හෙතෙම නගරාසන්න ප්‍රදේශයක වාසය කල තැනැත්තෙකි. ඔහුගේ නිවස ඉදිරිපිටින් වැටී ඇති මාර් ගය, නගරයට යන අතුරු මාර් ගයක් සේ භාවිතා කල බැවින්, නිතර එහි යනෙන පුද්ගලයන් සහ රථවාහන වලින් අඩුවක් නොවීය. දිනක් සුපුරුදු පරිදි උදෑසනම නැගිට ව්‍යායාම පිණිස ඇවිදීමට ගිය ඔහු දුටු අමුතු දසුනක් නිසා නතරවිය. එනම් නිවස ඉදිරිපිටම දමාගොස් ඇති කුණු මල්ලකි. අවට වාසය කරන බල්ලන් දැනටමත් කුණු මල්ල ඉරා, ඇතුළත තිබූ දෑ දසත විසුරවා ඇත.හෙතෙම සුසුමක් හෙලා, විසුරුණු කසළ සියල්ල එකතුකොට, දිරන නොදිරන ප්ලාස්ටික් පොලිතීන් ලෙස වර් ගකොට, තමාගේ නිවසින් බැහැර කරන කසළ වලටම එකතු කොට, අවට මාර් ගයත් අතුගා පිරිසිදු කර දැමුවේය. ඊළග දිනත් උදෑසන ව්‍යායාම පිණිස ඇවිදීමට නිවසින් පිටතට පා තැබුවා පමණි. පෙර දිනයේ මෙන්ම කසළ මල්ලක් දසත දුගද විසුරුවමින් පාර පුරා ඇත. නැවතත් පෙර දිනයේ මෙන්ම කසළ සියල්ල පිරිසුදු කල ඔහු දවසේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන ගියේය.
පසුදින කුකුළා හඩලෑමටත් පෙර අවදිවූ ඔහු නිවස ඉදිරිපිට මාර් ගයේ අනෙක් පසට වී සැගවී බලාසිටියේ කසළ විසිකර පලායන්නා හසුකරගැනීමේ අරමුණිනි. නමුත් අවසනාවක මහත එදින කිසිවෙක් පැමිණියේ නැත. නමුත් දින කීපයක ඇවෑමෙන් මෙසේ සැගවී සිට ඔහුට කුණු මෑන්ව හසුකර ගැනීමට හැකිවිය. එනම් දිලිසෙන රතු පැහැති Allion රථයකින් පැමිණි මහත්මයෙකි. අනතුරුව වාහනය ඇද්දීමට ප්‍රථම ඔහු වීදුරුවට තට්ටු කොට අනෙකා ඇමතුවේය. "මහත්තයා හොද කාර් එකකින් එන්නේ. ලස්සනට ඇදල පැළදලා ඉන්නවා. මබතුමා වැදගත් මහත්තයෙක් බව පේනවා. ඒත් මේ කරන වැඩේ කැතයි නෙ මහත්තයෝ. පාරේ කුණු දාලා යන එක. ඒක හින්දා කරුණාකරලා මේක නවත්වන්න". එවිට allion එකේ මහත්මයා එය නොපිළගෙන අනෙකාගෙන් ගේම ඉල්ලුවේය. එම සිදුවීම එදින අවසන් වූයේ මහත්මයා විසින් අපගේ කතා නායකයාට තර් ජනය කරමින්ය.
අනතුරුව පසුදින පටන් නැවතත් කුණු මල්ල සුපුරුදු ස්ථානයේ දක්නට ලැබිණි. හෙතෙම නැවතත් සුපුරුදු පරිදි කුණු මල්ල අවුස්සා බලා තම නිවසට ගෙනගොස් දැමීය. මෙය පුරා සතියක කාලයක් පමණ සිදුවිය. අවසානයේ දිනක් ඔහුට මෙතෙක් කුණු මලු අවුස්සමින් සෙවූ දෙය අසුවිය. එනම් අදාළ තැනැත්තාගේ නම ලිපිනය සදහන් බැංකු ගිණුම් ප්‍රකාශන හා ලිපි කීපයකි. හෙතෙම කුණු මල්ල හා අදාළ ලිපි ලේඛණ රැගෙන වහාම ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් ගොනුකළේය. අනතුරුව allion එකේ මහත්මයාට පොලිසියට කැදවීමක් ලැබුණි. පැමිණිල්ල විභාග කළ අතර ඔහු තම වැරැද්ද පිළීගත් අතර අනෙකාගෙන් සමාව ඉල්ලා සිද්දිය සමථයකට පත්කර ගෙන නික්ම ගියේය.