පරණ සින්හල සින්දුවකට උදව්වක් ඔනේ

zeeta2

Member
Oct 11, 2013
3
0
0
පරණ සින්හල සින්දුවකට උදව්වක් ඔනේ

අය්යො කාට හරි මතකද පරන සින්දුවක් තිබුනා කෙකටිය මල් ගැන.. මට මතක තියෙන්නෙ මෙ ටික විතරයි..

"අහො ලාස්සනයි අහො ලාස්සනයි, අහො ලාස්සනයි අර නැමිච්ච කෙකටිය මල්..."

කව්.රු හරි දන්නවනම් මට mp3 එක ගන්න උදව් කරන්න...
 

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
”එන්ඩද මැණිකේ මමත් දියඹටා කඩන්න කෙකටිය මල්
ඔහො ලස්සනයි ඔහො ලස්සනයි ඔහො පිපිච්ච කෙකටිය මල්”
”මහන්සි වන්නට එපා එපා අනෙ එපා එපා අනෙ ඉන්නකො ගං ඉවුරේ
ඔහො ලස්සනයි ඔහො ලස්සනයි ඔහො නැමිච්ච කෙකටිය මල්”
”ඔන්න ඔන්න රළ පාරට තෙමෙනව මැණිකෙගෙ සුදු සේලේ
ඔහො ලස්සනයි ඔහො ලස්සනයි ඔහො මැණිකෙගෙ සුදු සේල්”
”තෙමිච්චදෙන් ඔහෙ තෙමිච්චදෙන් ඔහෙ ඒකට කමක් නැතේ”
”මමත් මලක් නම් ඔය මල් කළඹේ මැණිකේ නෙළනවනේ
ඔහො හීන්සැරේ ඔහො හීන්සැරේ සුදු අත දික්කරලා එමල නෙළාවි අනේ”
”එහෙම වුණොත් එය නෙළන්නෙ නැහැ නැහැ තියෙන්න හරිනවනේ
රළ පහරට ඔහෙ ගහගෙන යන්නට තියෙන්න හරිනවනේ”
”ඕං එනවා මම ඔරුවෙ නැඟීලා මැණිකේ ළඟට සැණේ
ඔහො හනිකට හනිකට හනිකට එනවා ඔරුවට නැඟී ගෙනේ”
”පීනනවා මං එතකොට එගොඩට මාළුවෙකුගෙ වෙසිනේ”
”සිහින් දැලක් ලා අල්ලාගන්නව කොහෙද එවිට මැණිකේ”
”ගන්නව එතකොට කුරුලු වෙසක් මම රූං කියා යනවා”
”ඔහො එනවා එනවා පස්සෙන් එනවා ගුරුළු රජෙකු වෙමිනේ”
”ගන්නව හනිකට සියුම් වෙසක් මම කොහොමද අල්ලන්නේ”
”අල්ලන්නේ මම එතකොට මැණිකෙව මගෙ මේ ගීත දැලේ
ඔහො එළනව එළනව වට කර ගන්නව ලස්සන ගීත දැලේ”
”නටනව එතකොට ගී කියමින් මම ඔබෙ ගී දැල ඇතුළේ
ඔබ හා ගී කියමින් නටනව මම එහි තුළ සෑම කලේ”

පද රචනය හා ගී තනුව සංගීතය – ආනන්ද සමරකෝන්
ගායනය – ආනන්ද සමරකෝන් සහ ගායිකාව
 

zeeta2

Member
Oct 11, 2013
3
0
0
අය්යො බ්ලැක්ලිස්ට් මල්ලිට කොහොම ස්ස්තූති කොරන්නද... කියල වැඩක් නෑ... බොහොම පින්.....
 

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
අය්යො බ්ලැක්ලිස්ට් මල්ලිට කොහොම ස්ස්තූති කොරන්නද... කියල වැඩක් නෑ... බොහොම පින්.....

ඒකට කමක් නෑ නංගි... මොකද මම ඔය සින්දුව ජීවිතේටවත් අහල නෑ:eek::eek:
all you need to know, How to use GOOGLE

නැමිච්ච කෙකටිය මල්
- කියල ගූගල් එකේ ටයිප් කරලා බැලුවා නම්
 
Jun 3, 2013
659
59
0
ksv094IcU42.png
 

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඒකට කමක් නෑ නංගි... මොකද මම ඔය සින්දුව ජීවිතේටවත් අහල නෑ:eek::eek:
    all you need to know, How to use GOOGLE

    නැමිච්ච කෙකටිය මල්
    - කියල ගූගල් එකේ ටයිප් කරලා බැලුවා නම්

    ;):)