පරපුරක් සදහටම ලොවින් සමුගනී
ලොව විශාල අවධානයක් දිනාගත්, ලොව අවසන් උත්තර ධවල පිරිමි රයිනෝ අද(20දා) කෙන්යාවේදී මිය ගියා. මිය යන විට හතලිස් පස් හැවිරිදි වියේ පසු වූ මෙම රයිනෝ සිට ගැනීමටවත් අපහසුවෙන් වියපත්ව සිටි බවයි ඔල් පෙජේටා රක්ෂිතයේ නිළධාරීන් සඳහන් කරන්නේ.
දැනට මෙම වර්ගයෙන් ඉතිරිව ඇත්තේ පිරිමි සත්ත්වයාගේ දියණිය වන නජින් සහ ඇයගේ දියණිය වන ෆාටු පමණයි.
තම ජාතියේ වඳවී යාම වෙනුවෙන් සංචාරක සහ අදාළ නිළධාරීන්ගේ ආකර්ෂනය යොමුකරවාගත් තම ජාතියේ නියෝජතියෙකු ලෙසින් මෙම රයිනෝ හැඳින්විය හැකි බව රක්ෂිතයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.
සූඩානයේ උපන් මෙම සත්වයා සිය වර්ගයෙන් වනයේ උපන් අවසාන ජීවියා ලෙසින් වාර්තා වෙයි.
මෙම සත්වයාගේ අවසාන භාගය වනතෙක්ම විශේෂ ආරක්ෂාවක් විශේෂ ආහාර සැලැස්මක් සමග ආරක්ෂා කළා. කෙසේ වෙතත් දඩයක්කරුවන්ගේ දැඩි තර්ජනයකට ලක්ව සිටි රයිනෝ මේ වන විට ලොවින් සමුගෙන අවසන්.