මහරගම #අපේක්ෂා_රෝහලේ සිට ලියමි....
"අප්පච්ච් ගොඩ දවසකින් pizza එකක් ගෙනත් දුන්නේ නැනේ" කෙල්ලෝ දෙන්නා ඊයේ රෑ කල ඉල්ලීම සහ යථාර්තය අතර දුර අද උදැසන අපේක්ෂා රෝහලේ සිට උපේක්ෂාවෙන් විද ගැනීමට උත්සහ දරමි.
වාට්ටුවේ, අපේක්ෂා අත් නොහල මවකගේ දැතේ වයස අවුරුදු හතර පහක හුරතල් කොලු පැටියෙකි. පිළිකා සෛල විසින් දකුණු ඇස ගොදුරු කර ඇස අහිමි කර අවසන් ය.
අද...
"අද ෆාස්ටින් තියන්න දරුවාව"
ඒ කාරුණික හෙදියක විසින් අරන් ආ, සොබාදහමේ අකාරුණික පණිවිඩයයි.
ඇත්තෙන්ම, හෙට ඉතිරි ඇස ඉවත් කරන දිනයයි.
මේ ගෙවෙන්නේ කොලු පැටියා අම්මගේ මුහුණ දකින, ලෝකය දකින අන්තිම හොරා කිහිපයයි.
නිමේෂයකින් දරුවා උදුරාගෙන, කොළබ වීදි දිගේ දිවීමට මට සිතේ.
"පුතේ, ඇතිවෙනකන් අම්මව බලාගනින්" කෑ ගසා කීමට සිතේ.
තනි තටුවෙන් පියබන්නට ඉතිරි කර, කූඩුව දමා, සිල්ලර හුළගට ගසාගෙන ගිය තාත්තා දකින්නට
ඇස් වුවමණා නැති නමුත්,
නුබට, ඇස් දෙකම වුව දන්දී.,
අදුරේම ගිලෙන්නට කැමති අම්මව දකින්න්නට උඹට ඇස් අවැසි බව මට ලය පැලෙන වේගයෙන් කෑ ගසා කියන්නට සිතේ.
හිසකෙස් කිසිත් නැති හිස,
පිරිමදින අම්මා දෙස මටනම් බැලිය නොහැකිය. ඇය, විදුලි පංකාව දෙස උමතුවෙන් බලා සිටී.
හෙට..
ඇය, දෙනෙත් අඳ දරුවුකෙගේ මවකි.
ලබාදුන් එන්නත් වල ගුණ මහිමයෙන් ශරීරයේ තැන තැන දිය බුබුළු වන් තුවාලය.කටු ඇනපු තැනක් ශරීරයේ නැති තරම් ය.
මේ අහිංසකයා හෙට ගැන දන්නවදැයි මම නොදනිමි.
..........
"අම්මේ මම.. මැරෙයිද... "
ඒ පොඩි එකා ගේ හුරතල් හඩින් මට ඇසුණු මගේ ජීවිතේ ඇසුණු දුක්බරම වචන තුනයි.
මෝස්තර ට හිස බූ ගාන උඹලා අපි ඉන්න මිහිපිට ම,
බෙහෙත් සැර මත වැටුණු හිස කෙස් නිසා රෙදි වලින් හිස් වසා ගත් ජීවිත අයදින්නන් ය.
අව්ව සැරට සන් ග්ලාසස් දාන අපි අතරම ඇස් ඉල්ලා හඬන මිනිසුන්ය.
පෙම්වතා තරහ වූ සෝකයට ප්රසිද්දියේ විලාප තියන සක්කරවට්ටම් හිටින රටක,
තමා ලෙයින් කදුලින් බිහිකළ දරුවාගේ මරණයට තව ඇති දින ගනින අම්මාවරුන් ය.(උපුටා ගැනීම .රවි කුමුදේශ් )