩපය තිබෙන්නේ. කරඬුව වැඩම කරවන ඇතා නාවලා ගෙනාවට පස්සේ, මට ඇතා සරසලා,වත පුටුව බැඳලා,රන්සිවිගේ තැන්පත් කරලා,ලයිට් සේට් කරලා වැඩ ඔක්කොම ඉවර කරන්න පැය එකහමාරක් විතර යනවා.රන්සිවිගේ පිච්ච මල් වලින් සරසලා ඇත්දළ වලට පිච්ච මල් මාලා පළඳවන්නේත් මගේ අතින්මයි. දැන් පුතාත් ඒවා ට උදව් වෙනවා. උඩමාලේ සිටි නිළමේතුමන් අතින් වැඩම කරන කරඬුව රන්සිවිගේ තිබෙන ආසනයේ තැන්පත් කරන්නේ කාරියකරවන කෝරාළ විසිනුයි. කරඬුව වැඩම කරන ඇතා දළදා මාලිගාවේ ප‍්‍රධාන වාහල්කඩින් ගමන් ආරම්භ කරලා යළි එම ස්ථානයට එනකල්ම මම ඇතා එක්ක හැමදාම පෙරහැරේ යනවා... පෙරහැර නරඹන මිනිස්සු සාධු නද නගද්දී මට දැනෙන්නේ මම මේ බුදුන් වහන්සේ වඩින මගෙහි ගමන් කරනවා යි කියන හැඟීම විතරයි.

    රන්සිවි ගෙය හොඳින් තැන්පත් කරන්න නම් කරඬුව වැඩම කරන ඇතාට හොඳ පැතලි පිටක් තියෙන්න ඕන..අනාදිමත් කලක් සධාතුක කරඩුව වඩම්මපු රාජා ඒ වගේ ඇතෙක්. දැන් ඉන්න ඇත්තුන් ගෙන් ඒ වගේ ඉන්නේ දළදා මාලිගාවේ ඉන්දි රාජායි. නඳුන් ගමුවේ රාජා උස වැඩියි. කරඬුව බඳින්න ගොඩක් මහන්සි වෙන්න ඕන. ඇතාගේ සිරුර ලොකු වැඩි නිසා පෙරහැරේ යනකොට හොඳ හිරියක් ඇරියොත් රන්සිවිගේ ඇද වෙනවා. ඉන්දි රාජා මේ වැඬේට දැන් හොඳට පුරුදු වෙලා ඉන්නේ. මම අත යටින් බඳ පටිය දාන කොට ඉන්දි රාජා දන්නවා ඊළඟට මම මොකද කරන්නේ කියලා. ඉස්සර රාජා ඇතත් ඒ වගේ. පාවඬේ එලනකල් කරඬුව වඩමවා ගෙන ඉස්සරහට යන්නේත් නැහැ. පාවඬේ එලන්න ප‍්‍රමාද වුණොත් ඇතා කකුළ උස්සගෙන ඉන්නවා.ඉන්දි රාජාත් ඒ වගේ. හරියටම පාවඬේ මතින් ම යනවා.ඉන්දි රාජා තමයි දැන් අවුරුදු විස්සක් තිස්සේ කරඬුව වැඩම කරන්නේ. 2009 අවුරුද්දේ පෙරහැර දහයම කරඬුව වැඩම කළේ ඉන්දි රාජා. 2014 අවුරුද්දේ කොටුගොඩැල්ල වීදිය කෙළවරේදී දෑලේ ඇතෙක් ඉන්දි රාජාට ගැහුව්වා. ඒ මොහොතේ ඉන්දි රාජා ඉවසුවා කියලා මට තේරුණා . මොකද ඇස්පිල්ලන් ගහන වාර ගනන වැඩි වුණා. කරඩුව වඩම්මන වෙලාවේ සාදුකාරය නතර වෙන්නේ නැහැනේ. හැම ඇත් අඩියක් ඉස්සෙන වාරයකදීම සාදු නාදය අලූත් වෙනවා. ඇතාට මේවා තේරෙනවා.

    ඉස්සර රාජා ඇතා දවසක් පෙරහැරේ ගමන් ගනිද්දි දළදා වීදියේදි එකවරම එක තැන නතර වුණා ඉද්ද ගැහුවාක් වගේ . මොනවා කරලාවත් ඇතාව හොලවාගන්න බැරිවුණා. අප්පච්චිත් කලබල වෙලා එහෙ මෙහෙ බැලූවා. නෙරංජන් නිළමේතුමා ඇතා ළගට ආවා. දැන් පෙරහැර ඇතාට ඉදිරි කොටස හිස්. ඒත් ඇතා නෙවෙයි හෙළවුණේ. නිළමෙතුමා ආවත් ඇතා හෙලවුණේ නැහැ. ඒ පාර අප්පච්චි රන්සිවි ගේ බඳ පටිය පරික්ෂා කළා. බලද්දි එක වරයක් බුරුල් වෙලා. ඇතාට දැනෙන්න ඇති රන්සිවි ගේ බිම වැටෙයි කියලා. ඒ නිසා තමයි නොසෙල්වී ඉඳලා තියෙන්නේ. තද කොට ගැට ගැහුවාට පස්සේ මෙන්න ඇතා බොහොම ගරු ගාම්භීර බවෙන් මිනිසුන්ට නොදැනෙන්න තරමක් වේගෙන් ගිහින් පෙරහැර සම්පූර්ණ කළා.

    මේවා අතීත සැමරුම් වගේ. පෙරහැරේ යනකොට අලියා කුලප්පු වෙන්න පුළුවන්. කරඬුව ආරක්ෂා කිරීමේ වගකීම මටත් පැවරෙනවා. සමහර අලි ටික දුරක් ගිහින් ඇෙඟ් හිරි අරිනවා. එතකොට රන්සිවිගේ පැතතකට ඇල වෙනවා.එහෙම වුණාම පෙරහැරේ සදාතුක කරඩුව වෙනත් හැඩයක් ගන්නවා එය ගැලපෙන්නේ නැහැ. අපි කරන කාර්යය හරියට කරන්න ඕනෑ. බුද්ධ පූජාවක් කියන්නේ සසර මගට පින් පෙත් රැස් කිරීමක් විතරක් නෙවෙයි. පෙර භවයන්හි ලද පින පළදීමක් බවත් අපි දැනගන්න ඕනෑ."


    source-nethgossip.lk
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,078
    0
    තරු අතරේ
    ඉස්සර රාජා ඇතා දවසක් පෙරහැරේ ගමන් ගනිද්දි දළදා වීදියේදි එකවරම එක තැන නතර වුණා ඉද්ද ගැහුවාක් වගේ . මොනවා කරලාවත් ඇතාව හොලවාගන්න බැරිවුණා. අප්පච්චිත් කලබල වෙලා එහෙ මෙහෙ බැලූවා. නෙරංජන් නිළමේතුමා ඇතා ළගට ආවා. දැන් පෙරහැර ඇතාට ඉදිරි කොටස හිස්. ඒත් ඇතා නෙවෙයි හෙළවුණේ. නිළමෙතුමා ආවත් ඇතා හෙලවුණේ නැහැ. ඒ පාර අප්පච්චි රන්සිවි ගේ බඳ පටිය පරික්ෂා කළා. බලද්දි එක වරයක් බුරුල් වෙලා. ඇතාට දැනෙන්න ඇති රන්සිවි ගේ බිම වැටෙයි කියලා. ඒ නිසා තමයි නොසෙල්වී ඉඳලා තියෙන්නේ. තද කොට ගැට ගැහුවාට පස්සේ මෙන්න ඇතා බොහොම ගරු ගාම්භීර බවෙන් මිනිසුන්ට නොදැනෙන්න තරමක් වේගෙන් ගිහින් පෙරහැර සම්පූර්ණ කළා.

    මේ කතාව මාත් අහලා තියෙනවා..මේ වගෙ ලිපියක් බෙදාගත්තට ස්තුතියි :):)
     
    • Like
    Reactions: dillsdilla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,449
    1
    99,110
    113
    Leasing World
    ඉස්සර රාජා ඇතා දවසක් පෙරහැරේ ගමන් ගනිද්දි දළදා වීදියේදි එකවරම එක තැන නතර වුණා ඉද්ද ගැහුවාක් වගේ . මොනවා කරලාවත් ඇතාව හොලවාගන්න බැරිවුණා. අප්පච්චිත් කලබල වෙලා එහෙ මෙහෙ බැලූවා. නෙරංජන් නිළමේතුමා ඇතා ළගට ආවා. දැන් පෙරහැර ඇතාට ඉදිරි කොටස හිස්. ඒත් ඇතා නෙවෙයි හෙළවුණේ. නිළමෙතුමා ආවත් ඇතා හෙලවුණේ නැහැ. ඒ පාර අප්පච්චි රන්සිවි ගේ බඳ පටිය පරික්ෂා කළා. බලද්දි එක වරයක් බුරුල් වෙලා. ඇතාට දැනෙන්න ඇති රන්සිවි ගේ බිම වැටෙයි කියලා. ඒ නිසා තමයි නොසෙල්වී ඉඳලා තියෙන්නේ. තද කොට ගැට ගැහුවාට පස්සේ මෙන්න ඇතා බොහොම ගරු ගාම්භීර බවෙන් මිනිසුන්ට නොදැනෙන්න තරමක් වේගෙන් ගිහින් පෙරහැර සම්පූර්ණ කළා.

    මේ කතාව මාත් අහලා තියෙනවා..මේ වගෙ ලිපියක් බෙදාගත්තට ස්තුතියි :):)

    :yes::yes::yes::yes::yes: ahala tynwa math
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,630
    295
    83
    පට්ට.

    giphy.gif

     

    athumusic

    Active member
  • Sep 19, 2017
    270
    194
    43
    ඇත්තටම අපූරුයි. ඔබට ස්තුතියි. ඒත් මට තියෙන ප්‍රශ්නේ මේ සතුන්ට බුදු ගුණ තේරෙන තරමටවත් බොහෝ අයට බුදු ගුණ ගැන සැබෑ හැඟීමක් නැති වීමයි. ඒත් ඉතින් ඒකට ඔබ කුමක් කරන්නද?
     
    • Like
    Reactions: richlife

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,707
    1,841
    113
    ශ්‍රී ලංකාව
    ඇත්තටම අපූරුයි. ඔබට ස්තුතියි. ඒත් මට තියෙන ප්‍රශ්නේ මේ සතුන්ට බුදු ගුණ තේරෙන තරමටවත් බොහෝ අයට බුදු ගුණ ගැන සැබෑ හැඟීමක් නැති වීමයි. ඒත් ඉතින් ඒකට ඔබ කුමක් කරන්නද?

    :yes::yes::yes:
     

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    මේ ඇත් පරපුර ගැන සිංහලෙන් ලියවිලා තියෙන දෙයක් හරි තේරුම් කරන වීඩියෝ එකක් හරි තියේනම් අපිත් එක්ක බෙදාගන්න කාරුණික වෙන්න.
    තෙරුවන් සරණයි.......!