පපුව රිදිල ගියා බන් මේක කියවල 😥

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මහරගම #අපේක්ෂා_රෝහලේ සිට ලියමි....

    "අප්පච්ච් ගොඩ දවසකින් pizza එකක් ගෙනත් දුන්නේ නැනේ" කෙල්ලෝ දෙන්නා ඊයේ රෑ කල ඉල්ලීම සහ යථාර්තය අතර දුර අද උදැසන අපේක්ෂා රෝහලේ සිට උපේක්ෂාවෙන් විද ගැනීමට උත්සහ දරමි.

    වාට්ටුවේ, අපේක්ෂා අත් නොහල මවකගේ දැතේ වයස අවුරුදු හතර පහක හුරතල් කොලු පැටියෙකි. පිළිකා සෛල විසින් දකුණු ඇස ගොදුරු කර ඇස අහිමි කර අවසන් ය.

    අද...

    "අද ෆාස්ටින් තියන්න දරුවාව"

    ඒ කාරුණික හෙදියක විසින් අරන් ආ, සොබාදහමේ අකාරුණික පණිවිඩයයි.

    ඇත්තෙන්ම, හෙට ඉතිරි ඇස ඉවත් කරන දිනයයි.

    මේ ගෙවෙන්නේ කොලු පැටියා අම්මගේ මුහුණ දකින, ලෝකය දකින අන්තිම හොරා කිහිපයයි.

    නිමේෂයකින් දරුවා උදුරාගෙන, කොළබ වීදි දිගේ දිවීමට මට සිතේ.

    "පුතේ, ඇතිවෙනකන් අම්මව බලාගනින්" කෑ ගසා කීමට සිතේ.

    තනි තටුවෙන් පියබන්නට ඉතිරි කර, කූඩුව දමා, සිල්ලර හුළගට ගසාගෙන ගිය තාත්තා දකින්නට
    ඇස් වුවමණා නැති නමුත්,

    නුබට, ඇස් දෙකම වුව දන්දී.,
    අදුරේම ගිලෙන්නට කැමති අම්මව දකින්න්නට උඹට ඇස් අවැසි බව මට ලය පැලෙන වේගයෙන් කෑ ගසා කියන්නට සිතේ.

    හිසකෙස් කිසිත් නැති හිස,
    පිරිමදින අම්මා දෙස මටනම් බැලිය නොහැකිය. ඇය, විදුලි පංකාව දෙස උමතුවෙන් බලා සිටී.

    හෙට..

    ඇය, දෙනෙත් අඳ දරුවුකෙගේ මවකි.

    ලබාදුන් එන්නත් වල ගුණ මහිමයෙන් ශරීරයේ තැන තැන දිය බුබුළු වන් තුවාලය.කටු ඇනපු තැනක් ශරීරයේ නැති තරම් ය.

    මේ අහිංසකයා හෙට ගැන දන්නවදැයි මම නොදනිමි.
    ..........

    "අම්මේ මම.. මැරෙයිද... "

    ඒ පොඩි එකා ගේ හුරතල් හඩින් මට ඇසුණු මගේ ජීවිතේ ඇසුණු දුක්බරම වචන තුනයි.

    මෝස්‌තර ට හිස බූ ගාන උඹලා අපි ඉන්න මිහිපිට ම,
    බෙහෙත් සැර මත වැටුණු හිස කෙස් නිසා රෙදි වලින් හිස් වසා ගත් ජීවිත අයදින්නන් ය.

    අව්ව සැරට සන් ග්ලාසස් දාන අපි අතරම ඇස් ඉල්ලා හඬන මිනිසුන්ය.

    පෙම්වතා තරහ වූ සෝකයට ප්‍රසිද්දියේ විලාප තියන සක්කරවට්ටම් හිටින රටක,
    තමා ලෙයින් කදුලින් බිහිකළ දරුවාගේ මරණයට තව ඇති දින ගනින අම්මාවරුන් ය.(උපුටා ගැනීම .රවි කුමුදේශ් )
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,766
    113
    පර සුද්දගේ පිළිකා එන්නත් වලින් පිළිකා රෝගීන්ගේ මරණය ඉක්මන් කරවනවා. පිළිකා රෝහලට ගිහින් හොඳ වෙච්ච කවුද ඉන්නේ බං. ලංකවේ අපිට හෙළ වෙදකමේ පිහිට පමණයි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Cancer incidence rates have shot up globally. making it the second killer after Cardiovascular disease. Low and middle income countries account for nearly 70% of the cases. Breast, lung and Colon cancers cases are the top three among others. The most number of deaths are from lung cancers - for 2020 the figure being 1.8 Million deaths.
    These days from the air we breathe to what we eat are all polluted...... :(