පරපුරක් සදහටම ලොවින් සමුගනී

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,103
    3,550
    113
    Pls wear a MASK
    පරපුරක් සදහටම ලොවින් සමුගනී

    ලොව විශාල අවධානයක් දිනාගත්, ලොව අවසන් උත්තර ධවල පිරිමි රයිනෝ අද(20දා) කෙන්යාවේදී මිය ගියා. මිය යන විට හතලිස් පස් හැවිරිදි වියේ පසු වූ මෙම රයිනෝ සිට ගැනීමටවත් අපහසුවෙන් වියපත්ව සිටි බවයි ඔල් පෙජේටා රක්ෂිතයේ නිළධාරීන් සඳහන් කරන්නේ.

    දැනට මෙම වර්ගයෙන් ඉතිරිව ඇත්තේ පිරිමි සත්ත්වයාගේ දියණිය වන නජින් සහ ඇයගේ දියණිය වන ෆාටු පමණයි.

    තම ජාතියේ වඳවී යාම වෙනුවෙන් සංචාරක සහ අදාළ නිළධාරීන්ගේ ආකර්ෂනය යොමුකරවාගත් තම ජාතියේ නියෝජතියෙකු ලෙසින් මෙම රයිනෝ හැඳින්විය හැකි බව රක්ෂිතයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

    සූඩානයේ උපන් මෙම සත්වයා සිය වර්ගයෙන් වනයේ උපන් අවසාන ජීවියා ලෙසින් වාර්තා වෙයි.

    මෙම සත්වයාගේ අවසාන භාගය වනතෙක්ම විශේෂ ආරක්ෂාවක් විශේෂ ආහාර සැලැස්මක් සමග ආරක්ෂා කළා. කෙසේ වෙතත් දඩයක්කරුවන්ගේ දැඩි තර්ජනයකට ලක්ව සිටි රයිනෝ මේ වන විට ලොවින් සමුගෙන අවසන්.


    DYtqfV9V4AA5p9o.jpg


    DYtXxSmW0AAtlHZ.jpg


    DYtrDwaXUAAhmol.jpg


    DYuKoSjW4AEJFxt.jpg


    rainoksksksks.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මිනිස්සු ලෝකෙම වැහෙන්න බෝවෙනව. උන්ට ඉඩදෙන්න මුන් වඳවෙලා යනව
    :(
     
    • Like
    Reactions: ROCCO-X

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවුලක් නෑ බන් ඕකුන් වද වෙලා ගියාට....ඇගේ ලො0 තියන සත්තුන්ට විතරයි මම ආස....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අවුලක් නෑ බන් ඕකුන් වද වෙලා ගියාට....ඇගේ ලො0 තියන සත්තුන්ට විතරයි මම ආස....

    උඹට අනුව මිනිස්සුන්ගෙ ඇඟේ ලොම් තියෙනවද බං ?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සුද යකෝ

    ඔව් ඉතින් ලො0 නැති නිසා මිනිස්සුත් අප්‍රසන්නයි තමයි...
    ඒ උනාට අපේ ජාතිය නෙ ... අපිට විශේශ වෙන්න එපෑ..