*පරණ තාලේ රැකියා*

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
*පරණ තාලේ රැකියා*

පරණ තාලේ රැකියා
පරණ තාලේ රැකියා
පරණ තාලේ රැකියා
පරණ තාලේ රැකියා


අතීතයේ දී මිනිසුන් විවිධාකාරයේ රැකියාවන් වල නිරතව සිටියා.මේවායින් බොහොමයක් හුදෙක් රස්සාවකට වඩා සමාජයට ඉටු කරේ සේවයක්..මිනිස් අවශ්‍යතා හා වුවමනා සංකීර්ණ වීමත් සමගින් මේවා සමාජයට නැතුවම බැරි දේවල් වුණා..නමුත් තාක්ෂණයේ දියුණුව , නව සොයා ගැනීම් නිසාම මේවායේ වැදගත්කම අඩු වෙලා අභාවයටම ගියා..ඇත්තවශයෙන්ම සිදු වුනේ මිනිස් ශ්‍රමය වෙනුවට යන්ත්‍ර සුත්‍ර ආදේශ වීමත් සමග තවදුරටත් මිනිසුන් යොදා ගෙන කාර්යයන් කිරීම නිෂ්ඵල දෙයක් ලෙස සැලකීම නිසා එම රැකියාවලට තිබ්බ ඉල්ලුම නැති වී යාමයි..

ඉතින් පහතින් දක්වන්නේ යන්ත්‍ර සුත්‍ර භාවිතය කරලියට පැමිණීමත් සමගින් එලෙස අභාවයට ගිය එකල තිබු අපූරු රැකියා කිහිපයක තොරතුරු යි...
:D:D:D



***
***​
***
Rat Catchers
මියන් අල්ලන්නෝ


GjsFIQd.jpg


VsPNmI7.jpg


යුරෝපයේ වසංගතයක් ව පැතිර තිබූ මී ගහනය පාලනය කිරීම සඳහා මොවුන්ව සේවයේ යොදවා තිබුණා..විවිධ අසාදන සහ ලෙඩ රෝග අවදානම් බහුල රැකියාවක් වුවත් ඔවුන් ගේ කාර්යය නිසිලෙස ඉටුකර තිබෙනවා.. බහුල වශයෙන් මී පාසානන් සහ මී කතුරු වෙළදපලට පැමිණීමට පෙර මොවුන්ගේ සේවය ඉතා වටිනා සහ අත්‍යවශ්‍යම එකක් වුණා .


***
***
***

Pin Setters
XOFGmDC.jpg


R7tcfZW.jpg


ස්වයන්ක්‍රියව ක්‍රියාකරන pin setters යන්ත්‍ර හදුන්වාදීමට ප්‍රථම අදාළ bowling pins නියමිත තැන ස්ථාන ගත කිරීමට යොදා ගත්තේ මිනිසුන්වයි. මේ සදහා කුලී පදනම මත කුඩා පිරිමි ළමුන් සේවයට ගෙන තිබෙනවා..ඔවුන්ව හැදින්වුයේ Pin Setters නමින්..

***
***
***​

Lamplighters
වීදි පහන් දල්වන්නෝ
50g9kBl.jpg


D1YjHeJ.jpg


විදුලි ලාම්පු කරලියට පැමිණෙන තෙක්ම මොවුන්ගේ සේවය ඉතා අත්‍යවශ්‍ය එකක් වුණා..මොවුන් විසින් සෑම දිනකම පාහේ නගරයේ ඇති වීදි පහන් දැල්වීම,ඒවාට ඉන්ධන දැමීම,ඒවා නිවා දැමීම ආදී කාර්යයන් සිදු කර තිබෙනවා..මේ සදහා මොවුන් දිගු පොලු වර්ගයක් ආධාරකයක් ලෙස යොදා ගෙන තිබෙනවා..

***
***
***​

Switchboard Operators
7dLCS6J.jpg


uVNIPv6.jpg


අතීතයේ දී කාන්තාවන් විසින් බහුලව නිරත වූ රැකියාවක්..මෙහිදී මොවුන් දුර සිට එන ඇමතුම් වලට පිළිතුරු දෙමින් නිවැරදි පුද්ගලයා හෝ දෙපාර්තමේන්තුව වෙත ඇමතුම සම්බන්ධ කිරීමක් සිදු කරනවා..එනම් හස්තමය ආකාරයට නිවැරදි පරිපථ තුලට දුරකථන රැහැන් සම්බන්ධ කිරීමයි සිදු වන්නේ..අද වන විට මෙම ක්‍රියාවලිය මානව මැදිහත් වීම් අවමව යොදා ගෙන පරිගණකගත පද්ධතින් හරහා ස්වයංක්‍රීයව සිදු වෙනවා.


***
***
***​

Listener for Enemy Aircraft
සතුරු ගුවන්යානා වලට සවන්දෙන්නා
opAEc2E.jpg


HHYJgec.jpg


බැලූ බැල්මට විහිළුවක් වගේ පෙනුනත් මෙම රැකියාව ලෝක යුද්ද සමයේ ඉතාමත් වැදගත් මෙන්ම ප්‍රයෝජනවත් කාර්යයන් රැසක් ඉටු කිරීමට සමත් වෙලා තියෙනවා.ඔවුන් විසින් මෙවැනි ධ්වනි දර්පණ හා සවන් දීමේ උපකරණ භාවිතයෙන් සතුරු ගුවන් යානා වල එන්ජින් ශබ්ද හා ඒවායේ ලගාවීම් නිවැරදිව හදුනා ගැනීමටත් අනාවරණය කර ගැනීමටත් හැකිවී තිබෙනවා..


***
***
***

Human Alarm Clock
මිනිස් එලාම් ඔරලෝසුව
vWhVjKj.jpg


jKN0H6e.jpg


මොවුන් ඇත්තවශයෙන්ම ඉටුකර තිබෙන්නේ එලාම් ඔරලෝසුවක කාර්යයයි..නගරයේ මිනිසුන් විසින් තම රැකියාවලට යාමට ප්‍රථම නිවැරදි වෙලාවට අවදි කරනු තහවුරුව මත මොවුන්ව කුලියට ගෙන තිබෙනවා..මෙම සේවකයන් තම ගනුදෙනුකරුවන් අවදි කිරීමට විවිධ ක්‍රම අනුගමනය කර තිබෙනවා..එනම් නලා වාදනය කිරීම, කවුළු සහ දොරවල් වලට පොලු වලින් තට්ටු කිරීම, සහ ගල් වලින් ගැසීමද සිදු කර තිබෙනවා..

***
***
***

Ice Cutters

xGppYTt.jpg


lOPbyWb.jpg


නවීන ශීතකරණ ශිල්ප ක්‍රම භාවිතයට පැමිණීමට පෙර යුගවල අයිස් ලබා ගැනීම සිදු කරේ විශාල ජලාශ සහ විල් මත පිහිටි අයිස් තට්ටු කපා ගැනිමෙනි.මේ සදහා අයිස් කපන්නන් ගේ සේවය ලබා ගැනිමට සිදු වුණා..මෙයද බොහෝ විට එකල පැවති භාරදුර සහ අවදානම් සහගත රැකියාවන්ගෙන් එකක් වුණා..

***
***
***

Resurrectionists
මිනී ගොඩගන්නෝ


iVWNQhY.jpg


අතීතයේදී වෛද්යවිශ්වවිද්‍යාල වල සිසුන්ට පර්යේෂණ සදහා මල සිරුරු සොයාගැනීම අසීරු කාර්යයක් වී තිබෙනවා.මේ නිසා මේ කාර්යය සදහා Resurrectionists නමින් වෙනමම පිරිසක් බිහිවී තිබුණා. මොවුන් විසින් හොද තත්වයේ පැවතුනු මල සිරුරු සොහොන් පිටි වලින් ගොඩ ගෙන ඒවා විශ්වවිද්‍යාලවලට ලබා දී මුදල් උපයා ගෙන තිබෙනවා..

***
***
***

Entertainer for Factory Workers
විනෝදයට කියවන්නා


G2DjSGr.jpg


eXEhlDv.jpg


මොහුගේ රැකියාව හුදෙක් කියවීම යි..එකල සිටි කර්මාන්ත ශාලා වල සේවකයන් විසින් ඔවුන්ගේ විනෝදාස්වාදය උදෙසා මෙවැනි අයෙකු කුලියට ගෙන තිබෙනවා.. මොහු විසින් කල යුතු වන්නේ සේවකයන් වැඩෙහි යෙදෙන අතරතුර පුවත්පත් සහ සඟරා ආදිය ඔවුන්ට ඇසෙන සේ හඩ නගා කියවීමයි..

*********

*****
****
***
**
*
;)
තොරතුරු ගත්තේ මෙතනින්.
 

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    Resurrectionists
    මිනී ගොඩගන්නෝ


    iVWNQhY.jpg


    අතීතයේදී වෛද්යවිශ්වවිද්‍යාල වල සිසුන්ට පර්යේෂණ සදහා මල සිරුරු සොයාගැනීම අසීරු කාර්යයක් වී තිබෙනවා.මේ නිසා මේ කාර්යය සදහා Resurrectionists නමින් වෙනමම පිරිසක් බිහිවී තිබුණා. මොවුන් විසින් හොද තත්වයේ පැවතුනු මල සිරුරු සොහොන් පිටි වලින් ගොඩ ගෙන ඒවා විශ්වවිද්‍යාලවලට ලබා දී මුදල් උපයා ගෙන තිබෙනවා..

    ;)[/CENTER]
    තොරතුරු ගත්තේ මෙතනින්.
    මම අහලා තියනවා පස්සෙ කාලෙක මේ මිනිස්සු මිනි මරලා එවා දෙන්න ගත්තා කියලා
    :sorry:

    You must spread some Reputation around before giving it to sri D again.​
     
    Last edited:
    • Like
    Reactions: sri D

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ;) ;) ;)
    T F S !
    REP+++++
    :D;)
    TFS :cool:
    :cool:;)
    ++ReP++
    :D;)
    එල
    එල
    එල :) +6
    එල;)
    Superb.... TFS! :yes:

    pathfinder.png

    උබට රෙප් දෙන්න බැයිලු..පස්සේ දෙන්නම් මචන්..

    :D
    ;) ;) ;)
    T F S !
    REP+++++

    :D;)