පර්චස්‌ 23 ක ඉඩමක් පමණක් හිමි විධායක ජනාධිප

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පර්චස්‌ 23 ක ඉඩමක් පමණක් හිමි විධායක ජනාධිප

    විධායක ජනාධිපති වූ පසුවත් තමන්ගේ ඇඳුම් සෝදා ගත්තේ තමන්මයි
    * ජනාධිපති වෙන්න කලිනුත් ජනාධිපති වුනාට පස්‌සෙත්
    අප්පච්චිගේ වත්කම මේ පර්චස්‌ 23 ඉඩම විතරයි

    z_p07-DBWijetunga.jpg



    * අප්පච්චිඅපට කියලා දීලා තියෙන්නේ
    අත්හැරීම පුරුදු වෙන්න කියලායි

    *සොබා දහම එක්‌ක ඉන්නකොට දැනෙනවා
    අම්මායි අප්පච්චියි මා එක්‌ක තවම ඉන්නවා කියලා
    * අම්මත් මමත් සහභාගී වෙලා තියෙන්නෙ
    අප්පච්චි අගමැති විදිහට දිවුරුම් දුන්න උත්සවයට විතරයි

    දෙමවුපියෝ බ්‍රහ්මයෝය. ඒ නැවත අපේක්‌ෂාවක්‌ හෝ ලාභ ප්‍රයෝජනයක්‌ නොමැතිව සියලුම පරිත්‍යාගයන් කරනුයේ දෙමවුපියන් පමණක්‌ම බැවිනි. ඔවුන් අතරෙහිද සිටි තවත් සුවිශේෂී වූ පියෙකුගේ පීතෘත්වය ස්‌මරණය කරන්ට විඡේතුංග මුදියන්සේලාගේ චිත්‍රාංගනී කුමාරි විඡේතුංග නම් උපශාන්ත දියණිය සමග සංවාදයක යෙදුණෙමි. ඒ රජෙක්‌ වුවත් සොඳුරු ගැමියෙක්‌ වු බරසාර මිනිසාගේ පූර්ණත්වය ගැන කියන්නටය. බලයෙන් ව්‍යාධිව, සදාකාලික සැපයක්‌ සේ සලකා එහි ආසක්‌ත වන ආදර්ශ දකිමින් හි`දින රටට සුරංගනා කතාවක්‌ බඳු වූ කතාවක්‌ කියන්නටය. උත්තම පුරුෂයන් යනු කවරහුදැයි මේ රටට මතක්‌ කර දෙන්නටය.

    විඡේතුංග මුදියන්සේලාගේ චිත්‍රාංගනී කුමාරි විඡේතුංග යනු අපේ රටේ දේශපාලන ඉතිහාසයේ වැඩිම තනතුරු සංඛ්‍යාවක්‌ දැරූ නිහතමානී අව්‍යාජ ජන නායකයා වන ඩිංගිරි බණ්‌ඩා විඡේතුංගයන්ගේ එකම දියණියයි.

    වසර 1965 දී පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ලබා පාර්ලිමේන්තුවට පිවිසි විඡේතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බණ්‌ඩා විඡේතුංග නොහොත් ඩී.බී. විඡේතුංගයෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, අමාත්‍යවරයෙකු, පළාත් ආණ්‌ඩුකාරවරයෙකු, මුදල් අමාත්‍යවරයෙකු, අගමැතිවරයෙකුව සිට ශ්‍රී ලංකාවේ තෙවැනි විධායක ජනාධිපතිවරයා ද වූහ. එසේ වුවද හෙතෙම තානාන්තර දැරූයේ එළිපත්තෙන් පිටත පමණි. ඊට සාක්‌ෂි එමටය. සාක්‌ෂි සහිතවම අතීත සැමරුම් දකින්නට චිත්‍රාංගනී ගේ මතකයන් සමග ඒකාත්මික වෙමු .
    පියාගේ සෙනෙහස පියාගේ මතකය කොතැනක සිට කවදා සිට මතකයේ රැඳුණාද?

    මම ඉපදුණේa 1956 පෙබරවාරි 16 වැනිදා. 1960 පමණ ඉඳලා මට අම්මා අප්පච්චි දෙන්නා කරපු කියපු දේවල් හොඳට මතකයි. මොකද අපි තුන්දෙනා උණ ගහක පුරුක්‌ වගේ. අම්මාත් අප්පච්චිත් එදා ඉඳලා මිය යනතුරුම මා එක්‌ක හිටියේ ලොකු බැ`දීමකින්.
    අප්පච්චි මිනිස්‌සු එක්‌ක අදහස්‌ බෙදාගෙන පන්සලට ගමට වැඩ කරන්න හරිම ආසයි. අපේ ගෙදර ඉස්‌සර මට මතක කාලේ ඉඳලාම මිනිස්‌සු පිරිලා. ගෙදර ඉස්‌සරහා තියෙනවා ලොකු ශාලාවක්‌. අප්පච්චි උදේ ඉඳලා ඔය ශාලාවේ ඉඳන් මිනිස්‌සුන්ට කරන්න ඕනැ දේවල් කියනවා මට මතකයි. කවදාවත් ගෙදර ඇතුළෙදි මිනිස්‌සුන්ට මොනවාද කළේ, රැස්‌වීමකදි මොකද වුණේ කියලා කියලා නැහැ. ගෙදර ඇතුළෙදි මාව හුරතල් කරනවා. මගේ පුතාට අම්මා අද මොනවාද කන්න දුන්නේ, පුතා අම්මා එක්‌ක මොනවාද කළේ කියලා අහනවා. අප්පච්චි තමයි නිතරම ගෙදර අස්‌කරන්නේ අතු ගාන්නේ. මට මතකයි මං අප්පච්චි එක්‌ක වැඩ කරන්න හරිම ආසයි . මොකද ආදරෙන් කතා කරනවා. නිතරම ගෙදර වැඩ කරනවා. මල් පූජා කරනවා. බුදුන් ව`දිනවා.

    මම මහනුවර උසස්‌ බාලිකා විද්‍යාලයට ගියේ. අප්පච්චියි අම්මායි දෙන්නාම මාව ඉස්‌කෝලේ යවන්න ලෑස්‌ති වෙන හැටි මට අදටත් මතකයි. මම දෙන්නාටම වැඳලා මූණ ඉඹලා තමයි ගෙදරින් එළියට බහින්නේ. 1964 අවුරුද්ද විතර වෙනකොට අප්පච්චි උදේට ගෙදර නෑ. ඒ කාලේ ඡන්දයක්‌ කිට්‌ටු වෙනකොට අද වගේ නෙවෙයි. ගෙදරින් ගෙදරට ගිහින් මිනිස්‌සු මුණ ගැහෙන්න ඕනෑ. ඉතින් දවස්‌ කිහිපයක්‌ම මම උදේ නැගිටිනකොට අප්පච්චි ගෙදර නැහැ. හවස ඉස්‌කෝලේ ඇරිලා ඇවිල්ලත් බලා ගෙන ඉන්නවා අප්පච්චි නැහැ. මම අම්මාට කිව්වා මට අප්පච්චි බලන්නේ නැතුව ඉස්‌කෝලේ යන්න බැහැ කියලා. ඉතින් පහුවදා මම ඉස්‌කෝලෙ ගියේ නැහැ. අප්පච්චි කැන්වසින් ගියෙත් නැහැ.

    අම්මා දුම්බර වලල... මාරපන දුක්‌ගන්නා වලව්වෙ විමලාවතී කුමාරිහාමි මාරපන. මොනවාගේ දායකත්වයක්‌ද තිබුණේ විඡේතුංග මහත්තයාගේ දේශපාලන ගමනට.

    අම්මා කිසිම වෙලාවක දේශපාලනයට හවුල් වෙන්න ගියේ නැහැ. හැබැයි අම්මා තමයි අප්පච්චිගේ සෙවණැල්ල. ඒ දෙන්නා අතරේ තිබුණ බැ`දීම ඇත්තෙන්ම මහා පුදුමාකාරයි. මිය යන මොහොත දක්‌වාම ඒ දෙන්නාට ඒ දෙන්නාව ඕනැ වුණා. අම්මා හැම වෙලාවෙම අප්පච්චිගේ වැඩ කටයුතු ගැන හෝදිසියෙන්.
    උවමනා එපා කම් ගැන අප්පච්චි හැරෙනකොට කියන්න අම්මාට පුළුවන්කම තිබුණා. කෑම බීම ඇඳුම් ගැන අම්මා තමයි කටයුතු කෙළේ. අප්පච්චි පිරිසිදුකම ගැන ගොඩාක්‌ උනන්දු වුණ කෙනෙක්‌. කොහේ ගියත් ඉස්‌සරහා දොරෙන් ඇතුළට සෙරෙප්පුදෙක දාගෙන එන්නේ නැහැ. පහුවදාට සෝදන්නේ නැතුව සෙරප්පුදෙක දාන්නෙත් නැහැ. මට මතකයි අප්පච්චි කැන්වසින් යන දවස්‌වල තදේට වහිනවා. අම්මා හැමදාම අප්පච්චිගේ සෙරෙප්පු දෙකේ මඩ අයින් කරලා සෝදනවා. මම මේ වැඩේ හැමදාම බලාගෙන ඉන්නවා. දවසක්‌ මම අම්මාගෙන් සෙරෙප්පු දෙක සෝදන්න ඉල්ලුවා. අම්මා වැඩි කැමැත්තක්‌ නැති වුණත් මම ඉල්ලපු නිසා දුන්නා. මම ගත්ත ගමන් සෙරෙප්පු දෙක වතුර බාල්දියක්‌ ඇතුළෙ දාලා සේදුවා. පහුවදා අප්පච්චිට දාගෙන යන්නත් බැරි තරම් සෙරෙප්පුදෙක තෙතයි. අප්පච්චි මාව ළ`ගට අරන් Ñසෙරෙප්පු වල මඩ ගෑවිලා තියෙද්දි සෝදන්නේ මුලින්ම පොල්මුඩ්ඩක්‌ අරන් අඩියේ ගෑවිලා තියෙන මඩ අයින් කරලා, කියලා, කියලා දුන්නා.

    අම්මා අප්පච්චිගේ වැඩවලට මොනතරම් උදව් කළත් දේශපාලන වැඩවලට හවුල් වුණේ නැහැ. මිනිස්‌සුන්ට කන්න දෙන්න අඩුපාඩු දෙන්න කියලා අම්මාට කිව්වාම ඒ ගැන කිසි අඩුවක්‌ කරන්නේ නැතුව අප්පච්චි හිතපු විදිහටම කරලා දෙනවා.

    අප්පච්චි අම්මාට ගෞරව කළා. අම්මා අප්පච්චිට ගෞරව කළා. ඒ නිසාම වෙන්න ඇති කවම කවදාවත් ඒ දෙන්නා පොඩි අමනාපයකින්වත් ඉන්නවා මම දැකලා නැහැ. මොන තරම් වැඩ තිබුණත් අම්මායි මමයි ගෙදර ඉන්න නිසා අප්පච්චි රෑට ගෙදර එනවාමයි.

    වසර 1987 කාලයේ පළාත් සභා පනත සම්මත වෙද්දි රටේ විවිධ ගැටලු ඇති වුණා. පළාත් සභාවලට විරුද්ධ වූ ප්‍රචණ්‌aඩකාරින් එක්‌සත් ජාතික පාක්‌ෂිකයින්ව ඝාතනය කළා. එවකට සිටි කැබිනට්‌ මණ්‌ඩල ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පළාත් ආණ්‌ඩුකාර තනතුර වෙනුවෙන් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් ඩී.බී. විඡේතුංග මහත්තයා ඊට නොබියව ඉදිරිපත් වුණා. මේ සඳහා ගෙදරින් විරෝධයක්‌ ඇති වුණේ නැද්ද?

    මම මුලින් කිව්වා වගේ අම්මාවත් මමවත් අප්පච්චිගේ දේශපාලනයට ඇ`ගිලි ගැහුවෙම නැහැ. මට මතකයි එවකට ජනාධිපතිව සිටි ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අප්පච්චිට ප්‍රසිද්ධියේම ස්‌තුති කළා රටේම කැලඹිලි ස්‌වභාවයක්‌ පවතිද්දි පසුබට නොවී ආණ්‌ඩුකාර තනතුර භාර ගන්න ඉදිරිපත්වීම ගැන. එදා අභිනවයෙන් පිහිටු වූ පළාත් සභාවල ප්‍රථම ආණ්‌ඩුකාරයා ලෙස දිවුරුම් දුන්නේ අප්පච්චියි. 1988 මැයි පළමුවැනිදා වයඹ පළාත් ආණ්‌ඩුකාරවරයා ලෙස පත්වීම ලබා ගියා. නමුත් නිල නිවසක්‌ හෙම තිබුණේ නැහැ. මගේ අප්පච්චි පුරුදු විදිහටම හවස ගෙදර ආවා.

    තනතුරු එක දෙක වැඩි වෙනකොට කට්‌ටියම කොළඹ යන්න ඇතිනේද?

    නැහැ. ඇමතිකම් දරපු කාලෙත් අප්පච්චි හවසට ගෙදර ආවා. මට මතක විදිහට 1977 ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමති ලෙස වැඩ භාරගත් කාලේ අප්පච්චිට නිල නිවාසයක්‌ හම්බවුණා. ඒ අමාත්‍යංශයේ වැඩ වලට හවස උදේ රෑ කියලා නැති ව වැඩ තිබුණා. ඒ නිසා අප්පච්චි වැඩ වැඩි දවසට විතරක්‌ නිල නිවාසේ නතර වුණා. අම්මාත් මමත් එහේ ගියේ නැහැ. අපිට ගෙදර තරම් නිදහස්‌ තැනක්‌ කොහේවත් නැහැ. අප්පච්චිටත් එහෙමයි. අප්පච්චි නිතරම කිව්වේ තනතුරු නිල නිවාස ඒ හැම දෙයක්‌ම බොහොම තාවකාලිකයි කියලා. කොහේ ගියත් ආපහු හැරිලා ගෙදර එන්න වෙන බව අපි දන්න නිසාම ඉන්න තැන අපට උරුම තැන සුරපුරක්‌ වගේ තියාගන්න අපි හිතුවා.

    වසර 1989 එක්‌සත් ජාතික පක්‌ෂය දිනපු වෙලාවේ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඩී.බී. විඡේතුංග මහත්තයාට පැවරුවේ මුදල් අමාත්‍යා ධුරයයි.

    1916 පෙබරවාරි 16 වැනිදා උපන් විඡේතුංග මහත්තයා අසූනවයේ පෙබරවාරි 18වැනිදා මුදල් ඇමති ලෙස දිවුරුම් දෙනකොට හැමෝම සුභ පැතුවේ උපන්දින තෑග්ගක්‌ ලැබුණා කියලායි. ඒ විගසම 1989 මාර්තු 6 වැනිදා එතුමා ශ්‍රී ලංකාවේ දසවැනි අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නා. තනතුරක්‌ පස්‌සේ නොගිය බොහොම නිහඬ මෙතුමා නිවසේදි මේ තාන්න මාන්න සැලකුවේ කොහොමද?

    කිසිම විටෙක උදම් වුණේ නැහැ. ගෙදරදි මේ ගැන වැඩිය කතා කළෙත් නැහැ. අම්මායි මමයි සතුටු වන බව අප්පච්චි දන්නවා. නමුත් අපිත් කිසිදවසක මේ තනතුරු ගැන කිය කිය ආඩම්බර වෙලා මිනිස්‌සු ඉස්‌සරහා වීරයෝ වෙන්නේ නැහැ කියලා අප්පච්චි දැනගෙන හිටියා. හැම උසස්‌වීමකදීම අප්පච්චි කිව්වේ මට තවත් මිනිස්‌සුන්ගේ ප්‍රශ්න විසඳන්න අවස්‌ථාව වැඩිවෙනවා කියලා. ජනාධිපති වුණා කියලා ගෙදරට නම් වෙනසක්‌ තිබුනෙ නැහැ. අප්පච්චිගේ කෑම බීම ගැන හොයලා බලන්න අපේ මමාගේ පුතා (ප්‍රසාද් මාරපන) අප්පච්චි ළ`ගට ගියා. එයාට තනතුරක්‌ දෙන්න කියලා ල`ග හිටපු අය කියද්දි පවුලේ මිනිස්‌සුන්ට තනතුරු මොකටද කියලා ඇහුවලූ.

    නවසිය හැත්තෑ ගණන්වල දවසක්‌ අප්පච්චි ඡන්ද වැඩවලට කාර් එකේ යමින් සිටියදී මනුස්‌සයෙක්‌ ගලක්‌ ගහලා . අප්පච්චිටත් මේ මනුස්‌සයාව හොදට මතකයිලූ. කාලයක්‌ ගියාට පස්‌සේ අප්පච්චි අගමැති කාලේ අර ගල ගහපු මනුස්‌සයා පුතාත් එක්‌ක රස්‌සාවක්‌ හදාගන්න අප්පච්චි ල`ගට ඇවිත්. ඒ වෙලාවේ ළ`ග හිටපු අප්පච්චිගේ පාක්‌ෂිකයෝ මේ මනුස්‌සයාව අඳුනගෙන එළවන්න හදලා. අප්පච්චි මැදිහත් වෙලා අර මනුස්‌සයාව අතින් අල්ලන් ඉන්දවලා උවමනා වැඩෙත් ඉක්‌මනටම කරලා දීලා යවලා. ල`ග හිටපු අය දොස්‌ කියනකොට අප්පච්චි ඒ අයගෙන් අහලා ඒ මනුස්‌සයාට බඩගිනි එන්නේ නැද්ද? කියලා.

    දිවුරුම් දෙන වෙලාවට ගෙදර හැමෝ ම ඒ උත්සව වලට සහභාගි වෙන්න ඇති නේද?

    අම්මත් මමත් සහභාගි වෙලා තියෙන්නේ අගමැති විදිහට අප්පච්චි දිවුරුම් දීපු අවස්‌ථාවේ විතරයි. අප්පච්චි හැම තනතුරක්‌ ලැබුණ අවස්‌ථාවකම අපෙන් අහනවා දිවුරුම් දීමට කොළඹ යනවා නේද කියලා. එහෙම අහන්නේ අපි දුක්‌ වෙයි කියලා හිතලා මිසක්‌ අපි එන්න ඕනි කියලා හිතලා නෙවෙයි. අප්පච්චි කැමතියි අපි බොරුවට රස්‌තියාදු නොවී ගෙදර ඉන්නවා නම්. නිලය බලය තාවකාලිකයි කියලා නිතරම කියනවා. අප්පච්චි අගමැති වෙලා අරලිය ගහමැදුරේ හිටියෙත් නැහැ. අම්මායි මමයි කැමති වුණෙත් නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමා නිතරම අප්පච්චිට කියනවා, අපිට කියනවා ඇවිත් අරලිය ගහ මැදුරට යන්න කියලා. ඒත් අපි කැමති වුණේ නැහැ.

    අප්පච්චිට මොන තානාන්තරයක්‌ ලැබුණත් තමන්ගේ ඇඳුම සෝදගන්නේ ඒවගේ බොත්තමක්‌ කැඩුනත් මහන්නේ අප්පච්චිමයි. මම තරමක්‌ ලොකු වෙද්දි බොත්තමක්‌ එහෙම අල්ලලා රෙදි සෝදලා දෙන්න ඉල්ලනවා. පුතාට පුළුවන්ද ඔය වැඩ කියලා අහලා කරන හැටි බලාගෙන ඉඳලා මට ඒ වැඩ දුන්නා. අප්පච්චි වැඩ වැඩි කාලේ ස්‌ටැන්මෝ එකේ නැවතුනානේ.

    විඡේතුංග මහත්තයා දුවගේ අනාගතය ගැන සැලසුම් කරන්න ඇත්තේ බලාපොරොත්තු රැසක්‌ එක්‌කයි. ඔබගේ විවාහය වෙනුවෙන් වුවත් යෝජනා ආවේ බොහොම ඉහළ පෙළේ මැති ඇමතිවරුන්ගෙන්. අද ඒ දේවල් ගැන හිතනකොට දුක හිතෙනවාද?

    කොහෙත්ම නැහැ. මම අද සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා. ඒ දවස්‌වල විවාහ යෝජනා හිසේ කෙස්‌ ගානට ආවා. මම විවාහයක්‌ ගැන නම් හිතුවේම නැහැ. විවාහ වෙන්න නම් ඒ ගැන හිතට දැනෙන්න ඕනි. අම්මායි අප්පච්චියි මාව විවාහ කරලා දෙන්න නොකරපු උත්සාහයක්‌ නැහැ. අප්පච්චි වරක්‌ දෙකක්‌ බල කළා. මම අම්මා අප්පච්චි කියන දේ අහලා වැඩ කරපු ළමයෙක්‌ වුණත් විවාහයේදි නම් හිත දුන්නේම නැහැ. අම්මාට මම කිව්වා අකීකරු වෙනවා නෙවෙයි, අම්මා මට බැහැ කියලා හිතෙනවා කියලා. ඉන් පස්‌සේ අප්පච්චි අලුත්ගම පැත්තෙන් මගේ හඳහන බලවලා. එහෙන් කියලා ළමයාට බලකරන්න එපා කියලා. එදා ඉඳලා අප්පච්චිගෙන් මා ගැන අහන අයට අප්පච්චි කියන්නේ යුද්දෙට යන්නත් විවාහ වෙන්නත් බල කරන්න එපා කියලයි.

    මිනිස්‌සු අදටත් විඡේතුංග මහත්තයාව මතක්‌ කරන්නේ, බොහෝම භක්‌තියෙන්. ඔබට දේශපාලනය කළා නම් අද මිනිස්‌සුන්ට උදව් කරන්න තිබුණා. ඇයි දේශපාලනය නොකළේ.?

    අප්පච්චි විශ්‍රාම යන්න කිට්‌ටු කාලේ මම දේශපාලනයට එයි කියලා හුඟක්‌ දෙනෙක්‌ හිතුවා. මටත් වෙලාවක එහෙම කළොත් හොඳයි කියලා හිතුනා. ඒත් අප්පච්චි කිව්වා ඉස්‌සරහාට දේශපාලනය කියන්නේ වෙනස්‌ ආරෙකට යන රටාවක්‌ වෙයි. දුවට නොගැලපෙන දේවල් වලට මුහුණ දෙන්න වෙයි කියලා.

    විඡේතුංග පදනම ශක්‌තිමත්ද?

    අපි හැකිතරම් ශක්‌තිමත් කරන්න උත්සාහ ගන්නවා. බොහෝ අවස්‌ථාවල පක්‌ෂ භේදයකින් තොරව උදව් ලැබෙන අවස්‌ථාත් තිබෙනවා. සමහර විට කිසිමඋදව්වක්‌ නොලැබෙන අවස්‌ථාත් තිබෙනවා. කවුරු හරි උදව් කරනවානම් අපට වැඩ කරන්න ලේසියි.

    අප්පච්චි දේශපාලනයෙන් හම්බ කළේ නැහැ. අප්පච්චිට ජනාධිපති වෙන්න කලින් තිබුණෙත් පර්චස්‌ 23 ක මේ ඉඩමයි මේ ගෙදරයි විතරයි. ජනාධිපති කාලෙත් ඉන් පස්‌සෙත් ඒ ටිකම විතරයි. අපේ ගෙදර වත්තේ අයිනේ බැම්ම අප්පච්චි ඒ කාලේ හදවපු විදිහ අදටත් දකින්න තිබෙනවා. එහා වත්තේ ගස්‌ කපන්නේ නැතුව ගහට ඉඩ ඇරලා බැම්ම වෙනස්‌ කරලා.

    විඡේතුංග මහත්තයාගේ පිළිරුව නිමවන්න තිබුණේ මහජනතාව ගැවසෙන මහම`ග ආසන්නයේ නේද?

    කාලයත් එක්‌ක අප්පච්චිගේ වටිනාකම දන්න මිනිස්‌සු නැති වෙලා යනවා. මගේ හදවතේ අප්පච්චි මම මිය යන තුරුම ජීවමානයි. අප්පච්චිට උරුම මේ ගෙදර ඉඩමේ තමයි පිළිරුව හදන්න හොඳම තැන.

    අප්පච්චි අසනීප වුණ වෙලාවේ ලේ දෙන්න සිද්ද වුණා. එදා අප්පච්චි කිව්වා කවුරුහරි මනුස්‌සයෙක්‌ගේ ලේ ටිකක්‌ තමයි මට පිහිට වුණේ, මේවගේ තව මිනිස්‌සු කී දෙනෙකුට ලේ ඕනැ වෙනවා ඇත්ද?. අපි පුළුවන් විදිහට ලෙඩ්ඩුන්ට ලේ හොයලා දෙන්න බලමු කියලා. ඒ කියපු දවසේ ඉඳලා මේ වනතුරුම නොකඩවාම හැම අවුරුද්දකම අපේ ගෙදර ලේ දන්දීමේ පින්කම පැවැත්වෙනවා.

    අම්මා මිය ගියේ 2005 දෙසැම්බර් 24 වැනිදා. එදා ඉඳලා අප්පච්චි බලාගත්තේ මම. අම්මාටයි අප්පච්චිටයි හොඳට සලකන්න මට පුළුවන් වුණා. අප්පච්චි මිය ගියේ 2008 සැප්තැම්බර් 21වැනිදා. අප්පච්චි අගමැති ජනාධිපති කාලේ ළඟ හිටපු ප්‍රසාද් මල්ලි අදටත් මා එක්‌ක මේ ගෙදර ඉන්නවා. එයත් විවාහ වෙලා නැහැ. අපි හැකි තරම් පින්කම් වලට දායක වෙනවා.

    රංග විදානේ
    සුදම් හේරත්
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    TFS දැන් පවුල් වල නැත්තෙම මේක :dull:

    "අප්පච්චි අම්මාට ගෞරව කළා. අම්මා අප්පච්චිට ගෞරව කළා. ඒ නිසාම වෙන්න ඇති කවම කවදාවත් ඒ දෙන්නා පොඩි අමනාපයකින්වත් ඉන්නවා මම දැකලා නැහැ. මොන තරම් වැඩ තිබුණත් අම්මායි මමයි ගෙදර ඉන්න නිසා අප්පච්චි රෑට ගෙදර එනවාමයි."
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැන් පවුල් වල නැත්තෙම මේක

    මොනවා කරන්නද බන් අපේ පවුල් වලත් දෙම්විපියො හිටියෙ රටවල අවු 20 මම හිටියෙ තනියම
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    සොහොන;18681853 said:
    මොනවා කරන්නද බන් අපේ පවුල් වලත් දෙම්විපියො හිටියෙ රටවල අවු 20 මම හිටියෙ තනියම
    same here ban :dull:

    from 1 year to 21 year wenakan hitiya acchi seeya punchi ekka :nerd:
    eth ithin ape rate thatthwe okai ban. hugak paul wala amma hari thattha hari laga na.

    eth ban man anith ape game lamaainta wada kala andala hitiya. illana hamadema hambuna

    eth sambandaya badeema adu una ban. adatath mai demaupiyo athara bandeema adui :( ekama gedara hitiyath

    anith un ammala thatthala adaren innakota asawak danenawa ban. eth ammatai thatthatai waradak kiyanda ba ithin ekata. api nisamane ehema karanne
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,912
    9,717
    113
    සල්ලි කොයිතරම් තිබ්බත් ඇති වැඩේ මොකක්ද..කවද හරි ඔක්කොම දාලා යන්න වෙනවා..තමන්ට ජීවත් වෙන්න ඇති ප්‍රමාණයට සල්ලි තිබ්බහම හොදටම ඇති.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,912
    9,717
    113
    සොහොන;18681853 said:
    මොනවා කරන්නද බන් අපේ පවුල් වලත් දෙම්විපියො හිටියෙ රටවල අවු 20 මම හිටියෙ තනියම

    සල්ලි නෙමේ පවුලයි වැදගත්.:yes: