පනීර් බ්‍රෙඩ් රෝල්?ඉෆ්තාර් රෙසිපි 6ක්

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පනීර් බ්‍රෙඩ් රෝල්?ඉෆ්තාර් රෙසිපි 6ක්


    මේ රාමසාන් එහෙමත් නැත්නම් උපවාස මාසයයි. මුස්ලිම්වරුන්ගේ ආගම පරිදි ඔවුන්ගේ ස්ථම්භ පහෙන් එකක් තමා උපවාසය. හිරු උදාවත් එක්ක සියළුම ආහාර පාන වලින් වළකින ඔවුන් නැවත ආහාර ගන්නෙ හිරු බැස ගියාට පසුවයි. එහෙම උපවාසය නිම කරන්න ඔවුන් ගන්න ආහාර විශේෂයි. දවස පුරාම කුසට ආහාරයක් නොලැබ ඉන්න නිසා එකවර දිරවීමට අපහසු නොවන, පෝෂ්‍යදායී කෙටි ආහාර කීපයක්ම ඔවුන් ලබාගන්නවා. අද අපි මේ කියන්න හදන්නෙ එහෙම උපවාසය නිම කරන්න ලබාගන්න කෙටි ආහාර කීපයක් හදාගන්න හැටි. ඔයාල දන්න ඒවා වගේම නොදන්න ඒවත් ඇති. හදලම බලමු නේද?



    1. චිකන් කෙබාබ්



    RamazanBreakFastRecipes-aniwa-01.jpg

    iftar recipes
    Source – recipemasters.in
    අවශ්‍ය ද්‍රව්‍ය

    කඩල පරිප්පු කප් 1
    කටු රහිත චිකන් 500g
    කෑලි මිරිස් තේ හැඳි 3
    සූදුරු තේ හැඳි 2
    කොත්තමල්ලි ඇට තේ හැන්දයි
    කරාබු නැටි 7ක්
    ගම්මිරිස් ඇට 10ක් පමණ
    කුරුඳු පොතු පොඩි කැබැල්ලක්
    මහදුරු තේ හැන්දයි
    බිත්තර 6
    චොප් කරගත් කොත්තමල්ලි සහ මිංචි කොල කප් 1
    තලාගත් ඉඟුරු සුදුළූනු මේස හැඳි 2


    කඩල පරිප්පු සහ චිකන් ටික එකට දමා හොඳින් තම්බා ගන්න. වතුර පෙරා නිවෙන්නට හරින්න.
    එයට බිත්තර 3ක් සහ අනෙක් සියල්ල සමඟ රස අනුව ලුණු එක් කර හොඳින් අඹරාගන්න.
    මිශ්‍රණයෙන් කුඩා කොටස් ගෙන පැතලි රවුම් සාදා, ඉතිරි බිත්තර සාරු වල දවටා, අඩු ගින්දරේ තෙල් ටිකක් දමාගත් තැටියක පෑන් ෆ්‍රයි කරගන්න.


    2. පස්තෑල


    RamazanBreakFastRecipes-aniwa-02.jpg

    iftar recipes
    Source – foodcnr.com
    කවරය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

    පාන් පිටි 200g
    ලුණු තේ හැඳි 1/2
    පොල් තෙල් මේස හැඳි 1 1/2
    වතුර 100ml පමණ


    පිටි, ලුණු සහ තෙල් එකට මිශ්‍ර කරගන්න. වතුර ස්වල්පය බැගින් එක් කරමින් අතේ නොඇලෙන ඩෝ එකක් සාදාගන්න. එය විනාඩි 10ක් පමණ ශීතකරණයේ තබාගන්න.
    කුඩා බෝල වලට කඩා ඒවා රවුමට රෝලින් පින් එකකින් තුනී කරගන්න.
    පෑන් එකක් රත් වෙන්න තබා සාදාගත් කුඩා රොටී යන්තම් දෙපැත්තම රත් කරගන්න. (පුළුස්සාගන්න එපා. මද පමණින් රත් කිරීමක් පමණක් ප්‍රමාණවත්)
    පිරවුම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

    තම්බා ගත් අල ගෙඩි 4
    තම්බා අඹරාගත් එළුමස් කප් 2
    තම්බාගත් ග්‍රීන් පීස් 50g
    සූදුරු තේ හැඳි 1/2
    ලුණු තේ හැන්දයි
    මිරිස් කුඩු තේ හැඳි 1/2
    චොප් කරගත් අමු මිරිස් කරල් 2
    ගරම් මසාලා තේ හැඳි 1 1/2
    චොප් කරගත් කොත්තමල්ලි කොල මේස හැඳි 2


    තම්බා ගත් අල ටික කුඩා කොටු කපාගන්න. තෙල් ටිකක් රත් වෙන්න හැර එයට සූදුරු සහ ග්‍රීන් පීස් එක් කර තෙම්පරාදු කර ලිපෙන් ඉවත් කරගන්න.
    එය නිවෙන්නට හැර අල සහ අනෙක් සියල්ල එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
    සාදාගන් රොටි රවුම් මැදට මිශ්‍රණය තබා බිත්තර සාරු වලින් වටේ අලවා හොඳින් තද කරගන්න.
    ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තුරු බැදගන්න.


    3. රටඉඳි හල්වා (අළුවා)


    iftar recipes
    Source – meri-rasoi.blogspot.co.ke
    අවශ්‍ය ද්‍රව්‍ය

    ඇට ඉවත් කරගත් රටඉඳි 300g
    ෆ්‍රෙශ් මිල්ක් කප් 1
    ගී මේස හැන්දයි
    කපා ගත් කජු ටිකක්


    රට ඉඳි ටික බ්ලෙන්ඩරයක දමා හොඳින් අඹරා ගන්න. රටඉඳි හුඟක්ම වියලි ගතියෙන් යුක්ත නම් වෙනම කිරි ස්වල්පයක පෙඟෙන්න හැර අඹරාගන්න.
    ගී ටික ලිපේ තබා එයට අඹරාගත් රටඉඳි සහ කිරි එක් කර හොඳින් මිශ්‍ර කරන්න. කිරි ටික හිඳී රට ඉඳි මිශ්‍රණය බඳුන වටේ නොඇලෙන පදමට ආ විට ලිපෙන් ඉවත් කරගන්න.
    මෙය බටර් තවරාගත් තැටියකට දමා, ඊට උඩින් කජු දමා හැන්දකින් තුනී කරගෙන නිවෙන්නට හැර කොටු කපාගන්න.


    4. පනීර් බ්‍රෙඩ් රෝල්

    RamazanBreakFastRecipes-aniwa-04.jpg




    iftar recipes
    Source – manjulaskitchen.com
    අවශ්‍ය ද්‍රව්‍ය

    පනීර් කප් 1
    පාන් පෙති 6
    ග්‍රීන් පීස් අහුරක්
    තලාගත් ඉඟුරු සුදු ළූණු තේ හැන්දක්
    කහ චුට්ටක්
    මිරිස් කුඩු තේ හැඳි 1/2
    ගරම් මසාලා තේ හැඳි 1/2
    සූදුරු තේ හැඳි 1/2
    රස අනුව ලුණු
    චොප් කරගත් ළූණු ගෙඩි භාගයක්


    පාන් පෙති වල වාටි කපා රෝලින් පින් එකකින් තරමක් තලා ගන්න.
    තෙල් ස්වල්පයක් ලිපේ රත් වෙන්න හැර එයට සූදුරු ටික එක් කර ඒ සමඟම ඉඟුරු, සුදු ළූණු සහ ළූණු එක් කර තෙම්පරාදු කරගන්න.
    එයට පනීර් හැර අනෙක් සියල්ල එක් කර හොඳින් මිශ්‍රකර ලිප නිවාගන්න. පනීර් ටික පොඩි කර මිශ්‍රණයට එකතු කරගන්න.
    මිශ්‍රණය කොටස් හයකට වෙන් කර පාන් පෙති වල කෙලවරට තබා රෝල් කර ගන්න. කෙලවර සහ දෙපස බිත්තර සාරු වලින් අලවා ගැඹුරු තෙලේ බැදගන්න. නැතිනම් යන්තම් තෙල් තැවරූ පෑන් එකක හරවමින් පෑන් ෆ්‍රයි කරගන්න.


    5. කන්ජි


    RamazanBreakFastRecipes-aniwa-05.jpg


    iftar recipes
    Source – yummytummyaarthi.com
    අවශ්‍ය ද්‍රව්‍ය

    හාල් කප් 1/2
    මුං පරිප්පු මේස හැඳි 2
    චොප් කරගත් කැරට් අලයක්
    චොප් කරගත් ළූණු ගෙඩියක්
    චොප් කරගත් තක්කලි ගෙඩියක්
    තලාගත් ඉඟුරු සුදු ළූණු තේ හැඳි 1
    මිරිස් කුඩු තේ හැඳි 1/4
    කහ චුට්ටක්
    ගරම් මසාලා තේ හැඳි 1/4
    මිංචි කොල කප් 1/4
    උකු පොල් කිරි කප් 1/2
    වතුර කප් 3 1/2
    කොත්තමල්ලි කොල මේස හැඳි 1
    රස අනුව ලුණු
    තෙම්පරාදුවට

    තෙල් තේ හැඳි 2
    කුරුඳු අඟල් 1/2
    කරදමුංගු 1
    කරාබු නැටි 2


    හාල් සහ මුං පරිප්පු හොඳින් සෝදා, දිය බේරාගෙන, ග්‍රයින්ඩරයට දමා කෑලි සිටින ලෙස කොටාගන්න.
    භාජනයක් ලිප තබා තෙම්පරාදුවට තැබූ සියල්ල එයට එක් කර තෙම්පරාදු කරගන්න.
    එයටම ළූණු, ඉඟුරු සහ සුදුළූණු එක් කර, ළූණු විනිවිද පෙනෙන ගාණට එන තුරු තෙම්පරාදු කරගන්න.
    එයට කැරට්, තක්කලි, මිංචි කොල, කහ සහ මිරිස් එක් කර කලවම් කරගන්න. විනාඩි දෙකක් තබා එයට හාල් මිශ්‍රණය එකතු කර මිශ්‍ර කරගන්න.
    වතුර කප් 3ක් එකතු කරගෙන අඩුම ගින්දරේ හොඳින් පිසෙන්න අරින්න. හොඳින් පිසුණු පසු හැන්දකින් පොඩි කරගන්න.
    ඉතිරි වතුර කප් 1/2 සහ පොල් කිරි එක් කර උතුරුවාගෙන කොත්තමල්ලි කොල උඩින් දමා උණුවෙන්ම පිළිගන්වන්න.


    6. රෝස් ශර්බට් මිල්ක් (රෝස් ෆලූඩා)

    RamazanBreakFastRecipes-aniwa-06.jpg


    iftar recipes
    Source – wanderlust.co.uk
    අවශ්‍ය ද්‍රව්‍ය

    ෆුල් ක්‍රීම් ෆ්‍රෙශ් මිල්ක් 250ml
    රෝස් එසන්ස් බින්දු කීපයක්
    රතු පාට කලරින් බින්දුවක්
    සීනි තේ හැඳි 5
    අයිස් කැට


    කිරි සහ සීනි එකට මිශ්‍ර කර, උතුරන්න නොදී රත් කරගෙන, නිවෙන්නට හරින්න
    එයට කලරින් සහ රෝස් එසන්ස් එක් කර මිශ්‍ර කර ශීත කරන්න. අයිස් කැට දමා පිළිගන්වන්න. කැමතිනම් කස කසා ඇට එකතු කරගන්නත් පුළුවන්.

     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,628
    113
    Nowhere
    එතකොට පස්තෑල කියන්නේ පැටිස් වලටද :rofl:
    පැටිස් කියන්නේ පස්තෑල වලටද :rofl: